Saturday, January 20, 2024

රන් හෝතම්බුවා

 

Family Name:   Viverridae

Scientific Name: Paradoxueus zeylonensis

අඳුරු දුඹුරු පැහැති සමක් සහිත ක්ෂීරපායී ගණයේ නිශාචර සත්ත්ව විශේෂයක් වන අතර, “පැණි උගුඩුවා, සපුමල් කලවැද්දායන නම්වලින් හඳුන්වනු ලබනවා. ඒකචාරී, නිශාචර සත්ත්ව විශේෂයක් වන මොවුන් ඉතා කුඩා සංඛ්‍යාවලින් ලංකාව පුරා හමුවී වී තිබෙන අතර බහුල වශයෙන් සිංහරාජය, සීගිරිය, උඩවලව, සහ යාල වැනි ප්‍රදේශවලින් මෙම සත්ත්ව විශේෂය හමුවී ඇත.

පැරඩොක්ස්‍යුරිනේ(Paradoxurinae) උපකුලය යටතේ නම්කර ඇති පැරඩොක්ස්‍යුරස් (Paradoxurus)  ගණයට අයත් උගුඩුවන් හා හෝතඹුවන් විශේෂ හතරක් වෙයි.

 එනම්,

·         උගුඩුවා(Paradoxurus hermaphroditus)

·         රන් හෝතඹුවන්(Paradoxurus aureus, Paradoxurus montanus, Paradoxurus stenocephalus)  විශේෂ තුනයි.

රන් හෝතඹුවන් අල්ලා තබා ගැනීම හෝ දඩයම් කිරීම ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් ක්‍රියාවක් වන අතර එවැනි ක්‍රියාකාරකමක් සිදුකර ඇත්නම් අත්තඩංගුවට ගෙන නඩු පැවරීම හෝ දඩ ගැසීමට අවශ්‍ය නෛතික පසුබිම සකසා ඇත. මොවුන් වඳවී යාමේ දැඩි තර්ජනයකට ලක්වී ඇති බැවින් ලංකාවේ සත්ත්වෝද්‍යාන ආශ්‍රිතව, ආරක්ෂිත ලෙස මොවුන්ගේ අභිජනන කටයුතු සිදුකොට රක්ෂිත ප්‍රදේශ තුළට නිදහස් කිරීමට ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර තිබේ.

Leo Dahami Imesha

First Year

Faculty of Arts

වනරාජ ශාකය

 












Family name:


ORCHIDACEAE

English name:

Jewel Orchid
The Bristly Anoectochilus

Sinhala name:

Wanaraja (වනරාජ)

 වනරාජ යනු කිඩ් පවුලට අයත් ආවේණික මෙන්ම ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන අතර උද්භිත විද්‍යාත්මකව Anoectochilus ලෙස හදුන්වන ශාක ගණයට අයත් විශේෂයන් 50 අතුරින් එක් ශාකයකි. ශ්‍රී ලංකාව තුල විශේෂයන් දෙකක් හමුවන බව 2012 රතු දත්තයන්හි සදහන්ව ඇත. එනම් Anoectochilus Elatus Lindl සහ Anoectochilus Regalis Blume. මෙම විශේෂයන් දෙක පිළිවෙලින් දත්තයන් අවම ලෙස සහ අන්තරයට ලක් වූ විශේෂයන් ලෙස සදහන්කර ඇත. ඉහත සදහන් පරිදි මෙම Anoectochilus විශේෂයන් හිමාලය, හවායි දුපත, චීනය, ජාවා, සුමාත්‍රා, ඉන්දුනීසියාව ආදී රටවල් තුල බහුල වශයෙන් පවතී. ශ්‍රී ලංකාව තුල හමුවන Anoectochilus Setaceus (Anoectochilus Regalis Blume) යන උද්භිත විද්‍යාත්මකව හදුන්වන වනරාජ ශාකය බොහෝ විට ඉරුරාජ ශාකය (Zeuxine Regia (Lindley) Trimen) සමග එකම ස්ථානයන් වල දැකිය හැකිය.

මෙම ශාකය වනාන්තරය තුළ දිරාපත්වූ ශාක පත්‍ර මිශ්‍ර හියුමස් පසෙහි හටගැනීම බහුලව දැකගත හැකි අතර මෙය අඟල් 7 – 8 ක් පමණ විශාල විය හැකි අතර පත්‍රවල පැහැය රතු වර්ණය මිශ්‍ර දුබුරු පැහැයක් ගනු ලබයි. එමෙන්ම පත්‍රයක් අඟල් 2 – 3ක් පමණ විශාල වනඅතර හුදකලාව වැඩෙන ශාකයකි. ජනවාරි හෝ මැයි සිට සැප්තැම්බර් හෝ දෙසැම්බර් දක්වා මල් හටගනු ලබයි. මෙය තෙත් කලාපයේ දැකිය හැකි අතර ඇතැම්විට පහතරට තෙත් කලාපයේ හා උප හා තෙත් කඳුකර සහිත වනාන්තර වල දැක ගත හැකි ශාකයකි [සිංහරාජ වනාන්තරය හා රිටිගල වනාන්තරය].

හෙළ වෙදකමේ මෙන්ම ආයුර්වේදයේ දී ප්‍රබල විෂ නැසීමට මෙන්ම රහසිගත ඖෂධ සංයෝග සඳහා යොදාගනු ලබන අතර ගුප්ත විද්‍යාවේදීද ඇතැම් ගුප්ත කර්ම වලදී යොදා ගනු ලබයි.

මෙම ශාකය අයුරුවේද වෙදකමෙහි සර්ප විෂ ඉවත් කිරීමට සහ අසිථි සම්බන්ද කැඩුම් බිදුම් ප්‍රතිකාරයන් සදහා යොදා ගනු ලබන ප්‍රභල ඖෂදයකි. එමෙන්ම ස්නායු පද්ධතිය උත්තෙජනය කිරීමට මෙන්ම ඇතැම් අවස්ථාවලදී තෙල් සිඳීමේදී යොදා ගනු ලබයි. ජාතික වන සත්ව හා වෘක්ශලතා පනත යටතේ සංරක්ෂිත ශාක ලෙස නම් කර ඇති මේවා ස්වභාවික පරිසරයෙන් ගැලවීම, ඉවත්කිරීම, ප්‍රවාහනය මෙන්ම විකිණීමද තහනම් කර ඇති අතර නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.

Leo Dhahami Imesha

First Year

Faculty of Arts

Thursday, January 18, 2024

වද වී යන අළු දෙමලිච්චා

 


උද්භිද නාමය - garrulax cinereifrons

රාජධානිය - animalia

වංශය - chodata

වර්ගය - Aves

මෙම පක්ෂියා සිවුරැසි කුලයේ පක්ෂියෙකි.හිස අලු පැහැ වන අතර ශරීරය දුබුරු පැහැ ගනී.ගෙල කොටසේ සිට පහලට කහ වන් වර්ණයක් ගනී.හොටය කලු පැහැති වන අතර විශාලත්වය කොණ්ඩ කුරුල්ලා සහ මයිනා අතර තරමක්  ගනි.එනම් 24cm පමණ වේ.මොහු අද්විතීය වර්ණ හා ලක්ෂණ වලින් සංයෝජනය වූ කුරුල්ලෙකි .වඩාත්ම කැපී පෙනෙන්නේ අළු පැහැති හිසයි.එය පිහාටු සමග සැලකීමේදී වෙනස් වේ.
මෙම පක්ෂින් සංලක්ෂිත වන්නේ දැවමය පෙදෙයන්ගේය.ඒ සදහා අනුවර්තනය වූ ශක්තිමත් ජීවිකාවක් පවතී .හොටය කෙටි වන අතර එය ඔවුන්ගේ ආහාර රටාව වන සර්ව භක්ෂක ආහාර රටාව සදහා උචිත වේ.වලිගය බොහෝ විට දිගු හා හොදින් සැකසුණු අතර එය ඝන වෘක්ෂලතා හරහා ඔවුන්ගේ කඩිසර චලනයන් වලදී සමතුලිතතාවයට උපකාර වේ.
අළු දෙමලිච්චා බොහෝ විට හිමාලය කදු පාමුල ඇසුරු කොට සිටින අතර ඒවාට පමණක් සීමා නොවී ආසියාවේ විශේෂිත පෙදෙස් වල දක්නට ලැබේ .මෙම පක්ෂින් ඝන වනාන්තර වල හා යටි පදුරු වල වාසය කරන අතර  වෘක්ෂලතා ආවරණයක් සහිත ස්ථාන වල වාසය කිරීමට වැඩි කැමැත්තක් දක්වයි .
වාසය සදහා කූඩු නිර්මාණය කරන අතර ශාක අතුපතර ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කිරීම සිදු කරයි .බිත්තර මගින් අභිජනනය සිදු කරන අතර වරකට බිත්තර 3-5ක් පමණ දමති .බිත්තර ඉතා තද කොළ පැහැයෙන් යුතු නිල් පැහැයක් ගනී .ඔවුන් වාසය කරන විවිධ භූ දර්ශන උප නිවර්තන කලාපයේ සිට අනෙකුත් සියලුම කලාප කරා විවිධ පාරිසරික තත්ත්වන්ට ඔවුන්ගේ අනුවර්තනය වීමේ හැකියාව පවතී .සුදුසු වාසස්ථාන පවතින නේපාලය ,භූතානය ,මියන්මාරය වැනි රටවල් හරහා ඔවුන්ගේ හැසිරීම වෙනස් විය හැකිය මෙම පරිසර පද්ධත වල වෙනස් කම් ඔවුන්ගේ ගහනයට බලපෑම් කරයි .
මොවුන්ගේ වඩාත්ම ආකර්ෂණීය අංගයක් වන්නේ එහි හැසිරීම සහ වාචික රටාවයි.ඉතා ඝෝෂාකාරී රටාවක් පවතින අතර විශාල පිරිසක් සිටින බව හදුනා ගැනීමට එය සලකුණක් වේ.කණ්ඩායම් වශයෙන් වාසය කරන මොවුන් එක් කණ්ඩායමක් තුල සාමාජිකයන් 7-10ක් පමණ සිටී.මෙම පක්ෂින් ඔවුන්ගේ සමාජශීලි ස්වභාවය සදහා බොහෝ විට කණ්ඩායම් හෝ  රංචු වශයෙන් සිටී.මොවුන්ගේ කටහඬ අනෙකුත් පක්ෂින්ට වඩා සුවිශේෂ වන අතර එය කණ්ඩායම් තුල සන්නිවේදනය සදහා වැදගත් වේ.
අළු දෙමලිච්චාගේ ආහාර රටාව පිලිබඳ විමසීමේදී  පෙර සදහන් කල පරිදි මොහු සර්ව භක්ෂක පක්ෂියෙකි .එහි මූලික ආහාරයන් වන්නේ කෘමීන් ,කුඩා අපෘෂ්ඨවංශික ,පලතුරු සහ බීජය .මෙම පක්ශීන්ගේ ආහාර පුරුදු නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ වාසස්ථාන වල ඔවුන් ඉටු කරන පාරිසරික වටිනාකම පිලිබඳ අවබෝධයක් එතුලින් ලබා දේ.එනම්, බීජ විසුරු වන්නන් ලෙස ,දේශීය පරිසර පද්ධති වල සමතුලිතතාවය පවත්වා ගැනිම සදහා බෙහෙවින් උපකාර වන පක්ෂියෙක් ලෙස අලු දෙමලිච්චා පෙන්වා දිය හැකිය .
වද වීමේ තර්ජනයට ලක්ව ඇති මොවුන් සංරක්ෂණය කිරීමේ උපාය මාර්ග යෙදීම අනිවාර්ය වේ.වාසස්ථාන අහිමි වීම , වන විනාශය සහ නොයෙකුත් මානව කටයුතු හේතුවෙන් මෙම සත්ත්ව කොට්ඨාසය තර්ජනයට ලක්ව ඇත .මෙම තත්ත්වය අවම කිරිම සදහා ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරිම ,පරිසර වෙනස් වීම් පිලිබඳ අවදානය යොමු කිරිම ආදිය මගින් සංරක්ෂණය කල හැකිය .

Leo Pawani Hansila

First Year

Faculty of Arts

වද වී යන ඒකාවේරිය ශාකය

 


උද්භිද නාමය - Rauvolfia serserpentina

English name- Snakewood

මෙය විවිධ නම් වලින් හැදින්වේ .

«  සර්ප ගන්ධා

«  සර්පාක්ශි

«  නා කුලී

«  නා කුලේශ්මා

«  නාග දමනි

«  නාග සුන්ධා

ඉන්දියානු සර්ප ගන්ඩා හෝ සර්ප ගන්ධ ලෙස ද හැදින්වේ .සියවස් ගණනාවක් පුරා දේශීය වෙද ශිල්පයේ චිකිත්සක ගුණාංග සදහා විස්කම් පෑ ඖෂධයක් ලෙස ඒකාවේරිය ශාකය පෙන්වා දිය හැකිය .Aponcynaceae යන පවුලට අයත් බහු වාර්ශික පදුරු ඉන්දියානු උප මහද්වීපයට සහ අග්නිදිග ආසියාවට අයත් වේ.

ඒකාවේරිය යනු දේශීය ශාකයකි .අඩි 3ක් පමණ උසකට වර්ධනය වන ළා පැහැයෙන් යුතු  කොල දිලිසෙන ස්වභාවයක් ගනී .කද වටා කොළ පිහිටා ඇති අතර එවන් එක් වලයක පත් 5ක් පමණ පිහිටා තිබේ .මතු පිට සිලිදුය.

අලංකාර මල් හට ගන්නා අතර දික් නොවූ පොකුරු ලෙසින් සුදු පැහැති මල් හට ගනී .තරමක් දිග නටුවක් මල් වලට ඇත .ඉතා අලංකාර මල් විශේෂයක් වන අතර අලංකරණ කටයුතු සදහා බොහෝ සෙයින් උපකාර වේ.

මෙය Rauvolfia යන නාමයෙන් හදුන්වනු ලබන්නේ මෙම ශාකය බටහිර ලොවට හදුන්වා දුන් Rauvolfia නම් පුද්ගලයාට ගරු කිරීමක් ලෙසය .

ලංකාවේ මැදරට කදුකරයේ සාරවත් වර්ධනයක් දැකගත හැකි අතර පහතරට තෙත් කලාපයේ ද දැක ගත හැකිය .ඊට අමතරව ඉන්දියාවේ හිමාලය ,උත්තර පෙදෙස ,නේපාලය ,සිංගප්පූරුව ආදී රටවල ද දැකිය හැකිය .

මෙය මූලිකවම ඖෂධ වශයෙන් යොදා ගනු ලබන අතර එමගින් සෑදෙන ඖෂධ වලට විවිධ නම් යොදා ගනු ලැබේ .

සර්ප ගන්ධ චූර්ණය

සර්ප ගන්ධීවටී

චන්දරා වටී

චන්දරා පැනිය

අධි රුධිර පීඩනය ,උමතු රෝග ,සෙම් රෝග ,උණ රෝග ,වාත සමනය ,ගර්භනී කාන්තාවන්ගේ වමනය ,ඔසප් වේදනා ආදිය සමනය කරයි .එසේම සර්ප විශ,මීවිශ,ගෝනුසු විස,මකුළු විශ ආදියට ගුණ දායක වේ.

විශේෂයෙන් කොරෝනා වෛරසය පැවති සමය තුල ආයුර්වේදය තුල බොහෝ සෙයින් අවදානය යොමු වූ ශාකයක් ලෙස දැක්විමට හැකිය .බටහිර රටවල ද ශාකසාර ඖෂධ සදහා අවදානය යොමු වී ඇත.

ඒකාවේරිය ශාකයේ මූල පද්ධතිය සර්පයකු ලෙසින් වැඩෙන නිසා සංස්කෘත භාෂාවෙන් " සර්පගන්ධා" යන නාමයෙන් හැදින්වේ .ඖෂධ වශයෙන් මූලිකවම භාවිතා වන්නේ වියලි මුල් වුවද ඒකාවේරිය ශාකයේ පංචාංගයම ඖෂධ පිණිස ගැනේ.විශේෂයෙන් කුඩා දරුවන්ගේ අතීසාරය ,කොලරාව,බඩගිනි වැඩවීමට කදිම ඔසුවකි.

මෙම ශාකයේ අද්විතීය රසායනික සංයුතිය අවබෝධ කර ගැනීම සදහා මෙමෙහි උද්භිද භාවය පදනමක් සපයයි .මෙහි ඇති සියලුම ඖෂධීය ගුණ සදහා වග කිව යුතු වන්නේ එහි ඇති ඇල්කොලෝයිඩ් ය.

ඒකාවේරිය ශාකයේ ඓතිහාසික භාවිතයන් ,ආයුර්වේද සහ චීන වෙද ශිල්පය තුල ගැඹුරින් මුල් බැස ඇත .මෙම ශාකයේ සංස්කෘතික නාමය මත සර්ප ගන්ධ ,සර්ප දශ්ඨ කිරීම් සදහා වෙද කම් කිරීමේදී එහි ඓතිහාසික භාවිතය හුවා දක්වමින් "සර්පයකු මෙන් " ලෙස හුවා දක්වා ඇත .

20 වන සියවසේ අධිරුධිර පීඩනය සදහා සාර්ථක ඔසුවක් වූ මෙය බොහෝ සෙයින් වැදගත් ශාකයකි.

විශේෂයෙන් විවිධ පැලෑටි වර්ග මෙයට අභියෝගයක් වීමත්,ස්වාභාවික පරිසර පද්ධති විනාශ කිරීමත් නිසා මෙම ශාකය වද වී යෑමේ තර්ජනයට ලක්ව ඇත .අපට හැකි අයුරින් ගෙවත්තේ එක් ඒකාවේරිය පැලයක් හෝ සිටුවීමට හැකි නම් මෙයා ඉතා සුලු වශයෙන් හෝ වලක්වා ගත හැකිය .

Leo Pawani Hansika

First Year

Faculty of Arts

බුලත් හපයා


විද්‍යාත්මක නාමය      - Pethia nigrofasciatus

ශ්‍රී ලංකාවේ පොදු නම -  බුලත් හපයා

ඉංග්‍රීසි නාමය           - Sri Lanka Black Ruby Barb

                 බුලත් හපයා ශ්‍රී ලංකාවට ආවේණික ඉතා මනරම් සිරුරක් හිමි නිවර්තන මත්ස්‍ය විශේෂයකි. ශ්‍රී ලංකාවේ වනාන්තර ගංගා ද්‍රෝණි වන නිල්වලා හා  කැලණි ද්‍රෝණිවල හමුවන අතර සිංහරාජය අවට නොගැඹුරු නොඉඳුල් දොළ පහරවල් වලද දැක ගත හැකියි. මොවුන් කලකට පෙර විසිතුරු මාළුවෙකු ලෙස අපනයනය කිරීම නිසා ගහණය අඩු වූ බව මූලාශ්‍රවල පැවසේ.

        මෙම මාලුවාට ශරීරයේ හරස් අතට වැටී ඇති කැපීපෙනෙන කළු පැහැති ඉරිවලින් යුක්ත කහ පැහැති අළු සිරුරක් ඇත. වැඩුණු පිරිමි මසුන් කැපී පෙනෙන රතු පැහැයක් සහ රිදී පැහැයකින් යුක්ත  වන අතර උදරිය වරල ගැඹුරු කළු පැහැයකින් ද සෙසු වරල් අලංකාර රතු පැහැයකින් ද යුක්තය. ගැහැණු සතුන්ගේ ශරීරය රක්ත වර්ණ නොගන්නා අතර වරල්වල පාදස්ථ කොටස් වල  පමණක් කළු පැහැයක් දක්නට ලැබේ.හොඳින් බැලූ විට මොවුන්ගේ මුඛය වටා රතු පැහැ වර්ණය හඳුනාගත හැකියි.   එසේ මුඛය වටා රතු පැහැයක් ගැනීම නිසා මොවුන්ට බුලත් හපයා ලෙස නම් ලැබී ඇති බව සිතිය හැක. (හමුවන ප්‍රදේශය සහ ජල ප්‍රභවය අනුව වර්ණයේ තියුණු බවේ යම් කිසි වෙනස්කම් දැකිය හැක).මොවුන් උපරිම අඟල් දෙක - තුන  අතර වර්ධනයක් පෙන්නුම් කරයි. වැලි හෝ බොරළු උපස්තර සහිත නිහඬව ගලායන සිසිල් මෙන්ම සෙවන සහිත වඩාත් නොගැඹුරු ජලය සහිත වනාශ්‍රිත ඇළ දොළ ස්වාභාවික වාසස්ථාන වේ. සූත්‍රිකාමය ඇල්ගී හා ජලයේ වාසය කරන කුඩා කීටයන් ආහාරයට ප්‍රිය කරයි.

       ප්‍රජනන සමයේ මොවුන්ගේ රටාව වඩාත් තියුණු ස්වභාවයක් ගනී. බිත්තර විසිරුවා හරින මසුන් වර්ගයක් වන මොවුන් නොගැඹුරු ජලයේ බිත්තර 100 -200 අතරන් ප්‍රමාණයක් බරකට හෙළනු ලබයි.  දින1 -2  ත් අතර කාලයකින් පැටව් බිහිවේ. රංචු වශයෙන් ජීවත්වීමට ප්‍රිය කරන ක්‍රියාකාරී සත්වයෙකි.

       වැලිගොඩ දැමීම, මැණික් ගැරීම,  අධික කෘමිනාශක භාවිතය , විසිතුරු මත්ස්‍යයකු ලෙස වාසස්ථාන වලින් ඉවත් කිරීම,මිනිසා විසින් අධික රසායනික පොහොර හා රසායනික ද්‍රව්‍ය කුඩා ජල මූලාශ්‍ර වෙත එක් කිරීම හේතුවෙන් රටට ආවේණික මත්ස්‍යයින්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර ඇත.

Leo Sadeeka Nethmini

First Year

Faculty of Arts

හොර ශාකය



ලංකාවේ  පොදු නම-  හොර                                                                                                                                විද්‍යාත්මක නම        - Dipterocarpus zeylanicus

       හොර යනු ශ්‍රී ලංකාවට ආවේණික සදාහරිත බහු වාර්ෂික ශාකයකි.ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපවල පහත් බිම්හී දක්නට ලැබෙන ඒක දේශී ශාකයක් වන හොර ශාකය මීටර් හතළිහක් පමණ  උසට වැඩෙන ශාකයකි. මෙම ශාකයේ ඵලයේ ඇති පියාපත් හේතුවෙන්  කුරුල්ලන් ලෙසින් හඳුන්වනු ලබයි. ගෝලාකාර ඵලය දෙපසින් පිහිටි පියාපත් යුගලය හේතුවෙන් බීජ ප්‍රරෝහණය සඳහා විශාල ප්‍රදේශයක පැතිරීමට උපකාරී වේ.

      ශාකයේ පොත්ත ලා තැඹිලි මිශ්‍ර දුඹුරු පැහැයක් ගනියි. ඒ මත  නාරටි මනාව දැක ගත හැකිය. මීටර් හතර - හය  පමණ වට ප්‍රමාණයකින් වැඩෙන විශාල ගසකි. අප්‍රේල් මාසයේ මල් පිපී සුළඟෙන් පැතිර යයි. ශ්‍රී  ලංකාවේ   වනාන්තර පන්තීන් හි උස් තුරු වියන් සාදන  ශාක අතරින් උච්චතම ස්ථානයක් හිමි කර ගැනීමට හොර ශාකය සමත්ය.  අතු බෙදීම ඉතාමත් විරල වන අතර සෙන්ටිමීටර් 25 ක් පමණ දිගැති සෙන්ටිමීටර් 12 ක් පමණ පළල ඇති  පත්‍ර වලින් යුක්ත වේ.  වර්ණයෙන් තේක්ක දැවයට  සමානාත්මතාවයක් දැක්වූ ව ද හොර  දැවය ඊට වඩා වැඩි ශක්තියකින් යුතුවේ.

      ගොඩනැගිලි හා විදුලි දුරකථන රැහැන් ඇදීමට ගන්නා කණු සඳහා ද මෙම දැව  භාවිතා කරන්නේ කඳන් ඍජු කදන් ලෙස පවතින බැවිනි. එමෙන්ම පරාළ බාල්ක දුම්රිය සිල්පර ආදිය සඳහා දැව බහුලව යොදා ගනියි. දැවමය වශයෙන් හොර ශාකය වටිනාකමින් ඉහළ නිසා නිරන්තරයෙන්ම දැව ජාවාරම්කරුවන්ගේ  ග්‍රහණයට   හසුවී ඇත. එසේම ශ්‍රී ලංකාවට ආවේණික මෙම ශාකය  IUCN රතු දත්ත පොතට අනුව දැඩි ලෙස  වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇත. දිනෙන් දින වඳවී යන හැසිවනාන්තර හා තෙත් කලාපයේ පුද්ගලික බිම් කිහිපයකට පමණක් සීමා වූ හොර ශාකයේ පාරිසරික වැදගත්කම පිළිබඳ අවබෝධයක් ඇත්තේ ඉතා අතලොස්සකට පමණි. එබැවින් කිසිවෙකුට හොර ශාකය තමන්ගේ වතුවල වගා නොකරයි. එහෙත් අප මුතුන් මිත්තන් රැකගෙන ආ අද වන විට ඉතුරු වී ඇති දැවැන්ත හොර ගස් පවා මුදලට කපා විකුණා දමති.

      හොර ශාකයේ වැදගත්කම නොදත් ග්‍රාම නිලධාරී හා  දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් මෙම දැවැන්ත ආවේණික  ගස් කැපීමට අවසර දී ඇත්ද යන්න ගැටලුවකි.එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වී යන උඩකිරුව   වැසි වනාන්තරයේ මෑතකදී සිදු කළ ගවේෂණයක දී හොරගස් කැපීම පැහැදිලිවම දක්නට ලැබුණි. මීටර් හැටක් පමණ උසැති ශ්‍රී ලංකාවේ ඇති ලෝකයේ උසම හොර ගස් මෙම  උඩකිරුව වැසි වනාන්තරය ප්‍රදේශයේ  වන බව නොදත් බලධාරීන්  මෙම වටිනා ශාක කපා දැමීමට ඉඩ දීම මහත් කාට ගාටුවට කරුණකි. මෙම කරුණු හේතු කොට ගෙන පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් ආයතන එක්ව ගස ආරක්ෂිත ශාකයක් ලෙස කඩිනමින්  නීතිගත නොකළහොත් එය සදහටම ශ්‍රී ලංකාවට හා ලෝකයට අහිමි වී යන දිනය වැඩි ඈතක නොවන බව තේරුම් ගත යුතුය.

Leo Sadeeka Nethmini
First Year
Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...