Thursday, September 12, 2024

සාහෙල් කලාපයේ මානුෂීය අර්බුද,නියඟ සහ ආහාර අනාරක්ෂිතභාවය [ Safe Guard - Article 10 ]


Safe Guard

Phase - 1

Session - 1


මෙම ලිපිය තුළින් අප ඔබව අප්‍රිකානු කලාපයේ පවතින ප්‍රධාන ධාරාවේ ගැටලුවක් වෙන සමීප කරන්නෙමු.ඔබ දන්නවා ද එක්සත් ජාතීන්ගේ මානුෂයීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයට අනුව මානුෂීය වසංගතයක් ලෙස හඳුන්වන්නේ ගැටුම්,ස්වභාවික විපත්, වසංගත රෝග ආදිය හේතුවෙන් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්වන තත්ත්වයකි. එය අවතැන්වීම,ආහාර අනාරක්ෂිතභාවය,සනිපාරක්ෂාව,ජල හිඟය, දරිද්‍රතාව, කුසගින්න සහ සෞඛ්‍ය ගැටලු ආදියෙහි මූලබීජය බවට පත්වන අතර ම අප්‍රිකානු කලාපය ද මෙම තත්ත්වයන්ගෙන් බැටකනු ලබන්නේ දශක ගණනාවක සිටය. වසර ගණනාවක සිට පවතින්නා වූ වාර්ගික හා කලාපීය යුධ ගැටුම්, සාමය බිඳලිමේ ප්‍රචණ්ඩ ක්‍රියා දේශපාලන අස්ථාවරත්වය මෙන්ම කොවිඩ් -19 වසංගතය හා යුක්‍රේන - රුසියා යුධ ගැටලුව හමුවේ අප්‍රිකාව තුළ අභ්‍යන්තර තත්ත්වය ආගාධයකට පරිවර්තනය වූයේ, ආහාර මිල ඉහළ යාම්,උද්ධමන තත්ත්වයන් සඳහා අවශ්‍ය සාකල්‍ය ප්‍රවේශය එය තුළ නිර්මාණය කරවමිනි.සෞඛ්‍ය හා සනීපාරක්ෂක මෙන්ම එන්නත් ක්‍රියාවලීන් බිඳවැටීම හමුවේ කොළරාව,සරම්ප,මැලේරියා,

ඉබෝලා,මන්කිපොක්ස්, HIV/AIDS ආදී වසංගත රෝග මෙන්ම පෝෂණ ඌනතා තුළින් පැන නගින මන්ද පෝෂණ රෝග තත්ත්වයන්ගේ නිවහන බවට ද මෙම කලාපය නිරාවරණය වී ඇත්තේ දහසකුත් ජීවිත අකාලයේ මියයන්නට මග පාදමිනි.

ආහාර අනාරක්ෂිතභාවය හමුවේ අප්‍රිකානු කලාපය දැඩි අර්බුදයකට පිවිසේ ද?

ආහාර අනාරක්ෂිතභාවය (Food Insecurity) මෙම කලාපය තුළ උග්‍ර ගැටලුවක් බවට පත්වී හමාරය. World Food Summit (1966) ට අනුව ක්‍රියාකාරී හා යහපත් ජීවිතයක් උදෙසා තම කැමැත්ත පරිදි ආරක්ෂිතව, පෝෂ්‍යදායිව හා ප්‍රමාණවත් ලෙස ආහාර වෙත ප්‍රවේශ වීමට පුද්ගලයකුට ඇති භෞතික හා ආර්ථික හැකියාව ආහාර සුරක්ෂිතතාවය ලෙස හැඳින්වූවද මේ කිසිවකට සමීප නොවීමට තරම් දුර්භාග්‍යයකට සමස්ත අප්‍රිකානු කලාපය පත්වීම ගෝලීය තර්ජනයන්ට අතවනන ගෝලීය ගැටලුවක්‌ වී හමාරය.

ඔබ දන්නවාද?

UN OCHA ට අනුව 2023 දී බර්කිනා ෆාසෝ, මාලි හා නයිජර් ඇතුළු සාහෙල් කලාපයේ ජනතාවගෙන් මිලියන 29 ක්‌ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දෙමින් සිටින බව.

UNICEF අනාවරණය කරන්නේ 2023 දී සෝමාලියාව, කෙන්යාව යන රටවල්වල ජනයාගෙන් මිලියන 22ක්‌ ද සිම්බාබ්වේ, මෝසැම්බික්, සැම්බියා ආදී රටවල් අයත්ව දකුණු අප්‍රිකා කලාපයන් මිලියන 12 කට ආසන්න ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකට පත්ව ඇති බව.

මන්ද පෝෂණය ඉහතින් කියන ලද්දා වූ ආහාර අනාරක්ෂිතතාවයේ එක්‌ අතුරු  ඵලයෙකි. එතුළින් අප්‍රිකා කලාපයෙහි වෙසෙන ජනයාගෙන් මිලියන 282කට ආසන්න ජනතාවක් එනම් සමස්ථ අප්‍රිකානු කලාපීය ජනගහනයෙන් 20%ක්‌ මන්දපෝෂණයෙන් පෙළෙන බවත් බිලියනයකටත් වැඩි පිරිසකට පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා ගැනීමට නොහැකි බවත්, ළමුන්ගෙන් 30% ක්‌ මන්ද පෝෂණය නිසාවෙන් කුරු සහ විකලාංග ආබාධ සහිත වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා තුළින් පෙන්වා දෙන්නේ මේකි තත්ත්වයෙන් දැඩිව පීඩිත වූ ප්‍රජාවන්ට හිස එසවීමට තවත් කොතරම් කලක්‌ ගත වේද යන ප්‍රශ්නය අප ඉදිරියේ ඉතිරි කරවමිනි. 

ඔබ දන්නවාද රටක අනාගතය එම රටෙහි අනාගත පරපුර මත රඳා පවතින බව,එසේ වීමට නම් එම රටෙහි බිහිවන දරුවන් නිරෝගී මෙන්ම සෞඛ්‍ය සම්පන්න විය යුතුය. නමුත් අවාසනාවකට 2023 වර්ෂයේ අප්‍රිකානු කලාපයේ ළදරු මරණ අනුපාතය (රටක දෙනලද වර්ෂයකදී සජීවී උපත් දහසකට සිදුවන ළදරු මරණ ප්‍රමාණය) 41.5 ක්‌ තරම් ඉහළ වන්නේ ලෝකයේ වැඩිම ළදරු මරණය ප්‍රමාණය අප්‍රිකා කලාපය තුළින් වාර්තා කරවමිනි. එසේම එහි සිදුවන උපත්වලින් 13.7% පමණ උපතේදීම අඩුබර වාර්තා කිරීමද විශේෂත්වයක්‌ ලෙස සැලකිය හැක. එලෙසම නිරෝගී දරුවෙකු මෙලොවට බිහිවීම ස්ත්‍රියකුට හා පුරුෂයෙකුට ඇති ශක්‍යතාව මත රඳා පවතී. නමුත් අප්‍රිකාව තුළ ප්‍රජනක වයසේ පසුවන (අවු:15-49 ත් අතර) කාන්තාවන්ගෙන් 40.4% රක්ත හීනතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි. එහි ඇති බරපතළකම කොතෙකුත් ද යත් 2020 වර්ෂයේදී ලෝකයේ වැඩිම මාතෘ මරණ ප්‍රමාණයක් වාර්තා කරනු ලැබුවේ උප සහරා හා දකුණු ආසියා කලාපය වන අතර එම ප්‍රමාණය 87% එනම් 253,000 ක්‌ වූ අතර ඉන් මාතෘ මරණ 70% ක්‌ම සිදුව ඇත්තේ උප සහරා කලාපය වීම එරට සෞඛ්‍ය පද්ධතියේ ඇති මන්දගාමීත්වය ලෝකයෙහි අවධානයට ලක් කරයි. කුසගින්න සහ දරිද්‍රතාව ගෝලීය වශයෙන් අඩු කිරීමෙහිලා සැලකිය යුතු ජයග්‍රහණ අත්කරගෙන ඇතත් ලොව පුරා දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ගෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් එනම් 54.8% ක්‌ වාසය කරන්නේ අප්‍රිකානු කලාපයේ වීම අප්‍රිකාව මෙතෙක් ලබාගත් ප්‍රගතිය සීමා කරවයි.


නියගයෙන් වන බලපෑම කෙසේ වේද?

උපසහරා අප්‍රිකාවේ වර්ෂාපතන රටාව, අන්තර් සෘතු හා අන්තර් වාර්ෂික දේශගුණික විචල්‍යයන් මගින්ද පැසිෆික් කලාපයේ ඇතිවන එල්-නිනෝ සංසිද්ධිය හේතු කොටගෙන ද නියග වැනි ආන්තික කාලගුණික සිදුවීම් කලාපයේ ආහාර හිඟය උග්‍ර ආහාර අර්බුදයක් දක්වා රැගෙන ගොස් ඇත. ජගත් සංවිධානය පෙන්නුම් කරන ලෙසට පසුගිය වසර විස්සක කාලය තුළදී ආපදා තත්ත්ව දෙගුණ වීමට ගෝලීය උණුසුම හේතු සාධක වී ඇත.ඒ අනුව ගෝලීය වශයෙන් නියගයෙන් පීඩාවට පත්වන සංඛ්‍යාව මිලියන 55 කි. විශේෂත්වය වන්නේ ඉන් වැඩි පිරිසක් අප්‍රිකානු කලාපයේ වීමයි. නියගයන් වැනි ආන්තික කාලගුණික තත්ත්වයන්ගේ අතුරු ප්‍රතිඵලයක් ලෙසින් නැතිවෙන ජල හිඟය නිසාවෙන් මෙම කලාපයේ දරුවන් මිලියන 4.2 ත් ඇතුළුව මිලියන 8.2 ක්‌ උග්‍ර ජල හිඟයකට පත්ව ඇති බව අවධාරනය කරයි. ජලය හා ආහාර නොමැතිව අපට එක් දිනක්වත් සිටිය නොහැකි පසුබිමකදී වර්තමානය වන විටත් වසර හතළිහක් පුරාවට පවතින්නා වු දැඩි නියග තත්ත්වයන්ට අප්‍රිකානුවන් මුහුණ දෙමින් සිටින්නේ කෙසේද යන වග නැවත සිතා බැලිය කරුණකි. එබැවින් ඒ ගැහෙන හදවත් වෙනුවෙන් ජගත් සංවිධානය අදටත් සීරුවෙන්.

මානුෂිය හදිසි අවස්ථාවන්ට තිරසාර  විසදුම් 

මානුෂ්‍යය ආපදාවලදී මානුෂීය මූලධර්මයන්ට අනුගතව මෙම අර්බුදයන්ට තිරසාර ප්‍රතිචාරයන් ලබාදීමට රාජ්‍ය,රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම අදාල රාජ්‍යයන්ගේ ප්‍රතිපත්ති සහ විශ්විය ප්‍රකාශනයන් ක්‍රියාවේ නංවා ඇත.

මාතෘ හා ලදරු පෝෂණ අවශ්‍යතාවන් හා ඌනපූර්ණතා සපුරාලීමට ගෙනෙන ලද ලෝක සෞඛ්‍ය රැස්වීම් යෝජනාව 2012

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ලෝක ආහාර වැඩසටහන (WFP) සමගාමීව ගෙනෙන ලද ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම 2013-2020

ආහාර සුරක්ෂිතතාව සදහා වු දිගු කාලීන ප්‍රවේශය වෙනුවෙන් ලෝක බැංකුව (WB) විසින් ඩොලර් බිලියන 2.7 මූල්‍යාධාර ලබාදීමේ ව්‍යාපෘතිය

මීට අමතරව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM),ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය(IFRC), අප්‍රිකානු සංගමය (AU) මෙන්ම තවත් පරිත්‍යාගශීලීන් හා සංවිධාන රැසකගේ සහයෝගීතාවයෙන් මෙම ගෝලීය අර්බුද ජය ගැනීමට හා 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දැවැන්ත පියවර ක්‍රියාවේ නංවා ඇත. එබැවින් මෙවැනි අර්බුද හා උවදුරුවලින් ගොදුරු වුවන්ට ජීවත් වීමේ අයිතිය යළි ලබාදෙමින් පාරිසරික සහයෝගීතාව හා සබැඳිව වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ ගෝලීය ආමන්ත්‍රණයකට කාලය එළැඹ ඇත.

Leo G.K Sewwandika

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...