අගාධයකින් අගාධයකට ඇද දැමීමට තරම් කුරුරි වූ ස්වභාවදහම
ස්වභාව මාතාවගේ එක්තරා කුරිරු වගේම නොහික්මුනු දරුනු ව්‍යසනකාරි ආපදාවක් වන නායයෑමක් නිසා කබලෙන් ලිපට ඇදවැටුනු එක්තරා පවුලකගේ කදුලු කතාවයි මේ ලියවෙන්නේ.ඉතින් කදුලු කැට පවා සේදීගිය මේ කදුලු කතාව ඔබත් කියවන්න.
නිවේදකයා-ඔබ මුහුන දුන්නේ ස්වාභාවික ආපදාවකටද මානුශීය ආපදාවකටද?
දත්ත දායකයා-ස්වාභාවික ආපදා තත්වයකට .ඇත්තටම අපේ ගම් ප්‍රදේශය නායයෑමේ අවදානමක් නොතිබුනු ප්‍රදේශයක්.අපි නොහිතපු විදියට 2021 ඔක්තෝබර් මාසයේ 21වන දින ඇති වූ ධාරානිපාත වර්ශාව නිසා තමයි මේ නායයෑමේ ආපදාවට මුහුන දුන්නේ.මේ ආපදාව එක දිගට සති කිහිපයක් තුල ක්‍රියාත්මක උනා.ඒ නිසා තමයි නායයෑමේ අවදානමක් නොමැති අපේ වගේ ප්‍රදේශයක පවා ඒ කියන්නේ අපි ඉන්න කෑගල්ල දිස්ත්‍රික්කයේ .කෑගල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් සුලබ දර්ශනයක් වුවත් අපි ඉන්න ගලිගමුව මකුද්දල පැත්ත කිසිදා ආපදාවකට ලක්නොවන ප්‍රදේශයක්.ඒ නිසාමයි මේ ඇතිඋනු ආපදාව විශේශ වෙන්නෙත්.
නිවේදකයා-ආපදාව නිසා ඔබට අහිමිවීම් සිදුව තිබේද?
දත්ත දායකයා-මටත් මගේ පවුලේ සාමාජිකයන්ටත් ජීවිත හානි සිදුනොවුනද විශාල පරිමානයේ දේපල හානියක් සිදුවුනා.ඇත්තටම කීවොත් මේ ආපදාව නිසා ඇතිඋනු ලොකුම හානිය තමයි මගේ ගෙදර බිත්ති පුපුරලා යාම සහ ජීවත්වීමට නිසුදුසු මට්ටමකට නිවසේ වටපිටාව සැකසීම.අවට ගෙවල් වලටත් විශාල හා සුලු පරිමාණයෙන් අහිමිවීම් සිදුවුනා.උදාහරනයක් විදියට අපේ ගෙදරට ඉස්සරහ ගෙදර සම්පූර්නයෙන්ම පොලව තුලට ගිලාබැස්සා.
නිවේදකයා-ආපදාව තුලින් ඔබට කුමන ආකාරයේ බලපෑමක් සිදුවුනිද?
දත්ත දායකයා-බලපෑමක් වැඩිවශයෙන් ඇතිඋනේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු වලට.අපි දවල්ට විතරයි ගෙදර හිටියේ.ධාරානිපාත වර්ෂා දවස්වලට සහ රාත්‍රයට අපි සිටියේ අසල්වාසි නිවසක.
නිවේදකයා-එම ආපදාවට ලක්වුණු අවස්ථාවේ ඔබට දැනුණු හැඟීම මොන වගේද?
දත්තදායකයා-කවදාවත්ම ආපදාවකට ලක්නොවන ප්‍රදේශයක් වෙලාත් අපිට මෙහෙම ආපදා තත්වයක් ඇතිවීම පිළිබඳව තියෙන්නේ ලොකු බයක් කොයිවෙලේ ද ගෙදර සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නේ කියලා හිතල ලොකු දෙගිඩියාවක් තිබ්බා සම්පූර්ණයෙන්මගේ කඩා වැටුණොත් අපේ ජීවිතවලට ඉස්සරහට සිද්ධ වෙන්නේ කුමක්ද අපි අසරණ වෙයිද මේ වගේ ප්‍රශ්න හිතට ගලාගෙන ආවා. ඒ වෙලාවේ ලොකු අසරණ හැඟීමක් හිතට දැනුනා
නිවේදකයා- අපද අවස්ථාවේදී ජීවිතයට ලැබුණු අත්දැකීම මොන වගේද?
දත්ත දායකයා-ලොකුම අත්දැකීම තමයි ආපදාවක් වෙද්දි ක්‍රියා කළ යුතු ආකාරය වගේම තමයි ආපදාවකට මුහුණ දුන් කෙනෙක්ට උදව් කරන්නේ කොහොමද කියන එක ගැන අපේ අසල්වාසීන් අපිට උදව් කරපු විදිහෙන් අපි ඉගෙන ගත්තා අපි මෙච්චර කාලෙකට ආපදාවක් ගැන අහලා තිබුණේ දැකලා තිබුනේ රූපවාහිනියෙන්. හැබැයි සජීවීවම ඒ අත්දැකීමට මුහුණ දෙන්න ලැබීම මගේ ජීවිතය මම මුහුණ දුන්නු ලොකුම අභියෝගාත්මක අත්දැකීම වුණා.
නිවේදකයා-ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවුණු ආර්ථිකමය බලපෑම කොයි වගේද?
දත්ත දායකයා-ආර්ථිකමය වශයෙන් මුහුණ දීපු ලොකුම අභියෝගය තමයි ජීවත්වීමට නුසුදුසු නිවසක් බවට අපේ ඉන්න නිවස පත්වීමත් එක්ක අලුතින් නිවසක් සෑදීමට තිබූ අවශ්‍යතාවය. පියාහිමිවීමත් සමඟ ගෙදර මුළු ආර්ථික රාජකාරියම මවගේ කරපිට පැටවීම සමඟත් නොහිතපු විදිහට සිදුවනු මේ ආපදා තත්ත්වය හේතුවෙනුත් අපි ලොකු ආර්ථික පරිහානියකට පත්වුණා. මගේ පාසල් ගමනට සහ මගේ සහෝදරියගේ උසස් අධ්‍යාපන කටයුතුවලටත් නිවසේ එදිනදා අවශ්‍යතාවයන් වලටත් නොසිතූ ලෙස මේ තුළින් බලපෑමක් එල්ල වුණා.
නිවේදකයා-ආපදා තත්ත්වය තුළින් ඔබේ පාසල් ගමනට සහ අධ්‍යාපනයට සිදුවූ බලපෑම කුමනාකාරද?
දත්ත දායකයා-මේ ආපදාව සිද්ධ වෙද්දි මම හිටියේ නිදාගෙන සීයා තමයි මාවත් ඇහැරවෙලා මෙහෙම දෙයක් වෙලා පස්කන්දක් කඩන් වැටිලා කියලා මට කීවේ. එදා පාසල් යන සතියේ දවසක් මට ඒ කාලසීමාවේ උසස් පෙළ පන්තියේ තුන්වෙනි විභාණ දෙන්න තිබුණා ඒ නිසා සීය කීවා පාසල් යන්න කියලා ඉතින් මම පාසල් යන්න ලෑස්ති වෙලා මග දුරක් යද්දි මා ඔය හරහා තිබෙන පාලම මා ඔයේ ජල මට්ටම වැඩිවීමත් එක්ක යටවෙලා තිබුනේ.ඉතින් ඒ නිසා මට පාසල් යන්න එදා බැරි වුණා. ඒක මට අමතක නොවන අමිහිරි මතකයක්. හැබැයි මට සතුටුයි කියන්න මම කොහොමහරි මගේ අධ්‍යාපන ගමන ජයගත්තා. මේ වෙද්දී මම කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයෙක්.මට කියන්න තියෙන්නේ මොන ප්‍රශ්න බාධක ආවත් අධ්‍යාපන ගමන නවත්තන්න එපා .මොකද අපි වගේ මධ්‍යම පාන්තික මිනිස්සුන්ට ජීවිතය ජයගන්න තිබෙන ලොකුම අවිය අධ්‍යාපනය නිසා.
නිවේදකයා-රාජ්‍ය අංශය මගින් ලබා දුන් ක්‍රියාමාර්ග මොනවාද?
දත්ත දායකයා-කියන්න කණගාටුයි ක්ෂණිකවම ග්‍රාම සේවක නිලධාරීත් භූ විද්‍යා හා පතල් කැණීම් අංශයෙනුත් ආපදා තත්ත්වය ගැන බලන්න ආවත් ආපදා තත්වය පරීක්ෂා කොට අපට නිවසක් ඉදිකිරීමට අවශ්‍ය ආධාර ලබාදෙන බව ප්‍රකාශ කලත් කිසිදු සහනදායී මාර්ගයක් ආධාරයක් රාජ්‍යමය මැදිහත්වීමක් ඒ සඳහා සිදුවුණේ නැහැ. ආපදාව සිදු වී වසර තුනකට පසුව රජය විසින් නව නිවසක් සාදා ගැනීමට ආධාරයක් ලබාදුන්නත් ප්‍රමාණවත් මට්ටමකට එම මූල්‍යමය ආධාරය ලැබුණේ නැහැ.
නිවේදකයා-ආපදා තත්ත්වය තුළින් යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලසීමාවක් ගත වුණාද?
දත්ත දායකයා-2025 අවුරුද්ද වන විටත් 2021 වසරේ ආපදාවට පත්වීම තුළින්ම හානියට පත් වූ නිවස යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වීම පිළිබඳව කණගාටුයි .නාය යෑමෙන් පසුව වසර තුනක් ගත වීමෙන් පසුව ලබාදුන් මූල්‍යමය ආධාර මත දැනට මාස හතකට පමණ පෙර නිවස සෑදීම පටන් ගත්තද තවමත් එය සම්පූර්ණයෙන්ම සාදා නිම කිරීමට නොහැකි වී තිබෙනවා. අපි තවමත් කුලී පදනම මත කුලී නිවසක ජීවත් වෙනවා.
දත්ත දායකයා-රාජ්‍ය අංශයට අමතරව වෙනත් බාහිර පාර්ශ්වයන් විසින් ලබා දුන් ආධාර උපකාර මොනවාද?
දත්ත දායකයා-එහෙම බැලුවොත් අසල්වාසීන්ගෙන් ලැබුණු ආධාර උපකාර තමයි. ආපදාව තුළින් අපේ නිවස වගේම අවට වටපිටාවේ තියෙන ගෙවල් රාශියකට හානි සිදුවුණා .සමහර නිවෙස් සම්පූර්ණයෙන්ම කඩාගෙන බිමට සමතලා වුණා. ඉතින් අපි ඒගොල්ලොන්ට උදව් කරා සහ ඒගොල්ලෝ අපට උදව් කරා. අන්‍යෝන්‍ය උපකාරය කියන දේ එතන තිබ්බා. බාහිර පාර්ශ්වයන්ගෙන් ලැබුණ උදව් විදිහට අසල්වාසින්ගෙන් ලැබුණු උදව් උපකාර සලකන්න පුළුවන්.
ඔබට බෙහෙවින්ම ස්තුතියි අප වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වෙන් කළාට.