Friday, February 14, 2025

රසායනය සමග මත්ද්‍රව්‍ය ගැන පිළිසඳරක්

 

රසායනය සමග මත්ද්‍රව්‍ය  ගැන පිළිසඳරක් ...


සහෘදයිනි,

ලොව තුළ රකුසන් ලෙස අරුත් ගන්වන්නන් බොහෝය..මානව ශිෂ්ටාචාරය තුළ මානව වර්ගයා විසින් "රකුසා" යන පදය භාවිත කොට ඇත්තේ මානව සමාජයට සෘණාත්මක මෙන්ම ව්‍යවසනකාරී තත්වයන් ඇති කරන ලද ප්‍රපංචයන් ය. කුඩා කල සිටම රකුසු වෙසින් සිටින්නේ යැයි ඔබත් මමත් දන්නා රකුසන් ලෙස දිය රකුසා(එසේ වන්නේ ගංවතුර කලට ,යමෙක් ජලයේ ගිලී මියගිය විටය ; නැත්නම් ජල සම්පත ය.) ,මත් රකුසා ප්‍රකටය..

සැබැවින්ම මත් රකුසා සර්වකාලීන රකුසෙක් ද? 

ඔබත් මමත් කුඩා කල සිටම මත් රකුසා ලෙස මිස ජල සම්පත මෙන් " මත් සම්පත " ලෙස අසා හෝ කියවා නැත්තෙමු..

මන්දයත් එතුළින් සර්වකාලීන නිශේධනීය තත්වයන් මිස සාධනීය තත්වයන් ඇති නොකරන හෙයිනි.

කුඩා කල ඔබත් මමත් පෝස්ටර් දැන්වීම් නිර්මාණය කරගෙන " බුදු තාත්තෙ බොන්න එපා " ," මත් රකුසා පරදවමු " ,  " මත් ද්‍රව්‍ය ඔබව අඩපණ කරයි " යනුවෙන් සුවිසල් ගමන් ගියා මතක ඇතැයි සිතමි..කෙසේ වෙතත් .. රකුසා තවම අධිරාජධානියේ සිටියි..

මත් රකුසා සතුව දුම්වැටි ,මද්‍යසාර ,ගංජා ,මත්පෙති,හෙරොයින් ,ගංජා වැනි විවිධාකාර වූ අසිපත් ඇත්තේය..කාරණාව වන්නේ එකී අසිපත් වලින් මානවයාගෙ ගෙල එකවර නොව,පළමුව පිරිමැද එකී ස්පර්ෂයට ප්‍රියතාවය උපදවාගෙන   පසුව කල් ගොස් ගෙල සිඳීමයි..

එවිය ඔවුන්ගේ ගෙල පමණක් නොව ශරීර කූඩුවේද ගැනීමට යමක් නැති ය.

සමාජීය වශයෙන් ,සංස්කෘතිම ය වශයෙන් ,ආර්ථිකමය වශයෙන් මෙකී කාරණා බොහෝ සෙයින් කතා කොට ඇත්තාහ.

එකී කාරණය එසේ හෙයින් මෙකී ලිපිය තුළ මත්ද්‍රව්‍ය යන ප්‍රපංචයේ රසායනික පැතිකඩ විග්‍රහ කිරීමට උත්සුක වීමට අදහස් කළෙමි.  

විද්‍යාවට රුචි සහෘද ඔබට මෙය අංශු මාත්‍රයක් හෝ උපකාරී වෙතැයි යන අරමුණ කැටිකොට ගෙන මෙසේ අරඹමි.


මත්ද්‍රව්‍ය යනු භාවිතයේදී ජීව විද්‍යාත්මක වශයෙන් මධ්‍ය ස්නායු පද්ධතියට ( CNS) මෙන්ම මනෝභාවයන්ට ,හැසිරීම් වලට ,සංජානනයන්ට බලපෑම් කරන රසායනික සංයෝග වේ.මෙහිදී අරක්කු ,කසිප්පු ,බියර් ,වයින් ,රා ,විස්කි වැනි සියළු ද්‍රාවණ මද්‍යසාර කුලයේ ද්‍රාවණ වේ.ඒවාගේ අන්තර්ගත ප්‍රමුඛ රසායනික සංයෝගය ඊතයිල් මද්‍යසාරය (Ethyl alchohol ) වේ.ඊතයිල් මද්‍යසාරය යනු ස්නායු අවපීඩකයකි (CNS depressant ) .

සරලව කිවහොත් භාවිතයෙන් පසු ස්නායු පද්ධතිය අවපීඩනයට ලක් කරයි.මන් ද යත් එම මද්‍යසාර ආහාර මාර්ග පද්ධතිය (Digestive system) හරහා ගමන් කොට මොළයට ළඟා වීමට සැලකිය යුතු කාලයක් අවැසි බැවිනි.විද්‍යාත්මක වශයෙන් එය අවම මිනිත්තු 30 කි.එහිදී මද්‍යසාරය භාවිත කළ ප්‍රමාණය හා ගත වූ කාලය යන සාධක පදනම් කොටගෙන හිසරදය,වමනය ,හිස බර ගතිය ,ඔක්කාරය ,ඇඟ පණ නැති වීම ,නිදිමත ,බඩ දැවිල්ල ,අධිකව දහඩිය දැමීම වැනි තත්වයන් ඇති වේ.

එසේ මද්‍යසාර වල බලපෑම ඇතිවන කල්හි " සිගරට් එකක් වගේ ගත්තොත් ?"  

සිගරට් නැතහොත් දුම්වැටි දැවී නිකුත්වන දුමාරයේ රසායනික ද්‍රව්‍ය 4000 ක් පමණ අඩංගු වේ.ඉන් 30 ක් පමණ පිළිකාකාරක වේ.ප්‍රධාන වශයෙන් , මීතේන් ,නිකටින්,ෆෝමැල්ඩ්හයිඩ් ,ආසනික් යනාදිය ප්‍රධාන සංඝටක වේ.සමස්තයක් ලෙස දුම්වැටි භාවිතය හේතුකොටගෙන හෘද ස්පන්දනය වැඩි වීම ,දහඩිය දැමීම මෙන්ම රුධිර පීඩනය ඉහළ යාම වැනි කෙටි කාලීන ශාරීරික බලපෑම් මෙන්ම ශ්වසන පද්ධතියේ ආබාධ ,පෙණහළු ආශ්‍රිත පිළිකා තත්ව ,මුඛ පිළිකා ආදී දීර්ඝ කාලීන බලපෑම් ද ඇති වේ.මේවා ඉතා භයානක තත්වයන් ය.

හෙරෝයින් ගත් කල ,හෙරෝයින් යනු මෝර්ෆීන් නම් සංයෝගයකින් නිපදවාගන්නා මත්ද්‍රව්‍යයකි.එබැවින් හෙරෝයින් ඩයි ඇසිටයිල් මෝර්ෆීන් ලෙස ද හඳුන්වයි.මෝර්ෆීන් යනු වෛද්‍ය විද්‍යාත්මකව ඇතැම් රෝගී අවස්ථාවලදී ලබා දෙන ඖෂධයක් වන අතර එයට හේතුව මෝර්ෆීන් වල පවතින ස්නායු අවපීඩක ගුණයයි.

හෙරෝයින් භාවිතයේ නියම රසායනික ලක්ෂණ වන්නේ ක්‍රියාශීලී බව අඩු වීම ,නිදිමත (නිදිකිරා වැටීම),වමනය ,හිස බර ගතිය වැනි අපහසුතා ය.

ගංජා වල අඩංගු ප්‍රධාන රසායනික සංයෝගය වන්නේ ටෙට්‍රාහයිඩ්‍රො කැනබිනෝල් වේ.විද්‍යාත්මක වශයෙන් එමගින් හෘදස්පන්දනය වැඩි වීම ,නිද්‍රාශීලී බව ,ඇස් රතුවීම වැනි ලක්ෂණ භාවිත කිරීමෙන් පසු ඇති වේ.

සමස්තයක් ලෙස මත්ද්‍රව්‍ය මගින් වන සැබෑ රසායනික බලපෑම ස්නායු අවපීඩක ලක්ෂණ වුවත් බොහෝ දෙනා භාවිතයෙන් පසු පෙන්වන්නේ ස්නායු උත්තේජන හැසිරීම් ය.(නැටීම ,ගැයීම ,සින්දු කීම)


කෙසේ වෙතත් ලබා දෙන ප්‍රචාරණය ,භාවිත කර පෙන්වන හැසිරීම් වලට ලබාදෙන සමාව(වරප්‍රසාද) 

උදා : " ගණන් ගන්න එපා.. එයා එවෙලෙ බීලනෙ හිටියෙ "

නියම හානිය පිළිබඳ පවතින දුර්වල දැනුම මෙන්ම දුර්වල රාජ්‍ය ප්‍රතිපත්තිද මත්ද්‍රව්‍ය වල සැබෑ තත්වයන් යටපත් වීමට මෙන්ම මර්දනය නොවීමට හේතු වී ඇත.


වසරකට දුම්පානය නිසා මේ කුඩා දූපතේ වැසියන් 15000 -20000 ත් අතර ප්‍රමාණයක් දිවි හැරයන අතර මද්‍යසාර නිසා තවත් 10000 ට ආසන්න පිරිසක් මිය යයි.

ලෝකයේ ගත් කළ  දුම්වැටි හා මද්‍යසාර නිසා පිළිවෙලින් 6000000  හා 3600000 වැනි සංඛ්‍යාවක මරණ සිදු වේ.

පෙනහළු පිළිකා වලට 90% ක්ම මෙන්ම මුඛ හා ගලනාලයේ පිළිකා ,ආමාශයේ ,ගැබ්ගෙල පිළිකා මෙන්ම හෘදයාබාධ ,මොළයේ ස්නායු මියයෑම ,පාදවල නහර අවහිර වීම,පෙනහළු පටක විනාශ වීම,කල්පවතින කැස්ස,බ්‍රොන්කයිට්ස්,පුරුෂ ලිංගික බෙලහීනතාවය ,පුරුෂයන්ගේ මඳසරු බව( ශුක්‍රාණු ගණනින් හා ගුණාත්මක බවින් අඩු වීම), ඇදුම ,හතිය,මද සරු දරු උපත් ඇතිවීම වැනි තත්ව මෙන්ම ආමාශයික ප්‍රදාහය ආදියටද දුම්වැටි භාවිතය හේතු වේ.

එමෙන්ම මද්‍යසාර භාවිතය නිසා අක්මා පටල විනාශ වීම(සිරෝසිස්),අධික රුධිර පීඩනය,අග්න්‍යාශ ප්‍රදාහය  යනාදී බොහෝ තත්වයන් ඇතිවිය හැකිය.


මත්ද්‍රව්‍ය යනු කුමන ආකාරයෙන් සමාජගත වුවත් සුවිසල් ගැටළුවකි.

නියාමනය මෙන්ම නිසි ක්‍රියාමාර්ග ගැනීම ඉහතදී දැක්වූ මර්දනය නොවීමට  හේතු නිශේධ කොට දමා අදාල නීති යාවත්කාලීන කිරීම මෙන්ම සැබෑ තත්වය මනා ලෙස තේරුම්කොට දීම ,වඩා කාර්‍යක්ෂම පුනුරුත්ථාපන ක්‍රියාදාමයන් ඔස්සේ මෙකී ගැටළුවට පිළිතුරු සෙවීම යෙහෙකි.

ලොරියෙන් අහිමි වූ මනුසත්බව

 

ලොරියෙන් අහිමි වූ මනුසත්බව


මිනිස් ක්‍රියාකාරකම් හේතු කොටගෙන ජීවිත හා දේපල හානි සිදුවන අවස්ථා  මානුෂීය ආපදා ලෙස හඳුන්වයි.මේ සඳහා තොරතුරු ලබාදීමට රිය අනතුර සිදුවන මොහොතේ පා පැදියේ ගමන්කළ මියගිය තරුණයාගේ පියා අප හා ඉදිරිපත් වුණා.


නිවේදකයා: ආයුබෝවන් මහත්තයා ඔබට පුළුවන්ද මේ අනතුර සිදුවන මොහොත ගැන අපට පොඩ්ඩක් විස්තර කියන්න.


ධර්මසේන: ඔව්. මම පුතා සමඟ පාපැදියෙන් නිවසේ දානයක් තිබෙන නිසා බඩු වගයක් ගෙනෙන ඒමට ටවුන් එකට යමින් සිටියේ.ඒ අවස්ථාවේදී පුතයි මමයි දෙන්නම හෙල්මට් දාගෙනයි ගමන් කරේ.අපි මෙහෙම පාරේ යනකොට එකපාරම බස් එකක් ඉස්සර කරන්න කියලා ලොරිය ඉස්සර උනා.ඒ මොහොත මම කවදාවත් හිතුවේ නෑ මම මට මගේ පුතා නැතිවෙයි කියලා.ලොරිය හැප්පුනා විතරයි මමයි පුතයි විසි වුනා.මම එතනම තිබුනම තිබුනම කානුවට වැටුනේ.මගෙ පුතා  විසි වෙලා ගිහින් ගලක ඔළුව වැදුනා.


නිවේදකයා: අනතුරට මුහුණ දීමෙන් සිදුවූ හානිය මොනවගේද?


ධර්මසේන: මට හිටියේ එකම පුතයි මට මගේ ඒ එහෙම පුතා නැති වුණා.මමත් අනූ නවයෙන් බේරිලා තිබුණේ.සිහිය නැතිව සති ගානක් ඉඳලා තමයි මටත් සිහිය ආවේ.ඒ වෙද්දි මගේ පුතා මේ ලෝකය අතහැරලා ගිහින්.


නිවේදකයා: මේක ඔබගේ ආර්ථිකයට බලපෑවේ කෙසේද?


ධර්මසේන: මම මාස ගානක් ඇඳේ ඔත්පලව හිටියේ.මගේ බිරිඳ තමයි මේ හැම වැඩක්ම කරේ.සමහර දවස්වලට අපට කන්න බොන්නවත් දෙයක් තිබ්බේ නෑ.මගේ බෙහෙත් හේත් වලට පවා අපේ කුඹුර උකස්  කරන්න වුණා.


නිවේදකයා: ඔබට මේ සඳහා නිසි යුක්තිය ඉටුවුණාද?


ධර්මසේන: නැහැ මට යුක්තිය ඉටු වුණේ නෑ.ලොරියේ හිටපු කෙනාට ලයිසන් තිබිලත් නෑ.ඒ ලොරිය ලොකු ලොක්කෙක්ගේ.ඒ නිසා ඒ මිනිස්සු ඒක සල්ලි වලින් යට ගැහුවා.


නිවේදකයා: ඒ අවස්ථාවේදී ඔබට රාජය වශයෙන් රක්ෂාවරණයක් ලැබුණාද?


ධර්මසේන : මුලින්ම මාසෙකට දහ දාහක් වගේදුන්නා.ඒකත් මාස මාස හයෙන් නැවතුනා.එහෙමයි කියලා ආයෙත් මට මගේ පුතාව ලැබෙන්නේ නෑනේ.


නිවේදකයා: මෙවන් විපතක් තවත් අයකුට නොවේවා යැයි අපි ප්‍රර්ථනාා කරනවා.බොහොම ස්තූතියි ඔබට ඔබගේ සංවේදී අත්දැකීම අප සමග බෙදා ගත්තට.

සුළි සුළගක් කළ අරුමයක්


 සුළි සුළගක් කළ අරුමයක්


ස්වභාවික ආපදාවන් වලට මිනිසුන් නිරන්තරයෙන්ම මුහුණ දෙන අතර ඔවුන්ට එය  නොවැළැක්විය හැකිදෙයකි.බොහෝ කඳුකර ප්‍රදේශවල මිනිසුන් නිරන්තරයේ මුහුණ දෙන්නා වූ ආපදාවක් ලෙස අපට සුළු සුළඟ පෙන්වා දිය හැකිය.


මෙම සාකච්ඡාව සඳහා ඌව පරණගම කොට්ඨාසයේ කොරදී කුඹුර ග්‍රාමයේ විසූ සුළි සුළඟ නිසාවෙන් පීඩාවට පත් වූ එක්තරා පවුලක සංවේදී  කතාවක් මෙලෙස ඇරඹෙයි.


නිවේදකයා: ආයුබෝවන් මහත්මයා මුලින්ම අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා ඔබට මේ සිදුවී ඇති කරදරය ගැන.ඔබ කැමතිද ඔබ වැනි මෙසේ පීඩාවට පත් වූවන් වෙනුවෙන් ඔබගේ අදහස් අප සමග බෙදා ගැනීමට.


නිමල්: ඔව් මම කැමතියි මගේ අදහස ඔබ සමඟ බෙදා ගැනීමට.


නිවේදකයා : ඔබ මෙම සුළි සුලඟ නිසාවෙන් කෙතරම් පීඩාවට පත්වී සිටිනවාද?


නිමල්: මේ දැඩි සුළඟ නිසා මම වගේම මගේ බිරිඳත්  මගේ දරු තිදෙනාත් විශාල වශයෙන් තුවාල ලබා තිබෙනවා.ඒ වගේම මගේ නිවසටත් විශාල වශයෙන් හානි සිදුවී තිබෙනවා.


නිවේදකයා: ඔබලා නිරන්තරයෙන් මෙවන් පීඩාවලට ලක් වෙනවද?


නිමල්: ඔහු හැම අවුරුද්දකම මැයි මාසයේ මේ දැඩි සුළං ආරම්භ වෙනවා ඒ හැම අවස්ථාවකදීම මේ වගේ අපි පීඩාවට ලක්වෙනවා.


නිවේදකයා: ඔබලගේ ගමේ හැමෝම මේ වගේ පීඩාවලට ලක් වෙනවද?


නිමල්: ඔහු ගිය  අවුරුද්දෙත් මේ සුළඟ නිසා එකම  නිවසෙ සිටි දරු පවුලක්ම විනාශ වී ගියා.


නිවේදකයා: සුළඟ නිසා ඔබලා ආර්ථික වශයෙනුත් පීඩාවට ලක් වෙනවද?


නිමල්: ඔව් අපි බොහොම  අමාරුවෙන් දුක් මහන්සිවෙලා ගොවිතැන් කරගෙන ජීවත් වෙන්නේ.අල,බොංචි කියන භෝග පවා හැමදාම සුළඟට ගහගෙන යනවා.ඉතින් අපි මේ හැමදේම දරාගෙන බොහොම මාරුවේ ජීවත් වෙන්නේ.


නිවේදකයා: මේ සිදුවූ හානිය වෙනුවෙන් ඔබලාට කුමක් හෝ රාජ්‍ය ආධාරයක් ලැබුණද?


නිමල්: ඔව් අපට අපගේ නිසා හදා ගනීමටත් අපේ අස්වැන්නට සිදුවූ හානිය නිසාවෙනුත් මාස එක හමාරක  කාලයක් දක්වා රජයෙන් සහනාධාර ලැබුණා.


නිවේදකයා: බොහොම ස්තූතියි මහත්මයා අපට ඔබගේ වටිනා කාලය වෙන්කර ඔබගේ සංවේදී අදහස් අප සමග බෙදා හදා ගැනීම සම්බන්ධව.


නිමල්: අප වැනි දුප්පත් මිනිසුන්ගේ දුක් අඳෝනා රටට කියාපෑමට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබටත් බොහොම ස්තූතියි මහත්තයෝ.

Thursday, February 13, 2025

අද පෙබරවාරි 14 වෙනිදා ය.


 අද පෙබරවාරි 14 වෙනිදා ය.


 *සෙනෙහසින්* *පිරිපැවැතුන්ගේ* *දිනය*


දෙහදක ආදරේ දෝරේ ගලන...

එක් වූ හදවත් සදා කල් රැදෙන...

සිත්තැවුල් මැකී මිහිරියාවෙන් පුරවාලන...

වෙන් වූ හදවත් යලිත් මුණගස්වන...

ලබැදියාවෙන් පිරි සුභ ආදරවන්තයින්ගේ දිනයක් ඔබ සැමට...


අප කෙසේ මෙම දිනය සැමරුව ද ආදරයෙන් බැදුණු දෙහදක් කල්පනාවට ගත යුතුම ඔවදනක් වන්නේ ආදරය වෙනුවෙන් වැලන්ටයින් යනුවෙන් දිනයක් වෙන්ව පැවතිය ද, ආදරය ඇත්තේ වැලන්ටයින් දිනය වෙනුවෙන්ම නොවන බව...

වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයින්ගේ දිනය සමරනු ලබන්නේ සෑම වර්ශයකම පෙබරවාරි මස 14 වෙනිදා ය.එදින ආදරවන්තයින් තම ලබැදියාව අනෙකාට ප්‍රකාශ කිරීම සදහා සුබ පැතුම් පත් යැවීම,මල් පොකුරු යැවීම,සිහිවටන ලබා දීම සිදු කරයි.


මෙතරම් අප සමරන වැලන්ටයින් දිනයට වැලන්ටයින් යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ ඇයි? 


ඒ පිළිබදව පුංචි සටහනක්...


ක්‍රිස්තු වර්ශ 3 වන සියවසේ වැලන්ටයින් නමින් රෝමයේ පූජකවරයෙක් විය.ඔහුගේ එක කාලය තුල දෙවන ක්ලෝඩියස් නමින් අධිරාජ්‍යයෙක් රාජ්‍ය පාලනය කරන ලදී.රාජ්‍ය විශාල කිරීමට ප්‍රබල අවශ්‍යතාවයක් ඔහු තුල පැවතුණි.ඒ අනුව රාජ්‍යයේ සිටින සෑම පුරුශයෙක්ම හමුදාවට බැදීම අනිවාර්‍ය  බව නියෝග කරන ලදී.විවාහක මිනිසුන්ට වඩා පවුල් බරක් නැති තනිකඩයන් හමුදාවට බදවා ගත් විට කදිමයෙන් සේවය කිරීම හැකි වේ යැයි සිතූ මෙම අධිරාජ්‍යයා විවාහ වීම තහනම් කෙරිණි.


මෙම සමය තුල ජීවත් වූ වැලන්ටයින් පියතුමා මෙම වාතාවරණයෙන් පෙම්වතුන් විදින දුක ඔහුට වැටහුණි.එහිදී වැලන්ටයින්  සාමිවරයා සමහරක් පෙම්පවතුන්ව හොර රහසේම ගෙන්වා විවාහ ගිවිස ගැනීම සිදු කර ඇත.ටික කාලයක් ගතවෙත්ම මෙය ක්ලෝඩියස් අධිරාජ්‍යයාට ආරංචි වී වැලන්ටයින් පියතුමාව සිරගත කර පසුව අද වැනි වූ දවසක එනම් පෙබරවාරි 14 වෙනි දිනයේ හිස ගසා මරා දමන ලදී.


එම යුගයේ සිටි කතෝලික සභාව වැලන්ටයින් පියතුමාගේ මෙම සේවය ඇගයීම නිමිත්තෙන් ඔහුව ආදරවන්තයින්ගේ සාන්තුවරයා ලෙස නම් කෙරිණි.මෙලෙස මෙම දිනය *වැලන්ටයින්* යනුවෙන් ලෝකවාසී සියලු දෙනාම ඔහුට උපහාරයක් ලෙස තව තවත් සෙනෙහසින් බැදි දිනයක් බවට පත් කරගනී.


මෙම දිනය සමරන අප සියලු දෙනා දැනගත යුතුම කරැණක් නම්,


ගෞරවනීය සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද?


♦️ඔබට සහ ඔබේ සහකරුට / සහකාරියට ගරු කිරීම.

♦️අනෙකාට සවන් දීම සහ ඇසීමට පුරුදු වීම.

♦️ඔබ අකමැති දෙයක් වේ නම් එයට අකමැත්ත ප්‍රකාශ කිරීම.

♦️තමන්ව පිළිගන්නා හා ඔබම ලෙස ජිවත් වීමට නිදහස් හැගීමක් තිබීම.

♦️එකට එක්ව විනෝද වී සුවපහසුවෙන් කාලය ගෙවීම.

♦️ඔබේ සිතුවිලි සහ හැගීම් අනෙකා  සමග අවංකව ප්‍රකාශ කිරීම.

♦️ඔබ මුනුණපාන සෑම ගැටලුවක දීම එකට එක් වී කතා බස් කර යම් සම්මුතියක් ඇති කරගැනීම.

♦️හොද මෙන්ම නරක දුශ්කර වූ ඍතු වලදීව එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කිරීම.


මෙහි කිව යුතුම විශේෂත්වයක් වන්නේ,වැලන්ටයින් දිනය සැලකිය යුතු සංස්කෘතික ලොව පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රේම සම්බන්ධතා සහ ආදරය ප්‍රේමය ආගමික හා වාණිජමය වශයෙන් සැමරීමයි.


අවසාන වශයෙන් මෙදින අප සියලු දෙනා අදිටන් කරගත යුත්තේ අනිකාගේ ජීවිත විනාශ කිරීම හෝ චරිතයන් දූශණය කර ඔහු / ඇයව  දුක්ඛිත තත්වයකට ඇද දැමීම නොව ප්‍රේම සම්බන්යක සේම විවාහ සම්බන්ධයකදී ත් තම සහකරු / සහකාරියගේ සිත නොරිද්දමින් ඔහුට / ඇයට මුලු දිවි ගමන පුරාවටම සවියක් වෙමින් විශ්වාසයෙන් ලබැදියාවෙන් සේම ගෞරවනීයව රන්හුයෙන් අත්වැල් බැද ගැනීමයි.


*Valentine's day*


Valentine’s Day is celebrated every year on February 14. It is a day to express love and affection to the special people in our lives. Though traditionally linked with romantic love between couples, Valentine’s Day is now seen as a celebration of love in all its forms, whether it’s between friends, family members, or even communities. The history of this day goes back many centuries, but the way it is celebrated today has evolved over time.


The origins of Valentine’s Day are often traced back to Saint Valentine, a Christian martyr who lived during the Roman Empire. There are several legends about him, but one popular story is that he was a priest who secretly performed weddings for soldiers who were forbidden to marry. He believed in the power of love, and for this, he was imprisoned and eventually executed. Over time, his sacrifice became associated with love and devotion, and the day of his death, February 14, was marked as a day to celebrate love.


In the Middle Ages, Valentine’s Day began to be associated with romantic love, especially in Europe. People started exchanging love letters and small gifts like flowers and sweets to show affection. Today, the tradition continues with cards, chocolates, and other gifts, but the idea of celebrating love has extended beyond just couples.


Valentine’s Day is now a time to show appreciation and care for anyone we cherish. While couples may exchange heartfelt gifts and spend time together, it is also common for people to celebrate with their friends, siblings, parents, and other family members. Parents often show love to their children, and children to their parents, with small tokens of appreciation or a simple “I love you.” It is a reminder that love can be expressed in many ways and is not limited to romance.


Friends also play a big role in Valentine’s Day. People sometimes refer to February 14 as “Galentine’s Day” or “Palentine’s Day” when they celebrate the bonds of friendship. This has made the day more inclusive, allowing everyone to feel special and loved, no matter their relationship status.


In a broader sense, Valentine’s Day is about kindness, warmth, and human connection. It is a day to remind ourselves that love can be found everywhere—in the bonds we share with family, the friendships we treasure, and even the kindness we show to strangers. The day encourages people to focus on the positive feelings that bring people together, fostering happiness and care for one another.

දේශපාලනයේ කාන්තා නියෝජනය


 දේශපාලනයේ කාන්තා නියෝජනය


*ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ ස්ත්‍රීපුරුෂ සමජභාවීය සමානාත්මතාව තහවුරු කරමින් කාන්තාවටද පුරුෂයා හා සමාන අයිතිවාසිකම් හිමි වී තිබේද?*

*දේශපාලන වේදිකාවේ කාන්තා නියෝජනය ප්‍රමාණවත් ද?*

*ඇයට තම අයිතීන් උදෙසා පාලන තන්ත්‍රය තුළ  හඩ නැගිය හැකිද?*



ලිංගික සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව ගන්නා උත්සාහයන් නොතකා, දේශපාලනයේ කාන්තා නියෝජනය අඩු වීම ලොව පුරා නිරන්තර ගැටලුවකි. ප්‍රතිපත්ති සම්පාදනය සහ සමාජ සංවර්ධනය සඳහා දුරදිග යන ඇඟවුම් ඇති පිරිමින්ට වඩා කාන්තාවන් සැලකිය යුතු ලෙස අඩු දේශපාලන තනතුරු දරති.


අඩු නියෝජනයට හේතු

මෙම විෂමතාවයට සාධක කිහිපයක් දායක වේ. පළමුව, වෙනස් කොට සැලකීමේ මැතිවරණ ක්‍රම සහ දේශපාලන පක්ෂ භාවිතයන් වැනි ව්‍යුහාත්මක බාධක බොහෝ විට කාන්තා සහභාගීත්වයට බාධා කරයි. බොහෝ දේශපාලන පරිසරයන් තවමත් පිරිමි අපේක්ෂකයින්ට අනුග්‍රහය දක්වන අතර එමඟින් කාන්තාවන්ට අරමුදල්, උපදේශකත්වය සහ ජාලකරණ අවස්ථා සඳහා ප්‍රවේශය සීමා කළ හැකිය.


දෙවනුව, සමාජීය සම්මතයන් සහ ඒකාකෘති තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. නායකත්වය බොහෝ විට පුරුෂ ලක්ෂණයක් ලෙස සලකනු ලබන බැවින්, ස්ත්‍රී පුරුෂ භූමිකාවන් පිළිබඳ සාම්ප්‍රදායික අදහස් කාන්තාවන් දේශපාලන වෘත්තීන් හඹා යාමෙන් අධෛර්යමත් කළ හැකිය. ඊට අමතරව, දේශපාලනයට පිවිසෙන කාන්තාවන්ට පරීක්ෂාවට සහ පක්ෂග්‍රාහීත්වයට මුහුණ දිය හැකි අතර, එය විභව අපේක්ෂකයින් තවදුරටත් වළක්වයි.


තෙවනුව, දැරිය හැකි ළමා රැකවරණය සහ නම්‍යශීලී වැඩ කිරීමේ විධිවිධාන වැනි ආධාරක පද්ධති නොමැතිකම, දේශපාලන වෘත්තියක ඉල්ලීම් සමඟ පවුලේ වගකීම් සමතුලිත කිරීම කාන්තාවන්ට අභියෝග කරයි.  මෙම ගැටළුව ඓතිහාසික වශයෙන් නායකත්ව භූමිකාවන්හි කාන්තාවන් නොමැතිකම නිසා සංකීර්ණ වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අපේක්ෂා කරන කාන්තා දේශපාලනඥයින් සඳහා ආදර්ශ අඩු වේ.


අඩු නියෝජනයේ ප්‍රතිවිපාක

දේශපාලනය තුළ කාන්තා නියෝජනය අඩු වීමේ ප්‍රතිවිපාක සැලකිය යුතු ය. තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ගෙන් කාන්තාවන් බැහැර කරන විට, ඔවුන්ගේ දෘෂ්ටිකෝණ සහ අවශ්‍යතා බොහෝ විට නීති සම්පාදනයේදී නොසලකා හරිනු ලැබේ. මෙය සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැනි ගැටළු ආමන්ත්‍රණය නොකරන ප්‍රතිපත්තිවලට හේතු විය හැකි අතර, අවසානයේ අසමානතාවය පවත්වා ගෙන යයි.


එපමණක් නොව, නායකත්ව භූමිකාවන්හි කාන්තාවන් නොමැතිකම දේශපාලනය පිරිමි ක්ෂේත්‍රයක් යන මතය ශක්තිමත් කළ හැකි අතර, අනාගත පරම්පරාවේ කාන්තාවන් සහභාගී වීම අධෛර්යමත් කරයි. මෙම විවිධත්වය නොමැතිකම පාලනයේ නවෝත්පාදනයන් අඩාල කරනවා පමණක් නොව, දේශපාලන ආයතනවල නීත්‍යානුකූලභාවයට ද හානි කරයි.


නිගමනයක් ලෙස, දේශපාලනය තුළ කාන්තා නියෝජනය අඩු වීම ආමන්ත්‍රණය කිරීම සඳහා මැතිවරණ පද්ධතිවල ප්‍රතිසංස්කරණ, කාන්තා අපේක්ෂකයින්ට සහාය වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය දෙසට සංස්කෘතික මාරුවීම් ඇතුළු බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වේ. කාන්තාවන් පාලනයට ගෙන එන විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් සමාජවලට පූර්ණ ප්‍රතිලාභ ලබා ගත හැක්කේ ඇතුළත් දේශපාලන පරිසරයන් පෝෂණය කිරීමෙන් පමණි.

Wednesday, February 12, 2025

...නාය යෑමක අඳුරු ආදර මතක...


 ...නාය යෑමක අඳුරු ආදර මතක...




1.නිවේදකයා: ආයුබෝවන්, මට  කණගාටුයි ඔබේ පවුල මුහුණ දුන් අන්තරාව පිළිබඳව. ඇත්තට ම මොකක්ද ඒ අමිහිරි මතකය.

 

දත්ත සපයන්නා:

ඒ දවස දැනුත්  මතකෙට එනකොට  මට හරි වේදනාවයි. ඒ දවස් වැස්ස හොඳට ම වැඩියි. මගේ බිරිඳයි දුවයි තමයි එදා ගෙදර හිටියේ.මම එදා අපේ මහ ගෙදර ගිහින් හිටියේ අපේ අම්මට ටිකක් අසනීප වෙලා හිටපු නිසා. කොහොමහරි මට එදා පාන්දර 2ට වගේ අසල්වැසි නිවසකින් දුරකථන ඇමතුමක් ලැබුණා මගේ ගෙදර නාය ගිහින් කියලා.මම ඒත් එක්ක ම ආවා.ඒ වෙනකොටත් ඒ දෙන්නන ම මාව දාලා ගිහින් ඉවරයි.එයාලා ඒ වෙනකොට නිදා ගෙන තමයි ඉඳලා තියෙන්නේ.



2. නිවේදකයා: ගැටලුවට මුහුණ දෙන්න ඔබට අනිත් පාර්ශ්වයන්ගෙන්  ලැබුණු සහය කොහොමද?


දත්ත සපයන්නා:හමුදාවේ අයත්,  පවුලේම එකිනෙකාත් මට ගොඩක් උදව් කළා. නමුත් ඒ වෙලාවේ මට මගේ හදවතේ වේදනාවට ප්‍රතිකාරයක් කරන්න බැරිවුණා.හමුදාවේ අයයි , අසල්වැසි අයයි එකතු වෙලා පැය 7ක් 8ක් ගියාට පස්සේ තමයි හරියට ම එයාලගේ සිරුරු හොයා ගත්තේ.



3. නිවේදකයා: නාය යෑමෙන් පසුව ඔබගේ ආර්ථික තත්ත්වය කොහොමද?


දත්ත සපයන්නා: ගොඩක් ලොකු අර්බුදයකට මට මුහුණ දෙන්නට සිදු වුණා. ගෙදරත් , මගේ ව්‍යාපාරයත් නැති වුණා.ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ව්‍යාපාරයේ උපකරණ, ලියවිලි, සහ සොඳුරු මතකවලින් පිරුණු දේවල් එකටම නැති වුණා. එකම දුවත් අහිමි වුණ එක මට ලොකු වේදනාවක්. 


4.නිවේදකයා: මට තේරෙනවා ඔබ දරුණු කම්පනයකට ඒ අවස්ථාවේ පත් වෙන්න ඇති කියලා.ඔබ ඒ අවස්ථාවේ ඔබේ මනස හදාගන්න අනුගමනය කළේ මොනවාද ?


දත්ත සපයන්නා:බිරිඳයි දුවයි නැති වුණාට පස්සේ මට තවදුරටත් ජීවත් වෙන්න ලොකු ආසාවක් ඇත්තට ම තිබුණේ නෑ.ඒත් මගේ අම්මා ඒ වන විට ජීවතුන් අතර හිටියා.මට ජීවත් වෙන්න ලොකු ම ශක්තිය වුණේ එයා.මගේ යාළුවෝ සහ නෑදෑයෝ මාව තනි කලේ නෑ.එයාලා ළඟින් ඉඳලා මට අලුතෙන් ජීවීතේ පටන් ගන්න උදව් කලා.මට මානසික වේදනාවෙන් ගොඩ එන්න උදව් කලේ එයාලා.



5.නිවේදකයා: මේ අත්දැකීමෙන් ඔබට ලැබුණු අත්දැකීම් මොනවාද?


දත්ත සපයන්නා: ජීවිතේ තාවකාලික බවත් කල්පනා කරන්න හිතුනා. අමාරුකම් මැද්දෙදිත් ජීවිතේ සටන් කරන්න ඕනේ කියලා මට වැටහුණා.ඒ වගේ ම අපි ආපදා ගැන මීට වඩා හිතුවනම් අදත් ඒ දෙන්නා ජීවත් වෙනවා කියලා මට හිතෙනවා.මොකද අපේ පැත්ත නාය යෑම් අවදානම් කලාපයක් කියලා නම් කරලා තියෙනවා.ඒත් ඒවා ගැන අපේ තියෙන් අඩු සැලකිල්ල මේවාට හේතු වෙනවා දැන් මට හිතෙනවා.ආපදා සදහා සූදානම් විය යුතු බව මම දැන් ගොඩක් විශ්වාස කරනවා.


ආරක්ෂක රැකවරණ, රක්ෂණ සහ ආපදා කළමනාකරණය මේ වගේ අවස්ථාවක දී  වැදගත් බවද  දැකගත්තා.මොකද මට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න එයාලත් ගොඩක් උදව් කළා.


මට මානසික ප්‍රතිකාර වලට නම් යොමු වෙන්නට අවශ්‍යතාවක් ඇති වුණේ නෑ.


6.නිවේදකයා:දැන් ඔබතුමා අපදාවකට පෙර , ආපදා අවස්ථාවක දි සහ ආපදාවකට පසු කළ යුතු තත්ත්වයන් ගැන දැනුවත් ද?


දත්ත සපයන්නා:

ඔව්, දැන් මම ඒ ගැන හොඳටම දැනුවත්. නමුත් ඊට පෙර ඒ තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් තිබුණේ නෑ. නාය යෑමේ අත්දැකීමෙන් පසුව ඒවා පිළිබඳ වටහා ගත්තා.


7.නිවේදකයා:ඔබට පුළුවන් ද ඔබේ වචන වලින් ම ඒ ක්‍රියාදාමය මට පැහැදිලි කරන්න.


දත්ත සපයන්නා:ඔව්.මට පුළුවන්.


♦️අපදාවකට පෙර කළ යුත්තේ:


✔️ආපදා අවදානමක් ඇති ප්‍රදේශයක සිටිනවා නම් නාය යෑම් හෝ අනෙකුත් ස්වභාවික ආපදා ගැන සකසන රජයේ මාර්ගෝපදේශයන් පිළිබඳ ව අවබෝධයෙන් සිටීම.


✔️ගෙදර තිබෙන මූලික ලේඛන, මුදල් සහ දේපළ ආරක්ෂා කර ගැනීම.


✔️ආරක්ෂක රක්ෂණාවරණ ලබා ගැනීම.


✔️ආපදා සූදානමක්  සකස් කර ගැනීම.


✔️ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක, ආරක්ෂිත තැනන් පිළිබඳව දැනුවත් වීම.



♦️අපදාවකදි කළ යුත්තේ:


✔️ප්‍රථමයෙන්ම ආරක්ෂිත තැනකට ආරක්ෂා ලබා ගැනීම.


✔️පවුලේ සාමාජිකයින් එක් කරගෙන එකට සිටීම.


✔️ආපදා මධ්‍යස්ථානයේ සහය ලබාගැනීම.


✔️විශේෂයෙන් ආධාර සහ ප්‍රතිකාර සඳහා සූදානමක් තිබීම.



♦️අපදාවෙන් පසුව කළ යුත්තේ:


✔️රාජ්‍ය ආධාර ලබා ගැනීමට අවශ්‍ය ලේඛන සකස් කිරීම.


✔️ආධාර හා සහන ලබා ගෙන නැවත දිවි ගමන ආරම්භ කිරීම.


✔️නව ජීවිතයක් සඳහා ආර්ථික සැලැසුම් සැකසීම.


✔️පසුගිය දේවල් පසෙක තබා, ජීවිතය යළි ගොඩනැගීම සඳහා මනෝ ශක්තිය රැඳවීම.



දැන් මට මනා අවබෝධයක් තියනවා නාය යෑම් වැනි ආපදා වලින් වළකින හෝ මුහුණ දෙන ක්‍රියාමාර්ග ගැන.


8.නිවේදකයා:ඔබ කොහොමද ඔබේ ව්‍යාපාරය නැවත ගොඩනඟා ගත්තේ.


දත්ත සපයන්නා:මම ව්‍යාපාරය ගොඩනඟ ගන්න ණය ආධාර ලබා ගත්තා.ඒවගෙන් තමයි මම ආර්ථික පැත්ත නැවත හදා ගත්තේ.


9.නිවේදකයා: ඔබට මේ ආපදාවේ දී රාජ්‍ය අංශයෙන් ලැබුණු දායකත්වය කොහොමද?


දත්ත සපයන්නා:

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අධික වර්ෂාව සහ නාය යෑම් අවසන් වූ පසු ආරක්ෂාව සඳහා සහන කඳවුරු සකස් කළා. මට  ආපදා ආධාර වශයෙන් මූලික ආහාර, ජලය, සහ ඇඳුම් ලබාදුන්නා.


ආරක්ෂාව සඳහා රජයේ පාසැල්වල නවාතැන් සලසා දුන්නා. එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ පහසුකම් ලබා දුන්නා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පලාතේ විශේෂිත ගිණුමකට පවුලකට රුපියල් 15,000ක් වගේ මුදලක් සීමිත සහනයක් විදියට ලබාදුන්නා. 

මගේ බිරිඳට සහ දුවට රජයේ විශේෂ ජීවිත රක්ෂණ වාසි තිබුනා. එමඟින් අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසු මූල්‍යමය වන්දි ලබා දුන්නා. 


10. නිවේදකයා: ඔබට පවුලේ අහිමිවීම ගැන මට ඇත්තට ම කනගාටු යි.ඔබේ මේ අමිහිරි අත්දැකීම අප සමඟ බෙදා ගත්තට බොහොම ස්තුතියි.

සංස්කෘතිය හා සම්ප්‍රදාය මත පීඩිත කාන්තාව


 සංස්කෘතිය හා සම්ප්‍රදාය මත පීඩිත කාන්තාව


*කාන්තාව යනු කාන්තාවමය.ඇය ලෝකයේ බටහිර සිටියත් නැගෙනහිර සිටියත් ඇය ඇයමයි.නමුදු ඇගේ ජාතිය,ආගම,සම්ප්‍රදාය අනුව ඇයට අත්වන ඉරණම සමානද ?*



තම සැමියාට, තම දරුවන්ට, තම පවුලටම අති මහත් සේවයක් ඉටු කරන නමුත් කිසිදා කෙසේහෝ පැසසුම් නොලබන කොටසකි කාත්නාවන්. කාන්තාවන් ගත් කල කෙතරම් සේවයක් සමාජයට ඉටු කළද ඔවුන් ඈත අතීතයේ පටන්ම සමාජයේ මුල්ලකට කර තැබීමේ තත්ත්වයක් දක්නට ඇත. ලංකාවට පමණක් සීමා නොවූ මෙකී තත්ත්වය ආසියාතික රටවලද දැඩි වශයෙන් දක්නට ලැබෙයි. සංස්කෘතික කාරණා මෙන්ම ආගමික කාරණා මගින්ද කාන්තා නිදහස වාරණයන්ට ලක් වී තිබේ. 


1. සැමියා මිය ගිය විය බිරිද සමාජයෙන් කොන් කර තැබීම. 

ඉන්දියාවේ වෘන්දාවන් (Vrindavan) ජාතිකයින් ජීවත් වන නගරය වීධවාවන්ගේ නගරය ලෙස හැඳින්වෙයි. මේ නගරයේ සාම්ප්‍රදායිකව, සැමියා මියගියොත් බිරිදට සමාජයෙන් වෙන්වී ජීවත් වීමට සිදුවුණා.

එවිට එම කාන්තාවන් සුදු ඇඳුම් පැළඳීම, ආභරණ නොපළඳීම යනාදී සීමාවන්ට යටත්වීමට සිදු වුනි. 


2. සැමියා මියගිය විට බිරිඳත් මිය යාම

ඉන්දියාවේ පැරණි සිරිතක් ලෙස, ස්වාමිපුරුෂයා මිය ගියොත්, බිරිඳත් ඔහු සමඟම සියදිවි නසාගැනීමේ සාම්ප්‍රදායයක් තිබුණි. 19 වන සියවසේදී බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙම ක්‍රියාවලිය තහනම් කළද, ඇතැම් ප්‍රදේශවල එය සඟවා පවත්වාගෙන යමින් තිබෙයි. මෙම කාන්තාවන්ට විවාහය වෙනුවෙන්ම ජීවත් වීමට සිදුවී, සැමියා නැති වූ විට විවාහය වෙනුවෙන්ම සිය ජීවිතය පූජා කිරීමට සිදු වුණි. 


3. මාසික ඔපස් අවධියේදී කාන්තාවන් වෙන් කිරීම

නේපාලයේ ඇතැම් ගම්මානවල, කාන්තාවන්ට මාසික ඔපස් වීම ආරම්භ වූ (Periods) විට ඔවුන් කිලිටි යයි විශ්වාසයක් පවතියි. මේ හේතුවෙන්, ඔවුන් පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්වී, ගමෙන් පිටත හුදකලා ආශ්‍රමයක (Chhaupadi Huts) ජීවත් විය යුතුය. මෙහිදී, කාන්තාවන්ට ආහාරපාන අඩුවීම, පිළිකා ආසාදන/විසබීජ ආසාදන ඇති වීම ආදී හේතු නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවන්නටද සිදුවී තිබේ. 


4. ගැබ් ගත් කාන්තාවන්ට විශේෂ ආහාර නොදීම

දකුණු ආසියාවේ ඇතැම් සංස්කෘතීන්හි, ගැබ් ගත් කාන්තාවන්ට විශේෂ ආහාර ගැනීම නුසුදුසුයි යැයි විශ්වාසයක් තිබුණි. 

ඉන්දියාවේ හා නේපාලයේ ඇතැම් ගම්මානවල, ගැබ් ගත් කාන්තාවන්ට ශක්තිය වඩවන ආහාර (Eggs, Meat, Milk) ගැනීම තහනමට ලක් කර ඇත.  මෙයින්, ඔවුන්ගේ පෝෂණය පහළයාමත්, ගැබ් දරු මරණ සංඛ්‍යාව වැඩිවීමත් සිදුවුණි. 


5. පිරිසිදු බව තහවුරු කිරීමේ පැරණි සිරිත්

ඇෆ්‍රිකාවේ සහ මධ්‍යම නැගෙනහිර රටවල කාන්තා යොවුන් කලාප (Female Genital Mutilation - FGM) වල තවමත් සිදු කරයි. විවාහයට පෙර, කාන්තාවන් පිරිසිදු බව (Virginity) තහවුරු කිරීම අරමුණු කරගෙන ඔවුන්ගේ ශරීරයට සෝධන ක්‍රම සහිත ශල්‍යකර්ම සිදුකරයි. මෙකී ක්‍රියා හේතුවෙන් කාන්තාවන්ට ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු රැසක් ඇතිවිය හැකිය.


6. ගැහැනු දරුවන් විකිණීම 

අප්‍රිකාවේ ගානා, ටෝගෝ සහ බෙනින් වැනි රටවල මේ සිරිත අනුව පවුලක දැරියක් උපන් විට මෙම දැරියන් දේවස්ථානවලට විකිණීම සිදු කරයි. මෙයින් කාන්තා දරුවන්ට අධ්‍යාපනික, ආර්ථික සහ මානසික පීඩනයන්ද ඇති වෙයි. 


7. කාන්තා ලිංග කපාදැමීම (Female Circumcision) 

මධ්‍යම නැගෙනහිර සහ උතුරු ආප්‍රිකාවේ ඇතැම් මුස්ලිම් සහ කිතුනු ජනතාව අතර, කාන්තා ලිංගය කපා ඉවත් කිරීම සිරිතක් ලෙස පැවතිණි. මෙය  පිරිසිදු බව තහවුරු කිරීම නමින් සිදුකළත්, විවාහයට පෙර කාන්තාවන්ගේ ලිංගික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අහිමි කරන ක්‍රියාවක් වෙයි. බොහෝවිට, මෙය අවුරුදු 5-10 අතර වයසැති දරුවන්ට සිදු කෙරුණි. මෙමගින් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවධානමක් පවතියි.


8. බාල වයසේ විවාහය

මලාවි, සම්බියාව සහ සිම්බාබ්වේ වැනි රටවල, කුඩා දැරියන් වයස අවුරුදු 12-14 වැනි අවධියේදීම විවාහවීමට බල කරන පුරුද්දක් පැවතුනි. විශේෂයෙන්ම “අකුසසා” (Akusasa) නැමති මේ දේශීය සිරිත, සිරිතක් ලෙස සලකා විරුද්ධ නොවී සම්මත කර ඇත. නමුත් මෙවැනි විවාහයන්හි, ගැබ් ගැනීමේ අවදානම, අධ්‍යාපනය නැතිවීම, සහ ගෘහස්ථ හිංසනයට ලක්වීම යන අවදානම් වැඩි වේ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...