සාමය හුදෙක් සුදු පරවියෙකු නොව; එය ඔබගේ ප්රයත්නයයි.
'ලෝක සාමය ආරම්භ වන්නේ සිනහවෙනි.'
-තෙරේසා මව්තුමිය-
සාමය යනු ලෝකය තුළ අත්දැකීමට ලැබිය යුතුම සුන්දර ම අත්දැකීමකි. සාමය යන
වදන තුළින් ම එය අරුත් ගැන්වේ.
සා-
සාමුහිකත්වය
ම
- මනුෂ්යත්වය
ය-
යථාර්ථය
සාමූහිකත්වය, මනුෂ්යත්වය බැඳි යථාර්ථය
, සාමය නමි.
ලෝක සාමය යනු ඉහත කී සුන්දර අත්දැකීම ලොව තුළ ස්ථාපිත කරවීමයි. එකී ලෝක සාමය වාර්ෂිකව සැමරීම, ලොව පුරා ව්යාප්ත කරවීම අරමුණු කොට එක්සත් ජාතීන් විසින් අනුමත කරන ලද
' ජාත්යන්තර සාම දිනය' සැප්තැම්බර් විසි එක් වන දිනට යෙදී ඇත.
සාම දිනය පුරාවට අවිහිංසාව, සටන් විරාමය පවත්වමින් සාමයේ පරමාදර්ශය ශක්තිමත් කිරීමට කැප වූ දිනයක් ලෙස එක්සත් ජාතීන් ලෝක සාම දිනය ප්රකාශයට පත් කර ඇත.
සාමය සඳහා වූ ලැදියාව සෑම මිනිසෙකු තුළ ම තිබිය යුතු වැදගත් අපේක්ෂාවක් බැවින් සාමය සඳහා කටයුතු කිරීම සෑම පුද්ගලයකුගේම වගකීම බව
ප්රත්යක්ෂ කරවීම සඳහා යුද්ධය
,ත්රස්තවාදය හා ගැටුම් පවත්නා රටවල් පමනක් නොව ලොව පුරා බොහෝ රටවල් මෙම දිනය සමරයි.ජාත්යන්තර සාම දිනය ප්රථම වරට 1981 දී එක්සත් ජාතීන්ගේ ඒකමතික යෝජනවෙන් සෑම වසරකම සැප්තැම්බර් මස තෙවන සතියෙහි අඟහරුවාදා දින සැමරීමට සම්මත වූ
අතර 2001 සිට වාර්ෂිකව
සෑම සැප්තැම්බර් විසි එක් වන දින ජාත්යන්තර සාම දිනය සැමරීමට සම්මත වුණි.
2023 වසර සඳහා තේමාව වී ඇත්තේ ' Actions for Peace : Our ambition for
the #GlobalGoals.'(සාමය සඳහා ක්රියාවන්: # ගෝලීය ඉලක්ක සඳහා අපගේ අභිලාෂය) යි.
එය සාමය පෝෂණය කිරීමෙහිලා පුද්ගල මෙන්ම සාමූහිකව ද පවත්නා වගකීම සිහි කැඳවන්නකි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන ආකාරයට යුද්ධය හා
ගැටුම් , ව්යවසනකාරීබව, දරිද්රතාව හා දුප්පත්බව පතුරවමින් ,මිලියන සංඛ්යාත මිනිසුන්ට සිය දේපළ අහිමි කරවමින් සිටින අතර
,තවද දේශගුණික විපර්යාසයන් මෙන්ම සාමකාමී රටවල් පවා වර්තමානයේ අසාමානාත්මතාවයේ හා දේශපාලන ධ්‍රැවීයකරණයේ ග්‍රහණයට හසුව ඇති බවයි .
එසේම බියෙන් ,ප්රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ,යුක්තිසහගත, සර්ව සම්පූර්ණ සමාජයක් වෙත අප සමීප කරවීම 2023 තිරසාර සංවර්ධන අරමුණු අතර වේ.
තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරවීම උදෙසා සාමයේ පැවැත්ම ඉතා වැදගත් වේ.
උක්ත කරුණු අනුව ලොව තුළ සාමය සනිටුහන් විමේ අවශ්යතාවය, පෙරටත් වඩා වර්තමානයේ අපට දැනෙමින් පවතී. එනිසා, ජාත්යන්තර සාම දිනය සැමරීමට ඔබ කුමන ප්රයත්නයක් ගත් ද වඩා වැදගත් වනුයේ දිනයකට සීමා නොවී, ලෝකය සාමකාමී ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගැනීමයි.
Leo Nuwani Sandeepani
Second year
Faculty of Arts