පොදු නාමය - කලුවර ශාකය
උද්භිත
විද්‍යාත්මක නාමය- Diosyros Ebenum
ඉංග්‍රීසි
නාමය- Ceylon Ebony
ලංකාවේ කළුවර ශාකය ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයකි . මෙම කලුවර ශාකය එබනාසියේ කුලයට අයත් වේ.කලුවර ශාකය අයත් වන Diospyros ගණයේ තවත් ශාක 22ක් පමණ ලංකාවේදී හඳුනාගෙන තිබේ .ඒවා සියල්ල ගස් හෝ පඳුරු වශයෙන් වැවේ.
ගස මීටර් 20-25ක් දක්වා උසට ඉතා සෙමින් වර්ධනය වේ. අඟල් 5-8ක් පමණ දිගු පත්‍ර පිහිටා තිබෙන අතර පැරණි ගස්වල අතු පළල්ව වටකුරුව උඩට විහිදේ. කදෙහි පොත්ත කළු සිට අලු පැහැය ගන්නා අතර කහ සිට සුදු දක්වා පාට මල් හට ගනී.එකම ගසෙහි පූමාංගී හා ජායාංගී මල් නිපදවන අතර මල් ඉතා සුවඳ වේ. ගසෙහි අරටුව කලු සිට දුඹුරු පාට දක්වා පැහැයක් ගන්නා බැවින් මෙම ශාකයට කලුවර යැයි පවසනු ලැබේ.මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උස් මට්ටමක් දක්වා කලාප වල මෙම ශාකය වැඩේ.
මෙම
ශාකය ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන ශාකයකි
. සයරේ, නයිජීරියාව යන අප්‍රිකානු රටවලත්
ඉන්දුනීසියාවේත් මෙම ගස සීමිතව
තිබේ. ඉන්දියාවේ මෙම ශාකය පැතිර
තිබෙන්නේ තමිල්නාඩුවේ සහ කර්ණාටක ප්‍රාන්තයේ
දකුණු ප්‍රදේශය වල පිහිටි වනාන්තර
වල වේ.
කලුවර
ශාකයේ පොතු,කොළ මල්
සහ ගෙඩි ආයුර්වේද ඔසු
සඳහා බහුලව භාවිත කරනු ලැබේ.මෙම
ශාකයේ ගෙඩි තුවාල සුව
කිරීමට යොදා ගන්නා අතර
ඉදුණු ගෙඩි පාචනය සහ
අතීසාරය සඳහා ප්‍රතිකාර වලට
යොදා ගනී.බීජ වලින්
ලබා ගන්නා තෙල්ද ඖෂධ ලෙස යොදා
ගනී.පුරාණයේ මසුන් මැරීමට දියපහර වලට යොදන විසක්
ලෙසද කළුවර ගෙඩි භාවිතා කර
තිබේ.
කලුවර
දැව ඝන මීටරයක් රු:123,228.00පමණ වේ.2007 වර්ෂයේ
රතු දත්ත පොතට ( The 2007 Red List of Threatened Fauna
and Flora of Sri Lanka) අනුව
ශ්‍රී ලංකාවේ වදවීමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක
වර්ගීකරණයේ අන්තරායට ලක් වූ ශාක
විශේෂයක් (Endangered
- EN) ලෙසට
නම් කොට ඇත .
අවසාන
වශයෙන් Diospyros
Ebenum , ceylon Ebony ශ්‍රී ලංකාවේ ස්වභාවදර්මය , සංස්කෘතික හා ශිල්පීත්වය අතර
ඇති සංකීර්ණ අන්තර් සම්භන්දතාවයේ සාක්ෂියක් ලෙස පෙනී සිටියි.එහි අඳුරු සහ
දිලිසෙන දැව දක්ෂ ශිල්පීන්ගේ
දෑත් අලංකාර කරනවා පමණක් නොව දිවයිනේ පාරිසරික
සහ සංස්කෘතික උරුමයන්ද මූර්තිමත් කරයි.එහි තිරසාර
කළමනාකරණය සහතික කිරීමේ උත්සහය අඛණ්ඩව
පවතින අතර මෙම ආවේණික
විශේෂය ඔරොත්තු දීමේ සංකේතයක් ලෙස
පවතින අතර මානව උත්සහයන්
හා ස්වභාවික ලෝකය අතර සුසංයෝගී
සහජීවනයක අවශ්‍යතාවය පවතී..
First Year
Faculty of Arts