Thursday, September 28, 2023

ලෝක හදවත් දිනය


ලෝක හදවත් දිනය

හදවත යනු ලේ මස්වලින් සැදුම් ලද්දක් ම නොවේ.ඊට එහා ගිය මිනිස් සිරුරේ ඇති වටිනාම හා සුවිශේෂී අවයවයකි.ඒ ඉන්ද්‍රිය ආරක්ෂා කිරීම ඒ පිළිබදව දැනුවත් වීම සම්බන්ධ කොට ගෙන ලෝක හදවත් දිනය ලෙස දින දර්ශනයේ දිනයක් වෙන්වීමම එහි ඇති වැදගත්කම පිළිබඳ තව තවත් පසක් කරනු ඇත.ලෝක හදවත් දිනය යනු සෑම වසරකම සැප්තැම්බර් 29 වන දින පවත්වන වැදගත් වාර්ෂික සිදුවීමකි.හෘද රෝග හෘද වාහිනී රෝග කළමනාකරණය සදහා එහි වැළැක්වීමේ පියවර පිළිබඳ දැනුවත් කිරීම සදහා ගෝලීය වශයෙන් විවිධ ක්‍රියාකාරකම් සහ දැනුවත් කිරීම් සංවිධානය කිරිම මගින් හෘද දිනය සමරනු ලැබේ.මෙහිදී  ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ හෘද වාහිනී රෝගවල සංඥා හා රෝග ලක්ෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා තව දුරටත් සංකූලතා වැළැක්වීම හා පාලනය කිරීම තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ජනතාව දිරිමත් කිරීමයි.

හදවත යනු මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් වන අතර එය ක්‍රියා විරහිත වීම මාරාන්තික වීමට හේතු විය හැකිය.එබැවින් හෘද සෞඛ්‍ය පිළිබඳ සැළකිලිමත් වීම සෑම කෙනෙකුට බාල මහලු භේදයකින් තොරව ඉතාමත් වැදගත් කරුණකි .සෑම වසරකම මිලියන 1.7 ක ජනතාවක් හෘද රෝග හේතුවෙන් මිය යන අතර එය සමස්ත ගෝලීය මරණවලින් 31% ක් පමණය වේ.

හෘදයාබාධ ,ආඝාතය හා කිරීටක හෘද රෝග හෘද වාහිනී ආබාධ හේතුවෙන් සිදුවන මරණ සදහා පොදු හේතුවකි.හෘද සෞඛ්‍යයේ වැදගත්කම අවබෝධ කිරිම සදහා ක්‍රියාකාරීව අනෙකුත් සංවිධාන එකතු කිරීම සදහා ලෝක හෘද දිනය වැදගත් කාර්යයක් ඉටු කරයි.

2023 වසරේ හෘද දින තේමාව වී ඇත්තේ " හදවත භාවිතා කරන්න, හදවත දැන ගන්න" යන්නයි.ලොව පුරා සිටින සෑම කෙනෙකුටම තම හදවත් ගැන සැළකිලිමත් වීමට කරන සිහිකැදවීමකි මේ.මෙම තේමාව අවධාරණය කරන්නෙ පළමුව තම හදවත දැන හදුනාගැනීමයි. එය කළ හැක්කේ එය දන්නා හා එයට ආදරේ කරන අයට පමණි. අප හෘදය පිළිබඳ වැඩි විස්තර දැන ගත් විට අපට වඩා හොදින් එය රැක බලා ගත හැකිය.වසරින් වසර ලෝක හෘද දින තේමාව වෙනස් වේ.

* 2022 - සෑම හදවතක් සදහාම හදවත. 

* 2021 - සම්බන්ධ වීමට හදවත භාවිතා කරන්න.

* 2020 - CVD පරාජය කිරීමට හදවත භාවිතා කරන්න.

* 2019 - හදවතේ වීරයෙක් වෙන්න.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු සභාපති Antoni Baie de Luna විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගීතාවයෙන් යුතුව 1999 දී ආරම්භ කර ඇත.2000 සැප්තැම්බර් 24 වන දින පළමු නිල ලෝක හෘද දිනය සැමරීම සිදුවිය. 2025 වන විට ලෝකයේ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන ගෝලීය මරණ සංඛ්‍යාව 25% කින් මැඩලීමේ අදහසින් 2012 දී ගෝලීය නායකයින් එකතු වී මේ සදහා ක්‍රියාකාරීව සහභාගි වන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටි අතර සැප්තැම්බර් 29 වන දින ගෝලීය ලෝක හෘද දිනය ලෙස සළකුණු කරන ලදී.

හදවත නීරෝගීව තබා ගැනීමට ශරීර ස්කන්ධ දර්ශකය පාලනය යටතේ පවත්වා ගැනීම,උදාසීන ජීවන රටාවෙන් වැළකීම ,අධි රුධිර පීඩනය හා ඉහළ කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳ සැළකිලිමත් වීම, දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම , ආතති කළමනාකරණය සිදු කිරීම කළ හැක.

වර්තමාන සමාජය තුළ සිදුවන ගෝලීය මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරන්නා වූ හෘද රෝග වළක්වා ගැනීමට තම තමන් ක්‍රියාමාර්ග සලසා ගතයුතු වීම වැදගත් වේ.අප අපගේ හදවත ආරක්ෂා කර ගත යුතුය. එබැවින් අප අපගේ හදවත දැන ගෙන එයට ආදරය කිරීම කළ යුතුමය.

Leo Maleesha Kavindi

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...