Sunday, December 17, 2023

නෙරපනු.......!


දහසක් දොම්නස් කඳුළු සුසුම් මැද

ගයනා පෙම් ගී කවිය අසනු මැන

මොර දී අහසට හඬගා කියු ඒ

අවිහිංසක පෙම් ගීය අසනු මැන...


ගැයුමට තවකෙක් නැත මට ඔබ හැර

එනමුදු හැඬුමට මා පමණක් ඇත

ගැයු විට දිරිගෙන හදවත බිලිකොට

සිනාසුනා ඔබ මා දෙස බල බල...


මියැදුණු පැතුමෙක පරවුණු කුසුමෙක

කඩවුණු අභිමන් අභියස සිට මම

ජීවිතයක ඇති අරුත සොයන්නට

විවර කළා සිත ලෝ දම් සිහි කොට...


සිසිලස ගෙන දෙන චන්ද්‍රමඩල යට

භව දුක් අවුළන මළපුඩු කුමටද

සිසිලස විඳ විඳ වීතරාගී සිත

සසරෙන් නෙරපනු බුදු දම් සිහිකොට...


Leo Chathuranga Lakmal

First Year

Faculty of Arts

Esala Full Moon Poya Day 2026

Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...