වැසි සමයේ අවසන් පොහෝ දිනයේ උදාව...
වසරේ අවසාන පොහොය ලෙස හඳුන්වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය කඨින චීවර පූජාවේ අවසානය සනිටුහන් කරන ඉතා වැදගත් පොහොය දිනයකි. මෙම පොහොය දිනය වැසි පසුබැසීමේ කාලය හෙවත් වස්සාන කාලය සනිටුහන් කරයි. එනම්, ඉල් පොහොය වැසි සමයේ අවසානය සහ උච්චතම අවස්ථාව ලෙස ද සැලකිය හැකිය.
මෙම පොහොය දිනය වැදගත් වීමට ඉතා වැදගත් සිදුවීම් බොහොමයක් බලපායි. එහී දී මතු බුදු වීමට පෙරුම් දම් පුරමින් සිටින මෛත්‍රී බෝසතාණෝ, ගෞතම බුදුරාජාණන් වහන්සේ වෙතින් නියත විවිරණ ලද්දේ, ඉල් පොහොය දිනයක දී ය. තව ද අග්‍රශාවක සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ද මෙම ඉල් පෝය දා වීම ද සුවිශේෂී ය. එසේ ම ප්‍රථම රහත් හැටනම එනම්, ප්‍රථම ධර්මදූත ප්‍රචාරය සඳහා ගමන් ඇරඹීම ද සිදුව ඇත්තේ ඉල් පොහොය දිනයේ දී ය. මෙවැනි වැදගත් සිදුවීම් බොහොමයක් ඉල් පොහොය දිනය දා සිදු වී ඇති අතර බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ඇති ලංකාවේ ප්‍රථම ස්ථූපය වන ථූපාරාම චෛත්‍ය දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද්දේ ද ඉල් පොහොය දිනයක වීම ද ඉතා සුවිශේෂී ය.
මෙලෙස ඉතා වටිනා සේ ම වැදගත් සිදුවීම් බොහොමයක් සිදු වී ඇති ඉල් පුර පසළොස්වක පොහොය දිනය ලාංකීය බෞද්ධ ජනතා හදවත් ආගමික සිතුවිලි වලින් පුරවාලන්නට සමත් වෙයි. සැදැහැ සිත් පෙරදැරි කරන් ඔබත් වස්සාන සමයේ අවසාන පොහොය දිනය එනම්, ඉල් පුර පසළොස්වක පොහොය දිනය දා ආගමික වතාවත් වල නියැලෙන්න.
Leo Umesha Hansanie
First year
Faculty of Arts