Saturday, January 27, 2024

කළුමැදිරිය ශාකය [ Nature Eye - Article 26]


පොදු නාමය :- කළුමැදිරිය/කලමන්ද/කඩුබේරිය

විද්‍යාත්මක නාමය :- Diospyros quaesita

ඉංග්‍රීසි නාමය :- Calamander tree

පවුල :- Ebenaceae

කුලය :- Diospyros

USDA දෘඪතාව :- 10-12

        අග්නිදිග ආසියාවට ආවේණික මෙම කළුමැදිරිය ශාකය ඒකදේශික ශාක ගණයට අයත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයකි. නිවර්තන වැසි වනාන්තර වල දක්නට ලැබෙන මෙම ශාකය දිගින් 35m පමණ උසට වැඩේ. 8-18cm අතර දිගින් යුක්ත දිලිසෙන පත්‍ර පවතී. තද කළු පැහැති කයිරු මුල් සහිතයි. ඉතා කුඩා කහපැහැති පුෂ්ප හටගනියි. ගෝලාකාර ඵල හටගනී. දැවමය වටිනාකමකින් යුක්ත කඳ කළු සහ කහ ඉරි සහිත බැවින් ගෘහ අලංකරණ භාණ්ඩ නිපදවීමට යොදා ගැනේ. මෙම කළු සහ කහ පැහැති ඉරි අද්විතිය රටාවන්ගෙන් යුක්ත බැවින් ද, කළුමැදිරිය ශාකය කළුවර වල එක් වර්ගයක් බැවින්ද  අධික වටිනාකමකින් යුක්ත වේ. ශ්‍රී ලංකාවේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල,වලව්වේවත්ත, වතුරාන වගුරු වනාන්තරය තුළ දක්නට ඇත.

         මෙම ශාකය අග්නිදිග ආසියාවට ආවේණික වුවද ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දක්නට ඇත. මෙහි ඉංග්‍රීසි නාමය වන Calamander යන නම එන්නේ මෙම දැව මුලින්ම අපනයනය කළ ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරයෙනි. තවද කොරමැන්ඩල් යන්න නිවර්තන ආසියානු ගසක තද දුඹුරු පැහැ ලීයක නමකි.

         සාමාන්‍යයෙන් ඩයස්පයිරෝස් විශේෂයේ බීජ ඉතා කෙටි ශක්‍යතාවක් ඇති බැවින් හැකි ඉක්මනින් වපුරා ගත යුතුය.  එහි ප්‍රරෝහණ නිෂේධක අඩංගු බැවින් මස් ඉවත් කළ යුතුය.  තවාන් බීජ පාත්තියක සෙවන සහිත ස්ථානයක බීජ වපුරන්න.  කළුවර සඳහා වපුරන මාධ්‍ය 3:1 අනුපාතයට පස් සහ සිහින් වැලි භාවිතා කරයි.  බීජයේ ඝනකම මෙන් 1 1½ ගුණයක ගැඹුරකින් යුත් වපුරන ගැඹුරක් සහිතව, බීජය තිරස් අතට හෝ සිරස් අතට සිටුවනු ලැබේ.  බීජ අතර දුර 35 සෙ.මී.  බීජ ප්‍රරෝහණය සහ මුල් වර්ධනයේදී වියළීමට ඉතා සංවේදී බැවින් මෙම අවස්ථාවේදී නිතිපතා වතුර දැමිය යුතුය.  සාමාන්‍යයෙන් සතියකට පසු බීජ ප්‍රරෝහණය වේ.           

        කළුමැදිරිය ශාකය මන්දගාමී වේගයෙන් වර්ධනය වන සෙවණේ නොවැඩෙන ශාකයකි. වියළි හෝ තෙත් පසකට වැඩි කැමැත්තක් දක්වයි. (වැලි,ලෝම සහ මැටි පස - PH අගය මෘදු අම්ල, උදාසීන සහ මූලික පස්) මේවා බීජ හරහා ප්‍රජනනය සිදුකරයි. බීජ ස්වභාවිකව හෝ සතුන් උපකාර කරගෙන පැතිරේ. සාරවත් පසක් හා සුදුසු පරිසරයක් හමු වූ විට බීජ ප්‍රරෝහණය වී ගස බවට පත් වේ. ක්ලෝන කිරීම හෝ බද්ධ කිරීම වැනි ක්‍රම සඳහා අනුගත නොවේ.

        වනාන්තර විනාශය නිසා වාසස්ථාන අහිමි වීම, වටිනා දැව නීතිවිරෝධි ලෙස කැපීම, දේශගුණ විපර්යාස නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. සංරක්ෂණ ප්‍රයත්නයන් හා තිරසර වගා පිළිවෙත් අවශ්‍ය වේ.

Sources of information and photograph credits:- Thuru.lk, lakshmanillangakoon.blogspot.com, lankaanews.com, pfaf.org, wikipedia.org, herbal.organic.com, Pinterest.com

Leo Hiruni Aththanayake,

First year,

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...