Wednesday, May 28, 2025

එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ ජාත්‍යන්තර දිනය


 එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ ජාත්‍යන්තර දිනය


සෑම වසරකම මැයි 29 වන දින, ලෝකය යුද්ධය සහ සාමය අතර සිටින විරුවන්ගේ මතකයන් සැමරීමට ඔවුන් ආදරයෙන් සිහිපත් කිරීමට එක්රැස් වේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ නිල් හිස්වැසුම් ඔවුන්ගේ අනන්‍යතාවයයි. මෙම දිනයේදී, අපි ඔවුන්ගේ සේවයට, ඔවුන්ගේ පරිත්‍යාගයට සහ සියල්ලටම වඩා, මනුෂ්‍යත්වය පිළිබඳ ඔවුන්ගේ විශ්වාසයට ගෞරව කරමු. මුළු ලෝකයක් අද දිනයේදී  එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල සේවය කරන සියලුම පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ වෘත්තීයභාවයට, කැපවීමට සහ ධෛර්යයට උපහාර දක්වන අතර, සාමය වෙනුවෙන් ජීවිත අහිමි වූවන්ගේ මතකයට ගෞරව කරයි. 


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, එහි 57/129 යෝජනාවෙන්, මැයි 29 වන දින එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කරන ලදී. 1948 දී පළමු එක්සත් ජාතීන්ගේ සාම සාධක භට කණ්ඩායම "එක්සත් ජාතීන්ගේ සටන් විරාම අධීක්ෂණ සංවිධානය" හෙවත් UNTSO ලෙස නම් කරන ලද අතර, පලස්තීනයේ මෙහෙයුම් ආරම්භ කළ දිනය මෙයයි.


1948 සිට මිලියන දෙකකට අධික සාම සාධක භටයින් මෙහෙයුම් 71 ක සේවය කර ඇති අතර, එමඟින් රටවල් යුද්ධයෙන් සාමය වෙත පිවිසෙන දුෂ්කර මාවතක ගමන් කිරීමට උපකාරී වේ. වර්තමානයේ, රටවල් 120 කට වැඩි ගණනකින් සාම සාධක භටයින් 76,000 කට වැඩි පිරිසක් ගෝලීය මෙහෙයුම් 11 ක යොදවා ඇත. ඔවුන්ගේ වෙහෙස මහන්සිය සහ කැපවීම ගැටුම්වලින් පීඩාවට පත් මිලියන ගණනක් සඳහා සාමය සහ ස්ථාවරත්වය වර්ධනය කිරීමට උපකාරී වේ. පරිණාමය වන අභියෝග මධ්‍යයේ වුවද, සාම සාධක භටයින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, ජීවිත බේරා ගැනීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා නොසැලී සිටියි.


1948 දී පළමු එක්සත් ජාතීන්ගේ සාම සාධක භට කණ්ඩායම පිහිටුවන ලද දා සිට, ප්‍රචණ්ඩ ක්‍රියා, අනතුරු සහ රෝග හේතුවෙන් සාමය වෙනුවෙන් සේවය කිරීමේදී පොලිස් සහ සිවිල් නිලධාරීන් 4000 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි වී ඇත. මැයි 29 වන දින, සාමාජික රටවල් සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව, මියගිය සාම සාධක භටයින්ට ගෞරව කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය නොයෙකුත් උත්සව පවත්වයි.


සාම සාධක භටයින් සොල්දාදුවන් ය. නමුත් පොලිස් නිලධාරීන්, සිවිල් කාර්ය මණ්ඩලය, ඉංජිනේරුවන්, පරිවර්තකයින් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ද ඒ අතර වේ. බොහෝ විට කීර්ති නාමයන්, වරප්‍රසාද නොලබා මෙන් ම ඇතැම්විට ආරක්ෂාව පවා නොමැතිව ඔවුන් දැවැන්ත පීඩනයක් යටතේ සේවය කරයි. ඔවුන්ගේ කැපවීම ස්මාරකවල නොව, නැවත විවෘත කරන ලද පාසල්වල, නැවත ගොඩනඟන ලද රෝහල්වල සහ යුද්ධයේ රුදුරුබව වළකන සාම ගිවිසුම්වල සලකුණු කර ඇත.


වර්තමාන ගෝලීය භූ දර්ශනය තුළ, ගැටුම් තවදුරටත් යුධ පිටිවලට සීමා නොවේ. එය දේශගුණික විපර්යාස, ඩිජිටල් යුද්ධ, ජනවාර්ගික බෙදීම් සහ භාෂණයේ නිදහස අහිමි කිරීම් තුළ රැදී පවතී. එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, මැතිවරණවලට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාම සහ වසංගතවලට මුහුණ දීම පවා පැවරී ඇත.


විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින් ලෙස, ලෝක පුරවැසියන් ලෙස සහ ඊළඟ පරම්පරාවේ නායකයින් ලෙස, අපි මෙම මෙහෙයුමෙන් වෙන් වී නැත. අප එහි කොටසකි. ජාත්‍යන්තර නීතිය, මානුෂීය කටයුතු, පුවත්පත් කලාව, අධ්‍යාපනය හෝ ප්‍රතිපත්ති හරහා වේවා, සාමය ගොඩනැගීමේදී අප සැමට කාර්යභාරයක් ඇත.මෙම දිනයේ දී, දුර සිට නිල් හිස්වැසුම් අගය නොකරමු. අපි ඔවුන්ගෙන් ඉගෙන ගනිමු. වඩා හොඳ සම්පත් ඇති සහ හෙට දවසේ අභියෝග සඳහා වඩා හොඳින් සූදානම් කරන ප්‍රතිසංස්කරණවලට සහාය දෙමු. සාම සාධක භටයින්ගේ පැමිණීම තවදුරටත් අවශ්‍ය නොවන ලෝකයක් ගොඩනැගීමට අපි කැප වෙමු.


සාමය යනු මෙහෙවරක් පමණක් නොව, එය මානසිකත්වයකි. සැමදෙනාගේම සිත් තුළ සාමය තිබිය යුතුයි. ලෝකයේ සැමදෙනාටම වෙඩි හඬ නොමැතිව බියක් සැකක් නොමැතිව ජීවත් වීමට අයිතියක් තිබේ. පවුලේ සියලු දෙනා හා එක්ව සිනාසීමට අයිතියක් තිබේ. කුඩා දරුවන්ට දෙමාපියන් අහිමි නොවන මව්වරුන්ට තම කිරිකැටි බිළින්දන් අහිමි නොවන සාමයක් ලෝකයට අවැසි මොහොතක අප ජීවත් වේ. මිනිස් ජීවිත මතින් බිම් කඩක අයිතිය සොයන වත්මන් ලෝකයේ සාම සාධක හමුදාව නිල ඇඳුමින් සැරසුණු අයට පමණක් නොවේ - එය අප සැමට අයත් වේ.

Sunday, May 25, 2025

පාපන්දු දිනය .


 අද  2025 මැයි මස 25 වන දිනයි...එනම් අදට ලෝක පාපන්දු දිනය යෙදී ඇත.


ලෝක පාපන්දු දිනය අපට මතක් කරවන්නේ ක්‍රීඩාවක් ලෙස පමණක් නොව ජාත්‍යන්තර සන්සුන්භාවය හා ඒකාබද්ධතාවය ඇති කරවන ගෝලීය භාශාවක් ලෙස ද පාපන්දු ක්‍රීඩාව ඉහළින්ම සිටී.


 2024 මැයි 07 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව සම්මත කර මැයි 25 වන දින ලෝක පාපන්දු දිනය ලෙස නම් කර ඇත.


ගෝලීය වශයෙන් අප මෙය මුලින්ම සමරනු ලබන්නේ සෞඛ්‍ය සාමය   එකමුතුකම සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සදහා වේ.


පාපන්දු ක්‍රීඩාව ගෝලීය වශයෙන් වාණිජ්‍යය සාමය හා රාජ්‍ය තාන්තිකභාවය ඇතුලු විවිධ ක්ශේත්‍රවල එහි බලපෑම සහ පාපන්දු සහයෝගීතාවය සදහා අවකාශයක් නිර්මාණය කරන බව හදුනා ගනී.ගෝලීය වශයෙන් සාමය ප්‍රවර්ධනය කිරීමේදී ක්‍ර්‍රීඩාව උපකාරී වී ඇති අතර තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී තීරණාත්මක කාර්‍යභාරයක් ඉටු කර ඇත. 

  

මේ සදහා පහත සාධක අතිශය වැද්ගත් වේ.


 *ලිබියාවේ* *යෝජනාව* 


2024 මැයි 7 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණඩලය රටවල් 193 ක එකමුතුවකින් මැයි 25 වැනි දින ලෝක පාපන්දු දිනයක් ලෙස ප්‍රකාශ කරන යෝජනාවක් පිළිගෙන තිබේ.මෙම යෝජනාව එක්සත් ජාතීන්හි ලිබියාවේ තානාපති *ටාහෙර්* *එල්* *සොන්නි* විසින් ඉදිරිපත් කරන ලදී.රටවල් 160 කට අධික සංඛ්‍යාවකින් ඒ සදහා සහාය දැක්වුණි.


 *මෙම* *දිනයට* *මැයි* *25* *තෝරාගැනීමට* *හේතුව* 


1924 පැරීසියේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපන්දු ඉසව්වට ලොව පුරා සිටින ප්‍රදේශ සියල්ලේ නියෝජනයක් ලැබී තිබුණි.එනම් 2024 වර්ශයේ ඔලිම්පික් උළෙල ද පැරීසියේ පැවැත්වෙනු ලබයි.එම නිසා එම අවස්තාවේ 100 වන සංවත්සරය සැමරීම සදහා එක්සත් ජාතීන් විසින් මැයි 25 ලෝක පාපන්දු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට එකග විය.


 *පාපන්දු* *ක්‍රීඩාව* *පිළිබද* *කෙටි* *සටහනක්* ...


පාපන්දු ක්‍රීඩාව ගෝලීය  වශයෙන් ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව වන අතර එය මුල් වතාවට ක්‍රීඩාවක් ලෙස ආරම්භ කලේ මධ්‍යම එංගලන්තයේ දීය.නවීන පාපන්දු ක්‍රීඩාව 19 වන සියවසේ එංගලන්තයේ දී වර්ධනය විය.1863 දී *Football* **Association*  පිහිටුවා ක්‍රීඩාවේ නීතී සම්පාදනය කරනු ලැබීය. (FIFA)1902 දී පිහිටුවන ලද අතර එය ලෝක පාපන්දු ආයතනය බවට පත්විය.FIFA සතු සාමාජික සංඛ්‍යාව 211 ක් වන අතර එය එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ට වඩා වැඩිය.එසේම මෙම පාපන්දු ක්‍රීඩාව ඔලින්පික් ක්‍රීඩාව සමග විශේෂ බැදීමක් ඇත. එයට හේතු,


1900 දී පැරීසියේ ඔලිම්පික් උළෙලේදී පිරිමි පාපන්දු ක්‍රීඩාව හදුනා ගන්නා ලදී.ආරම්භයේදී පිරිමි කණ්ඩායම් සදහා පමණක් ඉඩ දෙනු ලැබීය.


1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදී කාන්තා පාපන්දු ක්‍රීඩාව හදුන්වා දෙන ලදී.


1932 වසර හැරැණු විට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපන්දු සෑම විටම ඇතුලත් වී ඇත.


ගෝලීය ක්‍රීඩාවක් ලෙස පාපන්දු ක්‍රීඩාව අද්විතීය ස්ථානයක් දරයි.හුදෙක් විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් එය ජාතික සමාජ ආර්ථික සංස්කෘතික සීමාවන් ඉක්මවා යයි.පාපන්දු ක්‍රීඩාවේ පුළුල් ආකර්ෂණය සහ ප්‍රවේශ්‍යතාවය සෞඛ්‍ය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රබල මෙවලමක් බවට පත් කරයි.එය ස්ත්‍රී පුරුශ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාම සහ ක්ශේත්‍රය තුල සහ ඉන් පිටත කාන්තාවන් සහ ගැහැනු ලමයින් සවිබල ගැන්වීමේ වේදිකාවක් බවට පාපන්දු ක්‍රීඩාව පත් වී තිබේ.


අවසාන වශයෙන් ලෝක පාපන්දු දිනය පසුගිය ජයග්‍රහණය සිහිපත් කරමින් අනාගතයේ තරුණ ක්‍රීඩකයන්ට ආදර්ශයක් වෙමින් තාක්ශණයත් සමග ක්‍රීඩා ක්ශේත්‍රයේ අලුත් යුගයක් ආරම්භ කිරීමට සැරසෙන විශ්වීය දිනයක් ලෙස මෙය නම් තැබිය හැකිය.

හෙළ සිනමාවේ ලාලිත්‍ය ඔබයි මාලනිය...


 හෙළ සිනමාවේ ලාලිත්‍ය ඔබයි මාලනිය...


සිංහල සිනමාවේ නිලි රැජිණිය ඔබයී මාලනිය...


හෙළ සිනමාවේ රන හංසනිය ඔබයි මාලනිය...


ඔබ නැති රිදී රැයක් නොමැත මාලනිය...


මේ ඇයගේ ජීවිත වෘතාන්ත මතකයන්ගෙන් මදක්...


1947 අප්‍රේල් 30 වන දින කැලණිය ප්‍රදේශයේ උපත ලැබූ ඇය නමින් වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ය.හෙළ සිනමාවේ නිළි රැජිනිය ලෙස විරුදාවලිය ලබන්නේ මාලනිය යී.හැටදෙවසරක් හෙළ සිනමාවේ මතකයන් ජීවමාන කිරීමට විරු වූ ඇය රංගන දිවියට ප්‍රවිෂ්ට වන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි.ඉන්පසුව 1969 වසරේ ජාතික නාට්‍ය උළෙලදී හොදම නිලිය සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඇය දක්ශ නිලියක් ලෙස  මුළු මහත්  හෙළ සිනමාවටම දැනෙන්නට විය.ඉන්පසුව 1980 වසරේ දී හිගන කොල්ලා චිත්‍රපටය ද,1982 වසරේදී ආරාධනා චිත්‍රපටය ද 1983 වසරේ දී යස ඉසුරු යන චිත්‍රපටවල ඇය දැක්වූ මනෝහාරී රංගනය තුලින් ඇය කීප වරක්ම සරවිය සම්මානය ද වසර 14 ක් මුළුල්ලේ හොදම නිළිය සම්මානය ද නිතැතිනම ඇය සතු කරගැනීමට තරම් විශිෂ්ටයෙක් විය.ඇය රංගනයෙන් දායක් වූ තවත් චිත්‍රපට කිහිපයක්...


2004 - ප්‍රතිරාවය

2006 - අම්මාවරුනේ,දේදුනු වැස්ස,මුතු ඇටයේ මෝඩයෝ

2007 - උප්පලවණ්ණා 

2008 - අබා,මචන් 


ඒ පමණක් නොව 2010 වසරේ දී ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පිනියන් 25 දෙනාගෙන් එක් අයෙකු ඇය වන බව ඇමෙරිකානු CNN රූපවාහිනීය මගින් සදහන් කර ඇත.


ඇය සරසවිය සම්මානය හැරුණුකොට ජනාධිපති සම්මානය සේම OCIC සම්මාන වලින් ද පිදුම් ලබන්නට විය.


ශ්‍රී ලංකාවේ පලමු වරට ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් විරාජිනිය වූයේ මාලනිය යී.එම ආලෝකයක ඇයට හිමි වූයේ 1975 වසරේ මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලදී ජූරීයේ විශේෂ සම්මානය හිමි කර ගැනීමත් සමගයි.එමෙන්ම 1977 නව දිල්ලි චිත්‍රපට උළෙලදී ඇය තවත් සම්මානයකින් පිදුම් ලබන්නට පාත්‍ර විය.2014 වසරේ මාර්තු 5 වන දා සිට 9 වන දා දක්වා ප්‍රංශයේ පැවැත්වූ 16 වන 'දෝවිල් සම්මාන උළෙලදී ' මෙම රන හංසියට 'රන් නෙළුම සම්මානය 'පිරිනමන්නට විය. 


රංගන ක්ශේත්‍රයේ පමණක් ම නොව ඇය ජීවිත ගමනේ තවත් එක් පියවරක් ලෙස 2010 අප්‍රේල් 22 සිට 2015 ජුනි 26 දක්වා ඇය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ද සේවය කරන්නට විය.එම පත්වීම හිමි වනුයේ ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලෙසයි.


කලක් සිට රෝගාතුර වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකර්ම ලබමින් සිටි ඇය සුවහසක් රසිකයන්ගේ නෙතගට කදුලක් එක් කරමින් හෙළ සිනමාවේ රන් තරුව වන ඇයගේ ජීවන යාත්‍රාව අවසන් කරේ 2025 මැයි 24 වන දින අලුයම දී ය.වසර 78 ක ආයු කාලයක් ඇය රැගෙන එන්නට විය.


හෙළයේ මහා  රන හංසනියනි ඔබට අමා මහ නිවන් සුව... 

 

සිනමාවට ද ටෙලි නාට්‍ය කලාවට ද ඔබ දායාද කරන්නා වූ මෙම අපිරිමිත කැපකිරීමට අපගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිමු.


ඇයගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව මැයි 26 වන කොළඹ නිදහස් චත්‍රරස්‍ර පරිශ්‍රයේ දී....



Sunday, May 11, 2025

වෙසක් පුර පසලොස්වක පොහොය🙏


 වෙසක් පුර පසලොස්වක පොහොය🙏

  

   ලෝකවාසි සියලු බෞද්ධයන් ඉතාමත් ගෞරවයෙන් හා බැති සිතින් සමරන පොහෝදිනයක් වන වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.අප මහා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරමින් සෑම වසරකම වෙසක් පොහෝ දින බොහෝ සැරසිලි උත්සව පවත්වයි.එමෙන්ම වෙසක් පොහෝදින සිදු වූ තවත් සුවිශේෂී සිදුවීම් මෙසේ පෙළගැස්විය හැක.

     ⭕ බුදුන් වහන්සේ දීපංකර බුදුරදුන් හමුවේ නියත විවරණ ලබා ගැනීම.

     ⭕ බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරදී සුද්ධෝදන රජු ඇතුළු නෑදෑ පිරිසට යමාමහ පෙළහර පෑම

    ⭕ බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කිරීම

   ⭕ සුමන සමන් දෙව්‍ රජුන්ගේ ආරාධනයෙන් සමනල පව්වට වැඩම කර බුදු සිරිපා පිහිටුවීම.

    ⭕ ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑම

    ⭕ කිසා ගෝතමිය විසින් නිබ්බුත පද කීම


මේ ආකාරයට වෙසක් පොහෝදින ඓතිහාසික මෙන්ම ශාසනික වශයෙන්ද වැදගත් සිදුවම් රාශියක් සිදු වී තිබේ.

 වෙසක් පොහෝදින ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන සැරසිලි වත්පිළිවෙත් මෙසේය

    🛑 සෑම නිවසකම පාහේ වෙසක් කූඩුවක්, බෞද්ධ කොඩියක් දක්නට ලැබීම

   🛑 තම නිවස ඇතුළු සියලුම ස්ථාන පහන් ආදී විවිධ වෙසක් සැරසිලි වලින් අලංකාරවත් වීම

   🛑 ආගමික වතාවත් වල නියැලීම

   🛑 සීල සමාදානය ,භාවනා වැඩසටහන්,විවිධ ධර්ම දේශනා වැඩසටහන්,දානමය පිංකම් ආදී නොයෙකුත් අගමික වතාවත් සිදු කිරීම

   🛑 පන්සිය පනස් ජාතක පොතෙහි එන බුදු සිරිතේ විවිධ කතා වස්තු ඇතුළත් තොරණ් නිර්මාණය කිරීම,කවි බණ කීම,විවිධ නාට්‍ය රඟ දැක්වීම ආදිය සිදු කිරිම

   🛑 සිදුහත් කුමරුගේ උපත සිහිපත් කරමින් අලංකාර ලෙස නෙළුම් මල් නිර්මාණය මෙන්ම එවන් සිදුවීම් ආලලා වර්තමානය වනවිට විවිධ නිර්මාණ බිහිවී තිබේ.

    🛑 සෑම ප්‍රදේශයකම පාහේ දන්සල් පැවැත්වීම අද සුලබ දෙයක් බවට පත් වී තිබේ.


මේ ආකාරයට මුළු ලෝකය පුරාම සිටින බෞද්ධ ජනතාව එකට ආගමික වතාවත් වල නියැලේ.එමෙන්ම රජය විසින්ද වෙසක් පොහොය දිනයට සුරාසැල් විවෘත කිරීම,සත්ත්ව ඝාතනය වැනි නොයෙකුත් අධාර්මික ක්‍රියා නීතිය තුළින් තහනම් කර තිබේ.


 සැබෑ ලෙසම වෙසක් පොහොයේ අර්ථය විය යුත්තේ බුදුන් වහන්සේ තම ජීවිත කාලය පුරාවටම ලෝක වාසින් උදෙසා කරනු ලැබූ උතුම් මෙහෙය සිහිපත් කරමින් එය ඇගයීමයි.එමෙන්ම බුදුන් වහන්සේගේ දර්ශනය විකෘති නොකර උන්වහන්සේ පෙන්වා දුන් විමුක්ති මාර්ගයේ ගමන් කිරීමයි.නමුත් වර්තමානයේ මෙය හාත්පසින්ම වෙනස් වී තිබේ.බොහෝ මිනිසුන් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මෙන්ම විනෝදය ලබා ගැනීම වැනි පටු අරමුණු වෙනුවෙන් වෙසක් උත්සව සැමරීම සිදු කරයි.අවම වශයෙන් වෙසක් කූඩුවකින් අර්ථවත් වනුයේ බුදුදහමේ ගැඹුරුම දේශනයක් වන ආර්‍යාෂ්ටාක්ගිය මාර්ගය බව බොහෝ බෞද්ධයන් නොදන්නා කාරණයකි.එමෙන්ම එය ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරවන්නකි.නමුත් මිනිසුන් තුළ මේ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැත. එය බුදුන්වහන්සේ දේශනා කළ මාර්ගය නොවේ.

  එබැවින් පිටතට පෙනෙන්නට ආටෝපයට බෞද්ධයෙකු නොවී ඇතුලතින්ම බුදුන්වහන්සේට ගෞරව කරමින් උන්වහන්සේගේ මාර්ගයේ ගමන් ගන්නා සැබෑ බෞද්ධයෙකු වීම මෙම උතුම් පොහෝ දිනයේ සියලු දෙනාම තම වගකීමක් ලෙස සළකා ඉටු කිරීම උතුම් ය.


ඔබ සැමට උතුම් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයක් වේවා🙏🙏

Happy Mother's Day

 

The Silent Superheroes: Celebrating the Magic of Mothers👩🏼‍🍼💜


There are no capes, no spotlights, and no standing ovations. Yet, every day, all around us, superheroes are at work. They wake up early, sleep late, wipe away tears, pack lunchboxes with love, and offer a hug that feels like home. They are called mothers.


Mother’s Day is more than just flowers and cards—it’s a chance to pause and honor the quiet power behind the strongest people we know. A mother is often the first storyteller, first teacher, first doctor, and first best friend. Her voice can silence fear, and her touch can heal wounds no medicine can reach.


This Mother’s Day, let’s celebrate the invisible threads that mothers weave into our lives—threads of patience, sacrifice, strength, and unwavering love. Whether she’s your birth mother, adoptive mom, grandmother, sister, or a motherly figure who stepped in with care and compassion—today is for her.


Let’s write her a letter. Let’s cook her favorite dish. Let’s listen to her stories. Most of all, let’s thank her. For the lullabies and late nights. For the encouragement and the endless faith. For being our anchor in the storm and our cheerleader in the sunshine.


Because behind every great person is a mother who believed in them first.


Happy Mother’s Day to the real superheroes of the world.💜

🕊️ International Day of Hope – July 12 🕊️

🌟 International Day of Hope: Inspiring Resilience and Unity 🌟 🌈 The International Day of Hope The International Day of Hope is a gl...