Sunday, December 17, 2023

නෙරපනු.......!


දහසක් දොම්නස් කඳුළු සුසුම් මැද

ගයනා පෙම් ගී කවිය අසනු මැන

මොර දී අහසට හඬගා කියු ඒ

අවිහිංසක පෙම් ගීය අසනු මැන...


ගැයුමට තවකෙක් නැත මට ඔබ හැර

එනමුදු හැඬුමට මා පමණක් ඇත

ගැයු විට දිරිගෙන හදවත බිලිකොට

සිනාසුනා ඔබ මා දෙස බල බල...


මියැදුණු පැතුමෙක පරවුණු කුසුමෙක

කඩවුණු අභිමන් අභියස සිට මම

ජීවිතයක ඇති අරුත සොයන්නට

විවර කළා සිත ලෝ දම් සිහි කොට...


සිසිලස ගෙන දෙන චන්ද්‍රමඩල යට

භව දුක් අවුළන මළපුඩු කුමටද

සිසිලස විඳ විඳ වීතරාගී සිත

සසරෙන් නෙරපනු බුදු දම් සිහිකොට...


Leo Chathuranga Lakmal

First Year

Faculty of Arts

ලෝක එක්සත් ජාතීන්ගේ දිනය - 2025

එක්සත් ජාතීන්ගේ දිනය 2025 අද ලෝක එක්සත් ජාතීන්ගේ දිනයයි එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ නිල ආරම්භය සිදු වු දිනය සමරමින් ස...