Sunday, December 3, 2023

International Day of Persons with Disabilities (IDPD)


        Disability is part of being human and is integral to the human experience. It results from the interaction between health conditions such as dementia, blindness or spinal cord injury, and a range of environmental and personal factors. An estimated 1.3 billion people - or 16% of the global population - experience a significant disability today. This number is growing because of an increase in noncommunicable diseases and people living longer. Persons with disabilities are a diverse group, and factors such as sex, age, gender identity, sexual orientation, religion, race, ethnicity and their economic situation affect their experiences in life and their health needs. Persons with disabilities die earlier, have poorer health, and experience more limitations in everyday functioning than others.

        The annual observance of the International Day of Disabled Persons was proclaimed in 1992, by the United Nations General Assembly resolution.It is celebrated every year on 3rd December.

         The day is about promoting the rights and well- being of persons with disabilities at every level of society and development, and to raise awareness of the situation of persons with disabilities in all aspects of political, social, economic, and cultural life. WHO organizes an annual IDPD event to educate the public, raise awareness, advocate for political will and resources, and celebrate WHO's achievements at Its headquarters in Geneva.

        This International Day of Persons with Disabilities provides us with an opportunity to shed light on the challenges faced by people with disabilities and those that care for them and to foster inclusivity within our communities . It serves as call to action for understanding, breaking barriers and celebrating the richness that diversity brings to our communities.


Leo Hiruni Aththanayaka

First Year

Faculty of Arts

Saturday, December 2, 2023

තනිකම... Loneliness....


පෑන් තුඩුවට සුසුම බර කර

හැඟුම් පොදියම එකට කැටිකර ඔහේ 

ලියා දැමුවෙමි

කිසිත් නොසිතම

නොලද ප්‍රේමෙක මතක පොදියම 

සිතුවමක් මෙන් මැවී තනිකම 

රිදුම් දෙන මේ පාළු මැදියම 

දරා ගත්තෙමි තනිව තනිකම 

වැටෙන කඳුලැල් උණුය තවමත් 

බොඳ වෙලා ගිය ලියූ කවියත්

තනිකමේ රස කියා දුන්නා තවත්

ඉතින් හිතවත

අනෙක් පස හැරී දෙනෙත් වැසුවෙමි මමත්


"Heavy sighs at the tip of the pen,

You condense all the emotions within.

I wrote them down

Without much thought,

Memories of unrequited love,

Creating loneliness like a painting,

This painful middle of loneliness,

I endured loneliness alone,

The falling tears still hot,

The blurred poem

Taught me more about the taste of loneliness,"

So dear,

I also turned and closed my eyes.


Leo Rashmi Erandi

Third Year

Faculty of Arts

Friday, December 1, 2023

මතක…

 


අමතක නොවූ මතකයේ රැඳුණු මතකයන් වෙනුවෙන් ජීවිතේ ජීවත් වන ඔයා වෙනුවෙන් ලියන්නම් අද…

පරණ මතක පොත් ආයේ අවුස්සනකොට පරණ කඩදාසි සුවඳ ළඟ අපි හැමෝම මොහොතක් හරි නතර වෙන බව නොඅනුමානයි. අමාරුවෙන් අමතක කරපු මතක, සමහර වෙලාවට පණ පිටින්ම වලදාපු පරණම මතක වගේම ජීවිතේට මූණවත් නොබලනවා කියලා අපි හිතා ගත්ත දේවල් අපේ හිත් කොච්චර රවට්ටන්න ඇති ද, සමහර දේවල් මතක් වෙද්දි නෙතු අදටත් තෙමෙන්නේ, ඒ මතක කොච්චර නීරස උනත් අපි ආදරේ කරන නිසාමයි නේද…?

නොගැලපුණු හදවත්

නිසා අපිට රිදුණු තරමක්

ලියූ නොලියූ වචන අතරේ

හඳට, තරුවට වගේම අමාවකටත්

අපි බැනපු තරමක්..

 

නොනැගුණු රහසක්

හිතට හිත රිද්දූව තරමක්

කොහොම ලියුවත් අදත්

මතක නුබ මා දවන

අමිහිරිම තනුවක්…

 

ගීතය කියන්නෙම මත්ද්‍රව්‍යයක් බව සැබෑවක්. සමහර ගීත ඇතුලේ නොකී හැඟීම් තෙරපෙන විදිහ හරිම අපූරුයි.

 

“මතක ලන්තෑරුම් අඳුර මැද

ඔබේ හුස්මක සුවඳ දැනුණා

අහම්බෙන් මට මුරුගසන් වැහි

පැත්තේ මම තනියෙන්ම තෙමුණා”

( අභිෂේකා විමලවීර)

 

එකම හැඟීමක් තුළ දුක,සතුට දැනෙනවා වගේම මතක් වෙන වාරයක් පාසා මුවඟ සිහින් සිනහවක්, තුටු කඳුළක් රැඳෙනවානම් ඒ තමයි, නුබ වගේම මාත් දවන නිවාලන “මතක”

ඉතිං අවසානයේ ලියන්නම්,

මතක පොත කොච්චර බර උනත් ආදරේ මල් වැහි එක්ක ඔයා හිනාවෙලාම ඉන්න…

 

Leo Shashikala Kalhari

Second Year 

Faculty of Arts

Monday, November 27, 2023

සටන් කලාවේ පුරාවෘත්තයක් වූ බෲස්ලිගේ උපන්දාව

 


1940 වර්ෂයේ නොවැම්බර් 27 වන දින ඇමෙරිකා කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සින්කෝ හිදී ලී ජුන්-ෆෑන් උපත ලබා ඇත. නමුත් වෘත්තීමය ජීවිතය තුළ දී ඔහුගේ අන්වර්ථ නාමය බෲස් ලී ලෙස ප්‍රකට විය.

කැන්ටනීස් ඔපෙරා ගායකයෙකුගේ පුතෙකු වීම නිසාම බෲස්ලිට සිනමා ලෝකයට ඇතුළත් වීමට අවකාශය ලැබිණි. එහී දී පියාගේ සංචාරයන් ඔස්සේ ලී ට ළමා වියේ දි චිත්‍රපට කිහිපයකට පෙනී සිටීමට අවස්ථාව උදා විය. එසේ ම ලීගේ වීදී සටන් හේතුවෙන් ඔහුගේ දෙමාපියන් සටන් කලා පුහුණුවට ද යොමු කරන ලදී. මෙලෙස බෲස් ලි ගේ සටන් ක්‍රියාන්විතයේ ආරම්භය සිදු විය.

බෲස්ලි වින්ග් චුන් මාස්ටර් නම් දක්ෂ මාස්ටර් කෙනෙක් යටතේ වින්ග් චුන් ගුන්ග් ෆු පිළිබඳ අධ්‍යනයට යොමු විය. ඔහු විසින් ජුන් ෆෑන් ගුංෆුං නමින් පාසලක් ද ආරම්භ කරන ලදී. එසේ ම 'The Big Boss' චිත්‍රපටය ඔහු ප්‍රධාන චරිතය රඟපෑ පළමු චිත්‍රපටය බවට පත් විය. එසේ ම මෙම 'The Big Boss' සහ 'The Way of' චිත්‍රපට තුළින් බෲස් ලි ආසියාවේ තරුවක් ලෙස දිලෙන්නට පටන් ගත්තේ ය. ඔහු විසින් රචනා කරල ලද , අධ්‍යක්ෂණය කරන ලද 'Enter the Dragon' චිත්‍රපටය එළි දැක්වීමට පෙර 1973 ජූලි 20 වන දින හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් බෲස්ලිට ජීවිතයෙන් සමු ගැනීමට සිදු විය. නමුත් ඔහුගේ මරණයෙන් දින හයකට පසු එම චිත්‍රපටය නිකුත් කිරීමට කටයුතු කළ අතර එය ඩොලර් මිලියන 350 ක ආදායම් වාර්තාවක් ද තබමින් ජනගත විය. එසේ ම ඔහුගේ චිත්‍රපටය සියල්ල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීමට ද සමත් විය.

මෙලෙස අධ්‍යක්ෂකවරයෙකු, රචකයෙකු, නිෂ්පාදකවරයෙකු සේ ම සටන් කලා උපදේශකවරයෙකු ලෙස සුවිශේෂී චරිතයක් වුණ බෲස්ලි සටන් කලාවේ පියා ලෙස හඳුන්වා දිය හැකිය. සටන් කලා සිනමාවේ විශිෂ්ටතම නිරූපකයා වන බෲස් ලී ඔබට සුභ ජන්ම දිනයක්!

Leo Umesha Hansanie

First Year

Faculty of Arts


Sunday, November 26, 2023

ඉල් පුර පසළොස්වක පොහොය දිනය...

 


වැසි සමයේ අවසන් පොහෝ දිනයේ උදාව...

වසරේ අවසාන පොහොය ලෙස හඳුන්වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය කඨින චීවර පූජාවේ අවසානය සනිටුහන් කරන ඉතා වැදගත් පොහොය දිනයකි. මෙම පොහොය දිනය වැසි පසුබැසීමේ කාලය හෙවත් වස්සාන කාලය සනිටුහන් කරයි. එනම්, ඉල් පොහොය වැසි සමයේ අවසානය සහ උච්චතම අවස්ථාව ලෙස ද සැලකිය හැකිය. 

 මෙම පොහොය දිනය වැදගත් වීමට ඉතා වැදගත් සිදුවීම් බොහොමයක් බලපායි. එහී දී මතු බුදු වීමට පෙරුම් දම් පුරමින් සිටින මෛත්‍රී බෝසතාණෝ, ගෞතම බුදුරාජාණන් වහන්සේ වෙතින් නියත විවිරණ ලද්දේ, ඉල් පොහොය දිනයක දී ය. තව ද අග්‍රශාවක සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ද මෙම ඉල් පෝය දා වීම ද සුවිශේෂී ය. එසේ ම ප්‍රථම රහත් හැටනම එනම්, ප්‍රථම ධර්මදූත ප්‍රචාරය සඳහා ගමන් ඇරඹීම ද සිදුව ඇත්තේ ඉල් පොහොය දිනයේ දී ය. මෙවැනි වැදගත් සිදුවීම් බොහොමයක් ඉල් පොහොය දිනය දා සිදු වී ඇති අතර බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ඇති ලංකාවේ ප්‍රථම ස්ථූපය වන ථූපාරාම චෛත්‍ය දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද්දේ ද ඉල් පොහොය දිනයක වීම ද ඉතා සුවිශේෂී ය.

 මෙලෙස ඉතා වටිනා සේ ම වැදගත් සිදුවීම් බොහොමයක් සිදු වී ඇති ඉල් පුර පසළොස්වක පොහොය දිනය ලාංකීය බෞද්ධ ජනතා හදවත් ආගමික සිතුවිලි වලින් පුරවාලන්නට සමත් වෙයි. සැදැහැ සිත් පෙරදැරි කරන් ඔබත් වස්සාන සමයේ අවසාන පොහොය දිනය එනම්, ඉල් පුර පසළොස්වක පොහොය දිනය දා ආගමික වතාවත් වල නියැලෙන්න.

Leo Umesha Hansanie

First year

Faculty of Arts

Saturday, November 25, 2023

ජාත්‍යන්තර කාන්තා හිංසනය තුරන් කිරීමේ දිනය


කාන්තාවන්ට එරෙහි ව හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි.මෙවැනි දිනයක් වෙන් කිරීමේ මූලික ඉලක්කය වන්නේ කාන්තාවන්ට එරෙහි ව සිදු වන හාරීරික මානසික හෝ ලිංගික ව සිදු වන හිංසනය මුළු මහත් ලෝකයෙන් ම තුරන් කර ඔවුන්ගේ පොදු හා පුද්ගලික අයිතිය ආරක්ෂා කිරීමයි. ගැහැණු ළමයාට හෝ ගැහැණියට හිංසනය මුල් බැස ගෙන ඇත්තේ මීට ශත වර්ෂ කිහිපයක සිට ඒන පිරිමි ආධිපත්‍ය මතයි.

අද වන විට ලෝකයේ සමස්ත ජනගහනයෙන් 52%ක් ම කාන්තාවෝ ය.ඒ් අතරින් වැඩි පිරිසක් රටට ධනය උපදවන විනිමය ළගා කරවන ධනය උපද්දවන විනිමය ළගා කරවනධන උල්පත කාන්තාවය.මෙවන් ලෝකයක රටක කාන්තාව අද ඉන්න තැන කෙබදු ද?

ඇත්තටම කාන්තාව නැත්නම් ගැහැණිය යනු පිරිමියාෙග් මව,බිරිද,සහෝදරිය,දියණිය ලෙස තැනක් හිමි වී පවති.උපතේ සිට විපත දක්වා ඇය ඉටු කරන මෙහෙය ඉතා වටිනේ ය. ඇයගේ දරා ගැනීම ශක්තිය ඉවසීම මත කාන්තාවට දිය යුතු අගය ඉතා අගනේ ය.

නමුත් ආයතන ප්‍රධානීන්ගේ හා පුරුෂයන්ගේ අණසකට යටත් වීමක් ගොළුවෙකු වීමක් අන්ධයෙකු මෙන් නොපෙනෙන ලෙස සිටීමට සිදු වීමක් වේ.ඇත්තට ම ගම්බද කාන්තාව නීතියක් ඉදිරියට යාමට තරම් සැගවී සිටින අවස්ථා බොහෝය.

1933 දෙසැම්බර් 20  වන දින ඒක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් කාන්තා හිංසනය තුරන් කිරීමේ ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.මෙහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට එරෙහි ව ලිංගික ව හෝ භෙතික ව ඇති වන හිංසනය තුරන් කිරීමේ දිනයක් ලෙස 1999 අද වැනි දිනයක සමරනු ලැබීය.

මේ නිසා කාන්තාට ආර්ථික දේශපාලන අධ්‍යාපනික හා සමාජයීය නිදහස හිමි විය.

ජීවත් කරවන ජීවිතයට පණ දෙන කාන්තාවට කායික ව හෝ මානසික ව සිදු වන හිංසනය තුරන් වේවා යි නිතැතින් ම අපි ප්‍රාර්ථනා කරමු.

Leo Imalsha Shayani
First Year
Faculty of Arts

Wednesday, November 22, 2023

කඨින මහා චීවර පූජාව


 "යාවතා සබ්බ පරික්ඛාරේ

සංඝස්ස සත්තං දදෙ

එකස්ස කඨින දානස්ස

කලංනාග්ඝති සොළසිං

ගිරිරාජ සමං රාසිං

සංඝදෙති තිචීචරං

එකස්ස කඨින දානස්ස

කලංනාග්ඝති සොළසිං"                                                     

  "හික්ෂූන් වහන්සේට නිතර පූජා කරන සියලු පරිෂ්කාරකයන්ට වඩා කඨින දානයකින් ලැබෙන පින ඉතා විශාල ය.මහාමේරු පර්වතය තරම් උසට තුන් සිදුරු(තනිපට සිවුර,දෙපට සිවුර,අඳන සිවුර)ගොඩගසා සංඝයාට පූජා කළ ද ඊට වඩා වැඩි ආනිශංසයක් එක් කඨින චීවර පූජවකින් ලැබේ"...

කඨිනය යන්නෙහි අර්ථයෙන් නොවෙනස්වන්නා වූ ශක්තිමත්භාවය හඟවයි.කඨින චීවර පූජා කිරීමට සහභාගි වීම,අටපිරිකර පූජා කිරීම,සේනාසන(කුටි/සංඝාවාස/පන්සල්)තැනීම සහ නඩත්තු කිරීම,බුද්ධප්‍රමුඛ සිව්වනක් පිරිසට දානය පිළිගැන්වීම,සද්ධර්මය ලිවීමට/පටිගත කිරීමට/මුද්‍රණය කිරීමට/ප්‍රකාශ කිරීමට සහ බෙදා හැරීමට ආධාර කිරීම හා සහභාගී වීම,සඟ පරපුරේ ඉඩම් හා නියමිත ඉඩකඩ පූජා කිරීම,බුද්ධ රූප සහ පිළිම සෑදීම,සංඝයා වහන්සේගේ පරිහරණය සඳහා වැසිකිළි තැනීම සහ තැනීමට සහභාගී වීම යනාදී වූ අටමහා කුසලයන්ගෙන් මහත්ඵල මහානිශංස ලැබෙන්නා වූ කුසලය කඨින මහා චීවර පූජාවයි.ඒ නිසාම ලෝ වැසි බෞද්ධ ජනතාව කඨින පූජාවට සුළුවෙන් හෝ සිය දායකත්වය සපයති.මෙම පූජාව ආනන්තරීය පාප කර්මයන්ට හැර වෙනත් කිසිඳු අකුසල මූලයක් විසින් යටපත් කළ නොහැකි බැවින් ද 'කඨිනය' යන නාමයෙන් හඳුන්වනු ලබයි.

       වසරකට එක් වරක් පමණක් විහාරස්ථානයක් ඇසුරින් පැවැත්විය හැකි ගෞරවනීය වූත් සුවිශේෂී වූත් පින්කමක් ලෙස මෙය දක්නට ලැබේ.ඇසළ පුර පසළොස්වක පොහෝ දින විනය කර්මාදී කටයුතු සිදුකරන භික්ෂූන් වහන්සේලා එදා සිට තෙමසක් වස් ආරක්ෂා කරති.මෙම තෙමසක කාලය තුළ සිඟාලෝවාද සූත්‍රයේ එන සදිසා නමස්කාරයන් යටතට අයත් ගිහි-පැවිදි යුතුකම් ඉටු වේ.එබැවින් ගම සහ පන්සල අතර ඇති සබඳතාවය වැඩි වැඩියෙන් ප්‍රකට කරවන කාලවකවානුවක් ලෙස මෙම කාලවකවානුව සැබෑ බෞද්ධයන්ට වඩා ධර්මනුකූල ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩනගා ගැනීමට මාවත විවර කරන පුණ්‍ය කර්මයකි.එහිදී වස් කාලය නිමා වී චීවර මාසය එළඹෙත්ම මිනිසුන් පිං දහම් වල නිරත වන අතර භික්ෂූන් වහන්සේලා ද දායකයන් හා අනාගත සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අවිවේකීව සිය දායකත්වය සපයයි.  

     බුද්ධ දේශනාවට අනුව කඨින චීවරයක් ලැබීමට සුදුසු වන්නේ තෙමසක් වස් වසා,අතිරේක ශික්ෂා පද වලට අනුගත වී,වස් කාලය තුළ බුදුන් වහන්සේ විසින් දේශිත ගුණ ධර්ම පූර්ණය කළ භික්ෂූන් වහන්සේ නමකට පමණි.කඨින චීවර පූජා කිරීමෙන් අනතුරුව කඨින චීවරලාභී භික්ෂූන් හට ශික්ෂා පද පහකින් නිදහස් වී සුව සේ ගුණධර්ම පිරීමට නිදහස හා අවකාශය බුදුන් වහන්සේ විසින් සළසා දෙන ලදී.චීවර මාසය ආරම්භ වන වප් පුර පසළොස්වක පොහෝ දිනයේ සිට මැදින් පුර පසළොස්වක පොහෝ දින තෙක් පස් මසක් පුරාවට කඨින චීවරලාභී භික්ෂූන් හට මෙම ශික්ෂා පද වලින් නිදහස් වීමේ අයිතිය ලැබේ.

"අත්ථක කඨිනානං වෝ භික්ඛවේ පඤ්ච කප්පිස්සන්ති

අනාමන්ත චාරෝ අසමදාන චාරෝ

ඝනභෝජනං යාවදත්ත චීවරං

යෝච තත්ථ චීවරුප්පාදෝ සෝ නේසං භවිස්සති"...

ඒවා පහත පරිදි වේ.

 1)අනාමන්තචාරය

      කඨින චීවරලාභී භික්ෂූන් වහන්සේ නමකට ධර්ම චර්‍යාවක් සඳහා හෝ යහපත් කටයුත්තක් සඳහා අවශ්‍ය මොහොතක කිසිවෙකුට නොදන්වා විහාරස්ථානයෙන් බැහැර වීමේ අයිතිය ඇත.

 2)අසමදානචාරය

      තුන් සිවුරෙන් කැමති සිවුරක් ළඟ තබාගැනීමටත් කැමති සිවුරක් බැහැර කිරීමටත් අයිතිය ඇත.

 3)ඝන භෝජනය

       කුමනාකාරයෙන් ආරාධනා කළ ද දායකයින්ට අනුග්‍රහ පිණිස හා තම මෙලොව පරලොව අභිවෘද්ධිය සඳහා ඒ ආරාධනාවන් පිළිගෙන දන් වැළඳීමේ අයිතිය ඇත.

 4)යාවදත්‍ත චීවරය

        තමන් කැමති තාක් සිවුරු පිරිකර පරිහරණය කිරීමටත් අන්‍යයන්ට ලබා දීමටත් අයිතිය ඇත.

 5)යෝච තත්ථ චීවරුප්පාදය

         සඟ සතු කර ලැබෙන සිවුරු හා කඨිනානිශංස පවතින මාස පහ ඇතුළත ලැබෙන සිවුරු තමාට පරිහරණය,අන් අයට ලබා දීම හෝ පූජා කිරීම ආදී ලෙස තම කැමැත්තට අනුව කටයුතු කිරීමට අයිතිය ඇත.

     සෑම කෙනෙකුටම ජීවත් වීමට අවශ්‍ය වන සියලු ආම්පන්න වස් විසූ භික්ෂූන් වහන්සේලාට කඨින චීවරය සමඟ පූජා කරනු ලබයි.එහිදී සිවුරු,පාත්‍ර,වටාපත්,ඉඳිකටු,නූල්,බෙහෙත් වර්ග,බෙහෙත් තෙල් වර්ග,ඇඳ පුටු ආදිය පූජා කිරීමට හැකි වේ.එපමණක් නොව ධාර්මික බෞද්ධ ප්‍රජාව මෙම කඨින චීවර පිංකම මුල් කරගෙන ඊට සමගාමීව මාස තුනක් පුරාවට මල් පිංකම්,බෝධි පූජා පිංකම්,පිරිත් දේශනා,අෂ්ට පරිෂ්කාර පූජා,අවශේෂ සිවුරු පිරිකර පූජා,වස්ත්‍ර/බෙහෙත් පූජා,ආහාර පාන පූජා,ගරු භාණ්ඩ පූජා ආදිය සැදැහැයෙන් පේ වී සිදු කරනු ලබයි.මෙසේ කඨින චීවර මහා පූජාවෙන්  බෞද්ධයාට ලද හැකි අති උත්තම ආනිශංස රාශියක් බුද්ධ භාෂිතයේ අසන්නට දකින්නට ලැබේ.උපනුපන් ආත්මභාවයන් හිදී දිව්‍ය/මනුෂ්‍ය/පරිවාර සම්පත්, ඉඳුම් හිටුම්, වස්ත්‍රාභරණ,සියලු දෙනාගේ ගරු බුහුමන්,වැඳුම් පිදුම් පුද සත්කාර ලැබීමටත්, සියලු උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමටත්, සියලු අකුසල කර්මයන්ගෙන් ආරක්ෂා වීමටත්, බඹ ලොව ඉපදීමට අවශ්‍ය ධ්‍යානාදිය උපදවන්නට හේතු වීමටත්,සියලු දෙව් මිනිසුන් අබිබවා ආයු-වර්ණ-සැප-බලයෙන් මෙන්ම ප්‍රඥාවෙන් ආඪ්‍ය ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලැබීමටත්,අවසන උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම මහා කුසලය හේතු වේ.

     බොහෝ පරිවාර පරිෂ්කාරකයන්ගෙන් හා පරිවාර පූජාවන්ගෙන් ආඪ්‍ය වූ දීර්ඝ කාලයක් බලාපොරොත්තු ඇති කරගනිමින් සිදු කරන පූජාවක් වන මෙම පුණ්‍ය කර්මය තුළදී   දුප්පත් පොහොසත් භේදයකින් තොරව කඨින චීවරය සෑම නිවසකම තැන්පත් කිරීමට කටයුතු කිරීම තුළින් ප්‍රදේශවාසී හිතමිත්‍රාදින් අතර සබඳතා දියුණු කරගැනීමට ද මෙය ඉවහල් වේ.එබැවින් පින් කැමති සියල්ලෝ මෙම කඨින චීවර පූජාවට ආමිසයෙන් සහ ප්‍රතිපත්තියෙන් පූජෝපහාර දක්වා උත්තම නිර්වාණය අවබෝධ කරගනිත්වා!යි බෞද්ධ අපගේ පැතුමයි.

Leo Dinithi Devindi

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...