Friday, January 26, 2024

වල්ලපට්ටා ශාකය[ Nature Eye - Article 24]

 

විද්‍යාත්මක නාමය :- Gyrinops Walla

පොදු නාමය :- වල්ලපට්ටා ශාකය.

 වල්ලපට්ට ශාකය අයත් වන්නෙ Thumeloeaceae කුලය යටතෙ එන Gyrinops ගණයට වේ.මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන අතර මීටර් 15 ක් පමණ උස ශාකයක් වන මෙහි පත්‍ර දිගැටි හැඩයෙන් යුක්ත වේ.අනෝදා ශාකයෙ පත්‍ර වලට සමාන වේ.හොදින් වැඩුණු කද තද දුඹුරු පැහැයට හුරු අලු පැහැති වර්ණයෙන් යුක්ත වේ.කද දැඩි ලෙස කෙදි සහිතය.මෙම ශාකයෙ  ඵල රතුවන් දුඹුරු වර්ණයෙන් යුක්ත වේ.

මෙම ශාකය අතරමැද සහ  තෙත්කලාපයේ ව්‍යාප්තව පවති.ගාල්ල ,මාතර,ගම්පහ,කළුතර,මහනුවර,රත්නපුර,මාතලේ හා තරමක් දුරට නුවරඑලිය දිස්ත්‍රික්කයෙත් දැකගත හැකි ශාකයකි.ශ්‍රී ලංකාවෙ බහුලව දක්නට නොලැබුන මුත් ඉන්දියාවෙ කේරළ හා තමිල්නාඩු ප්‍රාන්ත වල බහුලව දක්නට ලැබේ.තෙත් කලාපයේ වනාන්තර වලද ගෙවතුවලද දක්නට ලැබේ.පහතරට වැසි වනාන්තර වල යටි ස්තරයෙ බහුලව දක්නට ලැබෙන මෙම ශාකය 2012 රතු දත්ත වාර්තා පොතට අනුව තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස නම් කර තිබේ.

වල්ලපට්ටා ශාකයෙ මල් හට  ගැනීම අප්‍රේල් සිට ජුලි  දක්වා සිදුවන අතර මේ කාලයේදීම නොමේරු ගෙඩිද දැකිය හැකි වේ.පුෂ්ප මංජරියක මල් හට ගන්නා අතර ඒවා සුදු පැහැයට හුරු ලා කහ පැහැයක් ගනී.පුෂ්පිකාවක දිග 2cm පමණ වේ.පළල 5mm පමණ වේ.පුශ්පිකාවක පෙති පහක් දක්නට ලැබේ.ඒවා නාලාකාර මුකුට නලයකින් සම්බන්ද වන අතර මුකුට නලයෙ ඇතුලත ඉහළ කෙලවරෙහි පරාගදානි පහක් සම්බන්දව පවති.පරාගදානි වල පහතින් කලංකය පිහිටා තිබේ.

පුෂ්ප හා ඵල හට ගැනීම එකම කාලයකදි සිදු වේ.මල් හට ගැනීම අඩු වයසින් සිදු වන අතර අඩි 2 - 3 ක් උස ගස්වල පවා ගෙඩි හට ගැනිම සිදු වේ.එක් කුඩා ගසකින් ඵල 20 - 30 ක් අතර ප්‍රමාණයක් නෙලාගත හැකි අතර විශාල ගසකින් ඊට වඩා වැඩි ඵලදාවක් ලබා ගත හැක.ශාකයෙ පොත්ත පහසුවෙන් ගැලවීයාමත් ශාක පත්‍ර වල නාරටිය පිහිටා ඇති ආකාරයත් ඵලයෙ විශේෂිත ස්වභාවයත් බීජයේ ඇති පුලුන් වැනි ස්වභාවයත් ශාකය නිවැරදිව හදුනා ගැනීමට භාවිතා කල හැකි සුවිශේෂී උපාංගයන් වේ

රන්වලටත් වඩ මිලෙන් අදික ඇගාර් නිස්සාරණය කර ගැනීමට මෙම ශාක විශේෂය මහා පරිමාණයෙන් කපා ඉවත් කෙරේ.මේ හේතුවෙන් වනාන්තර වලට ඇතිවන බලපෑම වළක්වාලීම සදහා ඇගාර් නිපදවන ශාක අන්තර්ජාතික වෙළදාමේදී පාලනයට ලක් කර ඇත.ඒ අනුව අන්තරායට ලක් වූ වන ජීවී විශේෂ ජාත්‍යන්තර වෙළදාම පිළිබද (CITES) සම්මුතියේ දෙවනි උප ලේඛනයට 1995 වසරේදි ඇකියුලාරියා මෙලන්සිස් විශේෂයද 2004 වසරේදි ඇගාර් නිපදවන සියලුම ශාක විශේෂද ඇතුළත් කර තිබේ

Leo Sachini Maduwanthi

First Year

Faculty of Arts



වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...