Thursday, January 25, 2024

ඉරු රාජ ශාකය (Nature Eye - Article 22)

 


·         උද්භිද විද්‍යා නාමය: Zeuxine Regia

·         පවුල් නාමය: Orchidaceae

·         සිංහල පොදු නාමය: ඉරු රාජ, ඉර රාජ

                ශ්‍රී ලංකාවේ හෙළ වෙදකමෙහි භාවිතා කරනු ලබන ඉතා වටිනා ශාක වර්ගයක් ලෙස" රාජ" කුලයේ ශාක හඳුන්වා දිය හැකිය. මෙම රාජ කුලයේ ශාක වලින් වඳවීගෙන යන සොයා ගැනීමට අපහසු ශාකයක් ලෙස ඉරු රාජ ශාකය හඳුනා ගත හැකිය. මෙම ශාකය ශ්‍රී ලංකාවේ පමණක් දැකගත හැකි පැළෑටි විශේෂයකි.

               දියසීරාවන් ඇති ස්ථාන වල පමණක් ඉරු රාජ ශාකය වර්ධනය වන අතර මෙය ඉතාමත් අලංකාර ශාක විශේෂයක් ලෙස හඳුනාගත හැකිය. මෙම ශාකයෙහි පත්‍ර දිගින් අඟල් දෙකක් තුනක් පමණ වේ. පළලින් අඟල් තුනකට වඩා විශාල ද නොවේ. මෙහි කොළ වල යටි පැත්තේ බූවක් දැකගත හැකි අතර කොළය උඩ පැත්තේ රන්වන් පැහැයක් දැකගත හැක.

             මෙම ශාකයෙහි කුඩා දණ්ඩක් උඩට ගොස් මල සෑදේ. ශාකයේ මල් වල වර්ග අනුව වර්ග  තුනක් හඳුනාගත හැකිය. එනම්,

1) සුදු ඉරු රාජ

2)කහ ඉරු රාජ

3)රතු ඉරු රාජ               

                      වශයෙනි.

                           දේශීය බෙහෙත් වට්ටෝරු සෑදීම සඳහා ඉරැ රාජ ශාකය භාවිතා කරනු ලබන අතර මෙම ශාකය ඉතා දුර්ලභ ඖෂධයක් නිසා සාමාන්‍ය බෙහෙත් වට්ටෝරු වල දක්නට නොලැබෙන අතර ඉතා ප්‍රත්‍යක්ෂ රහස් බෙහෙත් වට්ටෝරු සෑදීමට භාවිතා කරනු ලබයි. ඉරු රාජ ශාකය භාවිතා කොට එසේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධ  වර්ග කිහිපයක්   හඳුනාගත හැකිය.

1) හෙන රාජ තෛලය

2) මහා විෂ නීල තෛලය

3) ඝටීකාර මහා නාගදී තෛලය

4) වියරු රාජ තෛලය

5) වියරු රාජ ගුලිය

                                        ඉන් කිහිපයකි.

              ඉතා දුර්ලභ වටිනා පැළෑටියක් වීම නිසාම ඉරු රාජ ශාකය තිබෙන ස්ථානයකින් උදුරා දැමීම,  අලෙවි කිරීම, ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම ශාකය ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමකි.

Leo Achini Madhumali

First Year

Faculty of Arts

Medin Full Moon Poya Day - 2026

Medin Full Moon Poya Day - 2026 Medin Full Moon Poya Day: Historical Phenomena and Philosophical Meaning Medin Full Moo...