Thursday, December 28, 2023

අලුත් අවුරුදු සැදෑව

 

ලබන්නා වූ 2024 නව වසර සාමය සතුට පිරි සුබ ම සුබ නව වසරක්  වේවායි ප්‍රථමෙයන් ප්‍රාර්ථනා කරන්නෙමු..!

2023 දෙසැම්බර් 31 අදයි.වසරක් අවසන් දිනය අදයි.2023 වසරේ අවසන් හෝරා කිහිපයයි.

වසරක් ගෙවී නව වසරක් උදාවීම මගින් මිනිසා තුළ අලුත් සිතුවිලි පොදි බදින්නේ නොසිතූ ලෙසය. 2024 යනු අධික අවුරුද්දකි. අවුරුද්දට දවස් 366 ක් සහිත එනම් පෙබරවාරි මාසයට දවස් 29 ක් ඇති අවුරුද්දකි.අලුත් අවුරුද්දක් යනු සෑම ජන වර්ගයාගේම ලෝකයේ සමරනු ලබන ආදරෙයන් බන්දේසියක තබා පිළිගන්නා ලද උත්සවයකි.මිනිසාගේ අලුත් සිතුවිලි ගොන්නක් පෙරදැරි කර ගෙන නව වසරක් වැළද ගන්නේ සුභ ම වේවා යන ප්‍රාර්ථනෙයනි.නමුත් 2023 වසර අධික අවුරුද්දක් නොව සුබ මෙන්ම අසුබ දෑ ගොඩක් සිදු වූ වසරකි.වසරක් ගෙවීමෙන් මිනිසාගේ ජීවිතයත් වසරක් ගෙවෙන්නාක් මෙන් ගෙවෙයි.ඒ නිසා දෙසැම්බර් 31 දින සිට නව වසර ගැන සිතනුයේ හොද වැඩ පමණක් කිරීමට ය.ඒ නිසා දෙසැම්බර් 31 දින සැදෑව වැදගත් මෙන් විශේෂ ය.නව වසරේ ග්‍රහ ඵලාපල නැකැත් සීට්ටුව සකසනුයේ ද අද දිනයි. ඒ් හේතුවෙන් 31 සැදෑව සතුටින් සහයෝගයෙන් ආගමික කටයුතු සමගිනි.

  ගෙවී යන පරණ අවුරුද්දට කෘතඥ පූර්වක ව සමු දීමත්  සමග එළඹෙන  නව වසර හරසරින් පිළිගනු ලබන්නේ ආගමික කටයුතු මධ්‍යයේ ය.පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ද විවිධ පුද පූජා කරමින් කිරි උතුරුවමින් නව වසර හරසරින් පිළිගනුයේ බලාපොාරාත්තු ගොන්නකනි.

වසරකට මාස 12ක් හෙවත් දින 365ක් හෝ 366ක් සූර්යයාගේ ගමනාන්තය සනිටුහන් කරන්නා වූ වසරක් මුළු ලෝකයේ ම දුගී මගී ධනවත් ජනයාගේ වයස ගෙවී යාමක් සිදුවනුයේ ද නව වසරක් උදා වීමෙනි.මිනිසාගේ ආයුශ අඩුවීමෙන් ඔවුන්ගේ සාර්ථකත්වය  වගේ ම නොදියුණුව ද තීරණය වන්නේ වසරක් උදාවීමෙනි.

ජනවාරි පළමු දිනයේ උදෑසනින් ම කිරි උතුරුවා හිරුදෙවියාගෙන් ද මවුපියන්ගෙන් ද ආශිර්වාද ලබා උදා කරගන්නා නව වසර මෙන් පරණ අවුරුද්ද අවසන් කරන්නේ ප්‍රීතිමත් වෙමින් කුල්මත් වෙමින් පය.රතිඤ්ඤා හඩ පතුරමින් නව වසර වැලද ගන්නා සේම 2023 දෙසැම්බර් 31 හෝරා කිහිපය අවසන් කරයි.කුඩා ළමයි ප්‍රීතියෙන් තම දෙමව්පියන් සමග අත්තම්මා සීයා ළග දැවටෙනුයේ කෙළිලොල් කරනුයේ ඉතාමත් ප්‍රීතියෙනි ආශාවෙනි.පිරිමින් නව වසර වැළද ගැනීමට පරණ අවුරුදු ඒනම් දෙසැම්බර් 31 සැදෑව ගතකරනුයේ බඹරුන් ලෙස කුල්මත් වෙමිනි.ඒ ඔවුන්ගේ සතුටයි විනෝදය ලෙස ඔවුන්ගේ මතය යි.

දෙමව්පියන් සමග දරුවන් කාලය ගත කරනුයේ සතුටින් සහජීවනයෙන් කිරි ඉතිරේවා යන අරමුණින් අවසන් දින (2023.12.31) සැදෑ දවස ගත කිරීමට පවුලේ සියලු දෙනා එක් වී එකා මෙන් එක් වී නව වසරේ නව දවස ගත කිරීමට සියලු බලාපොරොත්තු ඉටු වේවායි යන ප්‍රාර්ථනයෙනි.

2023 වසරේ අවසන් සැදෑව  නෑදෑ හිතවතුන් සමග එක් වී කෙළිලොල් කරනුයේ සතුට සුභ සිතුම් පැතුම් සමගිනි. අවුරුදු මේසයට කෑම බීම සකසනුයේ සහයෝගයෙනි.ප්‍රිතියෙනි.ගෙවල් ෙදාරවල් පිරිසිදු කරමින් කුඩා ළමුන් රතිඤ්ඤා සහ ගිනි ෙකළි වලින් කෙළිලොල් කරමින් අලුත් ඇදුම් පැලදුම් වලින් සැරසීමට පුද්ලික ව හෝ මිතුරන්, පවුලේ අය සමග ආගම් ජාති කුලය භේදයක් නොමැති ව මහත් හරසරින් 2023 වසරේ සැදෑව ගත කරනුයේ ඉතාමත් ප්‍රීතියෙන් මෙන්ම ගෙවී ගිය සොම්නස දොම්නස බෙදාහදා ගනිමිනි.

විවිධ ප්‍රසංග පවත්වමින් ආගමික ස්ථානවල පිරිත් සජ්ඣායනා ,විවිධ පුද පූජා පවත්වමින් සතුටු වෙමින් සෙත් පතනුයේ කළගුණ සැළකීමක් ගරු කිරීමකි.

බුලත් යනු කළගුණ දැක්වීමේ ආභරණයයි.  සැදෑවේ දී වැඩිහිටියන්ගේ ආශිර්වාදය ට බුලත් අතකින් ගරු කරනුයේ  නව වසරට ආශිර්වාදයක් මෙන්ම වසර අවසන් කිරීමට කළගුණ සැළකීමකනි..පොළොව හිරු වටා යන ගමනේ එක් වටයක් ගෙවී නව වටයක් ආරම්භ කරන මොහොතට  වසරේ සැදෑව  අති උත්කර්ශවත් ලෙස ගත කරනුයේ උදා වන 2024 වසර ම සතුටින් ඉතිරේවා යන හදවත් පැතුම සමගිනි.

ඔබ සැමට ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සාමය සතුට පිරි අවංක හදවතින් පැතුමන් එක්කර ප්‍රාර්ථනා කරන්නා ලෙස ම ගෙවී යන වසරේ සැදෑව සහයෝගයෙන් ගත කරන අයුරින් ම 2024 නව වසර ම සහජීවනය එක්  තැන් වී කරදර කම්කටොළු නොපැමිණේවා යි ප්‍රාර්ථනා කරන්නෙමු!.

 Leo Imalsha Shayani

First Year

Faculty of Arts

දිව්‍ය ලෝකෙට යන පාර


🔆සිරිපා ඉතිහාසය...

සීතල උදුවප් මාසයේ ආරම්භ වන සිරිපා වන්දනාව බෞද්ධ අපට පමණක් නොව සෑම ආගමිකයන්ගේම සිත් ඇද ගන්නා සුළු වන්දනා සමයක් බවට පත්ව තිබේ..🌝❤️

🔆ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ උඳුවප් මාසෙහි පුර පසළොස්වක දිනයටය.🌼මෙම වන්දනා සමය අවසාන වන්නේ වෙසක් මාසයේදී ලබන්නා වූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදීය.🌼

🔆ශ්‍රී පාදස්ථානය ගැන මුලින්ම තොරතුරු ලබාගත හැකි වනුයේ වංශකතා තුළනි.එසේම සද්ධර්ම ලංකාරය තුළද සවිස්තරාත්මක විස්තර සඳහන් වෙයි.🖍️

🔆මහාවංශයේ දී සඳහන් වන්නේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන්  බුද්ධත්වයට පත්ව අටවන වර්ෂයේදීවර්ෂයේදී වෙසක් පුන් පොහොය දිනය පන්සියයක් මහරහතන් වහන්සේලා සමඟ ලක්දිවට වැඩම කර බුදුරජාණන් වහන්සේ සමන්ත කූට පර්වත මුදුනේ ඉන්දනීල මානිකයමය පාෂාණයක් තුළ ශ්‍රීපාද ලාංඡනය පිහිට වූ බවයි.

🔆මෙම ශ්‍රී පාද සමය සියලු දෙනාගේම සිත් ඇදගන්නා සුළු වන්දනා සමයකි.🩵 සිරිපා කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මෙම ශ්‍රී පාද පාදකන්ද අවට විශාල කඳු පන්ති වලින් මෙන්ම ඝණ අන්ධකාර වනාන්තර වලින් යුක්ත වේ.🍂🍃එම ස්වභාව සෞන්දර්ය නිසා මෙහි තිබෙන්නා වූ පින්වන්තකම තව තවත්    දිස් වේ.🌵☘️🍀

🔆මෙම මායාලෝකයට පිවිසීමට මාර්ග හයක් පවතී.

1.රත්නපුර-පලාබැද්ද

2.හැටන්-නල්ලතන්නි

3.කුරුවිට-එරන්ත

4.මුර්යාවත්ත

5.මුකුවත්ත

6.මාලම්බොඩ

🔆මෙම ශ්‍රීපාදය පිළිබඳ විවිධ විශ්වාස දරනු ලබයි

🌸 බුදුරජාණන් වහන්සේගේ සිල් පතුල සටහන් කර ඇති බවත්,

🌸දමිළ ජනතාව ශිව දෙවියන්ගේ පහසටහනක් බවත්,

🌸මරක්කලයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණිලමිට ඔහුගේ පහසටහනක් බවත්ය.

🖍️මේ ආකාරයට විවිධ  ආගම්වලින් විවිධ විශ්වාස මෙම සිරිපාදයට පටබැඳී ඇත.නමුත් අද වන විට විශාල වශයෙන්ම මෙහි වන්දනාමාන කරනු ලබන්නේ බෞද්ධ ජනතාවය.

🦋තවද සමනලයන් වාර්ෂික සංක්‍රමණයේදී මෙම කඳු මුදුන අවට වාසය කරන බැවින් සමනල කන්ද ලෙසද හඳුන්වනු ලබයි.එය විවාහයේදී හඳුන්වනු ලබන්නේ සමනලයන්ද සිරිපාද වන්දනාව සිදුකරන බවටය.🦋🦋✨🦋🦋

🔆රත්නගිරි ,සුවර්ගරෝනම් යන නම් වලින්ද මෙම සිරිපාදය හඳුන්වනු ලබන අතර අද වන විට විශාල වශයෙන්ම හඳුන්වනු ලබන්නේ සිරීපාදය ලෙසයි.😍🥰

🔅මෙම වන්දනා ගමන පහසු කටයුත්තක් නොවේ.ප්‍රථම වතාවට මෙහි වන්දනා වන්දනා කරන පිරිස කෝඩුකාරයන් ලෙස හඳුන්වනු  ලබයි.🚶‍♀️🚶‍♀️සැදැහැවතුන් සීත ගඟුලෙන් ස්නානය කිරීමද සිදුකරන අතර 🌊කෝඩුකාරයන් විසින් ඉදිකටු පාන නම් ස්ථානයේදී ඉදිකටු හා නූල් සවිකිරීම සිදුකරයි.  මහඟිරිදබ යන දුෂ්කර පඩිපෙල් සමූහයද පසුකර යාමට සිදුවන අතර මෙම ගමන අතරතුරදී සැදැහැවතුන් විසින් කවි ගායනා කිරීමද සිදු කරනු ලබයි.🎧💖🌝 

🔆බොහෝ විට රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය යටතේ සැදැහැවතුන් මෙම දිව්‍ය ලෝකය වෙත ගමන් කරයි.💡🕯️🪔එලෙස රාත්‍රී කාලයේදී ගමන් යාම සිදු කරනු ලබන්නේ ප්‍රධාන අරමුණ වන්නේ සූර්ය නමස්කාරය දැක බලා ගැනීමයි🌞.එහිදී සූර්යයා විසින් තුන්වරක් අහසට පැන නැගී නැවතත් නොපෙනී යනු දැක්නට ලැබේ🌄🌅. මෙය ඉර සේවය ලෙස හඳුන්වනු ලබන අතර,ඇස් අදහාගත නොහැකි ඇස් වලින් දැකීමට ඇස් පවා පින් කර තිබිය යුතු අවස්ථාවක් ලෙස සලකනු ලබයි.🥺

🔆ඉතාමත් සතුටින් ඉතාමත් නොවිය සිල්ලෙන් ශ්‍රී පාදස්ථානයට පිවිසීමෙන් පසුව,එහි  තිබෙන්නා වූ ගාන්ඨාරය තමන් පැමිණි වාර ගණනට නාද කිරීම සිදුකිරීම චාරිත්‍රයක් ලෙස සිදු කරනු ලබයි.✨✨🏵️

🔆 සීතල මීදුමෙන් වැසී තිබෙන මෙම මායා ලෝකය තරම් උත්කර්ෂවත් පින්වන්ත බිමක් මේ මිහිතලයේ නැති තරම්ය.

🔆 සෑම සැදැහැවෙතකුම මෙම පුදබිමට සුලංපොදක් මෙන් රැගෙන යාම සුමන සමන් දෙවියන් විසින් සිදු කරන බව නොඅනුමානය.✨🥺🥰 

මේ වන්දනාව අවසානයේදී දැඩි වෙහෙසක් අප සතු නොමැතිවීම විම ඒ බවට සාක්ෂි දරයි.

🔆 මෙම දිව්‍යලෝකයට යන පාර කැලිකස නොදමමින් ආරක්ෂා කිරීම අප සියලු දෙනා සතු කාර්යයකි🙏🧡🤍

Leo Yashodhara Bandara

First Year

Faculty of Arts

හිතන දේ හැබෑ කරන විශ්වයේ නීතිය


 අද කතා කරන්නේ “The Secret” කියන පොතෙන් වගේම චිත්‍රපටයෙන් ලෝකයේ  ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ආකාර්ෂණ නියමය ගැනයි.

වෙන වෙන කාරණා වලදී වගේ මෙන් නොව  අපේ ජාතිය, ආගම, වයස් භේද කියන කිසිදෙයක් අදාළ නොවී අපි හැමෝම මේ විශ්වය පාලනය කරන නීති වලට යටත් වෙනවා. ඒ කියන්නෙ රට රටවල පොත් පත්වල ලියවිලා තියෙන නීති නම් නෙමෙයි. මේ සමස්ථ විශ්වයම පාලනය කෙරෙන අපිට ඇහැට නොපෙනෙන ආධ්‍යාත්මික නීති සමුදායන්. මේ දේවල් විශ්වාස කරන අය වගේම නොකරන අයත් ඇති. හැබැයි ඒ කිසිම කාරණයක් මේ විශ්වීය නීතීන්ට අදාළ නැහැ. කාටත් එක වගේම තමයි. ඉතින් මෙන්න මේ විශ්වය පාලනය කරන නීති අතරේ එක නීතියක් තමයි මේ කතා කරන්න යන Law of Attraction කියන්නෙ. අනිත් විශ්වීය නීති වගේ නෙමෙයි, මෙන්න මේ නීතිය ටිකක් ගැඹුරින් හැදෑරුවොත් අපිට විශ්වයෙන් දේවල් ලබාගන්න පුළුවන්. සිතූ පැතූ සම්පත් දෙන මැජික් එකක් නම් නෙමෙයි, Law of Attraction කියන්නෙ අපි හිතන පතන, විශ්වයට මුදාහරින දේවල් අනුව අපේ ජීවිතේට ලැබෙන දේවල් ගැන කියවෙන සිද්ධාන්තයක්. 

මේ Law of Attraction කියන සිද්ධාන්තයේ හැබෑ ගැඹුර දන්න, මේ සිද්ධාන්තය අපේ එදිනෙදා ජීවිතේට කොයිතරම් නම් බලපානවද කියල දන්න පිරිස මේ ලෝකෙ බොහොම අඩුයි. හැබැයි දැනගෙන හිටියොත් අපි හැමෝටම ලොකු ප්‍රයෝජනයක් තියෙන කාරණාවක් තමයි මෙය. කෙසේ හෝ දැනගෙන හෝ නැතුව අපි ජීවිතේ ගෙවන හැම තප්පරයකදිම අපි සජීවී කාන්දම් වගේ විශ්වයට නිකුත් කරන සිතුවිලි, ක්‍රියාවන් වල හොඳ හෝ නරක ප්‍රතිඵ​ල ආකර්ෂණය කර ගන්නවා. මෙය ටිකක් බුදු දහමේ උගන්වන හේතු ඵල වාදයටත් සමානයි. හැබැයි ඊට වඩා ටිකක් වෙනස්. මේ හේතු ඵල වාදයට මීට වඩා හුඟාක් සමීප කාරණාවක් විශ්වීය නීති යටතේ Law of Cause and Effect කියලා සාකච්ඡා වෙනවා. හේතු ඵල වාදයේදී ක්‍රියාවට නොනැගුණු සිතුවිලි වැටෙන්නෙ අවිඥප්ති කාර්ම ඝණයට. හැබැයි මේ Law of Attraction කියන විශ්වීය නීතියේදී සිතුවිලි පවා අපිට හොඳ නරක ආකර්ෂණය කරන්න බලපානවා. 

ඉතිහාසය 

Law of Attraction කියන්නෙ ඉතිහාසය පුරාවට හුඟක් අයගේ ජීවිත ආලෝකමත් කරපු නීතියක්. වසර දහස් ගා​ණකට කලින් මේ විශ්වීය නීතිය ගැන මනුස්ස වර්ගයාට උගන්නපු පළමු ශාස්තෘවරයා විදිහට සැලකෙන්නෙ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඉගැන්වීම අනුව අපි හිතන පතන දේවල් අනුව අපි ගතකරන ජීවිතය තීරණය වෙනවා. මේ සංකල්පය බටහිර සංස්කෘතියට පැමිණීමත් එක්ක “Karma” (කර්ම) කියන කාරණාව සංකල්පයක් විදිහට මුළු ලෝකෙම ප්‍රචලිත වෙනවා. ඒ වගේම ශුද්ධ වූ බයිබලයේ ‘As a man thinketh in his heart so is he’ කියල සඳහන් වෙන වාක්‍යයෙන් කියවෙන්නෙත් මේ සංකල්පයට හුඟාක් ලඟින් යන අදහසක්. එහෙම බැලුවම ආගමික ශාස්තෘන් හුඟක් දෙනෙකුත් අනුමත කරපු දෙයක් මේ විශ්වයේ ආකර්ෂණ නීතිය කියන්නෙ. 

කලිනුත් කිව්වා වගේ මේ Law of Attraction කියන නීතියේදී වෙන්නෙ අපි හිතන දේ, අපි ක්‍රියාකරන විදිහ කියන කාරණා විශ්වයට මුදාහැරෙන එකයි. එහෙම මුදාහැරෙන දේවල් වල සංඛ්‍යාතයන්ට ගැලපෙන දේවල් තමයි විශ්වයෙන් අපිට පෙරලා ලැබෙන්නෙ.  සුභවාදී ආකල්ප, ක්‍රියාශීලී බව, ආදරය වගේ දේවල් අපේ ජීවිතයට සුභවාදී ප්‍රතිඵ​ල ආකර්ෂණය කරනව වගේම අසුභවාදී ආකල්ප, අලසබව, වෛරය වගේ දේවල් අපිට නරක ප්‍රතිඵ​ල ආකර්ෂණය කරනව. 

විද්‍යාත්මක පැහැදිලි කීරීම 

Law of Attraction කියන කාරණාව නූතන විද්‍යාවෙන් පැහැදිලි වෙන්නෙ මෙසේය. නූතන භෞතික විද්‍යාඥයින්ගේ සොයාගැනීම් වලට අනුව අපේ මනසේ ක්‍රියාකාරීත්වය අපේම ජීවිත වලට සහ විශ්වයට හිතාගන්න බැරි තරම් පුදුමාකාර බලපෑම් ඇතිකරනවා. එනම් අපේ ජීවිත වල සිදුවෙන්න ඕන දේ තීරණය කරන හැබෑම තීරකයින් වෙන්නෙ අපියි. අපි අද වෙනකොට භුක්ති විඳින හොඳ සහ නරක කියන්නෙ අපිම විශ්වයට ලබාදීපු දේවල් කියන එකයි. 

ආකර්ෂණයේ නීතිය ප්‍රයෝජනයට ගන්න ආකාරය 

ආකර්ෂණයේ නීතිය හරි විදිහට පාවිච්චි කරලා අපිට පුළුවන්, ආදරය, ජීවන සම්බන්ධතා, ධනය, ශාරීරික සහ මානසික සෞඛ්‍යය වගේම සාර්ථකත්වය කියන දේවලුත් අපේ ජීවිත වලට ලඟා කරගන්න.  මේ හැමදේකටම බලපාන සරලම කාරණාව තමයි ධනාත්මක සිතුවිලි වැපිරීම කියන එක. ලෝකෙටම ආදරයෙන් ජීවත්වීමෙන්, ධනයට අනවශ්‍ය ලෙස කෑදර නොවීමෙන් වගේ දේවල් වලින් තමයි ඒ සුභවාදී අදහස් විශ්වයට මුදාහැරෙන්නේ. 

භාවනාව සහ ආකර්ෂණයේ නීතිය 

 මේ ආකර්ෂණයේ නීතිය සෘජුවම බුදුදහම එක්ක සම්බන්ධයි. ඒ වගේම තමයි බුදු දහමේ මූලික ඉගැන්වීමක් වෙන භාවනාව කියන දේ ප්‍රගුණ කරලා මේ ආකර්ෂණයේ නීතියෙන් වැඩිපුර ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒ කොහොමද එහෙම වෙන්නේ? අපේ හිතෙන් සුභවාදී ආකල්ප නිකුත් වෙන්නනම් හිත හැම වෙලාවේම නිදහසේ තියාගන්න ඕන. සිතුවිලි පිරිසිඳු වෙන්න ඕන. ඉතින් අන්න ඒක තමයි භාවනාවෙන් කරන්නෙ. දවසට විනාඩි කිහිපයක් සද්ද බද්​ද  අඩු පරිසරයක ඉඳලා හිත ටිකක් නිදහස් කරගන්න පුළුවන්නම් ලේසියෙන්ම සුභ සිතුවිලි ඇති කරගන්න පුළුවන්. 

මේ ආකාරයට අපගේ විභාග කටයුතු වලට මෙන්ම ජීවීතයේ ඕනෑම සුබවාදී කටයුත්තකදී මෙම විශ්ව ආකර්ෂණ නීතීය යොදා ගෙන අපගේ යහපත් සිතුවිලි ඉටු කර ගත හැකිය. 

Leo Rashmi Shasikala  

First Year 

Faculty of art

වෙළද භාණ්ඩයක් නොවිය යුතු ශු.නිකලස් මුනිතුමා හෙවත් නත්තල් සීයා

 


ලොව සෑම රටක්ම පාහේ නත්තලට ලහි ලහීයේ සූදානම් වන අතරවාරයේ නත්‍තල යන්න චිත්‍රණය කිරීමේ විශේෂ භූමිකාවක් නත්තල් සීයා නැතිනම් ශු.නිකලස් මුනිතුමා හරහා ඉටු වේ. නත්තල් සීයා ලෙස හැදින්වූවද මෙතුමා කිතුනු විශ්වාසයට අනුව සාන්තුවරයෙකි. 

ශු. නිකලස් උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 280 දී පමණ නූතන තුර්කියේ මයිරා අසල පටාරා ප්‍රදේශයේ බව විශ්වාස කෙරේ. ඔහුගේ භක්තිවන්තකම සහ කරුණාව සඳහා බෙහෙවින් අගය කරන ලද ශාන්ත නිකලස් බොහෝ ජනප්රවාදවල මාතෘකාව බවට පත් විය. ඔහු තමාට උරුම වූ සියලු ධනය පරිත්‍යාග කර ගම්බද පළාත්වල දුප්පතුන්ට සහ රෝගීන්ට උපකාර කළ බව කියනු ලැබේ.

ශා.නිකලස් මුනිතුමාට ලබාදිය යුතු ගරුත්වය වෙනුවට අද සමාජයෙන් එතුමාගේ රූපය විකෘති කරමින් ප්‍රදර්ශන භාණ්ඩයක් හා වෙළද භාණ්ඩයක් ලෙස භාවිතා කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවකි . ඔබ නත්‍තලට ආදරය කරයි නම් , ඔබ සාමයේ හා ප්‍රීතීයේ කාල සීමාවට කැමැත්තක් දක්වන්නෙ නම් කිතුනු විශ්වාසයට අනුව සාන්තුවරයෙක් වන ශු.නිකලස් මුනිතුමාව විකෘති කිරීමෙන් වළකින්න. මක්නිසාදයත් ආගමික් විශ්වාස අවතක්සේරු කිරීමට ඔබට මට අයිතියක් නොමැත. 

ශු.නිකලස් මුනිතුමා ( නත්තල් සීයා ) කුඩා දරුවන්ට තෑගීබෝග ලබා දෙමින් ඔවුන්ගේ ළමා ලෝකය් සතුටු කරලීමට උත්සාහ කළේය  නත්තල් සමය යනු බෙදා ගැනීමේ හා සාමයේ , ප්‍රීතියේ කාල වකවානුවකි. නත්තල් සීයා අපට කියාදුන්නේ එයයි. වෙළද වාසි තකා රූපවාහිනී නාලීකා හා වෙළද ආයතන ශු.නිකලස් මුනිතුමාගේ රූපය විකෘතී කිරීමේ අවසානයක් දැකීමට නොහැකි වීම කිතුනුවෙකු වශයෙන් සංවේදී දෙයක් වුවද නත්‍තලේ සැබෑ අරුත ජීවමාන කරලීමට තවමත් මේ පොළෝ තලයේ මිනිසුන් උත්සාහ දැරීම සතුටට කරුණකි. ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන මෙම කාලයේ බෙදා හදා ගනිමින් , සාමයෙන් හා සතුටින් ජීවත් වීමට ඔබ මම උත්සාහ දරන්නේ නම් මෙවර නත්තල වඩාත් අර්ථාන්විත වේ යැයි සිතමි. තවද නත්තල් සීයා වෙළද භාණ්ඩයක් නොවන බව හා ඒ ගරුත්වය ලබා දීමට අවශ්‍යය දැනුවත්භාවය ද මේ හරහා ලැබේවී යැයි සිතමි .

ලැබූවාවූ නත්තල ඔබ සැමට සාමය සතුට සපිරී සුභ නත්‍තලක් වේවා ! එසේම ලබන්නාවූ නව වසර සුභ නව වසරක් වේවා !

ශෂීන් දෙව්තිළිණ 

ශාස්ත්‍ර පීඨය 

පළමු වසර

නත්තලේ රස බදුන


සාමය සතුට පිරි සුභ ම සුභ නත්තලක් වේවා!

නත්තල යනු සෑම විටම රස අංකුර සදහා මංගලයකි.ඒබැවින් නත්තල් මේසය පවුල සංතෘප්ත කිරීම පමණක් නොව,නව ජීවිතයක ආරම්භය බහුලත්වය සංකේතවත් කරනු ලබයි.විවිධ රටවල සාම්ප්‍රධායික නත්තල් කෑම වර්ග විවිධාකාර වේ.

ඒ අනුව පුරාණ කාලයේ සිට නත්තල් සැමරීම රුසියාවේ ඉතා වැදගත් විය.මන්ද ක්‍රිස්තූන් වහන්සේගේ උපත පිළිබද දීප්තිමත් නිවාඩු දිනයට පෙර දින 40ක් නිරාහාරව සිටීමයි.ශරීරයට නැවත අධික ආහාර පුරුදු කර ගත හැකි අතර උත්සව ආහාර වේල සැහැල්ලු කෑම වලින් ආරම්භ වූයේ එබැවිනි.තිරිගු ධාන්‍ය වර්ග ,සහල් ඇට වර්ග,මී පැණි සහ මුද්දරස්පලම් වර්ග ආහාරයට එකතු කරනු ලබයි.

බටහිර යුරෝපීය රටවල මිහිරි බේතින් දීසි විශේෂයෙන් නත්තල් වට්ටෝරු වල ලක්ෂණයකි.නත්තල් කප්කේක් වට්ටෝරු සහ නත්තල් රසකැවිලි ඉතා ජනප්‍රියයි.ආදරණීයන් සහ විශේෂයෙන් කුඩා ළමුන්  සතුටු කිරීම සදහා නත්තල් ජින්ජර් බ්‍රිරෙඩ් කුකීස් වැදගත්ය.තවද ලංකාවේ කෑම අතර මස් වර්ග,වයින් වර්ග සහ සුප් වර්ග කැම මේසයේ ඉඩක් ගනු ලබයි.

නත්තල් සැදෑවේ ලෙන්ටන් මේසයක් සහ ඊළග දවසේ ත්‍යාගශීලි කෑම මේසයක් සකසයි.එහිදී,

  • ·         මාළු  කෑමක් මේසය මත තැබීම - පුරාණ කිතුනුවන් සිහිපත් කිරීම
  • ·         ඇස් වල කදුළු,බේක් කළ මාළු - එකමුතුකමේ සංකේතය
  • ·         මේසය මත ආහාර වර්ග 13ක් තිබීම - ක්‍රිස්තූන් සහ ප්‍රීතියන් 12 සංකේතවත් කරයි

ඹ්ට්ස් සාමාන්‍යයෙන් නත්තල් සැමැරුමේ සංකේතයයි.අලංකාර මේසය රෙද්ද මත පිදුරු මිටියක් තැබීම සිරිතක් විය.රුසියානු කලාපයේ බෙත්ලෙහෙමේ ළදරු ක්‍රිස්තූන්ගේ උපත සිහිපත් කරයි.

මෙලෙස ස්පාඤ්ඤය,ප්‍රංශය,ඉතාලිය,ජර්මනිය,එංගලන්තය හා රුසියාව ආදී ලෙස රටවල උත්සවශ්‍රීයෙන් පළතුරු වර්ග,මාංශ වර්ග,ධාන්‍ය වර්ග,කිරි වර්ග,වයින් වර්ග හා කෘත්‍රීම ආහාර වලින් පිරි රසබර නත්තල් කෑම මේසයක් දැක ගත හැකිය.

නත්තල යනු දීම මත සමරන උත්සවයක් නිසාවෙන් කෑමෙන් බීමෙන් පොහොසත් වන්නේ සාමයේ සතුට ත්‍යාගශීලිබව යළි යළිත් මතක් කරමිනි

Leo Imalsha Shayani

First Year

Faculty of Arts

නත්තල් ගීතිකා


 සාමයේ පණිවුඩය ලොවට දායාද වූ ජේසු බිලිඳාගේ උපත සමරන අසිරිමත් නත්තලේ සෑම අංගයකටම පාහේ ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.ඒ අතරින් නත්තල් ගීතිකා වලට ලැබෙන්නේද ප්‍රමුඛ තැනකි.

ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන ප්‍රීතිමත් ආගමික ගීත නත්තල් කැරොල් ලෙස අර්ථ දැක්වේ.නත්තල් කැරොල් ගායනය යුරෝපයෙන් ආරම්භ වී ඇති අතර වර්තමානයේ කැරොල් ගීත වලට සමාන ගීතිකා අතීතයේදී ගායනා කර තිබේ. අද මෙන් නත්තල් සමයේදී විශේෂයෙන්ම ඒවා ගායනා කර නැති අතර එකල එම ගීතිකා ඍතු හතරේදීම ගායනා කළ බවත් සදහන් වේ.ඊට අනුකූලව යමින් වර්තමානයේ නත්තල් කැරොල් නිර්මානය වී ඇති බව බොහෝ දෙනාගේ මතයයි.

129 දී රෝමානු බිෂොප්වරයෙකු රෝමයේ නත්තල් දේව මෙහෙයකදී "දේවදූතයන්ගේ ගීතිකාව" නම් ගීතයක් ගායනා කළ යුතු බව පවසා ඇති අතර ඉක්බිතිව යුරෝපය පුරා සිටි නිර්මාපකයින් නත්තල් කැරොල් ලිවීමට පටන් ගෙන තිබේ. නමුත් සෑම කෙනෙකුටම  නොතේරෙන භාෂාවක් වූ ලතින් භාෂාවෙන් ලියා ගායනා කළ නිසා බොහෝ දෙනෙක් ඒවාට කැමති වී නැත.

හතරවන සියවසේ සිටි ශාන්ත හිලරි විසින් ලතින් බසින් නිර්මාණය වූ ප්‍රථම නත්තල් ගීතිකාව වන jesus,light of all the nations (ජේසුස්, සියලු ජාතීන්ගේ ආලෝකය) යන ගීතිකාව ලියා ඇති අතර ඉංග්‍රීසි බසින් ලියැවුනු නත්තල් කැරොල් මුල්වරට දක්නට ලැබී ඇත්තේ 1929දී ෂ්‍රොප්ෂයර් දේව ගතිවරයෙකු වූ ජෝන් අවුඩිලේගේ කෘතියකය.

 නත්තල් කැරොල් ගායනා කරන්නේ එය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳ කතන්දර කීමේ මාර්ගයක් ලෙසත් උන්වහන්සේගේ උපතේ ප්‍රීතිය, භක්තිය හා විශ්මය ප්‍රකාශ කිරීමේ මාර්ගයක් ලෙසත්ය.නත්තල් ගීතිකාවල තනු හා පද රචනය බොහෝ විට ප්‍රීතිය,ආදරය හා සාමයේ පණිවිඩවලින් පිරී තිබේ. 

අද දක්නට ලැබෙන ජනප්‍රිය නත්තල් කැරොල් ගීතිකා වලට උදාහරණ ලෙස,

• Holy Night…

•Silent Night…

•In the Bleak Mid-Winter...

Hark! ...

O Come All Ye Faithful. ...

O Come, O Come Emmanuel. ...

Coventry Carol…ආදිය දැක්විය හැකිය.

සාමයේත් ප්‍රේමයේත් වටිනාකම් පිලිබද පනිවුඩය ලොව පුරා ගෙනයන  නත්තල් කැරොල්  ප්‍රීතිමත් නත්තලක අසිරිය පෙන්වාදෙන සුවිශේෂි අංගයක් ලෙස අවසන් වශයෙන් පෙන්වා දිය හැකිය.

Leo Madhavi Maheshika

First Year

Faculty of arts

Wednesday, December 27, 2023

ජේසු බිළිඳුන්ගේ උපතේ කතාව.


ඔගස්ටස් සීසර් අධිරාජ්‍යාගේ පාලනයට නතුව පැවැති රෝමය තුල කාරුණික දිවියක් ගත කළ මරියානම් යුවතියක් වාසය කර ඇත. විවාහ ගිවිසගෙන සිටියද විවාහ වී නොසිටි ඇය දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් පුතකු පිළිසිඳගෙන ඇත. ඔහුට ජේසුස් යන නාමය තබන ලෙස දේවදූතයන් විසින් ඇයට පවසා ඇත. මේ අතර ඇය ගිවිසගෙන සිටි ජෝසප් නොහොත් ජුසේ තුමන්ට දේවදූතයෙකු විසින් මෙය පැහැදිලි කර දීම නිසා ඔහුද දේව කැමැත්තට අනුව දේව දරුවා රක්ෂා කිරීමට කැප වී ඇත. 

මෙලෙස කාලය ගෙවීයත්ම සීසර් අධිරාජ්‍යයා විසින් ජන සංගණනයක් සඳහා සියලු දෙනා තම තමන්ගේ නුවරවලට යායුතු බව පවසා ඇත. එබැවින් මෙම ජෝසප් සහ මරියා දෙපලට බෙත්ලෙහෙම් නුවර බලා යාමට සිදුවිය.  දරුගැබ නිදහස් වීමට කාලය ආසන්නව තිබුණද රාජ අණ කඩ කළ නොහැකි නිසා ඔවුන් ගමන පිටත්ව ඇත.

බෙත්ලෙහෙමට ළඟාවත්ම රෑ බෝවීම නිසා රාත්‍රී නවාතැන් ගැනීමට තැනක් සෙවූවද සියලු තානායම් මිනිසුන්ගෙන් පිරී ගොස්ය. අවසන ගවමඩුවක් රාත්‍රී නවාතැන ලෙස තෝරා ගැනීමට ඔවුන්ට සිදුවිය. එදින අධික සීතලෙන් පිරි  නිසංසල රාත්‍රියක් විය. එම රාත්‍රියේ ගවමඩුව තුළ මරියා විසින් පුතෙකු බිහි කර ඇත. ඒ අතර තම බැටළුවන් රකිමින් ගිනි මැලයක් වටා රොක්ව සිටි එඬේරන්ට දේවදූතයෙකු දර්ශනය වී "ඔබලාට ගැලවුම්කාරයෙක් උපන්නා" යැයි පවසා ඇත. දේවදූතයා පැවසූ මග සලකුණු ඔස්සේ ගිය එඬේරන්ට ජේසු බිළිඳා දැක ගැනීමට හැකි විය. එදින රාත්‍රියේ කෙදිනක හෝ නුදුටු තාරකාවක් පායා තිබෙන දුටු ශාස්ත්‍රඥයන් පවා එහි අරුත වටහාගෙන ඔවුන්ගේ ගැලවුම්කරු සොයා පැමිණ ඇත. 

මේ අයුරින් සියලු දනන් සතුටු වන මෙම පුවත තුඩින් තුඩ රැව් දෙන්නට විය. දෙවියන් විසින් මවන ලද මිනිසුන්ගේ නොනැවතුණු පව්කාර දිවියෙන් මුදවා යහමගට යොමු කිරීමේ අදහසින් සාමයේ පණිවිඩය රැගෙන දයාව, කරුණාව, මානව හිතවාදී ගුණාංගයන් සියලුදෙනා වෙත පතුරුවාලීම සඳහාම දේවපුත්‍රයකු මෙලොවට ජනිත වීම මේ ආකාරයෙන් සිදුවිය.

Leo Nisansala Pathirana

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...