Thursday, March 7, 2024

බැතියෙන් සමරන මහා ශිව රාත්‍රිය....


සකලවිධ හින්දු ජනයා උත්සවශ්‍රීයෙන්  සමරන මහාශිව රාත්‍රියේ අදට (08) යෙදී තිබේ. සෑම වර්ෂයකම නවම් මාසේ එනම් පෙබරවාරි මාසයේ අමාවක දින මහාශිව රාත්‍රියේ උදාවේ. මහාශිව රාත්‍රිය සැමරීම බිහි වූ ආකාරය පිළිබඳ නොයෙක් පුරාණ දේව කතා ,කන්ද පුරාණය හා ශිව පුරාණය ආශ්‍රයෙන් පැහැදිලි වේ.

මහාශිව රාත්‍රියේ ඓතිහාසික පසුබිම.

මහාශිව රාත්‍රිය ඇති වූ ආකාරය පිළිබඳව හින්දු දේව කතාවල මෙසේ සඳහන් වෙයි.එක්තරා සමයක උමා හෙවත් පාර්වතී දේවිය ශිව දෙවියන්ගේ දෙනෙත් ක්‍රීඩාවක් සඳහා ආවරණය කරන විට මුළු ලෝකයම ඝන අන්ධකාරයෙන් වැසී ගිය බව සඳහන් වේ. එහිදී සියලුම ජීවීන් කරදරයට,පීඩාවට පත්වූ බවත් ,එකොළොස් කෝටියක දේවතාවන්  ශිව දිවියන්ට පූජා පැවැත්වූ බවත් සඳහන් වේ. මෙම සිදුවීම සිහිගැන්වීම පිණිස එදා පටන් අද දක්වා මහාශිව රාත්‍රිය ලෙස එය හින්දු බැතිමත්තු  උත්සවශ්‍රීයෙන්  සමරති.

ශිව රාත්‍රියේ උපත පිළිබඳ දැක්වෙන තවත් පුරාණ කතාවක් වන්නේ, එක්තරා සමයක ශිව දෙවියන් කිරි මුහුදේ විෂ බීම පානය කළ නිසා සිහිසුන් වී  සෙයක් විද්‍යමාන කරමින් තෙළෙස්වක දිනවල සන්ධ්‍යාවේදී ”සන්ධ්‍යා” නමැති නැටුම නැටූ බවත්  ඒ හා සමඟ බැඳුනු දුස්වක තිථි රැයේ හතරයාමයේම, දෙවියෝ ශිව දෙවියන්ට පූජා පවත්වා ස්තෝත‍්‍ර ගායනා කළහ. පුරා එම දිනය ශිව රාති‍්‍රය බව සලකා හින්දු ජනයා බොහෝ පුද පූජා සිදුකළ බව පුරාණයේ දැක්වේ.

පාරවතී දේවිය විසින් ගණ අන්ධකාර රාත්‍රී දවසක ශිව දෙවියන් උදෙසා යාඥා හතරක්  කරමින් එක් වරයක්ද ඉල්ලා සිටි බව "අහමහෙළ" පුරාණ කෘතියේ සඳහන් වේ.එහිදී ශිව දෙවියන් ඇගේ යාඥා සහ ඉල්ලා සිටි වරයට  කළ බවත්, එදින සිට ශිව රාත්‍රිය උත්කර්ෂවත් ලෙස  හින්දු ජනයා සමරන බව තවත් පුරාණ ග්‍රන්ථයක සඳහන් වේ.මහා ශිව රාත්‍රියේ ඓතිහාසික පසුබිම පිළිබඳව තවත් මෙවැනි ආකාරයේ බොහෝ පුරාණ කතා සඳහන්වේ .

ශිව රාත්‍රියේ සැමරිය යුතු අයුරු..

හින්දු ජනයා උත්සව වශයෙන් සමරන මහාශිව රාත්‍රියේදී බොහෝ වත්පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර,සංස්කෘතික අංග රාශියක් සිදුකෙරේ. ඔවුහු සිදුකරන වත්පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර මෙසේය.උදෑසනින්ම අවදි වී අසල්වැසි නෑ හිත මිත්‍රාදීන් සමග සුහදව සමීපව කටයුතු කළ යුතුය.පුණ්‍ය කාලයේදී ජලස්නානය කර සිය දෛනික කටයුතුවලින් බැහැරව උපවාසය ඇරඹිය යුතුය.පුණ්‍ය කාලය යනුවෙන් හින්දු බැතිමතුන් හඳුන්වන්නේ ශිව දෙවියන් සඳහා වෙන් වූ කාලය බවයි.ඒ බව පුරාණ ග්‍රන්ථවල ද දක්වා ඇත.පුණ්‍ය කාලයේදී ශිව දෙවියන් ගැන නිතර නිතර සිතමින් ශිව මන්ත්‍ර ගායනා කළ යුතුය. එසේම භාවනානුයෝගීව සිටීමද මෙහිදී දක්නට ලැබේ.භාවනා කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන බව හින්දු ජනයාගේ මතයයි.මෙහිදී දක්නට ලැබෙන ප්‍රධාන වත්පිළිවෙතක් වනුයේ, ශිව ලිංග පූජාව පැවැත්වීමයි.මේ ආකාරයට ශිව රාත්‍රී තුනක් අඛණ්ඩව උපවාසය කළ යුතුය.මහාශිව රාත්‍රී දිනයේදී චාරිත්‍ර වාරිත්‍රවලට අමතරව සංස්කෘතික අංග රාශියක් දක්නට ලැබේ.එහිදී ප්‍රධාන තැනක් උසුලන සංස්කෘතිකාංගයක් ලෙස "නටරාජා "නර්තනය ප්‍රධාන වේ.මේ ආකාරයේ බොහෝ විවිධ සංස්කෘතික වැඩසටහන් මහාශිව රාත්‍රිය සමරන  කාලසීමාවේදී දක්නට ලැබේ.

රාත්‍රී කාලයේ උපවාස කිරීමෙන් මරණයෙන් පසු දිව්‍ය සම්පත් ලැබෙන බවත්, මෙලොව ජීවිතයට ආරක්ෂාව, දියුණුව, සතුට, සෞභාග්‍ය ආදිය ලබාදෙන බවත් හින්දු ජනයා විශ්වාස කරති.මහාශිව රාත්‍රී දිනය අර්ථවත් ලෙස ගත කිරීමෙන් අවසානයේ ඔවුන්ට මුක්තිය ලැබෙන බවත් ඔවුහු විශ්වාස කරති.සකලවිධ හින්දු ජනයාගේ මෙවන් අරමුණු මුදුන්පත් ගැන්වෙන, සතුට ,සෞභාග්‍ය ,දියුණුව වර්ධනය වන විමුක්තිය ළඟාවන  මහාශිව රාත්‍රී දිනයක් වේවා!!.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...