Thursday, December 28, 2023

හිතන දේ හැබෑ කරන විශ්වයේ නීතිය


 අද කතා කරන්නේ “The Secret” කියන පොතෙන් වගේම චිත්‍රපටයෙන් ලෝකයේ  ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ආකාර්ෂණ නියමය ගැනයි.

වෙන වෙන කාරණා වලදී වගේ මෙන් නොව  අපේ ජාතිය, ආගම, වයස් භේද කියන කිසිදෙයක් අදාළ නොවී අපි හැමෝම මේ විශ්වය පාලනය කරන නීති වලට යටත් වෙනවා. ඒ කියන්නෙ රට රටවල පොත් පත්වල ලියවිලා තියෙන නීති නම් නෙමෙයි. මේ සමස්ථ විශ්වයම පාලනය කෙරෙන අපිට ඇහැට නොපෙනෙන ආධ්‍යාත්මික නීති සමුදායන්. මේ දේවල් විශ්වාස කරන අය වගේම නොකරන අයත් ඇති. හැබැයි ඒ කිසිම කාරණයක් මේ විශ්වීය නීතීන්ට අදාළ නැහැ. කාටත් එක වගේම තමයි. ඉතින් මෙන්න මේ විශ්වය පාලනය කරන නීති අතරේ එක නීතියක් තමයි මේ කතා කරන්න යන Law of Attraction කියන්නෙ. අනිත් විශ්වීය නීති වගේ නෙමෙයි, මෙන්න මේ නීතිය ටිකක් ගැඹුරින් හැදෑරුවොත් අපිට විශ්වයෙන් දේවල් ලබාගන්න පුළුවන්. සිතූ පැතූ සම්පත් දෙන මැජික් එකක් නම් නෙමෙයි, Law of Attraction කියන්නෙ අපි හිතන පතන, විශ්වයට මුදාහරින දේවල් අනුව අපේ ජීවිතේට ලැබෙන දේවල් ගැන කියවෙන සිද්ධාන්තයක්. 

මේ Law of Attraction කියන සිද්ධාන්තයේ හැබෑ ගැඹුර දන්න, මේ සිද්ධාන්තය අපේ එදිනෙදා ජීවිතේට කොයිතරම් නම් බලපානවද කියල දන්න පිරිස මේ ලෝකෙ බොහොම අඩුයි. හැබැයි දැනගෙන හිටියොත් අපි හැමෝටම ලොකු ප්‍රයෝජනයක් තියෙන කාරණාවක් තමයි මෙය. කෙසේ හෝ දැනගෙන හෝ නැතුව අපි ජීවිතේ ගෙවන හැම තප්පරයකදිම අපි සජීවී කාන්දම් වගේ විශ්වයට නිකුත් කරන සිතුවිලි, ක්‍රියාවන් වල හොඳ හෝ නරක ප්‍රතිඵ​ල ආකර්ෂණය කර ගන්නවා. මෙය ටිකක් බුදු දහමේ උගන්වන හේතු ඵල වාදයටත් සමානයි. හැබැයි ඊට වඩා ටිකක් වෙනස්. මේ හේතු ඵල වාදයට මීට වඩා හුඟාක් සමීප කාරණාවක් විශ්වීය නීති යටතේ Law of Cause and Effect කියලා සාකච්ඡා වෙනවා. හේතු ඵල වාදයේදී ක්‍රියාවට නොනැගුණු සිතුවිලි වැටෙන්නෙ අවිඥප්ති කාර්ම ඝණයට. හැබැයි මේ Law of Attraction කියන විශ්වීය නීතියේදී සිතුවිලි පවා අපිට හොඳ නරක ආකර්ෂණය කරන්න බලපානවා. 

ඉතිහාසය 

Law of Attraction කියන්නෙ ඉතිහාසය පුරාවට හුඟක් අයගේ ජීවිත ආලෝකමත් කරපු නීතියක්. වසර දහස් ගා​ණකට කලින් මේ විශ්වීය නීතිය ගැන මනුස්ස වර්ගයාට උගන්නපු පළමු ශාස්තෘවරයා විදිහට සැලකෙන්නෙ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඉගැන්වීම අනුව අපි හිතන පතන දේවල් අනුව අපි ගතකරන ජීවිතය තීරණය වෙනවා. මේ සංකල්පය බටහිර සංස්කෘතියට පැමිණීමත් එක්ක “Karma” (කර්ම) කියන කාරණාව සංකල්පයක් විදිහට මුළු ලෝකෙම ප්‍රචලිත වෙනවා. ඒ වගේම ශුද්ධ වූ බයිබලයේ ‘As a man thinketh in his heart so is he’ කියල සඳහන් වෙන වාක්‍යයෙන් කියවෙන්නෙත් මේ සංකල්පයට හුඟාක් ලඟින් යන අදහසක්. එහෙම බැලුවම ආගමික ශාස්තෘන් හුඟක් දෙනෙකුත් අනුමත කරපු දෙයක් මේ විශ්වයේ ආකර්ෂණ නීතිය කියන්නෙ. 

කලිනුත් කිව්වා වගේ මේ Law of Attraction කියන නීතියේදී වෙන්නෙ අපි හිතන දේ, අපි ක්‍රියාකරන විදිහ කියන කාරණා විශ්වයට මුදාහැරෙන එකයි. එහෙම මුදාහැරෙන දේවල් වල සංඛ්‍යාතයන්ට ගැලපෙන දේවල් තමයි විශ්වයෙන් අපිට පෙරලා ලැබෙන්නෙ.  සුභවාදී ආකල්ප, ක්‍රියාශීලී බව, ආදරය වගේ දේවල් අපේ ජීවිතයට සුභවාදී ප්‍රතිඵ​ල ආකර්ෂණය කරනව වගේම අසුභවාදී ආකල්ප, අලසබව, වෛරය වගේ දේවල් අපිට නරක ප්‍රතිඵ​ල ආකර්ෂණය කරනව. 

විද්‍යාත්මක පැහැදිලි කීරීම 

Law of Attraction කියන කාරණාව නූතන විද්‍යාවෙන් පැහැදිලි වෙන්නෙ මෙසේය. නූතන භෞතික විද්‍යාඥයින්ගේ සොයාගැනීම් වලට අනුව අපේ මනසේ ක්‍රියාකාරීත්වය අපේම ජීවිත වලට සහ විශ්වයට හිතාගන්න බැරි තරම් පුදුමාකාර බලපෑම් ඇතිකරනවා. එනම් අපේ ජීවිත වල සිදුවෙන්න ඕන දේ තීරණය කරන හැබෑම තීරකයින් වෙන්නෙ අපියි. අපි අද වෙනකොට භුක්ති විඳින හොඳ සහ නරක කියන්නෙ අපිම විශ්වයට ලබාදීපු දේවල් කියන එකයි. 

ආකර්ෂණයේ නීතිය ප්‍රයෝජනයට ගන්න ආකාරය 

ආකර්ෂණයේ නීතිය හරි විදිහට පාවිච්චි කරලා අපිට පුළුවන්, ආදරය, ජීවන සම්බන්ධතා, ධනය, ශාරීරික සහ මානසික සෞඛ්‍යය වගේම සාර්ථකත්වය කියන දේවලුත් අපේ ජීවිත වලට ලඟා කරගන්න.  මේ හැමදේකටම බලපාන සරලම කාරණාව තමයි ධනාත්මක සිතුවිලි වැපිරීම කියන එක. ලෝකෙටම ආදරයෙන් ජීවත්වීමෙන්, ධනයට අනවශ්‍ය ලෙස කෑදර නොවීමෙන් වගේ දේවල් වලින් තමයි ඒ සුභවාදී අදහස් විශ්වයට මුදාහැරෙන්නේ. 

භාවනාව සහ ආකර්ෂණයේ නීතිය 

 මේ ආකර්ෂණයේ නීතිය සෘජුවම බුදුදහම එක්ක සම්බන්ධයි. ඒ වගේම තමයි බුදු දහමේ මූලික ඉගැන්වීමක් වෙන භාවනාව කියන දේ ප්‍රගුණ කරලා මේ ආකර්ෂණයේ නීතියෙන් වැඩිපුර ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒ කොහොමද එහෙම වෙන්නේ? අපේ හිතෙන් සුභවාදී ආකල්ප නිකුත් වෙන්නනම් හිත හැම වෙලාවේම නිදහසේ තියාගන්න ඕන. සිතුවිලි පිරිසිඳු වෙන්න ඕන. ඉතින් අන්න ඒක තමයි භාවනාවෙන් කරන්නෙ. දවසට විනාඩි කිහිපයක් සද්ද බද්​ද  අඩු පරිසරයක ඉඳලා හිත ටිකක් නිදහස් කරගන්න පුළුවන්නම් ලේසියෙන්ම සුභ සිතුවිලි ඇති කරගන්න පුළුවන්. 

මේ ආකාරයට අපගේ විභාග කටයුතු වලට මෙන්ම ජීවීතයේ ඕනෑම සුබවාදී කටයුත්තකදී මෙම විශ්ව ආකර්ෂණ නීතීය යොදා ගෙන අපගේ යහපත් සිතුවිලි ඉටු කර ගත හැකිය. 

Leo Rashmi Shasikala  

First Year 

Faculty of art

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...