Tuesday, February 4, 2025

අද ලෝක පිළිකා දිනයයි


 අද ලෝක පිළිකා දිනයයි !!!


හුස්ම මොහොතක නතර කරවන

දෑස් අග මුතු කදුළු රන්දන

වේදනා බර පිළිල රෝගෙන්

නිවේවා සැම නිවේවා !!!

මොහොතකට හෝ නිවේවා !!!


සෑම වසරකම පෙබරවාරි 4 වන දින ලෝක පිළිකා දිනය යෙදී තිබෙනවා. එහි මෙවර (2025) තේමාව වන්නේ  "වෙනස්කම් මගින් එකමුතු වීම " ( united by urique ) යන්නයි. 

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය පෙබරවාරි 4 වන දිනට යෙදී තිබෙන බැවින් ජනතාව අතර ලෝක පිළිකා දින සැමරුමක් නොවුනද ලෝකයේ දැනට බෝ නොවන රෝගවලින් දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ පිළිකාවළින් වීම විශේෂයකි. 2019 වසර වන විට එය තෙවැනි ස්ථානයේ තිබුණද පසුගිය වසර පහ පුරාවට එය ශීඝ්‍රයෙන් වර්ධනය වී  දෙවැනි ස්ථානයට පැමිණ ඇත.


2022 වසර වන විට ලොව පුරා පිළිකා රෝගීන් මිලියන 20 ක් වාර්තා වී ඇත.එම වසරේ ම පිළිකා ආශ්‍රිත මරණ මිලියන 9.7ක් වාර්තා වී ඇති අතර, එයින් මරණ මිලියන 1.8කට හේතු වී ඇත්තේ පෙනහලු පිළිකා වේ.එය එම වසරේ සිදුවූ මරණවල ප්‍රතිශතයක් වශයෙන් 18.7%කි.

ගෝලීයව වැඩියෙන් ම වාර්තා වන්නේ ද පෙනහලු ආශ්‍රිත පිළිකා වන අතර, පියයුරු පිළිකා වාර්තාවීම් අතින් දෙවන ස්ථානයේ ද, ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තෙවනුව වැඩි වශයෙන් ද වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා ක

Thrive Phase 02 - Article 10 - අනාගත වෘත්තිය සැලසුම්කරණය

Thrive Phase 02 - Article 10 - Future Career Planning THRIVE PHASE 02 – ARTICLE 10 අනාගත වෘත්තිය සැලසුම්කරණය අනාගත වෘත...