Monday, September 25, 2023

World Environmental Health Day


The environment around us, the place we live, the food we eat, the surroundings we live in and the air we breathe, together add to our health. It is very important to live in a healthy environment that enhances our quality of life. Environment Health is a branch of public health which focuses on the relationship shared by human beings and their environment. It helps in fostering healthy and safer communities which can help both human beings and the environment to thrive. It also helps in promoting the importance of human health and their well-being.

Every year, World Environmental Health Day is celebrated on September 26. This year, World Environmental Health Day falls on Tuesday.

The theme for this year's World Environmental Health Day is - Global Environmental Public Health: Standing up to protect everyone's Health each and every day. "Environmental health is one of the largest fields within public health because of the myriad ways external forces can impact how people eat, live, and grow. These forces can be about addressing our natural environment (as in the case for clean water or sanitation), but they can also be the consequence of human beings' actions," wrote the International Federation of Environmental Health on their official website. On this day, various organisations get together to raise awareness about the importance of environmental health and explore methods to protect the environment.

The International Federation of Environmental Health (IFEH) has been working for the last thirty-two years to improve the health issues that threaten to kill human beings and are the reason for their suffering. The International Federation of Environmental Health, in 2011, announced World Environmental Health Day to be celebrated every year on September 26. This day is focused on creating awareness about environmental health.

Leo Ilanka Laksiri

Second year

Faculty of Arts

Wednesday, September 20, 2023

World Peace Day

 


සාමය හුදෙක් සුදු පරවියෙකු නොව; එය ඔබගේ ප්රයත්නයයි.

 

'ලෝක සාමය ආරම්භ වන්නේ සිනහවෙනි.'

-තෙරේසා මව්තුමිය-

සාමය යනු ලෝකය තුළ අත්දැකීමට ලැබිය යුතුම  සුන්දර අත්දැකීමකි. සාමය යන වදන තුළින් එය අරුත් ගැන්වේ.

 සා- සාමුහිකත්වය

  - මනුෂ්යත්වය

 - යථාර්ථය

සාමූහිකත්වය, මනුෂ්යත්වය බැඳි යථාර්ථය  , සාමය නමි. ලෝක සාමය යනු ඉහත කී සුන්දර අත්දැකීම ලොව තුළ ස්ථාපිත කරවීමයි. එකී ලෝක සාමය වාර්ෂිකව සැමරීම, ලොව පුරා ව්යාප්ත කරවීම අරමුණු කොට එක්සත් ජාතීන් විසින් අනුමත කරන ලද ' ජාත්යන්තර සාම දිනය' සැප්තැම්බර් විසි එක් වන දිනට යෙදී ඇත.

සාම දිනය පුරාවට අවිහිංසාව, සටන් විරාමය පවත්වමින් සාමයේ පරමාදර්ශය ශක්තිමත් කිරීමට කැප වූ දිනයක් ලෙස එක්සත් ජාතීන් ලෝක සාම දිනය ප්රකාශයට පත් කර ඇත.

සාමය සඳහා වූ ලැදියාව සෑම මිනිසෙකු තුළ තිබිය යුතු  වැදගත් අපේක්ෂාවක් බැවින් සාමය සඳහා කටයුතු කිරීම සෑම පුද්ගලයකුගේම වගකීම බව ප්රත්යක්ෂ කරවීම සඳහා යුද්ධය ,ත්රස්තවාදය හා ගැටුම් පවත්නා රටවල් පමනක් නොව ලොව පුරා බොහෝ රටවල් මෙම දිනය සමරයි.ජාත්යන්තර සාම දිනය ප්රථම වරට 1981 දී එක්සත් ජාතීන්ගේ ඒකමතික යෝජනවෙන් සෑම වසරකම සැප්තැම්බර් මස තෙවන සතියෙහි අඟහරුවාදා දින සැමරීමට සම්මත වූ අතර 2001 සිට වාර්ෂිකව  සෑම සැප්තැම්බර් විසි එක් වන දින ජාත්යන්තර සාම දිනය සැමරීමට සම්මත වුණි.

2023 වසර සඳහා තේමාව වී ඇත්තේ ' Actions for Peace : Our ambition for the #GlobalGoals.'(සාමය සඳහා ක්රියාවන්: # ගෝලීය ඉලක්ක සඳහා අපගේ අභිලාෂය) යි.

එය සාමය පෝෂණය කිරීමෙහිලා පුද්ගල මෙන්ම සාමූහිකව පවත්නා වගකීම සිහි කැඳවන්නකි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන ආකාරයට  යුද්ධය හා ගැටුම් , ව්යවසනකාරීබව, දරිද්රතාව හා දුප්පත්බව පතුරවමින් ,මිලියන සංඛ්යාත මිනිසුන්ට සිය දේපළ අහිමි කරවමින් සිටින අතර ,තවද දේශගුණික විපර්යාසයන් මෙන්ම සාමකාමී රටවල් පවා වර්තමානයේ අසාමානාත්මතාවයේ හා දේශපාලන ධ්‍රැවීයකරණයේ ග්‍රහණයට හසුව ඇති බවයි . 

එසේම බියෙන් ,ප්රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ,යුක්තිසහගතසර්ව සම්පූර්ණ සමාජයක් වෙත අප සමීප කරවීම 2023 තිරසාර සංවර්ධන අරමුණු අතර වේ.

තිරසාර සංවර්ධන  අරමුණු සාක්ෂාත් කරවීම උදෙසා සාමයේ පැවැත්ම ඉතා වැදගත් වේ.

උක්ත කරුණු  අනුව ලොව තුළ  සාමය සනිටුහන් විමේ  අවශ්යතාවය, පෙරටත් වඩා වර්තමානයේ අපට දැනෙමින් පවතී. එනිසා, ජාත්යන්තර සාම දිනය සැමරීමට ඔබ කුමන ප්රයත්නයක් ගත් වඩා වැදගත් වනුයේ දිනයකට සීමා නොවී,  ලෝකය සාමකාමී ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගැනීමයි.

 

Leo Nuwani Sandeepani

Second year

Faculty of Arts

Sunday, September 17, 2023

විවියන් ගුණවර්ධන

 


කාන්තා වීරවරියක වූ ඇයගේ කතාවෙන් මතකාවර්ජනයක්....

 

 ශ්රී ලංකාවේ දේශපාලන ක්රියාන්විතය තුළ ක්රියාකාරි සාමාජිකාවක් ලෙස විවියන් ගුණවර්ධන හදුන්වා දිය හැකිය. ඇය 1916 සැප්තැම්බර් 18 වන දින 'ගුණවර්ධන වයලට් විවියන් ගුණතිලක' නමින් ආචාර් දොන් ඇලසන් ගුණතිලක සහ එමිලි ඇන්ජලීන් ගුණවර්ධන නම් උසස් පවුල් පසුබිමක් සහිත දෙමාපියන් දාව උපත ලැබුවා .

'විවි' නමින් ආමන්ත්රණය කරන ඇය සූරිය මල් ව්යාපාරයට සම්බන්ධ වී අසාධාරණය වෙනුවෙන් පෙනී සිටියා . එය ඇගේ දේශපාලන දිවියේ ආරම්භය සනිටුහන් කිරීමට සමත් විය. ඇය විවාහ වූයේ ලංකාවේ පළමු දේශපාලන පක්ෂය වන, ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කළ ලෙස්ලි ගුණවර්ධන සමගින් . තුළින් විවියන් ගුණවර්ධන ලංකා සමසමාජ පක්ෂයේ නැගී සිටීම උදෙසා කටයුතු කළාය.

1934 කාලවකවානුව තුළ ඇති වූ දරුණු ව්යසන තත්ත්වය තුළදි ඇය ස්වේච්ඡාවෙන් සහාභාගි වී පීඩාවට පත් දුප්පත් ජනතාවට ඇගේ නිවස පවා රෝගින්ගේ රෝහලක් බවට පත් කළාය.

ඇයගේ දේශපාලන දිවිය තුළ ඇය 1950 සිට 1954 දක්වා 1960 සිට 1969 දක්වා කොළඹ මහ නගර සභාවේ මන්ත්රිවරියක ලෙස කටයුතු කළ අතර එහි දී ඇය දුප්පත් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් සෑම මොහොතක පෙනී සිටි අතර ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට මහත් වූ උත්සහයක් ගත්තා .

 එමෙන් ඇය සමස්ත ලංකා පළාත් පාලන සේවක සංගමයේ සභාපතිනිය ලෙස විශාල සේවයක් මිය යන තුරු ඉටු කරන ලදී. තව විවියන් ගුණවර්ධන ශ්රි ලංකා ස්ත්රීවාදි ව්යාපාරය තුළ ක්රියාකාරි සාමාජිකාවක් වූ අතර නිරන්තරයෙන් කාන්තාවන් උදෙසා හඩ නැගු ප්රබල චරිතයක් වූවා .

ඇය මෙරට ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ පළමු සහ එකම කාන්තා ජාතික වීරවරිය ලෙස සියලු දෙනාගේ සම්භාවනාවට පාත් විය. විවියන්ගේ දේශපාලන ඉතිහාසය තුළ ඇය සෑම සමාජ පැතිකඩක් එනම්, අධ්යාපන,බැංකු,වෙළද ආදි බොහෝ අංශයන් වැඩි දියුණු කීරිමට උත්සහ ගෙන ඇත.

 එමෙන් දේශපාලන ක්රියාන්විතය තුළ ඇය ස්වදේශ කටයුතු ලේකම් හා කනිෂ්ඨ සෞඛ්යය ඇමති යන ධුරයන් හොබවා ඇත.

මෙලෙස ශ්රී ලංකාවේ යටත් විජිත විරෝධී ක්රියාකාරිනියක සහ ශ්රී ලංකා වාමාංශික ව්යාපාරයේ ප්රමුඛතම කාන්තා චරිතය සේ දේශපාලන ක්රියාදාමය තුළ වටිනා චරිතයක් වූ විවියන් ගුණවර්ධන 1996 මාර්තු මස 10 වන දින ඇගේ දේශපාලන දිවියේ අවසානය සනිටුහන් කළා .

දේශපාලන වේදිකාවේ ප්රමුඛ සාමාජිකාවක් වූ විවියන් ගුණවර්ධන නම් වූ ඇය, කාන්තා චරිතයක් ලෙස දේශපාලන ක්රියාන්විතය තුළ කළා වූ වටිනා කර්තව්යය සැප්තැම්බර් 18 වන ඇගේ ජන්ම දිනය දා මෙලෙස ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

Leo Umesha Hansanie

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...