Wednesday, September 25, 2024

ලෝක පාරිසරික සෞඛ්‍ය දිනය

 


සෑම වසරකම සැප්තැම්බර් මස 26 වන දින ලෝක පාරිසරික සෞඛ්‍ය දිනය වශයෙන් නම් කර තිබේ.2024 වර්ෂය තුළදී මෙම දිනය සැමරීම සඳහා පාදක කරගනු ලබන තේමාව වන්නේ " පාරිසරික සෞඛ්‍ය, ආපදා අවදානම් අවම කිරීම සහ දේශගුණික විපර්යාසයන් අවම කිරීම සඳහා සහ අනුවර්තනය හරහා ඔරොත්තු දෙන ප්‍රජාවන් නිර්මාණය කිරීම" වේ.

මෙම ලෝක පාරිසරික සෞඛ්‍ය දිනය සඳහා අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ 1986 වර්ෂය තුළ එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටුවන ලද ලාභ නොලබන සංවිධානයක් වන පාරිසරික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය වේ.මෙහි මූලික අරමුණ වන්නේ මිනිසුන් අතර පාරිසරික සෞඛ්‍ය පිළිබඳ දැනුම බෙදා හැරීම සහ අපගේ පෘථිවියේ පාරිසරික තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා රටවල් අතර සහයෝගීතාවය  ප්‍රවර්ධනය කිරීම වේ.

2011 වර්ෂයේ  ඉන්දුනීසියාවේදී  පාරිසරික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය මගින් පවත්වන ලද රැස්වීමකදී සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 26 වන දින ලෝක පාරිසරික සෞඛ්‍ය දිනය වශයෙන් නම් කරන ලදී.

පාරිසරික සෞඛ්‍ය යනු මානව ශරීරයට පිටතින් පවත්නා සෞඛ්‍ය වේ.එනම් මිනිසාගේ ශාරීරික සහ රෝගී තත්ත්වයන් සඳහා බලපෑම් සිදුකල හැකි බාහිර පාරිසරික සාධකයන් වේ. මිනිසාගේ පැවැත්ම සඳහා  මෙම පාරිසරික සාධක මගින් සිදු කරන බලපෑම සුළු පටු නොවේ.

ලෝක පාරිසරික හා සෞඛ්‍ය දිනය සෑම වර්ෂයක් තුළදීම පහත සඳහන් අරමුණු මූලික කොටගෙන සමරනු ලැබේ.

(1) පරිසර දූෂණය, දේශගුණික විපර්යාස, කාර්මීකරණය, නාගරීකරණය, ගෝලීයකරණය සහ දුර්වල සනීපාරක්ෂාව මගින් මානව සෞඛ්‍යයට එල්ල වන අඛණ්ඩ තර්ජන පිළිබඳව දැනුවත් කිරීම.

(2) ලොව පුරා සිටින පාරිසරික සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ කැපවීම සහ වැඩ හඳුනා ගැනීම.

(3) ස්වභාවික පරිසරය, වාතය, ජලය, ආහාර, නිවාස සහ ප්‍රජාවන්ගේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම.

තමාගේ පැවැත්ම සඳහා පරිසරයේ පැවැත්ම ඉවහල් වන බැවින් පාරිසරික සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම  ඔබ අප කාගේත්  යුතුකමක් හා වගකීමක් වේ.

Leo Supun Dilshan 

Second Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...