කොළඹ විෂ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ Leo සමාජය යටතේ ක්‍රියාත්මක අවදානම ට සූදානමක් නම් වූ ව්‍යාපෘතිය මේ වන විට අදියර 3 ක් යටතේ ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ කාලය තුළ මේ project එකේ 3 වන අදියර සුවිශේෂී වන බව project එකෙහි භාණ්ඩාගාරික වශයෙන් මා හට හැගී යයි. මක් නිසා ද යැයි කිවහොත්, හැම විට ම අවදානමකට සූදානම් විය යුත්තේ එක්කෝ මනුෂ්‍යන් නැතහොත් සතුන් ය . ඒ අතරින් මනුශ්‍යයන් කෙසේ ද අවදානමකට සූදානම් විය යුත්තේ යන්න අනතුරු වලට දක්වන ප්‍රතිචාර අපට මේ project එකේ මේ අදියර තුළ හදුන ගන්න ලැබුනා. ඒ විතරක් නෙවේ මේ රටේ අනතුරු වළක්වා ගැනීමට විය යුතු දේ මොනවාද ,වෙනස් විය යුතු දේ මොනවද යන්න පිළිබඳව ද සාධනීය සහ නිශේධනීය අදහස් ඔවුන් අප සමග කිසිදු පැකිලීමකින් තොර ව බෙදා ගත්තා . ඒ වගේ ම අප ඔවුන්ට සවන් දීම සිදුකළෙමු.
කෙසේ වෙතත් මා ගේ මතය නම් අප සැමට කොතනක කුමන වේලාවක ආපදාවක් අනතුරක් සිදුවේ ද යන්න අප කිසි වෙකුට කිව නොහැකි ය. ඒ නිසා නිරතුරුව අප හට අවදානමකට පෙර සූදානම වැදගත් වේ .
- Sachithra Edirisingha –
අවදානමට සූදානම ව්‍යාපෘතිය මත මහජනතාවගේ අදහස් විමසීම.
මාර්ග අනතුරු සම්බන්ධයෙන් මහජනතාවගෙන් කරුණු විමසීමේදී "මාර්ග අනතුරු සිදුවීමට හේතු පිලිබදව ඔබේ මතය" යන පැනය මත බොහෝ රියදුරන් දුන් පිලිතුර වන්නේ , දුරකතන භාවිතා කරමින් මාර්ගයේ ගමන් කිරීමයි. තව දුරටත් කරුණු විමසීමේදී එකිනෙකා කතාබහ කරමින් අනිකුත් වාහන හා මිනිසුන් කෙරෙහි නොසැලකිලිමත් බවකින් මාර්ගයේ ගමන් කරන බව ඔවුන් පැවසීය. මේ සම්බන්ධයෙන් රියදුරන් පමණක් නොව පදිකයන්ද සැලකිලිමත් විය යුතු බව ඔවුන් තදින්ම පැවසීය.
"මාර්ග අනතුරු වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද" යන පැනය මත වාහන පැදවීමේදී මෙන්ම ගමන් කිරීමේදී ද දුරකතන භාවිතා කිරීම තහනම් කිරීමත් මාර්ග නීති පිලිබදව මෙන්ම සියලු පුද්ගලයන් හා අනිකුත් වාහන පිලිබඳව වැඩි අවධානයක් යොමු කල යුතු බවත්ය.
මෙම ව්‍යාපෘතිය යටතේ අප විසින් කොළඹ නගරය අවට හමුවන ජනතාවගෙන් ලබා ගත් අදහස් වලට අනුව එම පුද්ගලයන් වැඩි පිරිසකට මෙම මාර්ග අනතුරු පිළිබද අත්දැකීම් ඇති බව අපට පෙනීගිය කරුණක් විය.
ඒ අනුව යමින් තව දුරටත් පැනයන් යොමු කරමින් අප ඔවුන්ගෙන් දැන ගැනීමට යොමු වුනේ ඔවුන් දරන මතයන්ට අනුව මෙම වැඩිවන මාර්ග අනතුරු වලට ප්‍රධාන වශයෙන් බලපාන හේතු සාධක මොනවාද යන්න පිළිබදවයි. මේ පිළිබද තව තවත් දැන ගැනීමට කැමැත්තෙන් අප විසින් යොමු කරන ලද පැනය වූයේ මේ සදහා ගතයුතු යම් පියවරයන් වේද යන්නයි. ඒ අනුව ඉදිරිපත් වූ අදහස් ලෙස
• අවිදිමත් ලෙස මාර්ගය භාවිත කරන්නන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කීරීම
• රියදුරන් මෙන්ම පදිකයන්ද නිසි අවධානයකින් යුතුව මාර්ගය භාවිතා කිරීමට කටයුතු කිරීම
ආදී වූ අදහස් ඉදිරිපත් විය. එමෙන්ම තව දුරටත් මෙම මාර්ග අනතුරු වැඩිවීමට බලපාන හේතුවක් ලෙස ඔවුන් ප්‍රකාශ කලේ නොසැලකිලිමත්ව පදිකයන් පදික වේදිකාවේ ගමන් කිරීමයි.
ඒ අනුව මෙම අදහස් විමසීමෙන් අනතුරුව අප මෙම අනතුරු වලක්වා ගැනීමට ගත හැකි පියවරයන් පිළිබදව ඔවුන්ගෙන් අදහස් විමසූ අතර එවිට ඔවුන් තරයේ ප්‍රකාශ කලේ පදිකයන් මෙන්ම රියදුරන්ද මාර්ගයේ ගමන් කිරීමේදී දුරකථනය භාවිතා නොකීරීමට කටයුතු කළ යුතු බවයි. එමෙන්ම පදිකයන්ගේ නොසැලකිලිමත් පදිකමාරුව පිළිබදව ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට වගබලා ගතයුතු බවයි. ඒ අනුව රියදුරන්ට මෙන්ම පදිකයන්‍ටද එරෙහිව අවිදිමත් පදික මාරුවේදී නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරන ලදී.
අනතුරු සහ ආපදා පිළිබඳව සලකාබැලීමේදී, අප නොසිතූ අවස්ථාවන්වල, නොසිතූ තැනක දී, අනපේක්ෂිත ලෙස අනතුරු සිදු වීමට ඉඩකඩ පවතී. අනතුරු නිසාවෙන් වටිනා මිනිස් ජීවිත ද, දේපල ද හානි වීම සිදු වෙයි. එබැවින් අනතුරු සහ ආපදා තත්වයන්ගෙන් ආරක්ෂා වෙමින් සුරක්ෂිත ව ජීවත් වීම සඳහා අවදානමට සූදානම් ව කටයුතු කරමින් දිවි මග ගමන් කිරීමට ඔබ අප කවුරුත් කටයුතු කල යුතු වෙයි.