Saturday, September 6, 2025

බිනර පොහෝ දිනය

බිනර පොහෝ දිනය

☸️🌕 බිනර පොහෝ දිනය 🌕☸️

වස්සාන සමයෙහි ‍එළඹෙන පෝය දිනයන් අතුරෙන් බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍යය අතින් ද වැදගත් පෝය දිනයෙකි. අවුරුද්දේ එළඹෙන වැසි සාරමාසය අමුතු හාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රක‍ට ය.

භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිපඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය දෙස විමසන විට පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහන්සේ වෙතින් අවවාද අනුශාසනා ලබාගෙන විවේකී ප්‍රදේශයන්හි වස් වසා භාවනා කර්මයන්හි යෙදී මාර්ග ඵලාවබෝධය ලබාගත් භික්ෂූන් වහන්සේලා පිළිබඳ විස්තර බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබේ.

විශේෂයෙන්, වස් සමය මහාණුන් දම් පුරන, දායකයනට ශ්‍රද්ධා ගුණ වර්ධනයට සහ මාර්ගඵලාවබෝධයට හේතු වන අතිශය වැදගත් කාලයක් ලෙස සලකනු ලබයි. එය දිනපතා බණ පින්කම්, සසුන් වැඩ සහ දම් දේශනා වලින් පිරී ගිය සොම්නස් සුවය දනවන සමයකි.

එසේම සරත් කාලයේ ආරම්භය ද බිනර පසළොස්වක් පෝය දිනයේ සිට සලකයි. සරත් ඍතුවේ ස්වභාවික සෞන්දර්‍යය කවියන් විසින් විස්තරාත්මකව ගායනා කර ඇති අතර, බිනර මාසය ශාසනික, සාහිත්‍යමය සහ සංස්කෘතික අගයක් මෙන්ම අපගේ ජීවිතයට අලුත් ආලෝකයක් ගෙන දෙන කාලයකි.

Binara Full Moon Poya Day
🌕☸️ බිනර පොහෝ දිනය – ශාසනික, සාහිත්‍යමය සහ සංස්කෘතික වැදගත්කම 🌕☸️

Thrive Phase 02 - Article 10 - අනාගත වෘත්තිය සැලසුම්කරණය

Thrive Phase 02 - Article 10 - Future Career Planning THRIVE PHASE 02 – ARTICLE 10 අනාගත වෘත්තිය සැලසුම්කරණය අනාගත වෘත...