Friday, January 26, 2024

උණහපුලුවා [Nature Eye -Article 23]

 

විද්‍යාත්මක නාමය :- Loris tardigradus.

පොදු නාමය :- උණහපුලුවා

ඉංග්‍රීසි නාමය :- slender loris

උණහපුලුවා වානර වර්ගයේ උප කොට්ටාසයක් වන ප්‍රොසිම් (prosimii) ගණයේ ලොරිසිඩේ(Lorisidae)  පවුලෙ සාමාජිකයෙකි.ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන රටවල් දෙකටම ආවේණික සත්ව කොට්ටාසයක් ලෙස මොවුන් හදුන්වා දිය හැකිය.මොවුන් රතු හා අලු වශයෙන් වර්ග දෙකක් යටතෙ දැකගත හැකි අතර ලංකාවෙ වැඩි වශයෙන් රතු පැහැති උණහපුලුවන් දැකගත හැකිය.ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප වලට අයත් උප විශේශ 4 ක් දැකිය හැකිය.ඒ අතරින්  ශ්‍රී ලංකාවෙ පහතරට තෙත් කලාපයෙ දක්නට ලැබෙන්නෙ The western ceylon slender loris යන ඉංග්‍රීසි නාමයෙන් හැදින්වෙන උප විශේෂයයි.මෙහි දක්නට ලැබෙන කුඩාම උණහපුලුවන් වර්ගය මොවුන් වන අතර ලංකාවට ආවේණික සත්වයෙකු වන මෙම සත්වයාගෙ විද්‍යාත්මක නාමය loris tardigradus tardigradus වේ.

 මෙම සත්වයාගෙ සිරුර කුඩාය,දිගටිය,සිහින් ය.හිස රවුම් වන අතර විශාල වේ.වලිගයක් දක්නට නොමැති අතර අවයව දිගු සහ සිහින් ස්වභාවයක් ගනී.මොවුන්ගෙ දබරැගිල්ල කෙටි වන අතර මහපටැගිල්ල දිගු වේ.මුඛ්‍යයේ තාවකාලිකව ආහාර ගබඩා කර ගැනීමට හැකි වන පදිරි සැකසි ඇති (cheek pauches ) දක්නට නැත.නාසය ආසන්නයෙන් දිවෙන සුදු පැහැති රේඛාවකින් පමණක් ඇස් පෙදෙස ඉස්මතුව පෙනේ.මොවුන්ගෙ ආයු කාලය වසර 15 ක් පමණ වේ.මෙම සත්වයාගෙ සිරුරේ මුළු දිග 200cm පමණ වේ.මොවුන්ට කෙටි ලෝම සහිත සමක් පවතින අතර පාද සහ අත් කෙටි ලෝම වලින් යන්තමින් ආවරණය වී පවති.උණහපුලුවාගෙ හිසේ සහ පිටෙ වර්ණය රතට හුරු දුඹුරු පැහැයක් ගන්නා අතර රෝම අග්‍රයෙහි අදුරු පැහැයක් දැකගත හැක.අදුරු පැහැති රේඛාවක් පිටමැදින් ඇදි ඇති අතර මොවුන්ගේ සිරුරේ යටි ප්‍රදේශයෙ ලෝම කහ පැහැයක් ගන්නා අතර එහි  අග්‍රයෙහි තද අළු පැහැයක් දැකගත හැකිය.පාද වල සහ අත්වල ඇති කෙටි රෝම සුදු පැහැතිය.හොම්බ සහ මුහුණ වටා විරලව පැතිරුණු සුදු රෝම මුහුණට කැපී පෙනෙන සුලු පෙනුමක් ගෙන දේ.ඇස් ප්‍රදේශය තද දුඹුරු පැහැයක් ගන්නා අතර ඇසිපිය ආසන්නයට එත්ම ලා වර්ණයක් ගනී.කම්මුල් තද පඩු පැහැති වේ.

මොවුන් නිශාචර සත්ව කොට්ටාසයක් වේ.මොවුන් ගස්බෙනයක් හෝ පදුරක දෙබලයක් තම වාසස්තානය ලෙසයොදා ගනි.බෝලයක් මෙන් වකුටු වී අතු රිකිලි කිහිපයක් පාද හා අත් වලින් අල්ලාගෙන හිස පහතට වන්නට හිදිනු දැකගත හැකිය.තනි තනිව හෝ යුගල වශයෙන් මොවුන්ව දැකගත හැකිය.මොවුන්ගෙ ආහාර ලෙස කුඩා කෘමීන්, උරගයින් ,ශාක රිකිලි සහ පලතුරු ආදිය පෙන්වා දිය හැකිය. 

උණහපුලුවන් තම වර්ගයා බෝ කරනු ලබන ආකාරය පිලිබදව එතරම් තොරතුරු හමු නොවන අතර ගැහැණු උණහපුලුවන් මාස තුනක් වැනි කාලයක් ගැබ්බරව සිටි.වරකට එක් පැටවෙකු පමණ බිහි කරන අතර කුඩා පැටවුන් මවගෙ බඩෙ එල්ලි ගමන් කරයි.මෙම සත්වයා නිවර්තන වැසි වනාන්තර,ලදුකැලෑ, අර්ද පතනශීලි වනාන්තර හා වගුරුබිම් ආශ්‍රිතව දැකගත කැකිය.ගම්පහ,කැස්බෑව,රයිගම් කෝරළය,බණ්ඩාරගම වැනි ප්‍රදේශයන් වල මොවුන් දැකගත හැකිය.

Leo Sachini Maduwanthi
First Year
Faculty of Arts

 

 

 

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...