Sunday, December 24, 2023

හිමමිනිසා


එකමත් එක කාලෙක හොඳම යහළුවන් පිරිසක් සිටියහ. ඒ සියලු දෙනාම එකම දේ කිරීමට ප්‍රිය කළහ. මෙම මිතුරන් සියලු දෙනා ගවේෂණය කිරීමට ද ප්‍රිය කළහ. විශේෂයෙන් ශීත ඍතුවේ  දී ඔවුන් එයට වඩාත් හොදින්ම යොමු වුණි. 

ශීත ඍතුවේ එක් උදෑසනක මිතුරන් නගරය කෙළවරේ කෙත්වතු දිගේ ඇවිදින්නට විය. ඔවුන් විශේෂයෙන් හිම සහිත පිට්ටනියක් අසලින් ගමන් කරන විට, වැට කණුවක් මත තිබූ පැරණි සේද තොප්පියක් ඔවුන්ට හමු විය. මිතුරන් තොප්පිය පරීක්ෂා කළ අතර, එය දාරවල තරමක් අබලන් වුවද, එය සැබවින්ම අලංකාර තොප්පියක් විය 🤠 එය  ඇත්තෙන්ම හිම මිනිසෙකු ගොඩනැගීම සඳහා හොඳයි.ඔවුන්ට සිතිනි.

එම තොප්පිය කාගේදැයි මිතුරන් නොදන්නා  බැවින්, එම තොප්පිය එහි වැට කණුවේ  සිට බොහෝ දුරකට ගෙන යාමට ඔවුන්ට අවශ්‍ය නොවීය. ඒ වෙනුවට, ඔවුන් එම ස්තානයේම හිම මිනිසෙකු තැනීමට තීරණය කළහ.

ඔවුන් විශාල හිම බෝල සාදා හිම මිනිසා ගොඩනැගීමට පටන් ගත්හ. එය දුෂ්කර කාර්යයක් වූ අතර, හිමමිනිසා නිර්මාණය සඳහා මුළු කණ්ඩායමේම උත්සාහය විය. ඒ අසල ගිනි උදුනක් තිබූ අතර එහිදී ඔවුන් ගල් අඟුරු ගොඩක් සොයා ගත් අතර, ඔවුන් හිම මිනිසාගේ ඇස් සහ මුඛය පිහිටු වීමට ඒවා  භාවිතා කළහ. වාසනාවකට මෙන්, යමෙකුට ඔවුන්ගේ දිවා ආහාර පෙට්ටියේ තිබී නාසයට සුදුසු කැරට් ගෙඩියක් සහ වනාන්තර අසලින්   විශාල කූරු දෙකක් හමු විය. ඒම යොදා ගෙන ඔවුන් හිමමිනිසා නිර්මාණය කලහ.⛄

මිතුරන් එක්ව, ඔවුන්ගේ හිම මිනිසාගේ හිස මත පැරණි සේද තොප්පිය  තබා එකිනෙකා දෙස බලා සිනාසුණේය. ඔවුන් නිර්මාණය කල විශිෂ්ඨ තම හිමමිනිස මොහු යැයි ඔවුන්ට සිතිනි.

ඒ මොහොතේම, මිතුරන් සිනහසෙමින්, එකිනෙකා වැලදගෙන සතුටු වුවහ. එ මොහොතේ  අරුම පුදුම  දෙයක් සිදු විය. හදිසියේම, ඔවුන්ගේ හිම මිනිසාද ඔවුන් සමඟ සිනාසෙන්නට පටන් ගත්තේය.⛄😃😀 ඔහුගේ දෑස් දිලිසෙන අතර ඔහු ඉතා සතුටු වූ බවක් පෙනෙන්නට තිබුණි.😀

"වාව්!" එක් මිතුරෙක් කෑගැසුවේය.

"ඒක මායාවක්!" තවත් කෙනෙක් කීවෙය.

"ඇත්ත වශයෙන්ම, මම ෆ්‍රොස්ටි ," හිම මිනිසා සෑම දරුවෙකුගේම අත තම අතු ඇඟිලිවලින් අල්ලා සොලවමින්🤝, "ඔබ සැම හමුවීමට ලැබීම සතුටක්!" කීවේය.

ෆ්‍රොස්ටි සහ ඔහුගේ නව මිතුරන්  හිම සහිත පිටියේ සෙල්ලම් කරමින් පැය ගණනක් ගත කළහ. ෆ්‍රොස්ටිට  කරන්න අවශ්‍ය කුමක්දැයි මිතුරන් ඇසූ විට, ඔහු නර්තන සාදයක් ඉල්ලා සිටි අතර, එබැවින් ඔවුන් හිම සහිත පිට්ටනිය වටා නටන්නට පටන් ගත්හ.

නැටුම් ඉක්මනින් හිමබෝල සටනක් බවට පත් විය. ෆ්‍රොස්ටි ඔහුගේ කූරු අත්වලින් හිමබෝල සෑදීමට එතරම් දක්ෂ නොවූ නිසා ඔහුගේ මිතුරන් සෑදු  හිමබෝල  පිට්ටනිය පුරා විසිරී ගියේය.

ඔවුන්ගේ හිමබෝල සටනෙන් පසු, කණ්ඩායම නගරය පුරා  ක්‍රීඩා කිරීමට තීරණය කළහ.ෆ්‍රොස්ටි හිම සහිත මාර්ගවල ඉතා වේගයෙන් ගමන් කළ නිසා ඔහු නගරයට පැමිනෙන  විට ළමයින්ට ඔහුව අල්ලා ගැනීමට අපහසු විය.

ෆ්‍රොස්ටි නගරයේ වීදි හරහා සහ නගර චතුරශ්‍රය වටා දිව ගියේය. ඔහු දිව යන විට ෆ්‍රොස්ටි ඔහුගේ මිතුරන්ට කෑගැසුවේ, "ඔබට හැකි නම් මාව අල්ලා ගන්න!" කියමිනි.

හිම මිනිසා සමඟ ළමයි සිනාසෙමින් තවත් වේගයෙන් දිව ගියහ. ෆ්‍රොස්ටි සහ ළමයින් කෙතරම් වේගයෙන් දිව ගියද යත් ඔවුන් මිනිසුන් පසුකර යන විට ඔවුන්ගේ ජෙට් යානා මෙන් දිස් විය.

ඔවුන් රථවාහන පොලිස් නිලධාරියෙකු පසුකර යන විට, ඔහුගෙ වේග මාපකය දැල්වීය . කණ්ඩායම පැයට කිලෝමීටර් 200 ක වේගයෙන් යමින් සිටියහ.රථවාහන පොලිස් නිලධාරියා එවැනි දෙයක් දැක තිබුණේ නැත. ජීවමාන හිම මිනිසෙක් සහ ඔහු මෙතෙක් දැක ඇති වේගවත්ම දරුවන් කණ්ඩායම මොවුන් විය. රථවාහන පොලිස් නිලධාරියා පෑනක් සහ කඩදාසියක් සඳහා ඔහුගෙ  බෑගයට අත දැමූ නමුත් මෙය සටහන් කිරීමට  ඔවුන් බොහෝ දුරක් ගොස් ඇති බව ඔහුට වැටහුණි. හිම මිනිසා සහ දරුවන් කන්ඩායම නගරයේ අනෙක් කෙළවරට ළඟා වූ අතර මිතුරන් කණ්ඩායම ඉක්මනින් ඔහුව අල්ලා ගත්හ, සියල්ලෝම සිනාසෙමින් එකිනෙකා වැලදගෙන සතුටු විය.

එක් මිතුරෙකු පැවසුවේ, "ෆ්රොස්ටි ඔබ ට  දිව්වට පස්සෙ  ඇත්තටම දාඩිය දලා.."

ෆ්‍රොස්ටිට ඔහුගේ නළලහි පැවති වතුර ඇති බව දැනුණු අතර ඔහු සැබවින්ම දිය වී යන බව වටහා ගත්තේය. ඔහු අහස දෙස බැලූ විට, දහවල් හිරු ඉතා දීප්තිමත් බවත්, ඔහු වැඩි වේලාවක් එහි රැඳී සිටියහොත් ඔහු සම්පූර්ණයෙන්ම දිය වී යා හැකි බවත් දුටුවේය.

ඔහු තම නව මිතුරන්ගෙන් විසඳුමක් ඉල්ලා සිටි අතර කුඩා දැරියක්  මෙසේ කීවාය , "අර කඳු මුදුන්වලට ඉහළින් වනාන්තරයක් තියනව. ඒකෙ ගස් අහස දක්වා විහිදෙන අතර සූර්යයා අවහිර කරනව. සමහර විට ඔබට එහි හිරුගෙන් සැඟවිය හැකි"

ෆ්‍රොස්ටි හිතුවේ මේක හොද අදහසක් කියලා, ඒත් ෆ්‍රොස්ටිට තමන්ව දාලා යන්න වෙයි කියලා ළමයි කට්ටියට දුක හිතුනා. ෆ්‍රොස්ටි සිනාසෙමින්, "අඬන්න එපා, මම තව ටික වෙලාවකින් ආපහු එන්නම්. සමහරවිට ඊළඟ වතාවේ අපට තවත් ක්‍රීඩාවක් කළ හැකියි!"

"කික්බෝල් වගේ ද ?" එක දරුවෙක් ඇහුවේය.

"නැත්නම් ෆූට්බෝල් වගේද?" තවත් එකක් යෝජනා කළේය.

"අපි ඒ සියලුම ක්‍රීඩා කරමු," ෆ්‍රොස්ටි පිළිතුරු දුන්නේය.

ඊට පස්සේ ඔහු 

ඔහුගේ පැරණි සේද තොප්පිය ගලව, එය කුඩා දැරියට දී, එය වැට කණුව අසලින් තබන  ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. ඇය හිස වනමින් එයට ප්‍රතිචාර දැක්වූ වාය. ඔහු හිම කඳු මතින් වනාන්තරය දෙසට ගමන් කලේය.. නමුත් අවසන් කඳු මුදුනේදී ඔහු හැරී තම නව මිතුරන්ට සමු දුන්නේය.

ළමයි කණ්ඩායම ආපසු සමුගෙන නගරය හරහා සහ වැට කණුව සමඟ  හිම සහිත පිට්ටනිය වෙත ආපසු යාමට පටන් ගත්හ. ඔවුන් ටික වේලාවකින් නගරයේ මායිමේ  හිම සහිත පිට්ටනියටළඟා වූ අතර පැරණි සේද තොප්පිය තිබූ වැට කණුව සොයා ගත්හ.

“මේ තොප්පිය මැජික් එකක් වෙන්න ඇති,” එක් දරුවෙක් පැහැදිලි කළේ ඔවුන් තොප්පිය වැට කණුව මත තිබූ ස්ථානයට ආපසු යද්දී ය.

"හැබැයි ෆ්‍රොස්ටි තොප්පිය ගලවනකොටත් ඉන්න පුළුවන් විදියට ජීවතුන් අතර හිටියා" එක් මිතුරෙක් කීය.

ෆ්‍රොස්ටිට කැලේ ගැන කියපු පුංචි දැරිය මෙසේ කිව්ව්වාය. "සමහරවිට අපේ මිත්‍රත්වය මැජික් එකක් වෙන්න ඇති"

ඇගේ යහළුවන් ඇය දෙස බලා සිනහ වූ අතර, සියල්ලෝම හිස වනමින් වැලඳ ගැනීමට එකතු වූහ. ඉන්පසු ඔවුන් තම නිවෙස් දෙසට ගමන් කිරීම ට පටන් ගත්හ..

" යාලුවනේ , මම ආව " ..ඔවුන්ට හුරු හඩක් යලිත් ඔවුන් පිටුපසින් පැමිනියේය. ඒ ෆොස්ටි ය.

යාලුවො සියලු දෙනා දිවගොස් හිමමිනිසාව වැලද ගත් හ..

" අපිට  ලැබුනු වටිනාම නත්තල් තෑග්ග අපේ ෆොස්ටි " 🙂 ලමයින් එසේ කියමින් ෆ්‍රොස්‍ටි සමග නැවත්ත සෙල්ලම් කිරීමට පටන් ගත් හ.

Leo Nadeesha Mayomi

First Year

Faculty of Arts

නත්තල් උත්සවය


නත්තල් උත්සවය

ලෝකවාසී සියලු දෙනා වෙත මානව දයාවෙන් යුතුව සාමයේ පණිවිඩය රැගෙන මරිය තුමියගේ කුසින් මෙලොවට පැමිණි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහිකරනු වස් වෙන්කර ඇති නත්තල් දිනය අදට යෙදී ඇත. මෙය ලොව පුරා සිටින කිතුනු බැතිමතුන් විසින් සෑම වසරකම උත්සවාකාරයෙන් සමරනු ලබන සුවිශේෂී උත්සවයක් ලෙස පෙන්වාදිය හැකිය.

කෙසේ නමුත් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවස වන තෙක්ම කිතු උපත සැමරීමක් සිදුකර නොමැත. මන්ද එකල රෝම නීතියට අනුව උපත සැමරීම තහනම් කොට තිබූ බැවිනි. නමුත් පසුකාලීනව රෝම අධිරාජයා විසින් කිතු දහම වැළඳගනිමින්  දෙසැම්බර් 25 වන දින පැවති රෝමවරුන්ගේ හිරුපිදීමේ උත්සවය වෙනුවට එදින කිතු උපත සැමරුමට යොදා ගැනීමට අණ කිරීමත් සමග මෙම උත්සවය ආරම්භ වී ඇත. එලෙස ආරම්භ වූ නත්තල් දින සැමරුම විවිධාකාර නව අංග සහිතව අද දක්වාම විකාශය වෙමින් කිතුණු බැතිමතුන් පමණක් නොව අන්‍යාගමික ප්‍රජාව විසින්ද සමරනු ලබන විශ්වීය සංස්කෘතික උත්සවයක් බවට පත්ව ඇත. 

මෙම කාලය තුළ දැකගත හැකි ඊට ම ආවේණික වූ සුවිශේෂී සැරසිලි වර්ග ගණනාවක්ම හඳුනාගත  හැකිය. ඒ අතරින් නත්තල් ගස ප්‍රධාන තැනක් ගන්නා අතර විදුලි බුබුළු සහ විසිතුරු සැරසිලි වලින් එය අලංකාර කරයි. සීත ඍතුවේදී පවා ජීවිත සශ්‍රීකවීම පෙන්වන නිහඬ සංකේතයක් ලෙස නත්තල් ගස ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. ඊට අමතරව ගවලෙන ද නත්තල් සමයේ දැකගත හැකි තවත් සුවිශේෂී අංගයකි. 

තුර්කියේ මයිරා නගරයේ විසූ ශාන්ත නිකුළස්තුමාගේ කරුණාව හා ත්‍යාගශීලී බව නිසා අසරණ දිළිඳු මිනිසුන්ට උපකාර කිරීමේ ගුණය සමග නත්තල් සීයා යන අංගය නත්තල් උත්සවය හා බැඳී ඇත. අද වන විටද  තෑගි බෝග සැපයීමෙන් දිළිඳු මිනිසුන් හා කුඩා ළමුන් සතුටු කිරීමේ චරිතයක් ලෙස නත්තල් උත්සව සමයේ නත්තල් සීයා යන චරිතය සංකේතවත් කර ඇත.

ඒ අනුව මෙම නත්තල් කාලය පුරාවට දේවස්ථාන නිවාස ආදිය තුළ ගවලෙන්, නත්තල් ගස් ආදිය ඉදිකර අලංකාර සැරසිලි වලින් සරසමින් අලුත් ඇඳුම් පැළඳුම්, ප්‍රණීත ආහාර පාන ආදිය සූදානම් කර අලුත් ඇඳුම්වලින් සැරසීම ඔවුන්ගේ චාරිත්‍රමය ක්‍රියාකාරකම්ය. ඊට අමතරව දුගී ජනයා වෙත ආහාරපාන ඇඳුම් පැළඳුම් ආදියෙන් සංග්‍රහ කරමින් ලෝකවාසී සියලු දෙනාට මානව දයාවෙන් යුතුව ජේසු සමිඳුන් විසින් ලොවට ගෙන ආ සාමයේ පණිවිඩය සියලු දෙනා අතර පතුරවනු ලබයි.

මෙම ප්‍රධාන නත්තල් දේව මෙහෙය ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පවත්වන අතර ශ්‍රී ලංකාවේ නත්තල් දින දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබයි. 

ලෝකවාසී සියලු දෙනාට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා !

Leo Nisansala pathirana

Second year

Faculty of Arts


Christmas Festival

Christmas is a festive season that brings happiness to everyone around the world. This festive season is a reminder of compassion and empathy which creates lasting memories. Christmas is celebrated to mark the birthdate of Jesus Christ, an iconic figure in Christianity. Over time, this celebration has turned into a universal feast that transcends beliefs and borders. Christmas is a time period which strengthens the unity and bond between each other irrespective of their various faiths and cultures. Christmas also acts as a harbinger that invites us to enjoy the simple joys of life, share memories, and embrace the spirit of kindness and humanity. During this season, Santa Claus, Christmas trees, decorations, carols, and gifts enhance the festive atmosphere and foster cooperation and unity.

Santa Claus is a significant figure in Christmas, who spreads joy and generosity during the season. The legend of Santa Claus is revolved around a bishop who lived in the fourth century and who was famous for kindliness. The image of Santa Claus as a stout man with a red suit, white beard, and black boots is popular around the world. The enduring presence of Santa Claus is a cherished part of Christmas which captivates the interest of both young and old.

The Christmas tree is also a remarkable symbol of this joyous season. The act of decorating the Christmas tree has turned into an event in which families enjoy togetherness and share lovable experiences. The evergreen Christmas tree is a symbol that denotes hope even amid winter and ornaments such as bells, stars, and angels which are hung on the tree add beauty and vibration to it.  Families often tend to gather around the Christmas tree, enjoy its beauty, and exchange gifts as a tradition.

Christmas decorations also gain special significance during this time as they transform homes, offices, and public places into adoring and wonderful places. Decorations are essential to build a festive atmosphere and also act as a demonstration of the merriment of the season.  Decorations such as lights, trinkets, tinsel, and baubles hold special value during Christmas and people even make handmade ornaments that depict their creativity and unique personalities. As well as the Christmas tree, the decorating process of the houses and workplaces creates lasting memories and shared experiences.

Christmas carols manifest the festive cheer and benevolence of the season while the roots of these melodious songs date back to medieval Europe. The lyrics of the carols bring forth biblical stories as well as specific aspects of Christmas. Carols are sung in many different languages and musical styles which depicts its universality. Caroling also acts as a communal expression of ecstasy and invokes a sense of unity. Due to modern technology, Christmas carols are even presented as online performances which creates wider audiences.

Exchanging gifts has also become a key element of Christmas. Presenting gifts creates a sense of gratitude and highlights the importance of sharing and caring. This process consumes lots of time as choosing gifts involves thoughtful consideration of the interests and needs of the recipients. Wrapping and unveiling presents also become exciting moments for children as well as for adults.

In essence, Christmas is a celebration of love, gratitude, joy, and togetherness. In a world filled with hustle and bustle, Christmas gives us time to exchange warmth and happiness, cherish moments, and foster connections. It gives us time to pay gratitude for what we have and offer a helping hand to less fortunate individuals. Christmas also gives us hope, even amid the darkest days of winter, and rekindles our hopes through shared values, collectivity, and beautiful memories.

Leo Noyali Yalindi

First Year

Faculty of Arts


நத்தார் தின விழா

நத்தார், கிறிஸ்துப் பிறப்புப் பெருவிழா, அல்லது கிறிஸ்துமஸ் என்பது ஆண்டு தோறும் இயேசு கிறிஸ்துவின் பிறப்பைக் குறிக்கக் கொண்டாடப்படும் விழாவாகும். கிறிஸ்துமஸ் என்பதன் பொருள் "கடவுள் விடுவிக்கிறார்" என்பதாகும். தற்காலத்தில் டிசம்பர் 25ஆம் திகதி கிறிஸ்துமஸ் பண்டிகையானது கொண்டாடப்படுகிறது. மனித நேயத்தின் மாண்பையும் மரபையும் பறைசாற்றக் கூடிய நாள் தான் நத்தார் ஆகும். கிறிஸ்தவர்கள் அனைவரும் இத்தினத்தில் தேவாலயம் சென்று இயேசு கிறிஸ்துவை வழிபாடு செய்து ஒருவருக்கொருவர் வாழ்த்தினைக் கூறி மகிழ்வர். 

கிறிஸ்துமஸ் விழாவைக் கொண்டாடத் துவங்கியது ரோமாபுரி நாட்டில் கி.பி. 336 ஆம் ஆண்டில் என்பதுவே பெரும்பாலான வரலாற்றாய்வாளர்களின் முடிவாக உள்ளது. இவ்விழாவின் கொண்டாட்டங்களில் திருப்பலி, குடில்கள், கிறிஸ்துமஸ் தாத்தா, வாழ்த்து அட்டைகளையும் பரிசுகளையும் பரிமாறல், கிறிஸ்துமஸ் மரத்தை அழகூட்டல், கிறிஸ்துமஸ் மகிழ்ச்சிப் பாடல், சிறப்பு விருந்து என்பன பொதுவாக அடங்கும். கிறிஸ்துமஸ் கொண்டாடப்படும் நாளானது மரபு வழியாக வருவதேயன்றி இது இயேசு பிறந்த நாளன்று. கிறிஸ்தவர்களைப் பொறுத்தவரையில் இயேசுவின் சரியான பிறந்த திகதியை அறிந்து கொள்வதை விட,  "மனித குலத்தின் பாவங்களுக்குக் கழுவாயாகக் கடவுள் மனித வடிவில் உலகில் வந்தார்"  என்று நம்புவதே கிறிஸ்துமஸ் கொண்டாடுவதன் முதன்மை நோக்கமாகக் கருதப்படுகின்றது.

அந்த வகையில், இன்று நத்தார் பண்டிகையைக் கொண்டாடும் அனைத்து மக்களுக்கும் எமது Leo Club சார்பாக இனிய கிறிஸ்துமஸ் தின நல்வாழ்த்துக்களைத் தெரிவித்துக் கொள்கிறோம்.

Leo Rusdha Nisthar

Second Year

Faculty of Arts

Tuesday, December 19, 2023

ජාතික සංහිඳියාව


🧕 විවිද ජාතීන් අතර පවතින සමගිය මෙම ජාතික සංහිඳියාව ලෙස හැදින්විය හැක.

 දෙසැම්බර් 16 වැනි දින ජාත්‍යන්තර වශයෙන් මෙම දිනය සමරනු ලබයි.

🧕 සංහිඳියා දිනයේ වැදගත්කම කුමක්ද?

සංහිඳියාවේ දිනය වාර්ෂිකව දෙසැම්බර් 16 වන දින පැවැත්වෙන දකුණු අප්‍රිකාවේ රජයේ නිවාඩු දිනයකි. වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු 1995 දී මෙම නිවාඩුව ක්‍රියාත්මක වූයේ රට වෙනුවෙන් සංහිඳියාව සහ ජාතික සමගිය පෝෂණය කිරීමේ අරමුණ ඇතිවය.

🧕සංහිඳියා දිනය පිළිබඳ ඓතිහාසික තොරතුරු මොනවාද?

1838 දෙසැම්බර් 16 වන දින ඔවුන්" ලේ ගංගා සටනට " සටන් කළහ. අවි ආයුධ තිබූ නිසා අප්‍රිකානුවන් සටන ජය ගත්හ. බොහෝ මිනිසුන් මිය ගිය අතර  අප්‍රිකානු ගංගා රුධිරයෙන් රතු විය. අද අපි මේ දිනය හඳුන්වන්නේ සංහිඳියාවේ දිනය කියලා.

🧕සංහිඳියාව දිනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

සෑම වසරකම දෙසැම්බර් මස 16 සත්‍යය සහ සංහිඳියාව සඳහා වූ ජාතික දිනය සනිටුහන් කරයි. කිසි දිනක නිවසට නොපැමිණි දරුවන්ට සහ නේවාසික පාසල්වල දිවි ගලවා ගත් අයට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට සහ ප්‍රජාවන්ටද මෙම දිනය ගෞරව කරයි. 

🧕සංහිඳියාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

 * අනෙකුත් ජාතීන් පිලිබද පුලුල් දැනුමක් ලබා ගත හැක.

* අනෙකාට අපහසු අවස්තා වන් වලදී උපකාර කිරීමෙ හැකියාව.

* සංස්කෘතික විවිදත්වයක් දැකිය හැක

🧕සංහිඳියාව සාමය ඇති කරන්නේ කෙසේද?

සංහිඳියාව යනු  විවිද සංස්කෘතික පාර්ශ්වයන් විශ්වාසය ගොඩනඟා, සහයෝගයෙන් ජීවත් වීමට ඉගෙන ගන්නා සහ ස්ථාවර සාමයක් ඇති කරන දිගුකාලීන ක්‍රියාවලියයි. එය පුද්ගල මට්ටමින්, ප්‍රජා මට්ටමින් සහ ජාතික මට්ටමින් සිදුවිය හැක.

🧕සංහිඳියාව පිළිබඳ පණිවිඩය කුමක්ද?

බයිබලානුකුල සංහිඳියාව යනු කලින් විරසක වූ පාර්ශව දෙකක් එකිනෙකා සමඟ සාමයට පැමිණීමේ ක්‍රියාවලියයි. දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපව තමා සමඟ සමාදාන කර ඇති නිසා, අපට එකිනෙකා සමඟ සංහිඳියාව ඇති කළ හැකිය, තවදුරටත් අපගේ වැරදි එකිනෙකාට ගණන් නොගනී.

එලෙසම බුදුදහමට අනුව ජාති බේද වලිං තොරව සියලුම පුද්ගලයින්ට කරුනාව  දැක්වීම මෙත් සිත පැතිරවීම සංහිඳියාව ලෙස දැක්කවිය හැක.

🧕ජාතීන් අතර සංහිදියාව ඇති කරගන්නෙ කෙසෙද ?

# එකිනෙකාට ගරු කිරිම.

# එකිනෙකාට උපකාර කිරීම .

# සංහිදියාව දියුණු කරන ක්‍රියාකාර කම් වල නිරත වීම

Leo Nadeesha Mayomi

First Year

Faculty of Arts

විශාදය හෙවත් මානසික අවපීඩනය


විශාදය විතරක් නෙවේ ඕනැම මානසික රෝගයක් පිස්සු කියන තත්වය විදියට හඳුන්වන්න අපේ රටේ ඉන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා.  නමුත් අපි කතාකරන විශාදය (Depression) කියන රෝගය සහ පිස්සු කියන්නේ එකිනෙකට වෙනස් වූ රෝගී තත්ත්ව දෙකක් ලෙස හඳුන්වාදිය හැකියි. අපි සරලව හඳුන්වනවා නම් විශාදය කියන්නේ කෙනෙක්ගේ මනසේ දීර්ඝ කාලයක් තුල පවතින ශෝකී බවයි (Sadness). එනම්, විශාදය ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ මානසික වශයෙන් ඇතිවන වේදනාවන්ය (Mental trauma).

ශ්‍රී ලංකාව ගතහොත් අපගේ ජනගහනයෙන් 4.4% කට පමණ මෙම රෝගී තත්ත්වය පවතිනවා. එබැවින් මෙය ඉතා බහුල රෝගී තත්වයක් කියලා කියන්න පුලුවන්. 

විශාදය කියන්නේ කුමක්ද? (What is depression)

විශාදය කියන්නේ කලින් සඳහන් කල ආකාරයටම මනසේ ඇතිවන දීර්ඝ කාලීන වශයෙන් පවතින් ශෝකී ස්වාභාවයක් කියලා සරලව සඳහන් කරන්න පුලුවන්.

නමුත් අන්තර්ජාතික රෝග වර්ගීකරණයට (ICD 10) අනුව මෙම රෝගය සඳහා වඩා සංකීර්ණ හැඳින්වීමක් කර තිබෙනවා. ඒ අනුව රෝගියාට පවතින රෝග ලක්ෂණ අනුව එම රෝගී තත්ත්වය මද විශාදය (Mild depression) , සමාන්‍යය විශාදය (Moderate Depression), සහ දරුණු ගනයේ විශාදය (Severe Depression) ලෙස වර්ග කල හැකියි.  

විශාදය රෝග ලක්ෂණ (Symptoms of depression)

විශාදයේ ප්‍රධාන රෝග ලක්ෂණ 10ක් තිබෙනවා. මේවාගෙන් කොටසක් major symptoms සහ ඉතිරි කොටස minor symptoms කියලා හඳුන්වනවා.

1. දුක්සහිත / ශෝකී ස්වභාවය (Sad mood)

2. වෙනදා සතු‍ටුවන දේ වලින් සතුටට පත්විය නොහැකි බව (Loss of interest/ Joyness)

3. මහන්සිගතිය (Fatiguability)

4. මානසික ඒකාග්‍රතාවය අඩුවීම (Lack of concentration)

5. ආත්ම විශ්වාසය අඩුවීම (Lack of self esteem 

6. සිතේ පවතින වරදකාරී ස්වාභාවය (Guiltiness)

7. අනාගතය පිලිබඳ අශුභවාදි අදහස් (pessimistic ideas on future)

8. සියදිවිහානිකර ගැනිමට සිතීම (suicidal ideas)

9. නින්ද නොයැම (Lack of sleep)

10. කෑම අරුචිය (Lack of appetit) 

මෙම රෝග ලක්ෂණ අනුව වෛද්‍යයවරයෙකු විසින් ඔබට විශාදය ඇති නැති බව සහ එහි බරපතල බව තීරණය කළයුතු වේ. එලෙසම කෙනෙකු මානසික අවපීඩනය තත්ත්වයක් ඇතිබව සිතනවානම් අනිවාර්යෙන්ම වෛද්‍යය වරයෙක් හමු වී එ පිලිබඳ සැකහැර දැනගත යුතු වේ.

විශාදය ඇතිවන්නේ ඇයි? 

අපි හිතන්නේ නම් විශාදය එහෙමත් නැත්නම් ඩිප්‍රෙෂන් ඇතිවෙන්නේ මානසික ගැටලු නිසා කියලා. ඒත් හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැ. මානසිකව ඇතිවෙන දැඩි වේදනාවලුත් (severe mental problems) එක හේතුවක් උනාට ඊට වඩා වැදගත් බොහෝ කරුණු මේ සඳහා බලපායි.

1. ජානමය හේතු (Genetic Causes) 

මෙම රෝගයට බලපාන සමහර කරුණු පරම්පරාගතව පවුල හරහා යන දේවල්. ඒවා ගමන් කරන්නේ ජාන කියන ඒකක හරහාය. ජනාමය හේතු කියන්නේ මේ රෝගයට ප්‍රධාන හේතුවක්. ඒ නිසා ඔබේ සහෝදර සහෝදරියන්ට, දෙමාපියන්ට මෙම රෝගය ඇත්නම් ඔබටත් රෝගය ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා.

2. දීර්ඝ කාලීන රෝගී තත්ත්ව (Chronic illness) 

අපේ රටේ වගේම ලෝකෙත් ගොඩක් අය බෝ නොවන රෝග (NCD) වලින් පෙලෙනවා. උදාහරණ විදියට පිළිකා(Cancers), වකුගඩු රෝග(CKD), ආතරයිටිස්(Arthritis), වගේ රෝග ගන්න පුලුවන්.ඒ වගේ රෝගීන් අතර මෙම රෝගී තත්ත්වය නිතර දකින්නට ලැබෙනවා.

3. සමහර ඖෂධ (Some medications) 

අප ලබාගන්නා සමහර ඖෂධ නිසා සමහර අයට මෙම රෝගය වැළදෙන්න පුලුවන්. ඒ අතර සමහර වේදනා නාශක(Pain killers), වලිප්පුව (Epilepsy) සඳහා ලබාදෙන ඖෂධ වගේ දේවල් ප්‍රධාන වෙනවා.

4. මත්ද්‍රව්‍යය (Drugs) 

සමහර පුද්ගලයන් නිතර විවිධ මත්ද්‍රව්‍යය (illicit drugs) ලබාගන්නට පුරුදු වෙලා ඉන්නවා. මේ වගේ අය ඉතා පහසුවෙන් මානසික අවපීඩන තත්ත්වයකට ගොදුරු වෙන්න පුලුවන්.

5. හදීසි මානසික ගැටලු (Sudden mental trauma) 

මානසික ගැටලු කියන්නේ අපි හැමෝටම හැම වෙලාවකම අඩු වැඩි වශයෙන් මුහුන දෙන්න වෙන තත්ත්වයක්. තමන් ලගින් ආශ්‍රය කරන කෙනෙක් වෙන් උනොත්, එහෙමත් නැත්නම් ශාරීරික වේදනවක් ඇතිවුනොත් වගේ අවස්ථාවක ටිකක් වැඩිපුර දැනෙන්න පුලුවන්. මෙහෙම ඇතිවෙන සමහර මානසික වේදනා දීර්ඝ කාලීනව පැවතිලා විශාදය වගේ තත්ත්වයකට පරිවර්ථනය වෙන්න පුලුවන්.

ඒ එක්කම පෞර්ෂය ආශ්‍රිත ගැටලු, මොළයේ වර්ධනයේ ගැටලු වගේ ගොඩක් දේවල් මෙකට බලපාන්න පුලුවන්. 

විශාදය වර්ග (Types of Depression)  

අපි කලින් කතා කරපු විදියට විශාදයේ රෝග ලක්ෂණ වල තීව්‍ර බව අනුව මද, සාමාන්‍ය සහ දරුණු ගනයේ විශාදය ලෙස බෙදන්න පුලුවන්.

ඒ එක්කම තමයි විශාදය ඇතිවීමට අදාල අවස්ථාව සහ රෝගයේ ලක්ෂණ අනුව විශාදයේ වර්ග 7ක් පවතිනවා.

1.Major Depressive Disorder (MDD)

2.Persistent Depressive Disorder (PDD)

3.Bipolar Disorder

4.Postpartum Depression (PPD)

5.Premenstrual Dysphoric Disorder (PMDD)

6.Seasonal Affective Disorder (SAD)

7.Atypical Depression  

විශාදය සඳහා ප්‍රතිකාර

මද විශාදාය (Mild depression) තත්වයක සිට දරුණු ඝනයේ විශාදය (Severe depression) තත්ත්වයක් දක්වා ප්‍රතිකාර ක්‍රම විවිධ වෙනවා. උදාහරණයක් ලෙස; මද විශාදය තත්ත්වයක් කුඩා මානසික උපදේශනයකින් (counselling) සුව වූවත් සමහර අවස්ථාවලදී ඖෂධමය ප්‍රතිකාර වලට අමතරව ECT ප්‍රතිකාරයද භාවිත කරන්නට වෙන්න පුලුවන්. 

මේ ආකාරයට මෙම විශාදය හෙවත් මානසික අවපීඩන තත්ත්වය හා ඒහ් තුළින් මිදීමට ගත යුතු පියවර පිළිබඳවද අපට අවබෝධයක් ගත හැකිය. 

 Leo Rashmi Shasikala  

Faculty of art

university of colombo

ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය


ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය (IHSD), දෙසැම්බර් 20 දින සමරන අතර එය  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි සාමාජික රටවල ජාත්‍යන්තර වාර්ෂික එක්සත් දිනයකි. එහි ප්‍රධාන පරමාර්ථය වන්නේ දරිද්‍රතාවය අවම කිරීම සඳහා ගෝලීය අරමුණු සහ මුලපිරීම් පිළිබඳව සාමාජික රාජ්‍යයන් දැනුවත් කිරීම සහ ලොව පුරා ස්වාධීන ජාතීන්ගේ දරිද්‍රතාවය අඩු කිරීමේ උපාය මාර්ග සැකසීම සහ බෙදාගැනීම මගින් සහයෝගීතාවයේ විශ්වීය වටිනාකම හඳුනා ගැනීමයි 

ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය යනු:

#විවිධත්වය තුළ අපගේ එකමුතුකම සමරන දිනයක්;

#ජාත්‍යන්තර ගිවිසුම්වලට ඔවුන්ගේ කැපවීම්වලට ගරු කරන ලෙස රජයන්ට මතක් කරන දිනයක්;

#සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ දිනයක්;

#දරිද්‍රතාවය තුරන් කිරීම ඇතුළු තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ මාර්ග පිළිබඳ විවාදය දිරිමත් කරන දිනයක්;

#දිළිඳුකම පිටුදැකීම සඳහා නව මුලපිරීම් දිරිගැන්වීම සඳහා ක්‍රියාකාරී දිනයක්.

පසුබිම

21 වැනි සියවසේ ජාත්‍යන්තර සබඳතාවල මූලික වටිනාකම්වලින් එකක් ලෙස සහස්‍ර ප්‍රකාශය තුළ සහයෝගීතාව හඳුනාගෙන ඇති අතර, එහි දුක් විඳීමට හෝ අවම වශයෙන් ප්‍රතිලාභ ලබන අයට වැඩි ප්‍රතිලාභ ලබන අයගෙන් උපකාර ලැබිය යුතුය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගෝලීයකරණයේ සන්දර්භය සහ වැඩෙන අසමානතාවයේ අභියෝගය තුළ ජාත්‍යන්තර සහයෝගීතාවය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

එබැවින් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම සඳහා සහයෝගීතාවයේ සංස්කෘතිය සහ බෙදාගැනීමේ ආත්මය ප්‍රවර්ධනය කිරීම වැදගත් බව ඒත්තු ගැන්වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය දෙසැම්බර් 20 ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

දිළිඳුකම පිටුදැකීම සඳහා ලෝක සහයෝගිතා අරමුදල පිහිටුවීම සහ ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය ප්‍රකාශයට පත් කිරීම වැනි මුලපිරීම් හරහා, දිළිඳුකමට එරෙහි සටනේදී සහ අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීමේදී සහයෝගීතා සංකල්පය තීරණාත්මක ලෙස ප්‍රවර්ධනය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සහයෝගිතා සංකල්පය

සංවිධානයේ උපතේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යය සහයෝගීතාව පිළිබඳ සංකල්පය අර්ථ දක්වා ඇත. එක්සත් ජාතීන්ගේ නිර්මාණය සාමය, මානව හිමිකම් සහ සමාජ හා ආර්ථික සංවර්ධනය ප්රවර්ධනය කිරීම සඳහා ලෝකයේ ජනතාව සහ ජාතීන් එකට එකතු විය. සංවිධානය ආරම්භ කරන ලද්දේ එහි සාමාජිකයන් අතර සමගිය සහ සහජීවනය පිළිබඳ මූලික පදනම මත වන අතර, එය "ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා" එක්සත් කිරීම සඳහා එහි සාමාජිකයින්ගේ සහයෝගීතාවය මත රඳා පවතින සාමූහික ආරක්ෂාව පිළිබඳ සංකල්පය තුළ ප්‍රකාශ විය.

සංවිධානය "ආර්ථික, සමාජීය, සංස්කෘතික හෝ මානුෂීය ස්වභාවයේ ජාත්‍යන්තර ගැටළු විසඳීමේ සහයෝගීතාවය" මත රඳා පවතින්නේ සහයෝගීතාවයේ ආත්මයෙනි.

2005 දෙසැම්බර් 22 වන දින මහා සභාව, 60/209 යෝජනාව මගින් සහයෝගීතාවය විසිඑක්වන සියවසේ මිනිසුන් අතර සබඳතා යටපත් විය යුතු මූලික හා විශ්වීය වටිනාකම් වලින් එකක් ලෙස හඳුනා ගත් අතර, ඒ සම්බන්ධයෙන් සෑම වසරකම දෙසැම්බර් 20 ජාත්‍යන්තරය ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය. මානව සහයෝගීතා දිනය.

57/265 යෝජනාව මගින් 2002 දෙසැම්බර් 20 වන දින මහා සභාව විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ භාර අරමුදලක් ලෙස 2003 පෙබරවාරි මාසයේදී පිහිටුවන ලද ලෝක සහයෝගීතා අරමුදල පිහිටුවන ලදී. එහි පරමාර්ථය වන්නේ දරිද්‍රතාවය තුරන් කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන් ඔවුන්ගේ ජනගහනයේ දුප්පත්ම කොටස් අතර මානව හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමයි.

Leo Shashin Dewthilina

First Year

Faculty of Arts

Sunday, December 17, 2023

නෙරපනු.......!


දහසක් දොම්නස් කඳුළු සුසුම් මැද

ගයනා පෙම් ගී කවිය අසනු මැන

මොර දී අහසට හඬගා කියු ඒ

අවිහිංසක පෙම් ගීය අසනු මැන...


ගැයුමට තවකෙක් නැත මට ඔබ හැර

එනමුදු හැඬුමට මා පමණක් ඇත

ගැයු විට දිරිගෙන හදවත බිලිකොට

සිනාසුනා ඔබ මා දෙස බල බල...


මියැදුණු පැතුමෙක පරවුණු කුසුමෙක

කඩවුණු අභිමන් අභියස සිට මම

ජීවිතයක ඇති අරුත සොයන්නට

විවර කළා සිත ලෝ දම් සිහි කොට...


සිසිලස ගෙන දෙන චන්ද්‍රමඩල යට

භව දුක් අවුළන මළපුඩු කුමටද

සිසිලස විඳ විඳ වීතරාගී සිත

සසරෙන් නෙරපනු බුදු දම් සිහිකොට...


Leo Chathuranga Lakmal

First Year

Faculty of Arts

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය


ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය ලෙස සැලකෙන්නේ මිලියන සංඛ්‍යාත සංක්‍රමණිකයන් ඔවුන්ගේ සත්කාරක රටවල ආර්ථිකයන් සදහා කරන ලද දායකත්වය සහ ඔවුන්ගේ මූලික මානව අයිතිවාසිකම් වලට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීම සදහා වන දායකත්වය හදුනා ගැනිමේ අවස්ථාවක් ලෙසය.

සෑම වසරකම දෙසැම්බර් 18 වන දින ලොවපුරා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරයි.සංක්‍රමණිකයන් මුහුණ දෙන අභියෝග ඉස්මතු කරමින් ඔවුන්ගේ වැදගත් දායකත්වය හදුනා ගැනීමට වෙන් කරන ලද දිනයක් ලෙස අද දිනය හදුනා ගත හැකිය.

2000 දෙසැම්බර් 4 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෝකයේ විශාල සහ වැඩිවන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් 18 දින ජාත්‍යන්තර සංක්‍රමණික දිනය ලෙස නම් කලේය.1990 දී මෙම දිනයේදී සියලුම සංක්‍රමණික සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිලිබද ජාත්‍යන්තර සම්මුතිය සභාව විසින් අනුමත කරන ලදි.

සෑම වසරකම දෙසැම්බර් 18 දින එක්සත් ජාතීන්ගේ සංවිධානය සංක්‍රමණය සදහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM)හරහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය යොදා ගනිමින් අභ්‍යන්තරව අවතැන් වූ මිලියන 41කට වැඩි සංඛ්‍යාවක් ඇතුලුව දළ වශයෙන් මිලියන 272ක සංක්‍රමණිකයන් විසින් කරන ලද දායකත්වය ඉස්මතු කරයි.

IOM හි 500 කට ආසන්න රටේ කාර්‍යාල සහ උප කාර්‍යාල මෙන්ම රාජ්‍ය ජාත්‍යන්තර සහ දේශීය සිවිල් සමාජ හවුල්කරුවන් විසින් සංවිධානය කරන ලද සිදුවීම් මගින් සහය දක්වන මෙම ගෝලීය උත්සවය , සංක්‍රමණ මාර්ගෝපදේශනය වෙනුවෙන් පෙනී සිටීම සදහා පුලුල් පරාසයක සංක්‍රමණ තේමා,සමාජ සහජීවනය,අභිමානය,සූරාකෑම,සහයෝගීතාවය පරීක්ෂා කරයි.මානුෂිය හා විධිමත් සංක්‍රමණය සංක්‍රමණිකයන්ට සහ සමාජයට ප්‍රතිලාභ ලබා දෙයි යන මූලධර්ම මගිනි.

1997 දී පිලිපීනය සහ අනෙකුත් ආසියානු සංක්‍රමණික සංවිධාන දෙසැම්බර් 18 සංක්‍රමණිකයන් සමග සහයෝගීතාවයේ ජාත්‍යන්තර දිනය ලෙස සැමරීම සහ ප්‍රවර්ධනය කිරීම ආරම්භ කලේය.මෙම දිනය තෝරාගනු ලැබුවේ 1990 දෙසැම්බර්  18 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සියලුම සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබද ජාත්‍යන්තර සම්මුතිය සම්මත කරන ලද බැවිනි.1999 අග භාගයේදී එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයෙකු නිල වශයෙන් නම් කිරීම සදහා අන්තර්ජාල හරහා ප්‍රචාරක කටයුතු ආරම්භ කරන ලදි.අවසානයෙ 2004 දෙසැම්බර්  4 දින ප්‍රකාශයට පත් කරන ලදි.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය ප්‍රකාශයට පත් කිරීම වැදගත් පියවරක් වන අතර සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන සියලු දෙනා සදහා පෙළගැස්මක් ඉදිරිපත් කරයි.සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් සහ මූලික නිදහස පිලිබද තොරතුරු බෙදා හැරීම , අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් මෙම දිනය සැමරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලුම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට , අන්තර් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වලට ආරාධනා කරයි.

Leo Poornima Nethmini

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...