Thursday, March 14, 2024

අසම්මතයේ දුව......

 


පැතුවේ නෑ නුඹ මා දකින්නට

හිතුවේ නෑ නුඹ ළගට එන්නට

අනාගතයෙහි ශේෂ වන්නට

නැතිද මා නුඹ අතර විනිවිද


සිනිදු දෑත ට දෑත ලන්නට

නෙතින් නෙතගට බලා ඉන්නට

කිරි සුවද මැද නිදි කිරන්නට

හිතෙහි නෑ සක් රජෙකු වන්නට


වීදි කණු යට නිදි කරන්නට

හඩන කැට මත පා කරන්නට

ප්‍රේමයේ අළු හිස්ව තැනකට

එපා මෙ මල් පෙති ඇහරවන්නට


Leo Shashini Madhusha

First year

Faculty of Arts

Esala Full Moon Poya Day 2026

Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...