Sunday, January 12, 2025

දුරුතු පුන් පොහොය දිනය


අද අභිනව වර්ශ 2025 දුරුතු මස 13 වෙනිදා ය.දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොය යි. මේ පොහොය ඉතාම වැදගත් වන්නේ සියලු පොහොයන්ට වස්තු විශය වන පරිසරය සැකසීම අනුව ය.වසරක් ගෙවී තවත් වසරක් උදා වන මේ මොහොතේ පසුගිය වසරේ ලත් අත්දැකීම් සම්බන්ධව අවලෝකනය කොට,නව වසරට ඒ අත්දැකීම් කොතරම් දුරට බලපාන්නේද යන්න සම්බන්ධව ද මෙනෙහි කළ යුතු හොද ම කඩඉමකි.

දුරුතු පුන් පොහෝ දිනයේ වැදගත් සිදු වීම් මෙසේ පෙළගැස්විය හැකිය.

(1). තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උකහාගත් මහා ප්‍රඥාව සියලු සත්ත්වයාට දේශනා කිරීමට මුල් පියවර තැබීම .මෙය දුරුතු පුන් පොහොය දින වැදගත් වන ප්‍රධානම සාධකයකි.තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උකහාගත් මහා ප්‍රඥාව නැත් නම්,දුකේ වෙළී-පැටලී සිටින සියලු සත්ත්වයා එම විමුක්ති මාර්ගයෙන් ගලවාගැනීමට ප්‍රථම පියවර තබන ලද්දේ ද දුරුතු පෝ දා බැවිනි. 

 (2). තුන් බෑ  ජටිලයන් හා දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කිරීම .බුදු බව ලබා නව මසකින් පසු උරුවෙල් දනව් පියසෙහි තුන් බෑ ජටිලයන් වන,උරුවේල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප ප්‍රධාන කොටගත් දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කරන ලද්දේ දුරුතු  පොහෝ දා ය.

 (3). බුදුරදුන්ගේ  ප්‍රථම ලංකාගමනය බුදුරදුන්ගේ ප්‍රථම ශ්‍රී ලංකා ගමන් නැත් නම් ලක්දිවට වැඩමවීම සිදු වූයේ ද මේ පුන් පොහෝ දා ය .මහියංගණයට වැඩමකොට යක්ශ ගෝත්‍රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකි.

(4). බුදුරදුන්ගේ කේශ ධාතු මහියංගණ දාගැබේ තැන්පත් කිරීම .බුදුරදුන්ගේ කේශධාතු තැන්පත් කොට ඇත්තේ මහියංගණයේ ය. සුමන සමන් දෙවියන් විසින් මහියංගණ දාගැබ ඉදිකොට,එහි බුදුරදුන්ගේ කේශ ධාතු නිදන් කිරීම මත දෙවියෙකු විසින් ඉදි කරන ලද ප්‍රථම දාගැබ වන්නේ මහියංගණ දාගැබ යි.                                මහීන්+අංගණ - 'මහියංගණය' විය.මිනිසාට ශාන්තිය උදා කරන 'තැන්න' නැත් නම් 'ආලිංගණය' වූ නිසා මහියංගණය නම් විය. දුරුතු පොහෝ දා අපට ලැබුණු අති උත්තම දායාදයකි. ඒ අප රටට වැඩම කළ බුදුරදුන් නිසා අපේ සමාජයේ පෙර නොවූ විරූ පෙරැළියක් විය.ඒ විතරක් නොව , තවත් සිදුවීම් රැසක් මෙයට හේතු කාරණා වී ඇත .ඒවා මේ ආකාරයට පෙළ ගැස්විය හැකිය..

♦️මානව සමාජය විවිධ ආකල්පවල එල්බගෙන්  සිටි හෙයින් 'නිසි මාර්ගය' නැත් නම් 'විමුක්ති මාර්ගය' කුමක්ද යන්න සොයාගැනීමට නොහැකිව මංමුළා වූ පිරිසක් බවට පත්ව සිටියහ.මිනිසා ගස්වලට වන්දනය කළේ ය. තවත් පිරිසක් ගල්වලට වැදුම් පිදුම් කළහ.ඇතැමෙක් හිරුට වන්දනය කළහ. එයින් නොනැවතුණු සමහරු අනංගයාට වැදුම් පිදුම් කළහ. අනංගයා යනු ආදරයට අධිපතියා ය. ආදරයට අධිපති අනංගයාට වැදුම් පිදුම් කළහොත් තමන්ට විමුක්ති මාර්ගය ලැබේ යැයි සිතූහ. එසේම ඇතැම්හු නාගයා සංකේතයක් කොට ගෙන වන්දනය කළහ. චෞරනාග,මහානාග,වීරනාග,ඉලනාග ආදී නම් එයට හොදම නිදසුන් ය.                             මෙවන් පරිසරයක සිටි ජනකායකට බුදුරදුන් ලක්දිවට වැඩම කොට,එම අදුරු වලා පටලයෙන් නැත්නම් භව කඩතුරාවෙන් වැසුණු ජනකාය යහමගට ගන්නට දැරූ තැන ද ඉතා ප්‍රශංසනීය ය.  

♦️ ඉන් අනතුරුව උගත් සග පරපුරක් බිහි වී  මහා කැලෑ එළි පෙහිළි වී ,ගල්ලෙන්වලට වී සගරුවන දහම් පොත් ලියන්නට පෙලඹුණේ ද මේ දුරුතු පුන් පෝය දා ය. එයට පසුබිම සැකසුණේ ද මෙදා ය.  

♦️යතිවරුන් බුදුරදුන්ගේ පවත්නා අනන්ත වූ ගුණ සමුදායෙන් අංශුවක් නැත් නම් කණිකාවක් හෙළි කිරීමට

 අමාවතුර 

බුත්සරණ සද්ධර්මරත්නාවලිය

සද්ධර්මාලංකාරය

පූජාවලිය 

දහම් සරණ

සග සරණ බදු ග්‍රන්ථ වලින් හෙළි කෙළේ බුදුගුණය යි. ඒ බුදුගුණ ජනකායට අසන්නට සැලසීම මහා පුණ්‍ය කර්මයකි. 

♦️බෞද්ධ ග්‍රන්ථ වලින් නොනැවතුණු එදා සමාජය ගලට ද ජීවයක් කැවීමට උත්සුක් වූහ. හැඩිදැඩි ගලට ජීවයක් කැවීමට යාමේ සාධක ලෙස බුදු පිළිම,සදකඩපහණ, මුරගල,කොරවක්ගල ආදී කැටයම් හැදින්විය හැකි ය.

බුද්ධිමත් කැටයම් ශිල්පියා මේ මගින් කෙළේත් බුදු මහිමය කියාපෑමය.අදත් එම කැටයම්වලින් ජීවමාන වන්නේ බුදුගුණ යි. බුද්ධ චරිතය යි.බුද්ධ ධර්මය යි.මේ දක්වා පැමිණි ගමන් මගට ප්‍රවේශයක් වූයේ දුරුතු පොහොය යි.දුර ගමනක් යන්නට ඇති හෙයින් ද, දුර බලන්නට හැකි සන්ධිස්ථානයක් ලෙස ද දුරැත්ත මෙසේ දිග හැරිය හැක.

Leo Methasha Pasindi

දියවැඩියා රෝගීන්ට සුදුසු - නුසුදුසු ආහාර වර්ග


 දියවැඩියා රෝගීන්ට සුදුසු - නුසුදුසු ආහාර වර්ග


බෝනොවන රෝග අතරින් ඉදිරියෙන්ම සිටින දියවැඩියාව අද වනවිට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. ලංකාවේ වෙසෙන ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව රෝගයෙන් පෙළෙති. එම සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යන්නේ නිවැරදි ජීවන පුරුදුවලින් ජනයා බොහෝදුරට ඈත්වෙමින් පවතින පසුබිමක් තුළය.  විශේෂයෙන්ම අද වන විට අප හුරුවී සිටින ආහාර රටාව නිසාද දියවැඩියා රෝගීන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එනිසා මෙම ලිපිය හරහා දියවැඩියා රෝගීන්ට සුදුසුම් හා නුසුදුසු ආහාර වර්ග පිළිබඳව තොරතුරු ඉදිරිපත් කෙරේ. 

පිෂ්ඨය, ප්‍රෝටීන, මේද, ඛනිජ ලවණ හා විටමින් අඩංගු සමබල ආහාර වේලක් ලබා ගැනීම සෑම රෝගයකටම ගුණදායක වේ. මෙහිදී ආහාර පිරමීඩයට අනුව ආහාර ප්‍රමාණ  සකසා ගැනීමට අවධානය යොමු කළ යුතු අතර එහිදී ප්‍රධාන අංගය  වන පිෂ්ඨය දියවැඩියා රෝගීන් ලබා ගත යුත්තේ කෙඳි බහුල පිටි සහිත ආහාර වලිනි. නැතිනම් පිෂ්ඨය අධික වී රුධිර ගත සීනි මට්ටම තවත් ඉහළයා හැකිය.  නමුත් කෙඳි වැඩි ප්‍රමාණයක් තිබෙන විට ආහාරයේ ඇති පිටි අවශෝෂණය ප්‍රමාද වන අතර කුසගින්න දැනීමද ප්‍රමාද කරයි. මෙහිදී කෙඳි බහුල ආහාර ලෙස නිවුඩු සහල්, කුරක්කන්, උළුඳුපිටි, මුං ඇට, කඩල ආදිය දැක්විය හැකිය. 


දියවැඩියා රෝගීන් ලබාගන්නා පිෂ්ඨ  ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු අතර සෑම දිනකම එකම ප්‍රමාණයක් ගත යුතුය. එක් ආහාර වේලකට අධික පිටි සහිත ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් වැළකිය යුතුය. 

මේදය  ලබා ගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම භේද වර්ගය ගැනද සැලකිලිමත් විය යුතුය.  සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, එළවළු තෙල් සුදුසු නැත.  පොල්තෙල් සුදුසු නමුත් භාවිතයට ගත යුත්තේ අවම වශයෙනි. ඌරු මස්, හරක් මස්, එළු මස්, චීස් යොදය සහිත කිරි, බටර් වල ඇති තෙල් සුදුසු නොවේ.  


ප්‍රෝටීන් ප්‍රමාණවත්ව ගත යුතුය. මුං ඇට, කඩල,  කව්පි , පරිප්පු, මාළු, සම ඉවත් කළ කුකුළු මස් වලින් ප්‍රෝටීන සපයා ගත හැකිය. කුඩා මාළු වර්ග ඉතා ගුණදායකය. මුගුණුවැන්න, ගොටුකොළ, තම්පලා, නිවිති,  කංකුං කතුරුමුරුංගා ආදී සියලුම පලා වර්ග ගුණදායකය.  බෝංචි, මෑකරල්  දඹල, වම්බටු,  එලබටු, තක්කාලි, ගෝවා, ලීක්ස්, රාබු, නෝකෝල්, කරවිල, පතෝල, වැටකොලු, පිපිඤ්ඤා ආදී පිෂ්ඨය අඩු එළවළු වර්ග ගුණදායකය.

අතුරුපස ලෙස පළතුරු වර්ග හා සීනි රහිතව මුදවන ලද කිරි ආහාරයට ගත හැකිය. පුඩින් වර්ග, චොක්ලට්, ටොෆි, වටලපන්, අයිස් ක්‍රීම්, කේක්, රස කැවිලි,  තලගුලි, ජෙලිවර්ග, පැණිබීම, තැඹිලි, ග්ලූකෝස්, පැණිරස බිස්කට් වර්ග ආදිය නුසුදුසුය. ක්ෂණික ආහාර වර්ග භාවිතය අවම කළ යුතුය. 


දියවැඩියා රෝගය ආහාර මගින් පාලනය කර ගැනීමට දෛනිකව ලබා ගන්නා ආහාර බඳුනේ හතරෙන් එකක් බත් ද , හතරෙන් එකක් එලවළුද , හතරෙන් එකක් පලා වර්ගද, ඉතිරි හතරෙන් එක ප්‍රෝටීන සහිත ආහාර වර්ගද වශයෙන් කොටස් කර ආහාර ගැනීම වැදගත් වේ.

Saturday, January 11, 2025

දියවැඩියා රෝගයේ ප්‍රතිඵල


 *දියවැඩියා රෝගය යනු, රුධිරයේ සීනි (ග්ලූකෝස්) මට්ටම අධිකව තිබීම නිසා සිදුවන දිගුකාලීන රෝගයක් වන අතර, එය ප්‍රධාන වශයෙන් *ඉන්සුලින්* හෝ *ඉන්සුලින් කාර්යය* සමඟ සම්බන්ධිත ගැටලු මත සිදුවේ. දියවැඩියා රෝගය තුළ ඇති ප්‍රතිඵල හෝ  අවපීඩනයන්ට මුලින්ම  ප්‍රතිකාර නොකළොත් ඇතිවන ගැටලු පහත පරිදි වේ:


1. *අධික රුධිර සීනි මට්ටම (Hyperglycemia)*

   - දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම වැඩිවීම.

   - මෙම තත්වය නිසා ශරීරයේ පරිණාම ක්‍රියාවලියන් බලපායි.


   *2.ඇසේ කාච වල හානි සිදු වේ* 

-ඇසේ කාචවල හානි සිදු වීම සිදු වේ.එම නිසා ඇස් පෙනිමේ දුර්වලතා ඇති විය හැක.

-අධික ලෙස සිනී මට්ටම ඉහල යාම නිසා රුධිර නාලිකා වලට හානි වීම සහ විකෘති වීම සිදු වේ.

-දිගු කාලිනව මෙම රෝගය පැවතිම දෘශ්‍ය මට්ටම අඩු වීම හා සම්පුර්ණයෙන්ම නැති වීමට හේතු වේ.

   

 *3. හෘද රෝග සහ හෘද වාහිනි ආබාධ* 

   - දියවැඩියා හෘද රෝග හා ස්වයංක්‍රීය රුධිර නාලිකා වර්ධනය හා හෘද රෝග ඇතිවීමට හේතු වේ.

   - රුධිර පීඩන වැඩිවීම (Hypertension) සහ රුධිර මට්ටම වැඩිවීම (Hyperlipidemia) හෘදයාබාධ  වැනි තත්වයන් ඇති කරයි.

   

4. *ස්නායු ව්‍යථ වීම* 

   - දියවැඩියා නිසා සංවේදී ස්ථාන හා මනෝභාව පීඩනයට පත්වීම.

   - අඩු සංවේදීතාවය අත්, පාද හා ඇස්වලට බලපායි .

   -  ශක්තිය අඩු වීම, ස්නායු දුර්වල වීම  අහිතකර අත්දැකීම් ඇතිවීමට හේතු වේ.

   

5. *පාද ආසාදනයන්*

 -දියවැඩියා රෝගීන්ගේ පාදවල සංවේදීතාවය අඩු වීම නිසා  ආසාදන ඇතිවීම.

   - මෙම ආසාදන සජීවීතා අඩු කිරීම හා අසනීප තත්වයන් ඇති කළ හැක.

   

6. *වකුගඩු වලට හානි වීම* 

   - දියවැඩියා රෝගය වකුගඩු (kidney) ආසාදනය ඇති වීමට  හේතු වේ.

   - සීනි මට්ටම වැඩිවීම නිසා, ටිකෙන් ටික වකුගඩු  ක්ෂය වීමේ අවදානමක් ඇත.

   

7. *සමහර විට, මාරාන්තික රෝග (Cancer)*

   - දියවැඩියා රෝගය ස්ත්‍රී හා පුරුෂ ලිංග ආශිතව රෝග වර්ධනය කිරීමට හේතු වීම.

-දිගු කාලිනව දියවැඩියා රෝගය පැවතිම පිළිකා රෝගයට ද හේතු වේ.

   

8. *හෝමෝන හා සිරුරේ විකෘතිය* 

   - දියවැඩියා රෝගය ඉන්සුලින්  ප්‍රතිචාරය වෙනස් කිරීමෙන්, හෝමෝන වලට අවශ්‍ය කාර්යයන් අඩු වීම.

   

    දියවැඩියා රෝගය හොඳින් පාලනය කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ, ආහාර පාලනය  අවශ්‍ය වේ.දියවැඩියා රෝගය යනු, ජීවිතයේ දිගු කාලීන ගැටලු සහ අනතුරුදායක ප්‍රතිඵල ඇති කරවන රෝගයකි. එම නිසා රෝගීන්ට ඉතා වැදගත් වනුයේ සීනි මට්ටම පාලනය කිරීම, පෝෂණ යෝජනා හා ව්‍යායාම ප්‍රතිකාර මගින් අදාළ ප්‍රතිඵල වලින් වැලැක්වීමයි.


 *Article by - Kavindya indumini*

Thursday, January 9, 2025

පළමු වර්ගයේ දියවැඩියාව (Type 01)


 පළමු වර්ගයේ දියවැඩියාව (Type 01)


පළමු වර්ගයේ දියවැඩියාව, ඉන්සියුලින් මත යැපෙන දියවැඩියාව ලෙස හැඳින්වේ, මෙය නිදන්ගත තත්වයකි. මෙම තත්වය තුළ අග්න්‍යාශය ඉන්සියුලින් නිපදවීමක් සිදු නොකරයි. ඉන්සියුලින් යනු ශක්තිය නිපදවීමට සෛල තුළට සීනි (ග්ලූකෝස්) ඇතුළු කිරීමට ශරීරය භාවිතා කරන හෝමෝනයකි. දියවැඩියා රෝගයට ගොදුරු වන්නන්ගෙන් 5%ක් පමණ පළමු වර්ගයේ දියවැඩියාවට ගොදුරු වූවන් බව සෞඛ්‍ය සංවිධාන පෙන්වා දෙයි.


ප්‍රවේණි විද්‍යාව සහ සමහර වෛරස් වැනි විවිධ සාධක 1 වර්ගයේ දියවැඩියාවට හේතු විය හැක. පළමු වර්ගයේ දියවැඩියාව සාමාන්‍යයෙන් ළමා වියේදී හෝ නව යොවුන් වියේදී ඇති වුවද, එය වැඩිහිටියන් තුළ වර්ධනය විය හැක. මෙයට වයස් සීමාවක් නොමැත


රෝග ලක්ෂණ:


🩸වෙනදාට වඩා පිපාසය දැනීම.

🩸වැඩිපුර මුත්‍රා පිටවෙයි.

🩸රාත්‍රියේදී කිසි දිනක ඇඳ තෙත් නොකළ දරුවන් ඇඳ තෙත් කිරීම.

🩸නිතර නිතර බඩගිනි දැනේ.

🩸උත්සාහයකින් තොරව බර අඩු වී යයි.

🩸නිතර කෝපය ඇති වීම

🩸තෙහෙට්ටුව සහ දුර්වල බවක් දැනේ


නියමිත පරිදි රෝගය හදුනාගත් විට


📌පළමු වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ට දිගු, නිරෝගී ජීවිතයක් ගත කළ හැකිය. 

📌ඔබ ඔබේ රුධිරයේ සීනි මට්ටම පිළිබඳව හොදින් නිරීක්ෂණය කළ යුතුය. 

📌ඔබේ වෛද්‍යවරයා ඔබට රුධිරගත ග්ලූකෝස් මට්ටම තිබිය යුතු සංඛ්‍යා තිබිය යුතු පරාසයක් ලබා දෙනු ඇත. 

📌ඔබේ ඉන්සියුලින්, ආහාර සහ ක්‍රියාකාරකම් අවශ්‍ය පරිදි සකස් කරන්න.


📌පළමු වර්ගයේ දියවැඩියාව ඇති සෑම කෙනෙකුම ඔවුන්ගේ රුධිරයේ සීනි පාලනය කිරීම සඳහා ඉන්සියුලින් එන්නත් භාවිතා කළ යුතුය.


පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට රෝගය පාලනය වෙනුවෙන් මුඛයෙන් ලබාදෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ජීවිත කාලයම ලබාදීමට සිදුවේ

Wednesday, January 8, 2025

ගර්භනී දියවැඩියාව🤰🏻🩸


 *ගර්භනී දියවැඩියාව🤰🏻🩸* 

කාන්තාවක් ගර්භනී භාවයට පත්වීමෙන් පසු ඇයගේ රුධිරයේ සීනි මට්ටම ග්ලුකෝස් මට්ටම ඉහල යාම ගර්භනී සමයේ දියවැඩියාව ලෙස හඳුන්වයි. මෙය වැඩිහිටි වයසේ අයට වැළඳෙන දියවැඩියා තත්වයට වඩා වෙනස් අවධානය යොමු කළයුතු විශේෂිත රෝගී තත්වයකි. මෙම දියවැඩියා තත්වය දරු ප්‍රසූතියෙන් සුළු කාලයකට පසු නැවත ප්‍රකෘති තත්වයට පත් වන බව හඳුනා ගත හැකිය.


ගර්භනී සමයේ දියවැඩියාව සඳහා අවධානම් තත්වයක් ලෙස ශරීරයේ බර වැඩිවීම නැත්නම් ස්ථුලතාව හැඳින්විය හැකියි, එමෙන්ම ඔබ මීට කලින් දරුවන් බිහි කළ මවක් නම් ඔවුන්ගේ බර කිලෝ ග්‍රෑම් 4ට වඩා වැඩි වූයේ නම් එහිදී ද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි වනු ඇත. එමෙන්ම ඔබ මීට පෙර ගර්භනී අවස්ථාවලදී  දියවැඩියාව  වැළඳුණු කාන්තාවක් නම් එහිදීද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානමට ලක් වනු ඇත. තවද ඔබේ පවුලේ මව පියා හෝ සහෝදර සහෝදරියක් දියවැඩියා රෝග තත්වයෙන් පෙලෙන්නේ නම් එවැනි අවස්තාවකදී ඔබට  ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම ඉහල මට්ටමක පවතී. විශේෂයෙන්ම  දකුණු ආසියාතික රට වල ජීවත් වන සියලු  ජනතාවට දියවැඩියාව වැළදීමේ අවදානම ලෝකයේ සෙසු රටවල ජීවත් වන පුද්ගලයන්ට වඩා ඉහල බව සිදු කර ඇති සමීක්ෂණ වලින්ද තහවුරු වී තිබෙනවා.


⭕ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත්දැයි දැන ගන්නේ කෙසේද?


ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි පරීක්ෂා කර ගැනීමට කළ යුත්තේ ගැබ් ගෙන සති 12ක් ඉක්ම ගිය පසු  PPBS රුධිර පරීක්ෂණයක් සිදු කර ගැනීමයි. ඒ සඳහා ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට පමණ පසු මෙම රුධිර පරීක්ෂණය සිදු කළ යුතු වනවා. මෙමගින් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි කල් තියා හඳුනා ගත හැකි වන නමුත් මෙය 100% සාර්ථක පරීක්ෂණයක් නොවන බවද අප වටහා ගත යුතු වනවා. මෙම රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵලය  සාමාන්‍යය  වුවද ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම තිබෙන්නට පුළුවන්. එම නිසා ගැබ් ගෙන සති 24 ත් 28ත් අතර කාලයේ දී  නැවතත් තවත් රුධිර පරීක්ෂණයක් සිදු කර ගත යුතු වනවා. එම රුධිර පරීක්ෂණය ග්ලුකෝස් ටොලරන්ස් ටෙස්ට් (OGTT) යනුවෙන් හඳුන්වනු ලබනවා. එම පරීක්ෂණය මගින් ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැලඳී ඇත් දැයි නිවැරදිව තහවුරු කර ගත හැකිවනු ඇත.


⭕ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී මෙන් ඇතිවන සංකූලතා


ඔබ මෙම රෝගී තත්ත්වයෙන් පෙලෙන්නේනම් එහිදී කුසය තුල වැඩෙන දරුවාට හෝ ඔබට අවදානමක් ඇතිවිය හැකියි. නමුත් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති බොහෝ කාන්තාවන් කිසිදු සංකූලතාවයක් ඇති නොවූ  ඉතාම නිරෝගී දරුවන් බිහි කරන අවස්ථා දකින්න පුළුවන්. එම නිසා ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී  තිබුනද ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීම සිදු නොකළ යුතුයි. ඔබ කළ යුත්තේ ඔබගේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීමයි. දියවැඩියාව ගර්භනී සමයේ වැලඳීමෙන් ඇතිවිය හැකි අවදානම් තත්වයන් කිහිපයක් හඳුනාගත හැකියි. ප්‍රසූතියේ දී වැඩි බර දරු උපතක් සිදුවීමට ඉඩ ඇති හෙයින් මව සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට  සිදුවීම හෝ අඬු භාවිතය මගින් දරු උපත සිදු කිරීමට වීම ඒ අතර වනවා. එමෙන්ම ඉතාමත් කලාතුරකින් දරුවාට අවදානම් සහගත තත්වයන් ඇතිවීමට ද ගර්භනී සමයේ දියවැඩියාව බලපා හැකියි, එහි දී මල දරු උපතක් සිදු විය හැකි වනවා.


⭕ගර්භනී සමයේ දියවැඩියාව පාලනය කරන්නේ කෙසේද?


ගර්භනී සමයේ දියවැඩියාව ඉතා හොඳින් පාලනය කිරීම වඩා වැදගත් වනවා. මෙහි දී ඔබ කළ යුතු වන්නේ ඔබගේ වෛද්‍ය වරයා ලබා දෙන නිර්දේශ නිවැරදිව අනුගමනය කිරීමයි.


නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීමට  එහි දී ඔබගේ වෛද්‍යවරයා පලමුව නිර්දේශ කරනු ඇති. විශේෂයෙන්ම ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවක් සීනි අධික ආහාර ගැනීම නොකළ යුතු වනවා. එමෙන්ම පිටි සහිත ආහාර (උදාහරණ ලෙස පාන් බනිස් ආදී ආහාර) ආහාරයට ගැනීම එතරම් සුදුසු වන්නේ නැහැ. සමහරක් කාන්තාවන්ට හොඳින් ආහාර පාලනය කිරීමෙන් පමණක් මෙම ගර්භනී සමයේ දියවැඩියා තත්ත්වයෙන් මිදීමට හැකි වනවා.


⭕ප්‍රතිකාර අවශ්‍ය වුවහොත්


නමුත් ඔබට යම්කිසි හේතුවක් නිසා ප්‍රතිකාර අවශ්‍ය වුවහොත්   ඒ සඳහා ආකාර දෙකකින් ප්‍රතිකාර කළ හැකි වනවා. බෙහෙත් පෙති අධාරයෙන් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීම ඉන් එක්  අවස්ථාවක්. එමගින් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීමට  අපොහොසත් වුවහොත් ඉන්සියුලින් නමැති හෝමෝනය නික්ෂේපනය කළ යුතු වනවා. මෙහි දී රුධිර ගත සීනි මට්ටම නියමිත ලෙස පාලනය කිරීම වඩා වැදගත් වනවා. ඒ සඳහා ඇතැම් අවස්ථාවල දිනකට තෙවරක් රුධිර ගත සීනි මට්ටම පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ අනුව ප්‍රතිකාර වෙනස් කිරීම සිදු කරනු ඇති.


⭕අමතර පරීක්ෂණ


ප්‍රතිකාරවලට අමතරව දරුවාගේ වර්ධනය පරීක්ෂා කිරීම සඳහා අමතර ස්කෑන් පරීක්ෂණද සිදු කළ යුතු වනවා. දරුවාගේ බර වැඩි වනවාද දරුවාට යම් සංකූලතාවයක් ඇතිවී තිබේද යන්න එමගින් හඳුනා ගත හැකි වනවා.


⭕දරු ප්‍රසූතිය සැලසුම් කිරීම


ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම නිරෝගී කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම ට වඩා වෙනස් ආකාරයකින් සිදු වනව. ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකට ගැබ් ගෙන සති 38 ත් 40ත් අතර කාලය තුල ප්‍රසූතිය සිදු කිරීමට අනුමත කරනු ඇති. දියවැඩියා තත්වයේ දරුනු භාවය මත මෙම කාලය වෙස් කිරීමට සිදුවනු ඇත.

Monday, January 6, 2025

දෙවන වර්ගයේ දියවැඩියාව.(Type 2 Diabetes* Type 2 diabete)


 *Type 2 Diabetes*

Type 2 diabetes is a chronic metabolic disorder that develops when the body becomes resistant to insulin or doesn’t produce enough to maintain normal blood sugar levels. Unlike type 1 diabetes, an autoimmune condition diagnosed early in life, type 2 diabetes develops gradually, often due to lifestyle factors like poor diet, physical inactivity, and obesity.


Symptoms of type 2 diabetes include increased thirst, frequent urination, fatigue, blurred vision, and slow-healing wounds. These symptoms often go unnoticed in the early stages, making early detection challenging. Certain groups are at higher risk, including those who are overweight, physically inactive, over 45 years old, or have a family history of diabetes. Other contributing factors include high blood pressure, high cholesterol, and conditions like polycystic ovary syndrome (PCOS).


If left unmanaged, type 2 diabetes can cause severe complications such as heart disease, kidney failure, nerve damage, and vision problems. High blood sugar also impairs wound healing and increases the risk of infections. These complications highlight the importance of early diagnosis and consistent management of the condition.


Prevention and management of type 2 diabetes are achievable with a healthy lifestyle. A balanced diet that includes whole grains, lean proteins, vegetables, and healthy fats is essential. Avoiding sugary beverages, processed foods, and refined carbohydrates can help maintain stable blood sugar levels. Regular physical activity and maintaining a healthy weight significantly reduce the risk of developing the condition.


Raising awareness about type 2 diabetes and making informed lifestyle choices can help prevent its onset and manage its effects. With proper care, individuals with type 2 diabetes can lead healthy, fulfilling lives while minimizing the risk of complications.

Friday, January 3, 2025

දියවැඩියා රෝගය හදුනා ගන්නා ආකාරය.


 දියවැඩියා රෝගය හදුනා ගන්නා ආකාරය.


සුවදායී දිවියක් සඳහා අවධානයෙන් සිටින්න! 


*අවදානමට පෙර අවධානය*


දියවැඩියා රෝගය ලෝකයේ වඩාත් බහුලව දක්නට ලැබෙන දීර්ඝකාලීන රෝගයන්ගෙන් එකක් වේ. ග්ලූකෝස් නමැති ශරීරය සඳහා වැදගත් ශක්ති මූලධර්මය නිසි මට්ටමෙන් පාලනය කර නොමැතිවීම දියවැඩියා රෝගය සඳහා මූලික හේතුවෙයි. මෙම රෝගය කායික හා මානසික සෞඛ්‍යයට පමණක් නොව ශරීරය විවිධ අවයව ක්‍රියාකාරීත්වයට ද විශාල බලපෑමක්  ඇති කරයි. එනිසාම දියවැඩියා රෝගිය නියමිත ආකාරයෙන් හඳුනා ගැනීමත් සීඝ්‍රයෙන් ප්‍රතිකාර ගන්නා පියවර මනාව ක්‍රියාත්මක කිරීමත් ඉතා වැදගත් වෙයි.

දියවැඩියා  රෝගය පිළිබඳ වෛද්‍ය පරීක්ෂාවකට එළඹීමට පෙර  අධික ලෙස මුත්‍රා පිටවීම, දැඩිලෙස තිබහ ඇතිවීම සහ ආහාර රුචිය වැඩිවීම යන දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ තුන හරහා රෝගය හඳුනාගැනීමට හැකියාව ඇත.   ඊට අමතරව තෙහට්ටුව, උදාසීන බව,බර වැඩිවීම හෝ අඩුවීම,හිසරදය, කරකැවිල්ල, සුව නොවන තුවාල තිබීම, සමෙහි ආසාද ඇතිවීම, දෘෂ්ටිය බොඳවීම, අත් හා පාද හිරිවැටීම වැනි රෝග ලක්ෂණ ද ඔබට දියවැඩියාව  වැළඳී ඇත්ද යන්න පිළිබඳ ඉඟි ලබාදේ.  මෙවන් රෝග ලක්ෂණ තිබෙන්නේ නම්  ඔබේ රුධිරගත දියවැඩියා මට්ටම පරීක්ෂා කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්‍ෂණයක් සිදු කර ගැනීම බෙහෙවින් වැදගත් වේ. 


දියවැඩියා රෝගය හඳුනා ගැනීම සඳහා නව්‍ය වෛද්‍ය ක්‍රම රාශියක් පවතී. මෙහිදී වෛද්‍ය විශේෂඥයෙකුගේ උපදෙස් මත රුධිර ග්ලූකෝස් මට්ටම් මැනීම මූලික ක්‍රියාවලියක් ලෙස භාවිතා කරයි. පහත දැක්වෙන ක්‍රම ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලැබේ. 


1. ආහාර ගැනිමෙන් වැළකී කරන රුධිර ග්ලූකෝස් පරීක්ෂාව (Fasting Blood Glucose Test)


මෙම පරීක්ෂාව ඉතාම සරලයි. රෝගියා අඩුම තරමේ පැය 8ක ආහාර නොගත් පසු රුධිර සාම්පලයක් ලබා ගෙන, ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරයි.


සාමාන්‍ය ග්ලූකෝස් මට්ටම: 70-99 mg/dL.

උසස් මට්ටම (Prediabetes): 100-125 mg/dL.

දියවැඩියාව සඳහා අවධාරණය: 126 mg/dL හෝ ඊට වැඩි වශයෙන් හඳුනාගත හැකි ය. 



2. ග්ලූකෝස් ඉදිරිපත් කිරීමේ පරීක්ෂාව (Oral Glucose Tolerance Test - OGTT)

මෙහිදී රෝගියාට ග්ලූකෝස් ද්‍රාවණයක් පාන කරවන අතර, පැය 2කින් පසු රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරයි

.

සාමාන්‍යය: 140 mg/dL අඩු.

උසස් මට්ටම (Prediabetes): 140-199 mg/dL.

දියවැඩියාව: 200 mg/dL හෝ ඊට වැඩි වශයෙන් වේ.



3. HbA1c පරීක්ෂාව (Glycated Hemoglobin Test)


මෙම පරීක්ෂාව මඟින් පසුගිය මාස 3-4 තුළ රුධිරයේ සීනි මට්ටමේ සාමාන්‍යය පරීක්ෂා කළ හැක.


සාමාන්‍යය: 5.7% හෝ අඩු.

උසස් මට්ටම (Prediabetes): 5.7%-6.4%.

දියවැඩියාව: 6.5% හෝ ඊට වැඩි.



4. අහඹු ලෙස කරන රුධිර ග්ලූකෝස් පරීක්ෂාව (Random Blood Glucose Test)


ඕනෑම වේලාවක රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමෙන් දියවැඩියා රෝගය සැක කළ හැක.


දියවැඩියාව සඳහා අවධාරණය: 200 mg/dL හෝ ඊට වැඩි.


මෙලෙස මෙම වෛද්‍ය පරීක්ෂණ මගින් රෝගය හඳුනා ගැනීමට හැකියාව ලැබේ. රෝගය හඳුනාගැනීමත් සමගම වෛද්‍ය ප්‍රතිකාර්‍ය සඳහා එළඹීම අත්‍යවශ්‍ය වන අතර, එය අතුරු ආබාධ හා ඇතැම් බරපතල රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමට හේතු වනු ඇත.

🕊️ International Day of Hope – July 12 🕊️

🌟 International Day of Hope: Inspiring Resilience and Unity 🌟 🌈 The International Day of Hope The International Day of Hope is a gl...