Saturday, January 27, 2024

ඉතින් රොබරෝසිය...


රොබරෝසියන් මලේ,

මතක ද ඇවිද ගිය හැටි

මල් ඉහිරුණු සවසක

ආල හිත් දෙකක්


ඉතින්, 

නුඹට කොයින් ද මතක

රොබරෝසියන් මල් පිපුණදා ට

ආල හිත් නැවතෙන්නෙ ම 

මල් ඉහිරුණු මේ රූස්ස ගහ යට


ඒත්, රොබරෝසිය

දන්නව ද ? 

ආල හිත්, මල් වාරෙ දී

නුඹව හමු වුණාට

මල් නොපිපෙන අවාරෙක

මේ රූස්ස ගහ යට හිටියේ

අපි දෙන්නා විතරක් බව....


Leo Umessha Hansanie

First Year

Faculty of Arts

Esala Full Moon Poya Day 2026

Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...