විද්‍යාත්මක නාමය- pethia bandula
බන්දුල පෙතියා යනු දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ ගලපිටමඩ අනාරක්ෂිත කුඩා දිය පහර දෙකකට සීමා වූ ආවේණික මත්ස්‍යයෙකි.මොවුන් කුඹුරු හා රබර් වතු හරහා ගමන් කරන කුඩා ගල් සහිත ජල මාර්ගයක වාසය කරන බව නිරීක්ෂණය වී ඇත.මෙම කුඩා මත්ස්‍යයෝ බොහෝවිට ශාකපත්‍ර යටින් සහ ජලය නොගැඹුරු අර්ධ වශයෙන් ගිලී ඇති වෘක්ෂලතා අතර නවාතැන් ලෙස තෝරා ගනිති.
බන්දුල පෙතියා යනු මිරිදිය මත්ස්‍යයෙකි.උපරිම දිග 4.1 cm පමණ වේ.මෙම මත්ස්‍යයාගේ පිරිමි හා ගැහැණු සතුන් සරලව වෙන්කර හදුනාගත හැකිය.මොවුන්ගේ වැඩිහිටි පිරිමි මත්ස්‍යයින් විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන අතර ප්‍රමාණයෙන් කුඩා සිහින් සිරුරක් සහ ගැහැණු මත්ස්‍යයකුට සාපේක්ෂව වර්ණයෙන් වඩාත් දීප්තිමත් වේ.විශේෂයෙන් පැටවුන් බිහි කරන කාලය තුළ මෙය දැක ගත හැකිය.
පිරිමි මත්ස්‍යයාගේ පුෂ්ඨීය,ගුද සහ ශ්‍රෝණි වරල් කළු හා පපුවේ වරල විනිවිද පෙනෙන අතර පිටුපස වරල රතු තැඹිලි පැහැයක් පෙන්වයි.ඊට ප්‍රතිවිරුද්ධව, ගැහැණු මත්ස්‍යයාට ඔවුන්ගේ දෙපස සමාන ප්‍රමාණ වල සිරස් කළු ලප ඇත.නමුත් ඔවුන්ගේ ශරීර තද දුඹුරු සිට ලා දුඹුරු දක්වා වර්ණයෙන් යුක්ත වන අතර, ඔවුන්ගේ සියලු වරල් විනිවිද පෙනෙයි. එමෙන්ම ඔවුන්ගේ වරල් අග සුළු කළු ස්වභාවයක් පෙන්වයි.
බන්දුල පෙතියා හට පුළුල් පරාසයක ජල පරාමිතීන් සඳහා පහසුවෙන් අනුවර්තනය වීමේ හැකියාව ඇති අතර බහුලවම දක්නට ලැබෙන විවිධ මත්ස්‍ය විශේෂ ගණනාවක් සමග සහජීවනයෙන් වාසය කළ හැකිය. උදාහරණ ලෙස Cyprinids, Livebearers, Tetras, Gouramis, Rainbowfish, Loaches සහ Catfish යන මත්ස්‍ය විශේෂ දැක්විය හැකිය.
බන්දුල පෙතියාගේ අභිජනන පුරුදු සම්බන්ධයෙන් සීමිත තොරතුරු ඇතත්, ඔවුන්ගේ අනෙකුත් පෙතියන් විශේෂ වලට සමාන ප්‍රජනක හැසිරීම් වල යෙදෙන බවට අනුමාන කිරීමට හැකිය. එමෙන්ම බන්දුල පෙතියා නම්‍යශීලී ආහාර හැසිරීමක් ප්‍රදර්ශනය කරන අතර ඇල්ගී සහ ශාක අන්තර්ගතයන් බහුලවම ආහාරයට යොදා ගනී.
ඔවුන්ගේ බිත්තර දීප්තිමත් ආලෝකයට විශේෂයෙන් සංවේදී වන බැවින් අඩු ආලෝක තත්ත්වයන් පැවතීම අතිශයින් වැදගත් වේ. මෙම මත්ස්‍යයන්ගේ පැටවුන් බිහිවීමේ ආරම්භක අවස්ථාව පැහැදිලිව පෙනෙන්නේ පිරිමි මත්ස්‍යයා පෙම් සබඳතාවයේ යෙදෙන විට, තම වරල් සංදර්ශන පෙන්වමින් ගැහැනු මත්ස්‍යයා වටා ගමන් කරන විටය. මොවුන් බිත්තර විශාල ප්‍රමාණයක් නිපදවා ඒවා ජලයේ වැඩී ඇති ශාක අතර විසුරුවා හැරීම සිදුකරයි.
පොදුවේ ගත් කල බොහෝ ජලජ විශේෂ මෙන් ම තම බිත්තර විලෝපිකයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා පැටවුන් බිහිකිරීමෙන් පසු වැඩිහිටි මසුන් ඒ අවට ජලයේ නිරන්තරයෙන් කාලය ගත කරයි. සාමාන්‍යයෙන් බිත්තර පැය 24 ක් ඇතුලත පැටවුන් බිහිවන අතර, අලුතින් බිහි වූ මත්ස්‍ය පැටවුන් දළ වශයෙන් දින එකකට හෝ දෙකකට පසුව නිදහසේ පිහිනීමේ හැසිරීම් ප්‍රදර්ශනය කිරීමට පටන් ගනී.
බන්දුල පෙතියා 1991 වසරේදී මුලින්ම සොයාගන්නා ලද අතර ඒ වන විට 2000 ක පමණ මත්ස්‍ය ගහණයක් සිටි අතර එය 2010 පමණ වන විට 200 ක් දක්වා අඩුවී ඇත.එනම්, වී වගාවන් ව්‍යාප්ත කිරීම හා අනවසර පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස මසුන් එකතු කිරීම හේතුවෙන් පසුගිය දශක 2 තුළ බන්දුල පෙතියාගේ ගහණ ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවී එය වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් බවට පත්වී ඇත.
පසුව 2014 දී ක්‍රියාකාරී පියවරක් ගන්නා ලද අතර, ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සංරක්ෂණ සංගමය (IUCN) සමග අනුබද්ධ විශේෂඥයන් කණ්ඩායමක් අතර සහයෝගී ප්‍රයත්නයක් හරහා මෙම බන්දුල පෙතියා පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීමත් සමග අද වන විට මොවුන්ගේ මත්ස්‍ය ගහණය ධන වර්ධනයක් දක්නට ලැබෙන අතර අද වන විට දෙහිවල සත්ව උද්‍යානයේ ද මෙම මත්ස්‍යයා දැකගත හැකිය.
Leo Nadee Sakunthala
First Year
Faculty of Arts