Monday, November 27, 2023

සටන් කලාවේ පුරාවෘත්තයක් වූ බෲස්ලිගේ උපන්දාව

 


1940 වර්ෂයේ නොවැම්බර් 27 වන දින ඇමෙරිකා කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සින්කෝ හිදී ලී ජුන්-ෆෑන් උපත ලබා ඇත. නමුත් වෘත්තීමය ජීවිතය තුළ දී ඔහුගේ අන්වර්ථ නාමය බෲස් ලී ලෙස ප්‍රකට විය.

කැන්ටනීස් ඔපෙරා ගායකයෙකුගේ පුතෙකු වීම නිසාම බෲස්ලිට සිනමා ලෝකයට ඇතුළත් වීමට අවකාශය ලැබිණි. එහී දී පියාගේ සංචාරයන් ඔස්සේ ලී ට ළමා වියේ දි චිත්‍රපට කිහිපයකට පෙනී සිටීමට අවස්ථාව උදා විය. එසේ ම ලීගේ වීදී සටන් හේතුවෙන් ඔහුගේ දෙමාපියන් සටන් කලා පුහුණුවට ද යොමු කරන ලදී. මෙලෙස බෲස් ලි ගේ සටන් ක්‍රියාන්විතයේ ආරම්භය සිදු විය.

බෲස්ලි වින්ග් චුන් මාස්ටර් නම් දක්ෂ මාස්ටර් කෙනෙක් යටතේ වින්ග් චුන් ගුන්ග් ෆු පිළිබඳ අධ්‍යනයට යොමු විය. ඔහු විසින් ජුන් ෆෑන් ගුංෆුං නමින් පාසලක් ද ආරම්භ කරන ලදී. එසේ ම 'The Big Boss' චිත්‍රපටය ඔහු ප්‍රධාන චරිතය රඟපෑ පළමු චිත්‍රපටය බවට පත් විය. එසේ ම මෙම 'The Big Boss' සහ 'The Way of' චිත්‍රපට තුළින් බෲස් ලි ආසියාවේ තරුවක් ලෙස දිලෙන්නට පටන් ගත්තේ ය. ඔහු විසින් රචනා කරල ලද , අධ්‍යක්ෂණය කරන ලද 'Enter the Dragon' චිත්‍රපටය එළි දැක්වීමට පෙර 1973 ජූලි 20 වන දින හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් බෲස්ලිට ජීවිතයෙන් සමු ගැනීමට සිදු විය. නමුත් ඔහුගේ මරණයෙන් දින හයකට පසු එම චිත්‍රපටය නිකුත් කිරීමට කටයුතු කළ අතර එය ඩොලර් මිලියන 350 ක ආදායම් වාර්තාවක් ද තබමින් ජනගත විය. එසේ ම ඔහුගේ චිත්‍රපටය සියල්ල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීමට ද සමත් විය.

මෙලෙස අධ්‍යක්ෂකවරයෙකු, රචකයෙකු, නිෂ්පාදකවරයෙකු සේ ම සටන් කලා උපදේශකවරයෙකු ලෙස සුවිශේෂී චරිතයක් වුණ බෲස්ලි සටන් කලාවේ පියා ලෙස හඳුන්වා දිය හැකිය. සටන් කලා සිනමාවේ විශිෂ්ටතම නිරූපකයා වන බෲස් ලී ඔබට සුභ ජන්ම දිනයක්!

Leo Umesha Hansanie

First Year

Faculty of Arts


🕊️ International Day of Hope – July 12 🕊️

🌟 International Day of Hope: Inspiring Resilience and Unity 🌟 🌈 The International Day of Hope The International Day of Hope is a gl...