අපගේ ප්‍රධාන ආහාර වේල් සංකීර්ණ පිෂ්ටය අඩංගු ආහාර මතම පදනම් වීම ප්‍රධාන අභියෝගයක් බවට පත්ව ඇත. මන්ද එම නිසා කාබෝහයිඩ්‍රේට් වැනි සිරුරට ශක්තිය ලබාදෙන ගුණාත්මක බවින් යුතු ආහාර මගහැරී යාම නිසාය. නමුත් මෙම සියලු පෝෂක කොටස් සිරුරට ලැබෙන පරිදි ආහාර තෝරා ගැනීම මගින් රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම ඉතාම පහසුවේ.
සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර මගින් විටමින්, ඛනිජ ලවණ හා තන්තුමය කොටස් ශරීරයට සපයයි. මෙම පෝෂණ ගුණය සහිත අල වර්ග ගණනාවක්ම අපට හඳුනාගත හැකිය.
*ඉන්නල.
*නෙළුම් අල.
*කිරි අල.
*රාජ අල.
*හුලංකීරිය අල
ඉන්නල
දේශීයව වගා කෙරෙන අල වර්ගයක් වන මෙම ඉන්නද ප්‍රධාන වර්ග දෙකකි. එනම් දිගටි ඉන්නල හා බෝල ඉන්නලයි. මේවා බොහෝවිට ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගනී. මෙම අල වර්ගය රසයෙන් අඩුවුණත් පෝෂණ ගුණය හා ඖෂධී ගුණය ඉතාම ඉහළය. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට ගුණදායක වීමට මෙහි සුවිශේෂී ගුණාංග කිහිපයක් පවතී.
*අනිකුත් අල වර්ග වලට වඩා මෙහි පිටි ගතිය අඩුය. එසේම තෙල් සහ සීනි ප්‍රමාණය ද අඩුය.
*මෙහි සීනි මට්ටම අඩු නිසා දියවැඩියා රෝගීන්ට මෙන්ම නිරක්තියද පාලනය කරයි.
*අධික තරබාරුව අඩු කර කෑම රුචියද වඩවයි.
මේ අනුව ඉන්නල දියවැඩියා රෝගයට වඩාත් ගුණදායක වේ.
රාජ අල
අලංකාර දම් පැහැයකින් යුතු මෙම අල වර්ගය තම්බා හෝ ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත හැකිය. යකඩ,කැල්සියම්,පොටෑසියම්, ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රෝටීන් යන පෝෂක කොටස් ගණනාවකින් ම රාජ අල අනූන වේ. මෙම රාජ අල දියවැඩියා රෝගයට ඉතාම ගුණදායකය. නමුත් එහි ප්‍රතිඔක්සිකාරක ගුණය ජලයට දමා තැම්බීම මගින් විනාශ වන බව පර්යේෂණයකින් සොයාගෙන ඇත.
මීට අමතරව තවත් අල වර්ග ගණනාවක් දියවැඩියා රෝගයට ගුණදායක බව හඳුනාගෙන ඇත. නමුත් එම සියල්ල දිනපතා ආහාරයට එක් කර ගැනීම එතරම් සුදුසු නොවේ. එම නිසා සතියකට වරක් හෝ දෙවරක් පමණ ආහාරයට එක් කර ගත යුතු අල වර්ගද කිහිපයකි.
*මඤ්ඤොක්කා
*බතල
*අර්තාපල්
මේ ආකාරයට දියවැඩියා රෝගයට ගුණදායක අල වර්ග මොනවාද යන්න හඳුනාගත හැකිය.
Nisansala Pathirana
Second year
Faculty of Arts