Friday, February 23, 2024

නවම් පොහොයේ වැදගත්කම .....


"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං

ඒතං බුද්ධාන ශාසනා"

"සියලු පව් නොකිරීමත් ,කුසල් දහම් උපදවා ගැනීමත්,තමන්ගේ සිත පිරිසිදු කිරීමත් යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි"

 අද නවම් මාසයේ එනම් පෙබරවාරි මාසයේ විසි දෙවැනිදා යි.බෞද්ධයන් වන ලෝකවාසී ,ලංකාවාසී සියලු ජනයාට වැදගත් වන නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත.දෙව් මිනිසුන්ගේත් , තිලොවට අග්‍ර වූත් ගෞතම  බුදුන් වහන්සේගේ සම්බුද්ධ චරිතය සම්බන්ධයෙන් සිදු වූ වැදගත් සිදුවීම් රාශියක් ද, ශාසනික වශයෙන් සිදු වූ වැදගත් සිදුවීම් රාශියක් ද උතුම් නවම් පොහෝ දින සිදු වූ නිසා බෞද්ධයන් වන අප සැමට මෙය ඉතා වැදගත් පොහෝ දිනකි.එසේ සිදු වූ වැදගත්කම් මෙසේ පෙන්වා දිය හැකිය.

⭕  සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුර පිරිනැමීම.

බුදුන් වහන්සේගේ අගසව් දෙනම එනම් අග්‍රශාවක තනතුර නවම් පුර පසළොස්වක පොහෝ දින දී පිරිනමන ලදී.මෙම තනතුර සඳහා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම තේරී පත්විය.බුදුන් වහන්සේගේන් මෙම අගසව් තනතුරු ලබා ගැනීමට බොහෝ භික්‍ෂූන් උත්සාහ කළ ද ධර්ම සභාවේදී උන්වහන්සේ සැරියුත් මුගලන් දෙනමට එම තනතුරු පිරිනමා ඇත.එහිදී සැරියුත් මහරහතන් වහන්සේට දකුණු අග්‍රශාවක හා ධර්ම සේනාධිපති වශයෙනුත්,මුගලන් මහරහතන්  වහන්සේට  වම් අග්‍රශාවක හා මහා ප්‍රඥාවන්තයින් අතර අගසව් තනතුර ද හිමි විය.

⭕ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.

නවම් පුර පසළොස්වක පොහෝ දින සිදු වූ තවත් වැදගත් සිදුවීමක් ලෙස මෙය පෙන්වා දිය හැකිය ."ඕවාද ප්‍රාතිමෝක්ෂය "යනුවෙන් හඳුන්වනු ලබන්නේ භික්ෂූන් වහන්සේලා මේ ආකාරයට හික්මිය යුතු යැයි සෑම බුදුන් වහන්සේ කෙනෙකුම  දේශනා කරනු ලබන අනුශාසනයයි .මේ නිසා බෞද්ධයන් වන අප සැමට එයා ඉතා වැදගත් පොහොය දිනකි.

⭕ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීම .

බුදුන් වහන්සේ වේළුවනාරාමයේ දී සැරියුත් මුගලන් මහරහත් දෙනම ප්‍රමුඛ කොටගත් දෙසිය පනහක් පිරිවර රහතුන් සහ 1250ක් මහරහතන් වහන්සේලා ඒකරාශී කරගෙන මෙම මහා සංඝ සන්නිපාතය සිදුකරන ලදී .නවම් පොහෝදා සිදු වූ වැදගත් සිදුවීමක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

⭕බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම .

නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් ලෙස බුදුන් වහන්සේ මාරයාගේ ආරාධනය අනුව "චාපාල"නම් චෛත්‍ය ආසන්නයේ දී මාස තුනකින් සම්බුද්ධ පරිනිර්වාණය සිදු කරන බවත් ඒ නිසා ආයු සංස්කාරය අත්හැරීම සිදුකරන බවත් දේශනා කිරීම පෙන්වා දිය හැකිය.

මෙම සිදුවීම් රාශිය නිසා ශාසනික වශයෙන් මෙන්ම සම්බුද්ධ චරිතය තුළ වූ අසිරිමත් සිදුවීම් සිදු වූ වැදගත් පොහොයක් ලෙස නවම් පුන් පොහෝ දින ලංකාවාසී ලෝකවාසී බොදු ජනයාට වැදගත් වේ.

ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම අසිරිමත් නවම් පුන් පොහෝ දිනයක් වේවා!!...

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...