Tuesday, September 3, 2024

ආපදා පිළිබඳ හැඳින්වීමක් [ Safe Guard - Article 01]


Safe Guard

Phase - 1

Session - 1


ස්වාභාවධර්මය විටක සන්සුන් අතර තවත් විටක සැහැසිය ඇත්තෙන්ම මෙම විනාශකාරී බව අප අත්දකින්නේ ආපදාවක් වශයෙනි. මේ විනාශකාරී බව සමහර විටක දිගුකාලීන වන අතර තවත් විටක ක්ෂණික සහ අනපේක්ෂිත වෙයි. මේ ආකාරයට හඳුනාගත හැකි ආපදා පිළිබඳ ගැඹුරු සහ දීර්ඝ සාකච්ඡාවක් අප කොළඹ විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ කතිකාචාර්යවරුන් වන ආචාර්ය පත්කුමාර ජයතිලක මහතා සහ ආචාර්ය V.P.I. සඳමාලි විජේරත්න මහත්මිය සමඟ සිදු කරන ලදී.

නිවේදකයා : ආයුබෝවන් ආචාර්ය  සඳමාලි මහත්මිය. පළමුව මම ඔබතුමියගෙන් මේ ආපදා යන්න පිළිබඳ ඔබතුමියගේ අදහස කවරේද යන්න පිළිබඳ දැනගන්න කැමතියි .

ආචාර්ය සඳමාලී: ආයුබෝවන්! ඇත්තටම ආපදාවක් කියලා අපි කියන්නේ හදිසි ව්‍යසනකාරී සිදුවීමක් මෙහිදී සැලකිය යුතු බාධාවක් හානියක් සිදුවෙනවා නම් එය ආපදාවක් ලෙස හඳුනා ගන්නවා උදාහරණයක් විදිහට මෙවැනි තත්ත්වයක් තුලින්   දේපල හානි, ජීවිත හානි, පරිසරක හානි ආදිය දකින්න පුළුවන්. 

නිවේදකයා :  සමහර අවස්ථාවලදී අපි ආපදාවලට උපද්‍රව කියලත් කියනවා. ඇත්තටම ආපදා සහ උපද්‍රව කියන්නේ එක් තේරුමක් සහිත දෙයක්ද එසේත් නොමැති නම් මෙහි අර්ථයන් දෙකක් පවතීද?

ආචාර්ය සඳමාලි:  ඇත්තටම ආපදා සහ උපද්‍රව කියන්නේ අර්ථයන් දෙකක් සහිත වචන දෙකකි. කලින් සඳහන් කළා වගේම ආපදා යන්න පැහැදිලියි. උපද්‍රව යන්න යම්කිසි හානියක් අහිතකර බලපෑමක් ඇති කළ හැකි එවැනි විභවතාවයක් ඇති සිදුවීමක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ස්වභාවික සිදුවීම් යන සංදර්භය තුළ කතා කළහොත් මේ ස්වභාවික සිදුවීම් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයකි. ගංවතුරක් හෝ ගිනිකඳු පිපිරීමක් හෝ භූමිකම්පාවක් ඕනෑම අවස්ථාවකදී සිදුවිය හැකි නමුත් මෙම ස්වභාවික තත්ත්වයන්ගෙන් යම්කිසි හානියක් ඇති කිරීමේ විභවතාවයක් පවතිනවා නම් එවැනි තත්ත්වයක් අප උපද්‍රවයක් ලෙස හඳුනා ගන්නවා. ආපදා මීට වඩා වෙනස් යම්කිසි සිදුවීමක් මිනිසුන්ට, ස්වභාවික සම්පත් වලට, දේපළවලට අනතුරුදායක තත්ත්වයක් ඇති කිරීමක් හෝ ඒ තුළින් ජීවිත, දේපළ හා ස්වභාවික සම්පත් විනාශයට පත්වෙනවා නම් එය ආපදාවක් ලෙස හඳුනා ගන්නවා. එවැනි බලපෑමක් සිදු නොකරන තාක් විභවතාවයක් පවතින විට උපද්‍රවයක් වේ. තවදුරටත් පැහැදිලි කළහොත් ගංවතුර යන්න පිටාර තැනිවල හෝ වර්ෂා කාලයේදී හෝ ඇතිවිය හැකි නමුත් මේ කියන තත්ත්වය නිසා මිනිසුන්ගේ නිවාස ජලයෙන් යටවෙනවා නම් එම යටවීම නිසා දෛනික ජීවිතයට බාධාවක් ඇති කර තිබේ නම් එය ආපදා තත්ත්වයක් ලෙස හඳුනාගන්න පුළුවන්.

නිවේදකයා : ස්තුතියි ඔබතුමියට. ඇත්තටම අප ස්වාභාවික සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද ලෙස සරලව ආපදා වර්ගීකරණයක් හඳුනා ගන්නවා. මේ වර්ගීකරණය තවදුරටත් පුළුල් ලෙස අර්ථ දැක්වීමක් කළ හැකිද? 

ආචාර්ය සඳමාලී: පොදුවේ අපි ආපදා වර්ගීකරණය තුළ ප්‍රධාන කොටස් දෙකක් හඳුනාගන්නවා. ඒ තමයි ස්වාභාවික ආපදාව සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද ආපදා ලෙස. පළමුව ස්වාභාවික ආපදා දෙස අවධානය යොමු කළ හොත් ස්වභාවික ආපදා තත්ත්වයන් ස්වභාවික තත්ත්වයන් කේන්ද්‍ර කොටගෙන සිදුවේ. මෙයද පොතපතේ විවිධ ලෙස වර්ගීකරණය කර ඇති නමුත් සරලව හඳුනාගතහොත් එක අවස්ථාවක් ලෙස භූ භෞතික ආපදා ගත හැකිය. මෙය භූ විද්‍යාත්මක ක්‍රියාවලිය පදනම් කරගෙන සිදුවේ. උදාහරණ ලෙස ගිනිකඳු පිපිරීම, සුනාමි, නායයෑම මේ ගණයෙලා සැලකිය හැකිය. මේවා ඉතා විනාශකාරී තත්ත්වයන් ඇති කිරීම සිදුකරනු ලබනවා. ඊළඟ ආපදාව වර්ගය ලෙස ජල විද්‍යාත්මක ආපදා තත්ත්වය පිළිබඳ කතා කළ හැකිය. මේ සාමාන්‍යයෙන් හැමෝම දකින සහ ආසියාතිකකරයේ දක්නට ලැබෙන ශ්‍රී ලාංකිකයන්ට හුරුපුරුදු ආකාරයේ ආපදාව වර්ගයකි. මෙයට වඩාත් යෝග්‍යම උදාහරණය වන්නේ ගංවතුර තත්ත්වයන්ය. මීළඟට කාලගුණ විද්‍යාත්මක උපද්‍රව දෙස අවධානය යොමු කළහොත් මෙය කාලගුණික තත්ත්වයන්ගේ වෙනස් විම සහ වායුගෝලයේ පවතින තත්ත්වයන් හේතු කරගෙන ඇතිවේ. විශේෂයෙන්ම හරිකේන්, ටොනාඩෝ, නියග මේ යටතේ පෙන්වා දිය හැකිය. තවද දේශගුණ විද්‍යාත්මක ව්‍යසන මේ වර්ගයට අයත් ආපදාවක් ලෙස හඳුනාගත හැකිය. දීර්ඝ කාලයක් තුළ පවතින කාලගුණික  රටාවන් හෝ දේශගුණික තත්ත්වයන් හේතු කරගෙන මෙම ආපදා තත්ත්වයන් ඇතිවේ. මෙයට උදාහරණ ලෙස උණුසුම් රටාවන් හෝ  ලැව්ගිනි  තත්ත්වයන් හඳුනාගන්න පුළුවන් අවසාන වශයෙන් ජෛවවිද්‍යාත්මක උපද්‍රව ගතහොත් මෙය වසංගත තත්ත්වයන් හෝ සතුන්ගේ සිදුවන හානි හදුනාගත හැකිය.

දෙවන ප්‍රධාන වර්ගය ලෙස මිනිසා විසින් නිර්මාණය කරනු ලබන උපද්‍රව   දෙස  අවධානය යොමු කළහොත් මේ තුළද ප්‍රධාන අවස්ථා කිහිපයක් හඳුනාගන්න පුළුවන්. පලමු වර්ගය ලෙස කාර්මිකරණය නිසා ඇතිවන උපද්‍රව එනම් හදිසි අනතුරු තත්ත්ව, න්‍යශ්ටික හදිසි අනතුරු, පරිසර දූෂණය (වායු දුෂණය, ජල දූෂණය)  තෙල් කාන්දු වීම මේ යටතේ හඳුනාගන්න පුළුවන්. දෙවන වර්ගය ලෙස ප්‍රවාහනය ආශ්‍රිත ආපදා ගතහොත් එහි ප්‍රවාහන පද්ධති නිසා සිදුවන අනතුරු තත්ත්වයන් ගත හැකිය. ඊළඟ වර්ගය ලෙස ත්‍රස්තවාදය හේතුවෙන්  සිදුවන යුධමය තත්ත්වයන්, ගැටුම් හෝ ත්‍රස්තවාදී ප්‍රහාර ගත හැකිය. මේවාට අමතරව සාහිත්‍ය මූලාශ්‍ර දෙස බැලූ විට තවත් ආපදාවර්ග ගණනාවක් හඳුනාගත හැකිය. එය තුළ ඇති සංකීර්ණ ආපදා යන්න ගතහොත් උදාහරණ ලෙස නියගය  නිසා සාගත තත්ත්වයන් හෝ මිනිසුන් අතර ගැටුම් හේතුවෙන් විශාල වශයෙන් සහ අනවශ්‍ය ලෙස නරක ප්‍රතිඵල ඇතිවීම හෝ මේ ආකාරයට ආපදාවන් ආන්තික තත්ත්වයක් කරා යනවා නම් ඒවා සංකීර්ණ ආපදා  ලෙස හඳුනාගත හැකියි.  තවද සමහර අවස්ථාවේදී එක් අපදාවක් හේතුවෙන් තවත් ආපදාවක් ඇතිවනවා නම් නම් මේවා ද්විතීයික  ආපදා ලෙස හඳුන්වයි. වනහරණය මිනිසුන් විසින් සිදු කරන ක්‍රියාවලියක් වන අතර මේ නිසා ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකිය. තවද දේශගුණ වෙනස්වීම් ( මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්)  නිසා ස්වභාවික තත්ත්වයක් වැඩිදියුණු වීම හෝ තිව්‍රරතාවය හෝ සංඛ්‍යාතය වැඩිවීමක් සිදුවීමේ හැකියාවක් පවතිනවා.

නිවේදකයා: ඔබතුමියට උදාහරණයක් සමඟ අපට මෙම ආපදා පිළිබඳ සරල හඳුන්වා දීමක් සිදුකළ හැකිද? 

ආචාර්ය සඳමාලී: ඔව් ඇත්තටම මම මුලින් සඳහන් කළා වගේම ආපදා කියන දේ මිනිස්සුන්ට, දේපළවලට සහ පරිසරයට විශාල වශයෙන් හානියක් සිදු කරනවා. එතකොට අපිට මේකෙදි ගන්න පුළුවන් හොඳම උදාහරණය විදියට 2004 සිදුවූ ඉන්දියානු සාගර ආශ්‍රිත සුනාමිය සාකච්ඡාවට  බඳුන් කරන්න  පුළුවන්. 2004 දොළොස් වැනි මස 26 වන දින සුමාත්‍රාවලට ඔබ්බෙන් රික්ටරමාපක 9.1 ක පරිමාණයෙන් යුතු ප්‍රබල භූමිකම්පාවක් සිදුවූ අතර මෙය ආසියාතික රටවල් වන ඉන්දුනීසියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව මාලදිවයින ආදියට සුනාමි ව්‍යසනයක් ලෙස බලපෑ අතර සමහර ප්‍රදේශවලට සුනාමි රල මීටර් තිහක් පමණ උසට ළඟා විය. එනම් වෙරළ තීරයේ විශාල විනාශයක් ඇති කිරීමටත් මෙයින් ආසන්න වශයෙන් දෙලක්ෂ අසූදාහක පමණ ජීවිත අහිමි වූ අතර මෙය ඉතිහාසයේ වාර්තාගත ඉතාමත් ව්‍යසනකාරී විපත්වලින් එකක් බවටද පත්විය. විශේෂයෙන් මිනිසුන් අතර සාකච්ඡාවට බඳුන් වූ මෙය මිනිස් ජීවිතවලට හානි කලා පමණක් නොව විශාල වශයෙන් සැලකිය යුතු ආර්ථික හානියක් සිදු කරන ලදී. ආසියාතික රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් නිසා විශාල මුදලක් ප්‍රතිසංස්කරණ සඳහා වැය කිරීමට සිදුවීම ආර්ථික තත්ත්වය තවදුරටත් පහළ වැටීමට හේතුවේ. එමෙන්ම වෙරළබඩ ජනතාව වැඩි වශයෙන් මේ සුනාමි තත්ත්වයෙහි සෘණාත්මක බලපෑම්වලට මුහුණ දුනි. ස්වභාවික සිදුවීමක් වන භූමිකම්පා සහ ඒ ඔස්සේ ඇතිවන සුනාමි තත්ත්වය සාමාන්‍ය ස්වභාවික  සිදුවීමක් වුවද ඒ තුලෙන් අති විශාල දේපල සහ ජීවිත හානියක් සිදු කරනවා නම් මෙය ආපදාවක් බවට පත්වේ. මේ නිදසුන් තුළින් ආපදාවල බලපෑම් පැහැදිලි කරගන්න පුළුවන් කියලා මම හිතනවා.

නිවේදකයා : ඔබතුමියගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන්කර ආපදා පිළිබඳ අර්ථවත් හඳුනා ගැනීමත් සිදුකිරිම  පිළිබඳව ඔබතුමියට බෙහෙමින් ස්තුතියි.

මේ ආකාරයට අපට ආපදා යන්න පිළිබඳව මනා හඳුනාගැනීමක් ආචාර්ය සඳමාලි මහත්මිය සමඟ සිදුකර ගත හැකි විය. ඇත්තෙන්ම ආපදා යන්න අපට පුළුල් පැතිකඩයන් ගණනාවක් ඔස්සේ සාකච්ඡාවට බඳුන් කළ හැකි පුළුල් සහ ගැඹුරු මාතෘකාවක් බවට පෙනී යයි. තවදුරටත් තවත් පැතිකඩයන් ගණනාවක් ඔස්සේ අපදා සහ එහි බලපෑම් පිළිබඳ සාකච්ඡාවක් අපට ආචාර්ය පත්මකුමාර මහතා සමග සිදු කිරීමට අවස්ථාව ලැබුණි.

නිවේදකයා : ආයුබෝවන් ආචාර්ය පත්මකුමාර මහතා. ඔබතුමාට අනුව ආපදාවක් නිර්මාණය වීමට බලපානු ලබන ක්‍රියාවලිය හා සංසිද්ධිය කවරේද?

ආචාර්ය පත්මකුමාර: ආයුබෝවන් ස්වාභාවික සහ මිනිසා විසින් සිදුකරන විවිධ ක්‍රියාවලි හා සංසිද්ධි හේතු කරගෙන ආපදාවක් සිදුවීමේ හැකියාව පවතිනවා. මුලින්ම අපි යම්කිසි කන්ඩියක් දෙස අවධානය යොමු කළහොත් ඒ කණ්ඩිය කපා ස්ථාවර කර නැත්නම් ඊළඟ වැස්ස එනකොට ඒක කඩාගෙන යන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කර්මාන්ශාලාවක් නියමිත තත්ත්ව…

නිවේදකයා : ඔබතුමාට කාලගුණික  විපර්යාසක් මෙවැනි ආපදාවක් කෙරෙහි බලපානු ලබන්නේ කවර ආකාරයටදැයි කෙටි පැහැදිලි කිරීමක් සිදුකළ හැකිද ?

ආචාර්ය පත්මකුමාර : කාලගුණ විපර්යාසය හේතු කොටගෙන උපද්‍රවයෙන් නැවත නැවත සිදුවීමේ හැකියාව පවතිනවා ඒ වගේම මේ සිදුවීම් වල තීව්‍රතාවය සහ බලපෑම වැඩිවීමේ හැකියාව  පවති. මෙහිදී වහින කාලයේදී වර්ෂාපතන ඉහළ යාමටත් පාලන කාලයේදී වර්ශාපතනය ඉතා අඩුවීමටත් හැකියාව පවතිනවා උදාහරණ ලෙස පෙරදී මිලිමීටර් සීයක වර්ෂාපතනයක් ලැබුණු ප්‍රදේශයකට මෙම කාලගුණික විපර්යාස නිසා මිලිමීටර් 200 වර්ෂාපත ලැබීමේ හැකියාව පවතී. මේ තත්ත්වය දෙපසටම සිදුවෙන්න පුළුවන් නැවත නැවත සිදුවීම වෙනස් කිරීම හෝ දිගටම සිදුවීම හෝ නැති වී යාම සිදුවිය හැකිය. ලංකාවේ බලශක්තිය නිපදවන්නේ යුනිට් හතරකින් එකක් ස්වභාවික බලශක්ති භාවිතා කරවන අතර ඉතිරි හතරෙන් තුනම කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වන බලශක්ති භාවිතා කරයි. මේ ආකාරයට මිනිසුන් නිරන්තරයෙන් බලශක්ති භාවිතා කළ විට කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් පරිසරයෙන් නිකුත්වේ. තවද දර වලින් කාබන්ඩයොක්සයිඩ් වැඩි වශයෙන් නිකුත්වේ. මේ ආකාරයට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කාලගුණික විපර්යාස  සිදුවන්නට පුළුවන් ඒ වගේම තමයි මේ කාලගුණික  විපර්යාස අවම කිරීමට නම් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය නවතා දැමිය යුතු අතර මේ සඳහා ශාක සිටුවීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සිදුකරන්න පුළුවන්. මෙලෙස විමෝචන නවතා දැමුවද පවතින කාබන්ඩයොක්සයිට් අවසන් වන තුරු එහි  සිදුවන විවිධ වෙනස්කම් සහ ආපදා තත්ත්වවලට මුහුණ දීමට අපට සිදුවෙනවා ඒ සඳහා පෙර සූදානම් වී සිටි වැදගත්ය.

නිවේදකයා:  ස්තුතියි ආපදා සිදුවීම දෙස අවධානය යොමු කළහොත් ලෝකයේ එක් එක් ප්‍රදේශවල ඒ ඒ ප්‍රදේශයට විශේෂ වූ ආපදා පවතින බව හඳුනාගත හැකියි. මේ ආකාරයට පිහිටීම යන්න ආපදව ඇතිවීම කෙරෙහි බලපාන්නේ කවර ආකාරයට දැයි පැහැදිලි කිරීමක් ඔබතුමාට සිදුකළ හැකිද

ආචාර්ය පත්මකුමාර : ඒ ඒ ප්‍රදේශවල පිහිටීම යන්න ආපදාවන් ඇතිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපායි. උදාහරණයක් ගතහොත් තුර්කි භූමිකම්පාබ සිදුවූයේ පිට්ටනියක නොවේ. එසේම හිමාලය ඉහළ යන විට ඒ ආශ්‍රිතව භූමිකම්පා සිදුවේ. එසේ වුවද ලංකාවට මෙහි බලපෑම අඩුය නමුත් ජාවා හා සුමත්‍රා දූපත් සිට කිලෝමීටර් 300ක් ඈතින් සිටියද අපට එහි ඇතිවන්නා වූ සුනාමි තත්ත්ව වලට මුහුණ දීමට සිදුවේ. ලංකාව ඉන්දියාවට ආසන්නයේ සිටියා නම් මෙලෙස ඇතිවන සුනාමිවල බලපෑමෙන් බේරීමේ හැකියාව පවති.ලංකාවේ මධ්‍යම කඳුකරය ගතහොත් එම ප්‍රදේශවල නායයෑම් ඇතිවීම කෙරෙහි කඳුකර පිහිටීම් බලපායි. එසේම ගංවතුර ඇතිවන්නේ පහත් බිම් ප්‍රදේශවලය. උදාහරණයක් ලෙස බංග්ලාදේශයේ ගංවතුර තත්ත්ව වැඩිවීම කෙරෙහි එහි පවත්නා පහත්බිම් තත්ත්වය බලපා තිබෙන බව පැහැදිලි වෙයි.

නිවේදකයා : ආපදාවන් දෙස අවධානය යොමු කළහොත් එහි භෞතික සහ විනාශකාරී තත්ත්වය ගැන පමණක් නොව මිනිසුන්ගේ මානසික තත්ත්වයට මෙම ආපදාවන් බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය. ඉතින් ඔබතුමාගේ අදහසට අනුව මෙම ආපදාවන් යන්න මිනිසුන්ගේ මානසික තත්ත්වයන් කෙරෙහි බලපෑම් කරන්නේ කෙසේද ?

ආචාර්ය පත්මකුමාර : අනිවාර්යෙන්ම මිනිසුන්ගේ මානසික තත්ත්වය කෙරෙහි ආපදා තත්ත්වය යන්න බලපායි. උදාහරණයක් ලෙස ආපදාව සිදුවීමට පෙර අක්කරයක ඉඩමක් හිමි පුද්ගලයකුට ආපදාවෙන් පසු පර්චස් දොළහක පමණ ඉඩමක් ලැබුණ විට ඔවුන්ගේ මානසික තත්ත්වය පහළ යාමට එය  සෘජුවම බලපායි.  තවද ආපදා සිදු අවස්ථාවලදී කඳවුරුවල සිටින විට ඔවුන්ගේ පවුල්වල ගැටලු මතුවන අතර එසේම යම්කිසි ආකාරයක මානසික දුර්වල පුද්ගලයන් සිටින විට ඒ ආශ්‍රිතව ගැටළු රැසක් මතුවේ. මේ නිසා මානසික තත්ත්වයේ යහපැවැත්ම උදෙසා මානසික චිකිත්සනයක් පවත්වා ඔවුන්ගේ මානසික තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්කිරීම සිදුකරනු ලබයි. 

නිවේදකයා : මෙයාකාරයේ හරවත් සාකච්ඡාවක් සඳහා ඔබතුමාගේ කාලය අප වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳ ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. 

ස්වභාවික සිදුවීම් තුළින් ජීවිත, දේපළ සහ පරිසරයට හානි සිදු වූ විට  එය ආපදාවක් ලෙස අප හඳුනා ගනී. ඇත්ත වශයෙන්ම ආපදා මිනිසුන්ගේ ජීවිත, දේපල වලට පමණක් නොව ඔවුන්ගේ සමාජ, ආර්ථිකයට සහ පවුල් පසුබිම් වලට පවා බලපෑම සිදු කරන අතර ඔවුන්ගේ මානසික තත්ත්වය කෙරෙහිත් මෙම  ආපදා විශාල වශයෙන් බලපෑමක් සිදුකරන බව ඉහත සාකච්ඡාව ඔස්සේ   පැහැදිලි වෙයි. එහිදී අපට පැහැදිලි වන කරුණක් නම් ස්වභාවික ආපදා යන්න අපට කිසිම මොහොතකදී නතර කළ නොහැකි නමුත් පෙර සූදානම සහ දැනුවත් බව මත ආපදාවලින් වන බලපෑම අවම කරගැනීමට හැකිය. එසේ මිනිසා විසින් නිර්මාණය කරනු ලබන ආපදාවන් අපට සම්පූර්ණයෙන්ම වාගේ අවම කර ගැනීමේ හැකියාව පවතින බව මෙහිදී පැහැදිලි වේ. ඒ අනුව තම ප්‍රදේශය තුළ මුහුණ දෙන ආපදාව පිළිබඳව දැනුවත්භාවය  ඔස්සේ ආපදා අවම  කරගැනීමට කටයුතු කරමු.


Leo Sapna Bhawanthi Wijerathna

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...