හෙළ සිනමාවේ ලාලිත්‍ය ඔබයි මාලනිය...
සිංහල සිනමාවේ නිලි රැජිණිය ඔබයී මාලනිය...
හෙළ සිනමාවේ රන හංසනිය ඔබයි මාලනිය...
ඔබ නැති රිදී රැයක් නොමැත මාලනිය...
මේ ඇයගේ ජීවිත වෘතාන්ත මතකයන්ගෙන් මදක්...
1947 අප්‍රේල් 30 වන දින කැලණිය ප්‍රදේශයේ උපත ලැබූ ඇය නමින් වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ය.හෙළ සිනමාවේ නිළි රැජිනිය ලෙස විරුදාවලිය ලබන්නේ මාලනිය යී.හැටදෙවසරක් හෙළ සිනමාවේ මතකයන් ජීවමාන කිරීමට විරු වූ ඇය රංගන දිවියට ප්‍රවිෂ්ට වන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි.ඉන්පසුව 1969 වසරේ ජාතික නාට්‍ය උළෙලදී හොදම නිලිය සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඇය දක්ශ නිලියක් ලෙස මුළු මහත් හෙළ සිනමාවටම දැනෙන්නට විය.ඉන්පසුව 1980 වසරේ දී හිගන කොල්ලා චිත්‍රපටය ද,1982 වසරේදී ආරාධනා චිත්‍රපටය ද 1983 වසරේ දී යස ඉසුරු යන චිත්‍රපටවල ඇය දැක්වූ මනෝහාරී රංගනය තුලින් ඇය කීප වරක්ම සරවිය සම්මානය ද වසර 14 ක් මුළුල්ලේ හොදම නිළිය සම්මානය ද නිතැතිනම ඇය සතු කරගැනීමට තරම් විශිෂ්ටයෙක් විය.ඇය රංගනයෙන් දායක් වූ තවත් චිත්‍රපට කිහිපයක්...
2004 - ප්‍රතිරාවය
2006 - අම්මාවරුනේ,දේදුනු වැස්ස,මුතු ඇටයේ මෝඩයෝ
2007 - උප්පලවණ්ණා
2008 - අබා,මචන්
ඒ පමණක් නොව 2010 වසරේ දී ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පිනියන් 25 දෙනාගෙන් එක් අයෙකු ඇය වන බව ඇමෙරිකානු CNN රූපවාහිනීය මගින් සදහන් කර ඇත.
ඇය සරසවිය සම්මානය හැරුණුකොට ජනාධිපති සම්මානය සේම OCIC සම්මාන වලින් ද පිදුම් ලබන්නට විය.
ශ්‍රී ලංකාවේ පලමු වරට ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් විරාජිනිය වූයේ මාලනිය යී.එම ආලෝකයක ඇයට හිමි වූයේ 1975 වසරේ මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලදී ජූරීයේ විශේෂ සම්මානය හිමි කර ගැනීමත් සමගයි.එමෙන්ම 1977 නව දිල්ලි චිත්‍රපට උළෙලදී ඇය තවත් සම්මානයකින් පිදුම් ලබන්නට පාත්‍ර විය.2014 වසරේ මාර්තු 5 වන දා සිට 9 වන දා දක්වා ප්‍රංශයේ පැවැත්වූ 16 වන 'දෝවිල් සම්මාන උළෙලදී ' මෙම රන හංසියට 'රන් නෙළුම සම්මානය 'පිරිනමන්නට විය.
රංගන ක්ශේත්‍රයේ පමණක් ම නොව ඇය ජීවිත ගමනේ තවත් එක් පියවරක් ලෙස 2010 අප්‍රේල් 22 සිට 2015 ජුනි 26 දක්වා ඇය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ද සේවය කරන්නට විය.එම පත්වීම හිමි වනුයේ ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලෙසයි.
කලක් සිට රෝගාතුර වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකර්ම ලබමින් සිටි ඇය සුවහසක් රසිකයන්ගේ නෙතගට කදුලක් එක් කරමින් හෙළ සිනමාවේ රන් තරුව වන ඇයගේ ජීවන යාත්‍රාව අවසන් කරේ 2025 මැයි 24 වන දින අලුයම දී ය.වසර 78 ක ආයු කාලයක් ඇය රැගෙන එන්නට විය.
හෙළයේ මහා රන හංසනියනි ඔබට අමා මහ නිවන් සුව...
සිනමාවට ද ටෙලි නාට්‍ය කලාවට ද ඔබ දායාද කරන්නා වූ මෙම අපිරිමිත කැපකිරීමට අපගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිමු.
ඇයගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව මැයි 26 වන කොළඹ නිදහස් චත්‍රරස්‍ර පරිශ්‍රයේ දී....