Friday, June 7, 2024

ලෝක සාගර දිනය


ලෝක සාගර දිනය සෑම වසරක ම ජුනි 8වන දිනට යෙදී තිබේ.ලෝකයේ පවතින ජල ප්‍රමාණයෙන් 97%ක් ම අයත් වනුයේ කරදිය ජලය හෙවත් සාගර ජලය යි.ස්වභාව සෞන්දර්යයේ අපූර්වත ම දායාදයක් ලෙස සාගරය අර්ථ දැක්විය හැකිය.පෘථිවිය නීල හරිත ගෝලය යනුවෙන් අර්ථ දක්වන්නේ පෘථිවි ගෝලයෙන් 10%ක් සාගර ජලයෙන් වට වී ඇති නිසා ය.1991 ජුනි මස 08වන දින රියෝ ද ජෙනයිරෝ  නුවර දී පැවති ගෝලීය සංසදයේ සාකච්ඡාවකින් අනතුරුව ලෝකය හමුවේ ලෝක සාගර දිනයක් පිළිබඳව ප්‍රථම වරට යෝජනා කර ඇත.පසුව 2008 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජුනි 8වන දින ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.2009 වර්ෂයේ දී "අපේ සාගරය අපේ වගකීමයි" යන තේමාව මූලික කරගෙන සාගරය හා සාගරය පද්ධතියේ අවශ්‍යතාව  පිළිබඳ ලෝක ජනතාව දැනුවත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රථම වරට සාගර දිනය සමරන ලදී.

මහ සයුරේ වැදගත්කම.

සාගරය අපට වැදගත් වන්නේ ආහාරමය වශයෙන් මිනිසා ලබා ගන්නා මත්ස්‍ය හා මුහුදු ආහාර මත පමණක්ම නොවේ. ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටක්ම මිනිසාගේ ආහාර අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරා ගනු ලබන්නේ සාගරයෙන් ය.ගෝලීය වශයෙන් ගත් කළ සමස්ත සත්ව ප්‍රෝටීන් පරිභෝජනයෙන් 16%කට වැඩි ප්‍රමාණයක් මුහුදු ආහාර වන අතර විවිධ ලොකු, කුඩා මත්ස්‍ය  විශේෂ, මොලුස්කාවන්,විවිධ ඇල්ගී වර්ග මෙන්ම විවිධ මුහුදු ශාක ආහාර ලෙස මිනිසා සපයා ගනී.එමෙන්ම මිනිසා ඇතුළු ලෝකයේ සෑම සත්ව කොට්ඨාසයකටම සුසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක ප්‍රතිශතයක් නිෂ්පාදනය කරනුයේ සාගරය යි."පයිටොප් ලැන්ටන් " නම් කුඩා ටීවී විශේෂය සාගරයේ ජීවත් වෙමින් ඔක්සිජන් වායුව නිෂ්පාදනයට විශාල පිටුවහලක් සපයයි.එමෙන්ම පෘථිවියේ දේශගුණය යනු කාලානුරූපීව වෙනස් වන සංඝටකයකි. පෘථිවි දේශගුණය යාමනය කිරීමට සාගර පද්ධතිය ප්‍රධාන දායකත්වයක් දක්වයි. එම නිසා සාගරය ගෝලීය දේශගුණ පාලන පද්ධතියක් ලෙස හඳුන්වා දිය හැකිය.සාගරය මගින් පෘථිවියේ උෂ්ණත්වය යාමනය කිරීම සිදුකිරීම තවත් වැදගත් කර්තව්‍යයකි.

සාගර පද්ධතිය යනු, ගෝලීය ආර්ථිකය ශක්තිමත් කිරීමට උපකාරී වන ජීවී, අජීවී සම්පත් බහුල වාසස්ථානයකි.සංචාරක කර්මාන්තයේ ශක්තිමත් කිරීමට, ආහාර හා ඖෂධ ලබා ගැනීමට, විනෝදාස්වාදයක් ලබා ගැනීම ආදී සෑම අංශයකට ම ආධාරකයක් වෙමින් ලොව පුරා ගෝලීය ආර්ථිකය ශක්තිමත් කරන අපූර්ව තෝතැන්නක් ලෙස ද  සාගර පද්ධතිය හඳුන්වා දිය හැකිය.එමෙන්ම සාගර පද්ධතිය යනු අපූර්ව ජෛව විවිධත්වයකින් හෙබි කලාපයකි.පෘථිවි ගෝලයේ ජීවත් වන ජීවි අජීවී සංරචක වලින් වැඩි ප්‍රමාණයක් ජීවත් වනුයේ සාගර පද්ධතිය ආශ්‍රිතව ය.මෙවැනි බොහෝ වැදගත්කම් රාශියක් මිනිසා ඇතුළු  සෑම සත්ත්ව කොට්ඨාසයකටම සාගර පද්ධතියෙන් හිමි වේ.

සාගර පද්ධතිය විනාශ වන්නේ ඇයි?.

ශ්‍රී ලංකාව ඇතුළු පෘථිවි ගෝලයේ පවතින සාගර පද්ධතිය නූතනයේ දරුණු අවදානමකට මුහුණ පා ඇත .සාගර පද්ධතිය විනාශ වීමට මුඛ්‍ය වශයෙන් බලපානුයේ මානව ක්‍රියාකාරකම් ය.රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික්කාදී නොදිරන අපද්‍රව්‍ය සාගරයට එක් කිරීමෙන් සාගර ජීවීන් විශාල වශයෙන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇත.මීට ප්‍රධාන නිදර්ශකය ලෙස නූතනයේ කැස්බෑවන් වඳවීමේ තත්ත්වය පෙන්වා දිය හැකිය.එමෙන්ම බෙරලාශ්‍රිතව සිදු කරන නව ඉදිකිරීම්,ව්‍යාපෘති මගින් සාගරයට නිකුත් කරන අප ජලය නිසා සාගරය හා ඒ ආශ්‍රිත පරිසරය විශාල වශයෙන් තර්ජනයට ලක්ව ඇත .සාගරය යනු ,මිනිසාගේ ජීවය රඳවා ගැනීමට විශාල සේවයක් සිදු කරන තෝතැන්නකි.

අද ලෝක සාගර දිනය දා ලෝකයක් වශයෙන් එක්ව සාගර පද්ධතියට බැහැර කරන අපද්‍රව්‍ය නැවැත්වීමටත්,කඩලාන පරිසර පද්ධතිය පෝෂණය කරමින් එය සුරක්ෂිත කරමින් සාගර ඛාදනය අවම කිරීමටත් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.ලෝකයක් වශයෙන් එක්ව සොබාදහමේ අපූර්ව දායාදයක් වන මිනිසා ඇතුළු සියලු සත්ව කොට්ඨාසයන්ගේ ජීවය රඳවා තබන සාගර පද්ධතිය රැක ගැනීමට නොපැකිළව ක්‍රියා කරමු.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...