Thursday, September 28, 2023

බිනර පෝහොයේ වැදගත්කම සැකෙවින්.....

 


බිනර පෝහොයේ වැදගත්කම සැකෙවින්.....

ලංකාවාසි මෙන්ම සකළ විධ බොදුනුවන්ට අතිශයින්ම වැදගත් පුන් පොහොය දිනයක් ලෙස බිනර පොහොය හඳුන්වා දිය හැකිය.සැප්තැම්බර් මාසයේ එනම් බිනර මාසයේ දී  යෙදී ඇති පොහොය බිනර පොහොයයි.සකලවිධ බොදුනුවන්ට එය අතිශයින් සුවිශේෂී වනුයේ බිනර පොහොය ශාසනික මෙන්ම සාහිත්‍ය වශයෙන් ද ඉතා වැදගත් පොහොය දිනයක් වන නිසාය. බිනර පොහොය වස් කාල සීමාවට අයත් ප්‍රධාන පොහොය කි .වැසි සාර මස දී භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමයන්ට අනුව තමාගේ චරිතයට සරිලන කර්මස්ථානයක් තෝරා ගෙන විවේකී ප්‍රදේශයක බවුන් වඩා කාලය ගත කිරීම වස් කාලයයි . වස්කාල සීමාව බුද්ධ කාලීනව ආරම්භ වී අද දක්වාම අඛණ්ඩව පවතින්නකි.සෑම බෞද්ධයෙකුට ම පාහේ මෙම වස්කාල සීමාවෙ උතුම් කුසල රැස් කර ගැනීමට ඉඩ සැලසෙන වැදගත් පොහොය දිනයක් ලෙස ද බිනර පොහොය හඳුන්වා දිය හැකිය.

බිනර පොහොය යනු ,ප්‍රධාන ශාසනික සේවාවන් සිදු වූ මහඟු පුන් පොහොය දිනය කි.කාන්තාවන්ට බුද්ධ ශාසනයට ඇතුල් වීමට වරම් නොතිබූ අතර මහා ප්‍රජාපතී දේවිය සහ පරිවාර කාන්තාවන් පන්සියයක් දෙනාට පැවිදි භාවය ඉල්ලා සිටි අවස්ථාවේ බුදුන් වහන්සේ කාන්තාවන්ට සසුන් ගතවීමට අවසර ලබා දුන්නේ අද වන් බිනර පොහොය දිනකදී ය.බුද්ධ කාලීනව පුරුෂයන්ට පමණක් සසුන්ගත වීමට තිබූ අවස්ථාව වියැකී පුරුෂයන්ට මෙන් ම කාන්තාවන්ට ද  සසුන් ගතවීමට ඉඩ ප්‍රස්ථාව හිමි වූයේ  අදවන් දිනක දීය.මෙසේ මෙහෙණි  සස්න ආරම්භය සිදු වීම බිනර පොහොයේ සිදු වූ ඉතා වටිනා ශාසනික සේවාව කි.

බිනර පොහොයේ සිදු වූ මෙහෙණි සස්නේ ආරම්භයත් සමග බුදුන් වහන්සේ විසින් අෂ්ට ගරු ධර්ම අට පැනවීම ද මේ පොහොය දියනේ සිදු වූ වැදගත් සිදුවීමකි.මහා ප්‍රජාපතී දේවිය ඇතුළු පිරිස පැවිදි භාවය ඉල්ලා සිටි අවස්ථාවේ අෂ්ටගරු ධර්ම අටක් පනවා එය පිළිගන්නේ නම් පැවිදි භාවයට අවසර හිමි වන බව බුදුන් වහන්සේ දේශනා කළ අතර ප්‍රජාපති දේවිය ඇතුළු පිරිස එය පිළිගෙන මෙහෙණි සස්න ආරම්භ විය.

බුදුන් වහන්සේ විසින්බිනර පෝදා පැනවූ අෂ්ට ගුරු ධර්ම අට මෙසේය.

1.උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුවද එදිනම උපසම්පදාව වූ භික්ෂුවකට වැඳුම් පිදුම් කළ යුතුය.

2. භික්ෂුන් නැති පෙදෙසක භික්ෂුණිය වස් නොවැසිය යුතුය.

3. භික්ෂුණිය අඩ මසකට වරක් භික්ෂූන් වහන්සේ වෙත පැමිණ අවවාද ලබාගත යුතුය.

4. වස් අවසානයේදී භික්ෂු - භික්ෂුණි උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.

5. යම් වරදක් සිදුකළ භික්ෂුණියක් වෙතොත් ඇය සය මසක් භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට ආවතේව කළ යුතුය.

6. වසරක් සාමණේර තත්ත්වය හික්මවීමෙන් පසු භික්ෂු පිරිසක් ඉදිරියේදී උපසම්පදා ලැබිය යුතුය.

7. කිසිම දෙයකට භික්ෂුණිය භික්ෂුවකට බැන නොවැදිය යුතුය.

8. භික්ෂුවකට භික්ෂුණිය කිසිවිටකත් අවවාද නොකළ යුතුය.  

මෙම ප්‍රධාන වැදගත්කම්වලට අමතර දිනයට පොහෝදා පොහෝදා සිදු වූ තවත් වැදගත්කම් රාශියකි.එනම්,

1.බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කිරීම.

2.තපස්සු භල්ලුක   වෙළඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ලබා දුන් කේශ ධාතු නිදන් කර ගිරිහඩු සෑය නිර්මාණය කිරීම.

3.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවශේෂ වූ ග්‍රිවා ධාතූන් වහන්සේ ලක් දිව ප්‍රථම ස්තූප වහන්සේ ලෙස සැලකෙන මහියංගණ සෑ රදුන්ගේ තැන්පත් කිරීම.

4.ලලාට ධාතූන් වහන්සේ නිධන් කර ඇත්තේ සේරුවිල මංගල මහා සෑයේ වාර්ෂික පෙරහර පැවැත්වීම.

5.මහා සෑය මූලික කොට වාර්ෂික පෙරහර පැවැත්වීම.

ආදිය පෙන්වා දිය හැකිය.

මෙහෙණි සස්නේ ආරම්භයත් සමග වැදගත් කම් රාශියක් ගැබ් වූ වස්කාලීන පොහොය දිනයක් වන බිනර පොහොය සකලවිධ බොදුනුවන්ට අතිශය වැදගත් වූ පුරපසළොස්වක පොහෝ දිනයක් ලෙස හඳුන්වා දිය හැකිය.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...