Friday, September 13, 2024

කැලිෆෝනියාවේ ලැව්ගිනි [ Safe Guard - Article 11 ]


Safe Guard

Phase - 1

Session - 1

ලැව් ගින්නක් ලෙස හදුන්වනුයේ මිනිස් ජීවිත, දේපළ පමණක් නොව සත්ත්ව ජීවිත වගේම ස්වභාව සෞන්දර්යය ද විනාශ කරන විශාල ව්‍යවසනකාරී තත්ත්වයකි. සමාජයට පමණක් නොව පරිසරයටද දැඩි බලපෑමක් ඇති කරන මෙකී ව්‍යවසනකාරී ලැව් ගිනි තත්ත්වයන් වඩාත් ප්‍රභල ලෙස බලපවත්වන රටක් වනුයේ කැලිෆෝනියාවයි. 19 වන සියවසේදී එනම් 1850 දී පමණ ආරම්භ වූ කැලිෆෝනියානු ලැව්ගිනි තත්ත්වයන් නවීන යුගයේදී විශේෂයෙන්ම 21 වන සියවසේදී විශාල වශයෙන් වර්ධනය වී තිබීම ඉතාමත් දුක්ඛිත කරුණකි.

කැලිෆෝනියානු රාජ්‍යයයේ විශාල වශයෙන් පැතිරී යන අධික උණුසුම සහ වියළි කාලගුණය, සුළඟ සහ මිනිස් ක්‍රියාකාරකම් ද මෙලෙස ලැව්ගිනි ඇති වීමට ප්‍රධාන හේතුවේ. මෙම ලිපිය මගින් කැලිෆෝනියාව තුළ ඇති වන ලැව් ගිනි වල ආරම්භය, ලැව්ගිනි මගින් ඇතිවන නිවාස, ව්‍යාපාර, කෘෂිකාර්මික කටයුතු සදහා වන බලපෑම සහ සමාජීය, ආර්ථික, දේශපාලන බලපෑම පිළිබද විමසීමක් කර බලමු. කැලිෆෝනියාවේ ලැව්ගිනි තත්‍ත්වයෙ ආරම්භය 19 වන සියවස දක්වා දිව යන්නකි. 1850 වර්ෂයේදී පමණ කැලිෆෝනියාව තුල ලැව්ගිනි වාර්තා විය. එහිදී විශාල ප්‍රමාණයකින් වනාන්තර විනාශයක් සිදු වුවද, එවකට ජනගහනය සහ වාසස්ථාන ගණන අවම වීම හා කාර්මික ව්‍යාප්තිය අඩු වීම හේතුවෙන් විශාල පරිමාණයේ ජීවිත හානියක් සිදු නොවීය. නමුත් 20 සහ 21 වන සියවස් වලදී එම තත්ත්වය හාත්පසින්ම වෙනස්ය.

එලෙස 1850දී පමණ ආරම්භ වූ කැලිෆෝනියාවේ ලැව්ගිනි තත්ත්වය ඉන් ඉදිරියටත් කැලිෆෝනියාව තුළ දිගින් දිටටම තව දුරටත් තිබේ. එලෙස කැලිෆෝනියාවේ දැඩි ලෙස විනාශකාරී බලපෑම් ඇති කළ දැඩි ලැව් ගිනි කිහිපයක්ම ඉතිහාසයේ වාර්තා වී ඇත. පහත දැක්වෙන්නේ ඒවායින් කිහිපයකි.

1) 1933 - Griffith Park Fire: ලොස් ඇන්ජලිස්හි ග්‍රිෆිත් පාර්ක් හි ඇති වූ ගිනි ඇවිළීමෙන් 29 දෙනෙකුගේ ජීවිත බිලි ගෙන ඇත.

2) 1991 - Oakland Hills Firestorm (Tunnel Fire) : 3,000 කට වැඩි ගෘහස්ථ වාසස්ථාන විනාශ වූ අතර, 25 දෙනෙකුගේ ජීවිත හානි හා දේපළ විනාශය $1.5 බිලියනයක් විය.

3) 2003 - Cedar Fire: මෙය කැලිෆෝනියාවේ වාර්තා වූ ප්‍රභලතම ලැව්ගිනි අවස්ථාවක් විය. මෙහිදී 273,246 අක්කර (Acres) විනාශ වූ අතර, 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

4) 2007 - Witch Fire: සැන් ඩියේගෝ හි ඇති වූ මෙම ලැව්ගින්න මගින් 197,990 අක්කර විනාශ විය. 2,000 කට අධික ගොඩනැගිලි විනාශ වූ අතර, 2 දෙනෙකු මිය ගියහ.

5) 2017 - Tubbs Fire: මෙම ගින්න නපා නගරයේදී ඇරඹිණි. 36,000+ ගෙවල් විනාශ වූ අතර, 22 ක ජීවිත බිලි ගත්තේය.

6) 2018 - Camp Fire: කැලිෆෝනියානු ඉතිහාසයේ වඩාත් විනාශකාරී ලැව්ගින්න ලෙස සලකනු ලබන මෙම ලැව්ගින්න මගින් 153,336 ක අක්කර ප්‍රමාණයක් විනාශ විය. ජීවිත 85 ක් බිලි ගත්තේය.

7) 2020 - August Complex Fire: මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තා වූ විශාලතම ලැව් ගිනි වලින් එකකි. 1,032,648 ක අක්කර ප්‍රමාණයක් විනාශ කරමින් 2020 වසරේ කැලිෆෝනියාවේ විශාල පරිමාණයක් දැවී යාම හේතුවෙන්, විශාල මිනිස් හා දේපළ හානියක් ඇති විය.

මේ අයුරින් දේපළ හා ජීවිත හානි ඇති කරන කැලිෆෝනියානු ලැව්ගිනි තත්ත්වයන් ඇති වීමට බලපානු ලබන හේතු පිළිබද අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් වේ. කැලිෆෝනියාවේ ලැව්ගිනි ඇති වීම සම්බන්ධයෙන් ප්‍රධාන හේතු කිහිපයක්ම පවතියි. එම හේතු මිනිස් ක්‍රියාකාරකම්, ස්වභාවික හේතු, කාලගුණික වෙනස් වීම් යනාදී ලෙස ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කළ හැකිය.

කැලිෆෝනියාව තුළ ලැව්ගිනි ඇති වීම සදහා බලපානු ලබන මිනිස් ක්‍රියාකාරකම් ලෙස,

කෘෂිකාර්මික ක්‍රියාකාරකම් :- 2014 King Fire (ගොවිතැන් ආසන්නයෙහි ගිනි දැල්වීමෙන් ඇති විය.)

⁠විදුලි මාර්ග හා විදුලි පද්ධති (Power Lines and Electrical Infrastructure) :- 2018 Camp Fire ( Pacific Gas and Electric Company එකෙහි විදුලි පද්ධතියේ තිබූ ගැටලු සහ නිවැරැදි නොවූ නඩත්තු නිසා ඇතිවිය.)

උත්සව සහ ගිනි පූජා :- 2017 Santa Clara Country Fire ( නිදහස් දිනය සැමරීම සදහා සිදු කළ ගිනි පූජා (firework) නිසා ඇති විය.)

⁠වනාන්තර කළමනාකරණයේ අඩුකම :- 2020 August Complex Fire

⁠සාපරාධී ලෙස දේපළ ගිනි තැබිම

⁠නොසැළකිලිමත්කම

ආදී මිනිස් ක්‍රියාකාරකම් කැලිෆෝනියාව තුළ ලැව්ගිනි ඇති වීමට හේතු වී තිබේ. එසේම ස්වභාවික හේතූන් නිසාද කැලිෆෝනියාව තුළ ලැව්ගිනි තත්ත්වයන් ඇති වී තිබේ. උදාහරණ ලෙස,

අකුණු අනතුරු :- 2020 August Complex Fire ( වනාන්තරයක තිබූ ගස් වලට අකුණු වැදීමෙන් පසු ඇති වූ ගින්නක් නිසා ඇතිවිය.)

⁠සුළං :- 2017 Tubbs Fire (Santa ana wind ලෙසින් හදුවන ඉතා උණුසුම් සුලං හේතුවෙන් ඇතිවිය.)

⁠වියළි කාලගුණය :- 2020 Creek Fire ( දැඩිව තිබූ වියළි කාලගුණය සහ වතුර හිග වීම නිසා ඇති විය.)

 • ගිනිකදු පිපිරීම්

⁠පාලු පරිසර පද්ධති

⁠දැඩි උෂ්ණත්වය 

⁠අඩු වර්ෂාපතනය 

යනාදී ස්වභාවික හේතූන් කැලිෆෝනියාව තුළ ලැව්ගිනි ඇති වීමට හේතු ලෙස දැක්විය හැකි වෙයි. (Olvia Lai, 2022)

             මෙලෙස කැලිෆෝනියාව තුළ ස්වභාවික හේතු සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ලැව්ගිනි නිසා සිදුවන හානිය පිළිබදවද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මන්ද ලැව්ගිනි මගින් ඇති කරන විනාශය නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ වලට පමණක් නොව පරිසර පද්ධතීන් වලටද දැඩි බලපෑමක් එල්ල කරනු ලබන හෙයිනි. උදාහරණ ලෙස,

  නිවාස සහ වාසස්ථාන විනාශය.

⁠ව්‍යාපාර හා කුඩා ව්‍යාපාර කඩා වැටීම්.

⁠කෘෂිකාර්මික හා වගා බිම් විනාශය.

⁠කෘෂි අස්වැන්න අහිමි වීම.

⁠ජල සැපයුම් පද්ධති බිද වැටීම.

⁠ප්‍රවාහන පද්ධති භාවිතා කළ නොහැකි වීම.

⁠සන්නිවේදන පද්ධති බිද වැටීම.

⁠වනාන්තර හා විශාල ගස් විනාශය

⁠ජෛව විවිධත්වයට හානි සිදුවීම

⁠ජල පද්ධති බිද වැටීම.

⁠විදුලිය ඇන හිටී 

 

ආදී වශයෙන් ලැව්ගිනි ගිනි නිසා විශාල හානියක් සිදුවනු ඇත. එසේම කැලිෆෝනියාවේ ඇති වන ලැව්ගිනි හේතුවෙන් සමාජීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් විශාල බලපෑමක් ඇති කරනු ලබයි.

 කැලිෆෝනියාවේ ලැව්ගිනි නිසා ඇති වන සමාජීය බලපෑම සුළුපටු නොවේ. එය ජනතාවගේ ජීවිත, සෞඛ්‍ය සහ සමාජීය කටයුතු සම්බන්ධයෙන්ද විශාල බලපෑමක් ඇති කරයි. එවැනි බලපෑම් සදහා උදාහරණ ලෙස,

ජනතාව නිවාස හැරයාම සහ නිවාස විනාශ වීම :- 2018 වසරේ ඇති වූ camp fire ලැව්ගින්න හේතුවෙන් කැලිෆෝනියාවේ paradise නගරය මුළුමනින්ම විනාශ වූ අතර ජනතාව තම නිවාස හැර යාමත් සමඟ 50 000කට අධික පිරිසකට තම වාසස්ථාන අහිමි විය. එහෙයින් ජනතාවට අලුත් වාසස්ථාන සොයා ගැනීමට සිදු වීම, ස්ථිර ආරක්ෂාවක් නොමැති වීම හා ජීවිතයේ ස්ථායිකභාවයක් නැති වීම හේතුවෙන් සමාජීය තත්ත්වයට දැඩි බලපෑමක් ඇති විය. 

සෞඛ්‍යමය වශයෙන් ඇති වන හානිය :- 2020 වසරේ Glass Fire සහ August Complex Fire යන ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියාවේ විශාල ප්‍රදේශයක වායු පරිසරය දැඩි ලෙස දූෂිත විය. අධික දුම් නිසා ඇති වූ ගැටලු හේතුවෙන් මිනිසුන්ට මෙන්ම සතුන්ටද දැඩි සෞඛ්‍යමය බලපෑමක් එල්ල විය. 

සමාජ සාමය හා ගැටුම් :- 2022 වසරේ කැලිෆෝනියාවේ ඇති වූ Dixie Fire යන ලැව්ගින්න හේතුවෙන් නිවාස 1000කට අධික ප්‍රමාණයක් විනාශ විය. ඉන්පසු ජනතාවට දැඩි දුෂ්කර කාලයකට මුහුණ දීමට සිදු විය. විශ්‍රාම ගිය ජනතාවට නැවත නිවාස ඉදි කිරීමට යාමේදී විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්නට සිදු විය. එසේම එකී කාලය තුල අධ්‍යාපනය හරිහැටි සිදු කර ගැනීමට නොහැකි වීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළද විශාල ගැටලු ඇති විය. මෙකී ගැටලු හේතු කොට ගෙන සමාජ සාමයද බිද වැටුණි. 

අධ්‍යාපනයට ඇති කළ බලපෑම

         2020 වසරේදී University of California හි සිදු වූ පරීක්ෂණයකින් පෙනී ගියේ ලැව්ගිනි තත්ත්ව නිසා පාසැල් පද්ධතිය තුළද ගැටලු රාශියක් ඇති වී තිබෙන බවයි. මෙකී උදාහරණ වලින් පෙනී යන්නේ කැලිෆෝනියාවේ ඇති වන ලැව්ගිනි හේතුවෙන් ජනතාවගේ ජීවිත කෙරෙහි, සෞඛ්‍ය සහ සමාජ කටයුතු සදහාද තීරණාත්මක බලපෑමක් එල්ල කරන බවයි. එසේම කැලිෆෝනියාව ලැව්ගිනි නිසා නිවාස, ව්‍යාපාර, වනාන්තර සහ කර්මාන්ත ආදිය විශාල අලාභයකට පත් වෙයි. මෙම අලාභයන් හේතුකොටගෙන එරට ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති වෙයි. 

නිවාස සහ වාණිජ ඉඩම් විනාශය :- 2018 වසරේ ඇති වූ Camp Fire නම් ලැව්ගින්න, 'ඔවෙල්' නම් කුඩා නගරය මුළුමනින්ම විනාශ කර දැමීමට සමත් විය. මෙම ගින්න හේතුවෙන් 18 000කට අධික වාණිජ ගොඩනැගිලි විනාශ වී, 85 දෙනෙකුගේ ජීවිත බිලි ගැනීමට තරම් සමත් විය. එසේම ඩොලර් බිලියන 16ක පමණ ආර්ථික අලාභයක්ද සිදු වූ බව වාර්තා විය. මෙවැනි විනාශ හමුවේ කැලිෆෝනියානු ආර්ථික මට්ටම විශාල අගාධයකට ඇද වැටුණි. 

වනාන්තර හා කෘෂිකාර්මාන්තයේ අලාභව් :- 2017 වසරේ ඇති වූ Thomas Fire ලැව්ගින්න නිසා කැලිෆෝනියාව තුළ විශාල වනාන්තර හා පළතුරු වගාබිම් ප්‍රමාණයක් විනාශ විය. එහෙයින් කැලිෆෝනියාවේ කෘෂිකර්මාන්තයට දැඩි හානියක් සිදු විය. මෙම අලාභය නිසා ආහාර සැපයීමේ ක්‍රියාවලියට මෙන්ම කෘෂිකාර්මික නිශ්පාදනයටද ඇති වූ බලපෑම නිසා ආහාර වලද මිල ගණන් වැඩි කිරීමට සිදු විය. මේ හේතුවෙන් කැලිෆෝනියාවේ ආර්ථිකයේ වර්ධන අනුපාතයට එය තදින්ම බලපෑමක් ඇති විය. 

ආපදා කළමනාකරණ වියදම් සහ නව පනත් හා විමර්ශන :- 2020 වර්ෂයේදී LNU Lightning Complex Fire ලැව්ගින්නෙන් පසුව කැලිෆෝනියාවේ රජය විසින් අලුත් පනත් හා විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබූ අතර එය ආපදා කළමනාකරණ සහ ආපදා පසු ක්‍රියාමාර්ග සදහා ආයෝජනයට බලපෑමක් සිදු කරනු ලැබීය එසේම නව නීති ක්‍රමයක් හදුන්වාදීම නිසා රජයේ වියදම් ද වැඩි විය.

        මෙකී උදාහරණ මගින් කැලිෆෝනියාවේ ඇති වන ලැව්ගිනි හේතුවෙන් එරට තුළ ඇති කරන ආර්ථික බලපෑම විදහා පායි. මෙය කැලිෆෝනියා ප්‍රාන්තයට පමණක් නොව මුළු ඇමරිකාවේම ආර්ථිකය කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරන තත්ත්වයකි.

        කැලිෆෝනියාවේ ලැව්ගිනි නිසා ඇති වන දේශපාලන බලපෑම ගත් කල එය විවිධ ප්‍රතිපත්ති, නීතිමය ක්‍රියාමාර්ග හා දේශපාලන ව්‍යාපාර ආරම්භ වීම මත රැදී තිබේ. එවැනි දේශපාලන බලපෑම් සදහා උදාහරණ ලෙස, 

ලැව්ගිනි පාලනය සහ නීතිමය ප්‍රතිපත්ති :- 2019 දී කැලිෆෝනියාවේ ලැව්ගිනි ප්‍රතිපත්ති හා කළමනාකරණය පිළිබද Wildfire Mitigation Act නීතිය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව හරහා යෝජනා විය. මෙම නීතියේ අරමුණ වූයේ වනාන්තර කළමනාකරණය හා ලැව්ගිනි පාලනය සදහා නව නීතිමය ක්‍රියාමාර්ග හදුන්වා දීමයි. මෙම නීති ප්‍රතිපත්ති නිසා කැලිෆෝනියාවේ පාර්ශවික නායකයන් අතර සහ ප්‍රාන්ත නායකයන් අතර විශාල විවාදයක් ඇති කිරීමට තරම් ප්‍රභල විය. 

පරිසර කළමනාකරණය :- 2018 දී කැලිෆෝනියාවේ ඇති වූ Camp Fire නම් ගින්නෙන් පසු පරිසර නීති වල අඩුපාඩු සහ වනාන්තර කළමනාකරණයේ වැරදි නිසා මෙම ගින්න ඇති වූ බව පර්‍යේෂණ මගින් හෙළිවිය. මේ නිසා කැලිෆෝනියාවේ පරිසර නීති ප්‍රතිසංස්කරණය කිරීම නිසා දේශපාලන බලපෑම් දැඩි විය.

ජනතාවගේ ආරක්ෂාව හා ආර්ථික බලපෑම  :- 2018 Camp Fire ගින්නෙන් පසු ප්‍රාන්තයේ ණය ධාරිතාව සහ රජයේ ආදායම් හිඟයක් ඇති විය. විද්‍යාත්මක වශයෙන් ඩොලර් බිලියම 16.5කට ආසන්න මුදලක් ආපදා හේතුවෙන් අහිමි විය. මෙම ආර්ථික බලපෑම දේශපාලන ප්‍රතිපත්ති ගිවිසුම් වලදී වඩාත් විවාදයට ලක් විය.

          මේ උදාහරණ මගින් කැලිෆෝනියාවේ ලැව්ගිනි හේතුවෙන් ඇති වන විවිධ දේශපාලන බලපෑම් සහ එම ප්‍රතිපත්ති  වල නීතිමය සහ සමාජ පාලනය පිළිබද පැහැදිලි අධ්‍යනයක් ලබා ගත හැකිය. (university of califonia, 2024)

මෙවැනි දැඩි ලෙස බලපෑම් ඇති කරනු ලබන කැලිෆෝනියාවේ ලැව්ගිනි ඇති වීමේ තත්ත්වය අවම කර ගැනීම සදහා පහත ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ හැකිය.

 

නිවැරැදි පාරිසරික කළමනාකරණය 

විශාල ගස් කපා දැමීම හෝ අනවශ්‍ය අතු කපා දැමීම.

වෙරළ ආසන්නයේ සහ කඳුකර ප්‍රදේශ වල ඉඩම් සකසන්නන් සදහා නීතිමය පියවර ගැනීම.

ලැව්ගිනි අවධානම පිළිබද සහ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබද ජනතාව දැනුවත් කිරීම

⁠දුම් නළ පද්ධති නිසි ලෙස සකස් කිරීම.

⁠නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම.

⁠ලැව්ගිනි පාලනයට නව නීති සහ විධිවිධාන සැකසීම.

⁠වනාන්තර කළමනාකරණය සදහා රජයේ සහය ලබා දීම.

 ආදී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් කැලිෆෝනියාව තුළ ලැව්ගිනි ඇතිවීම අවම කරගනිමින් ජනතාවගේ මෙන්ම පාරිසරික ආරක්ෂාවද වැඩි දියුණු කර ගැනීමට හැකියාව පවතියි.

                කැලිෆෝනියාවේ ලැව්ගිනි තත්ත්ව මගින් අපට පෙන්වා දෙන්නේ සමාජයක් ලෙස එක්ව අපි අපගේ පරිසරය රැක ගත යුතු බවයි. තවමත් ලැව්ගිනි නිසා දුක් විදින කැලිෆෝනියානු ජනතාවගේ දුක් ගින්දර මෙන්ම කැලිෆෝනියාව තුලද ඇති වන ලැව්ගිනි තත්ත්වද තුරන් වී දීප්තිමත්, සිසිලස පිරි හෙටක් වෙනුවෙන් කැලිෆෝනියානුවන් දකින සිහිනය හැකි ඉක්මනින් යථාර්ථයක් වේවායි අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරමු.

Leo H.A.K .Asha


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...