Monday, January 22, 2024

හොඳම දවසක් එනතුරා...


නෙලුම් කුලුනේ විසල් රූපය

දිහා බලමින් හවස් යාමෙක

මමත් නැති දා ඔබත් තනියම

සුසුම් හෙලුවද තනිව පාලු ව

අනේ ළඟ හිටියනං කියලා...


ගාලු මුවදොර දෑත් පටලං

තුරුලු වී යන්නන්ව දැකලා

ඉරිසියාවක් සිතෙන් හෙමිහිට

දෝරෙ ගැලුවද හදේ හරහට

පුරුදු උණුසුම දුර නිසා...


ගව් ගනන් දුර ගෙවා ඇවිදින්

අව්ව උහුලන දවස් අතරින්

සිසිල් සුලඟක් හමා ඇවිදින්

සිත් දෙකක් එක් කරනවා

තනියටම කවි ලියනවා...


පුරවරත් සෙංකඩගලත් දෙක

හිතෙන් යා කර මග බලාගෙන

හිතේ ඇති රුව ඇසින් දැකුමට

දින එකින් එක ගනිනවා

හොඳම දවසක් එනතුරා...


Leo Tharushika Peelikumbura

Third Year

Faculty of Arts

Esala Full Moon Poya Day 2026

Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...