Saturday, March 22, 2025

කඳුලැස්ස

 *Drosera indica (කඳුලැස්ස): Nature’s Ingenious Carnivorous Plant*


Drosera indica, also known as the Indian Sundew or "කඳුලැස්ස" in Sinhala, is a remarkable carnivorous plant that thrives in nutrient-poor soils by trapping and digesting insects. This plant belongs to the Droseraceae family and showcases nature’s creativity in adapting to challenging environments. Its combination of grace and functionality makes it an evolutionary marvel worth exploring.


*Scientific Details*

Drosera indica is an herbaceous annual with slender, linear leaves covered in glandular trichomes that exude a sticky mucilage. This mucilage acts as both a lure and a trap for unsuspecting insects. Once the prey is caught, the plant secretes digestive enzymes to break down the insect's body, absorbing nutrients like nitrogen and phosphorus that are critical for survival in nutrient-deficient soils. The plant's unbranched stems grow up to 50 cm, while its flowers—ranging from white and pink to orange and purple—enhance its aesthetic appeal and serve as a means of attracting pollinators. Reproduction occurs primarily through seed dispersal, with a chromosome count of 2n=28.


*Medical Significance*

Drosera indica has been revered in traditional medicine for its therapeutic properties. Extracts from the plant have been used to treat respiratory ailments like coughs, asthma, and bronchitis. Its anti-inflammatory and antimicrobial properties are attributed to bioactive compounds such as flavonoids and tannins. The plant has also been used to alleviate skin irritations and promote wound healing. While traditional uses are promising, further research is essential to unlock its full pharmaceutical potential.


*Distribution and Habitat*

This carnivorous plant is native to tropical and subtropical regions, including India, Sri Lanka, Madagascar, Southeast Asia, and parts of Africa. It thrives in sandy or peaty soils found near seasonal swamps, ephemeral creeks, and other wet habitats. Its resilience allows it to survive in bright, warm environments with fluctuating water availability.


*A Symbol of Resilience*

Drosera indica serves as a reminder of nature’s incredible adaptability and resourcefulness. Its carnivorous abilities, medicinal potential, and ecological importance highlight its value not just as a botanical curiosity, but also as a vital part of diverse ecosystems. Protecting this remarkable plant ensures the preservation of its unique role and the continued inspiration it offers to science and humanity alike.

සුව දිවියකට රසකිඳ

 සුව දිවියකට රසකිඳ:-


        ඈත අතීතයට නෑකම් කියන ඖෂධීය ගුණ ඇති වැල් ශාකයකි. මෙම ඖෂධ ශාකයේ විශේෂත්වය නම් වැලේ නූලක් ලෙසින් කෙඳි පහතට වැටේ. මුල් අවදියේ කොළ පාටින් යුක්ත වන අතර, රසකිඳ වැල මේරීමත් සමග අළු පැහැයෙන් යුක්ත වේ. අළු පැහැති පොත්ත පහසුවෙන් ඉවත් කළ හැකි වේ.මෙම ශාකයේ පත‍්‍ර විශාල වූ අතර වටකුරු ඕවලාකාර හැඩයක් ගනියි. සෙ. මී. 3.8 - 6.4 පමණ දිගින් යුක්ත මේ රසකිඳ ශාකයේ මල් ඒකලිංගික වන අතර කහ කොළ පාටින් යුක්ත වේ. මෙහි ගෙඩි කොළපාට රවුම් හැඩයෙන් යුතුව පොකුරු වශයෙන් දැකිය හැකි වේ. ඉදුණු ගෙඩි රතු දුඹුරු පැහැ ගනු ලබයි. පෙබරවාරි මාර්තු මාසවල මල් පිපී මැයි ජුනි මාසවල ගෙඩි හටගැනීම සිදු වේ.


මෙම ඖෂධ ශාකයේ වැල, කොළ සහ මුල් බෙහෙත් ලෙස ද භාවිතයට ගනු ලබයි.


•මේරූ වැල් කොටා පිටි ලෙස භාවිතයට ගන්නා අතර, කල් තබා ගැනීම ද සිදු වේ.


•රසකිඳ ඖෂධයක් ලෙස භාවිතා කිරීමේ දී අමුවෙන් භාවිතයට ගැනීමෙන් අධික ගුණයෙන් යුක්ත වේ.


•රසකිඳ ඖෂධය තුළින් ශරීරයේ ආහාර දිරවීම ඉක්මන් කරවයි.


•උණුසුම් ගුණය වඩයි. 


•ලේ පිරිසිදු කරයි. 


•ආම ගතිය නසන අතර ප‍්‍රමේහ රෝග නැසීම සහ කැස්ස, කුෂ්ඨ, වාත රක්තය නැසීම සඳහා ඉතා යෝග්‍ය ඖෂධයක් වශයෙන් හැඳීන්විය හැක.


•හෘදය දුර්වල අවස්ථාවල දී යුෂ පානය කිරීම සුදුසු යැයි පොත පතේ සඳහන් වේ. 


•පිළිස්සුණු අවස්ථාවල දී රසකිඳ කොළ ඇල්දියෙන් අඹරා ගෑමෙන් සුව ගෙන දේ.


    මේ ඖෂධය වැඩි වශයෙන් භාවිතයට ගනු ලබන්නේ වයස අවුරුදු 40 සිට වැඩිහිටි අයට ඇතිවන වාත රෝග ආම රෝග, අර්ශස් වැනි රෝග සඳහා වැඩි වශයෙන් ගම්බද ප්‍රදේශ වල ජනයා භාවිතයට ගනු ලබයි. 


   මෙම ඖෂධයන් තුළ කිසිදු පොහොර භාවිතය හෝ කෘෂි බෙහෙත් වර්ගවල විෂ අන්තර්ගතව නොමැත. පාරම්පරික වෙදකම සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මහත් මෙහෙවරක් රසකිඳ ඖෂධය තුළින් සිදු වේ.

පරිසරය හා සෞඛ්‍යය : වායු දූෂණයේ බලපෑම්

 වායු දූෂණය යනු වාතය තුළට පිටවෙන අනිසි දූෂක ද්‍රව්‍යන් හේතුවෙන් වායුගෝලයේ ගුණාත්මකභාවය පහත වැටීමයි. මෙය විශේෂයෙන්ම කාර්මික විකාශනය , මෝටර් රථ භාවිතය, හා ගොඩනැගිලි වලින් පිටවන අනිසි වායු ආදිය නිසා සිදු වේ. වායු දූෂණය පරිසරයට පමණක් නොව මිනිස් සෞඛ්‍යයටද දැඩි අහිතකර බලපෑම් ඇති කිරීමට සමත් ය.



වායු දූෂක වර්ගයන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.


1. කාබන් මොනොක්සයිඩ් (CO) – ඔක්සිජන් අඩු අවස්ථාවලදී නිපදවයි.


2. සල්ෆර් ඩයොක්සයිඩ් (SO₂) – කාර්මික වායු සහ බොරෝන් ආශ්‍රිත ද්‍රව්‍ය වලින් නිකුත් වේ.


3. නයිට්‍රජන් ඔක්සයිඩ් (NOₓ) – මෝටර් රථ දුම සහ විදුලි බලාගාර නිෂ්පාදනයෙන් ඇති වන වායු දූෂකයකි.


4. කාබන් ඩයොක්සයිඩ් (CO₂) – ඉතා ඉහළ මට්ටමින් පැවතියහොත් ගෝලීය උණුසුම (global warming) වඩාත් වැඩි කරයි.


පරිසරයට වන බලපෑම


1. අම්ල වැසි (Acid Rain) ඇතිවීම.


SO₂ සහ NOₓ වායු වායුගෝලයට මුසුවී වැසි ජලය අම්ලීය කරයි.


මෙමගින් ජලාශ, වගා බිම් හා වනාන්තර හානියට පත් වේ.


2. ගෝලීය උණුසුම (Global Warming) ඉහළ යාම.


CO₂ වැනි හරිතාගාර වායු (Greenhouse gases) වැඩි වීමෙන් පෘථිවියේ උෂ්ණත්වය වැඩිවීමක් සිදුවේ.


මෙය හිම කාන්තාර වියළීම, මුහුදු මට්ටම ඉහළයාම, සහ අධික කාලගුණික විපත් ඇතිවීමටද හේතු වේ.


3. ඔසෝන් ස්ථරය බිඳ වැටීම (Ozone Layer Depletion)


CFC වැනි රසායනික දූෂක ඔසෝන් ස්ථරයට හානි කරයි.


මෙය ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියට හානියට බාධා ඇති කරයි.




සෞඛ්‍යයට ඇති බලපෑම


1. ශ්වසන පද්ධතියට හානි සිදුවීම.


PM2.5, PM10 සහ CO වැනි දූෂක වායු මගින් ශ්වසන අපහසුතා ඇති කරයි.


2. හෘදයාබාධ සහ අධි රුධිර පීඩනය.


වායු දූෂණය හේතුවෙන් හෘදයාබාධ වැළදීමේ අවදානම ඉහළ යයි.



3. මොළයෙහි සහ මානසික සෞඛ්‍යය කෙරෙහි බලපෑම.


වායු දූෂණය මගින් දිගු කාලීන මතකය සහ මොළයෙහි ක්‍රියාවලින් අඩු වීම සිදු විය හැක.



වායු දූෂණය අවම කිරීම සඳහා විසඳුම්


1. වායු දූෂණය අඩු කරන වායු පිරිසිදු කර්මාන්ත යන්ත්‍ර භාවිතය.



2. නවීන ප්‍රවාහන ක්‍රම


විදුලි මෝටර් රථ, පොදු ප්‍රවාහනය වැඩි කිරීම.



3. අධිකරණ නීති හා ප්‍රතිපත්ති 


වායු දූෂණය පාලනය සඳහා දැඩි නීති ක්‍රියාමාර්ග ගැනීම.


වායු දූෂණය යනු පරිසරයට සහ මිනිස් සෞඛ්‍යයටද දැඩි බලපෑම් ඇති කරන ප්‍රධාන ගැටලුවක් වේ. මෙම වායු දූෂණය අඩු කිරීම සඳහා නිවැරදි නීති හා තාක්‍ෂණික විසඳුම් ක්‍රියාවට නැංවිය යුතුය. මේ සදහා පුරවැසියන් වන අපටත් වගකීමක් ඇති අතර, පරිසර හිතකාමී ක්‍රියාවලියන් පිළිපැදීමට අප නිරතුරුව උත්සහ ගත යුතුය..

පිරිසිදු ජලය හා සෞඛ්‍ය:ජලයේ ගුණාත්මකභාවයේ වැදගත්කම

 පිරිසිදු ජලය හා සෞඛ්‍ය:ජලයේ ගුණාත්මකභාවයේ වැදගත්කම



මනුෂ්‍ය ජීවිතයක පැවැත්ම රදා පවතින්නේ එම පුද්ගලයා කෙතරම් නීරෝගී පුද්ගලයෙක්ද යන්න මතයි.ධනය බලය යානවාහන තිබූ පමණින් මිනිසෙකු සර්ව සම්පූර්ණ නොවේ.ජීවිතය තමන්ට අවශ්‍ය පරිදි ගත කිරීමටනම් ඔහු/ඇය නීරෝගී ශරීර සෞඛ්‍යයකින් යුක්ත විය යුතුය.වර්තමානයේ පවතින කාර්‍යහුලත්වය හා නොදැනුවත්බව නිසා බොහෝ පුද්ගලයන්ට මගහැරෙන නමුත් වැදගත්ම දෙයකි සෞඛ්‍ය .සෞඛ්‍ය ඇතිවීම හා පවත්වා ගැනිමෙහි ලා බොහෝ අංශ පෙන්වා දිය හැකි අතර මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ ඉන් එක් අංශයක් පිළිබඳවයි.

   

  ඒ පිරිසිදු ජලයයි...


කාර්මික ලෝකය හා මිනිසුන්ගේ අකටයුතුකම් හේතුවෙන් වර්තමානය වන විට ශීඝ්‍රයෙන් අහිමිව යන සම්පතකි ජලය.කර්මාන්තශාලා ඉදිවීමත්,කාබනික අපද්‍රව්‍ය හා බැර ලෝහ ජලයට මුසු වීමත්,සතුන්ගේ හා මිනිසුන්ගේ මළමුත්‍රා ජලයට එකතු වීම යනාදී හේතු ගණනාවක්  නිසා මිනිසා පානයට ගන්නා ජලයේ ගුණාත්මක බව අඩු වෙමින් පවතී.පෘථිවියෙන් 72%ක්ම ජලය පැවතියත් අපට බීමට සුදුසු ජලය පවතිනුයේ ඉතාමත් අල්ප වශයෙනි.නමුත් ජලයේ ගුණාත්මකභාවයට කර තිබෙන හානිය හේතු කොටගෙන වර්තමානයේ බොහෝ ජල හිඟතාවලට ලක්ව තිබේ.දියුණු වාරි තාක්ෂණයක් පවතින ලංකාව පවා මෙම ගැටලුවට මුහුණපා තිබේ.


ජලයේ ගුණාත්මකභාවය පුද්ගල සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වේ.ගුණාත්මකබව වටහා ගත හැකි සාධක රාශියක් තිබේ .ඒවායින් කිහිපයක් විමසා බලමු.

      ⭕ජලයට වර්ණයක් ගන්ධයක් හෝ රසයක් නොමැත.යම්කිසි හේතුවක් නිසා මෙම අංශයන්ගේ වෙනසක් තිබේනම් එවන් ජලය පානය කිරීමට නුසුදුසුය .ඒ එහි ගුණාත්මකබවට හානි වී ඇති නිසාය.

    ⭕එමෙන්ම රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් හේතුවෙන්ද ජලයේ ගුණාත්මකබවට හානි සිදුවිය හැකිය.

    ⭕ජලයේ ගුණාත්මකබව මනින වැදගත්ම සාධකය වන්නෙ ph අගයයි.ph අගය 6.5-8.5 බීමට සුදුසු ජලය පවතින බව විද්‍යාත්මක මතයයි.


  මේ ආකාරයේ බොහෝ අංශ ඔස්සේ ජලයේ ගුණාත්මකබව පිළිබඳව අවබෝධ කරගත හැකිය.මිනිස් සිරුරෙන් 70%ක්ව සමන්විත වන්නේ ජලයයි.එබැවින් දිනකට වැඩි ප්‍රමාණයක් පිරිසිදු ජලය පානය කළ යුතුය.එබැවින් බොහෝ ආබාධ වළක්වා ගත හැකිය.


ජලයේ ගුණාත්මකබව පුද්ගල සෞඛ්‍යයට බලපාන අන්දම විමසා බලමු.

    🛑 ආහාර ජීර්ණ පද්ධතිය පහසු කිරීම

    🛑රුධිර පීඩනය යථා තත්ත්වයට පත් කිරීම

    🛑මළ බද්ධය වළක්වා ගැනීම

    🛑ශරීර උෂ්ණත්වය යහපත්ව පවත්වාගෙන යාමට.

    🛑මොළයේ ක්‍රීයාකාරීත්වයට

    🛑හෘද ස්පන්දයේ නිසි පරිදි පවත්වා ගැනීමට

    🛑සමෙහි රෝග වලක්වා ගැනීමට

   

මේ ආකාරයට ජලයේ ගුණාත්මකබව පුද්ගලයාගේ ශරීර සෞඛ්‍යයට කෙතරම් වැදගත්දැයි මනාව වටහාගත හැක.


ගුණාත්මක බවින් යුත් ජලය පානය නොකිරීම හේතු කොටගෙන වර්තමානයේ බොහෝ මිනිසුන් බෝවන රෝග මෙන්ම නිදන්ගත රෝගාබාධයන්ට ලක් වී තිබේ.එබැවින් පිරිසිදු ජලය පානය කිරීමේ වැදගත්කම අවබෝධ කරගනිමින් තමන්ගේ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම වටී.



ප්‍රාණය ලබා දෙන ප්‍රාණජීව ඖෂධය

 ප්‍රාණය ලබා දෙන ප්‍රාණජීව ඖෂධය.


         මෙම ශාකය Codariocalyx motorius යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. මරණය පෙනි පෙනී සිටින අයෙකුට මෙම ශාක යුෂ බිංඳුවක් බීමට දීමෙන් ප්‍රාණය නිරුද්ධ වීම වළකා ජීවය ලබා දෙන බැවින් එය ප්‍රාණජීව ලෙස හඳුන්වනු ලබයි. රනිල කුලයට අයත් මෙම ශාකය ආලෝක හා ශබ්ද සංවේදී වේ.


       මෙම ශාකයේ සියලුම කොටස් ඖෂධ  සඳහා භාවිත කරයි. මෙම ශාකයට ප්‍රති ඔක්සිකාරක ගුණයත්, පිළිකා නාශක ගුණයත්, විෂහරණ ගුණයත් පවතී. හෘද රෝග, කැස්ස, මැලේරියාව, උණ අතීසාරය, වකුගඩු රෝග, සමේ රෝගවලට මෙය මහගු ඔසුවකි. එසේම හොද ස්නායු උත්තේජක ගුණයක් ද ප්‍රතිශක්තිය වර්ධන හැකියාවක් ද ඇත. අකලට හිසකෙස් පැසීම, දියවැඩියාව, පාචනය  ආදිය පාලනය කරයි.


         ප්‍රාණජීව තෛලය ද ආයුර්වේද වෙදකමේ ජනප්‍රිය ඖෂධයකි. පාරම්පරිකව දේශීය වෙදකම පිළිබඳ ව අත්දැකීම් ඇති ඇතැමුන් , රෝගියෙකු මිය ගිය විගසම ප්‍රාණජීව තෛලය හිසේ හා උරපත් යට , පිට ප්‍රදේශයේ ආලේපයෙන් යළි ජීවය ලැබෙන බව පවසයි. කෙසේ නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ඖෂධයට ගෞරවයෙන් යුතුව භාවිත නොකරන්නේ නම් මේ කියවෙන විස්මිත ගුණ හා ප්‍රතිඵල ඒ අකාරයටම ලබා ගැනීමට නොහැකි බවයි.


       මෙවැනි ඖෂධීය  ගුණයෙන් යුතු වටිනා ශාකයක් ආරක්ෂා කර ගැනීම අප සතු යුතුකමයි.

අවදානමට සුදානමක් ව්‍යාපෘතිය

 කොළඹ විෂ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ Leo සමාජය යටතේ ක්‍රියාත්මක අවදානම ට සූදානමක් නම් වූ ව්‍යාපෘතිය මේ වන විට අදියර 3 ක් යටතේ ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ කාලය තුළ මේ project එකේ 3 වන අදියර සුවිශේෂී වන බව project එකෙහි භාණ්ඩාගාරික වශයෙන් මා හට හැගී යයි. මක් නිසා ද යැයි කිවහොත්, හැම විට ම අවදානමකට සූදානම් විය යුත්තේ එක්කෝ මනුෂ්‍යන් නැතහොත් සතුන් ය . ඒ අතරින් මනුශ්‍යයන් කෙසේ ද අවදානමකට සූදානම් විය යුත්තේ යන්න අනතුරු වලට දක්වන ප්‍රතිචාර අපට මේ project එකේ මේ අදියර තුළ හදුන ගන්න ලැබුනා. ඒ විතරක් නෙවේ මේ රටේ අනතුරු වළක්වා ගැනීමට විය යුතු දේ මොනවාද ,වෙනස් විය යුතු දේ මොනවද යන්න පිළිබඳව ද සාධනීය සහ නිශේධනීය අදහස් ඔවුන් අප සමග කිසිදු පැකිලීමකින් තොර ව බෙදා ගත්තා . ඒ වගේ ම අප ඔවුන්ට සවන් දීම සිදුකළෙමු.


 කෙසේ වෙතත් මා ගේ මතය නම් අප සැමට කොතනක කුමන වේලාවක ආපදාවක් අනතුරක් සිදුවේ ද යන්න අප කිසි වෙකුට කිව නොහැකි ය. ඒ නිසා නිරතුරුව අප හට අවදානමකට පෙර සූදානම වැදගත් වේ .           

  - Sachithra Edirisingha –


අවදානමට සූදානම ව්‍යාපෘතිය මත මහජනතාවගේ අදහස් විමසීම.


මාර්ග අනතුරු සම්බන්ධයෙන් මහජනතාවගෙන් කරුණු විමසීමේදී "මාර්ග අනතුරු සිදුවීමට හේතු පිලිබදව ඔබේ මතය" යන පැනය මත බොහෝ රියදුරන් දුන් පිලිතුර වන්නේ , දුරකතන භාවිතා කරමින් මාර්ගයේ ගමන් කිරීමයි. තව දුරටත් කරුණු විමසීමේදී එකිනෙකා කතාබහ කරමින් අනිකුත් වාහන හා මිනිසුන් කෙරෙහි නොසැලකිලිමත් බවකින් මාර්ගයේ ගමන් කරන බව ඔවුන් පැවසීය. මේ සම්බන්ධයෙන් රියදුරන් පමණක් නොව පදිකයන්ද සැලකිලිමත් විය යුතු බව ඔවුන් තදින්ම පැවසීය. 


"මාර්ග අනතුරු වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද" යන පැනය මත වාහන පැදවීමේදී මෙන්ම ගමන් කිරීමේදී ද දුරකතන භාවිතා කිරීම තහනම් කිරීමත් මාර්ග නීති පිලිබදව මෙන්ම සියලු පුද්ගලයන් හා අනිකුත් වාහන පිලිබඳව වැඩි අවධානයක් යොමු කල යුතු බවත්ය.


මෙම ව්‍යාපෘතිය යටතේ අප විසින් කොළඹ නගරය අවට හමුවන ජනතාවගෙන් ලබා ගත් අදහස් වලට අනුව එම පුද්ගලයන් වැඩි පිරිසකට මෙම මාර්ග අනතුරු පිළිබද අත්දැකීම් ඇති බව අපට පෙනීගිය කරුණක් විය.

             ඒ අනුව යමින් තව දුරටත් පැනයන් යොමු කරමින් අප ඔවුන්ගෙන් දැන ගැනීමට යොමු වුනේ ඔවුන් දරන මතයන්ට අනුව මෙම වැඩිවන මාර්ග අනතුරු වලට ප්‍රධාන වශයෙන් බලපාන හේතු සාධක මොනවාද යන්න පිළිබදවයි. මේ පිළිබද තව තවත් දැන ගැනීමට කැමැත්තෙන් අප විසින් යොමු කරන ලද පැනය වූයේ මේ සදහා ගතයුතු යම් පියවරයන් වේද යන්නයි. ඒ අනුව ඉදිරිපත් වූ අදහස් ලෙස

• අවිදිමත් ලෙස මාර්ගය භාවිත කරන්නන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කීරීම

• රියදුරන් මෙන්ම පදිකයන්ද නිසි අවධානයකින් යුතුව මාර්ගය භාවිතා කිරීමට කටයුතු කිරීම

ආදී වූ අදහස් ඉදිරිපත් විය. එමෙන්ම තව දුරටත් මෙම මාර්ග අනතුරු වැඩිවීමට බලපාන හේතුවක් ලෙස ඔවුන් ප්‍රකාශ කලේ නොසැලකිලිමත්ව පදිකයන් පදික වේදිකාවේ ගමන් කිරීමයි.


        ඒ අනුව මෙම අදහස් විමසීමෙන් අනතුරුව අප මෙම අනතුරු වලක්වා ගැනීමට ගත හැකි පියවරයන් පිළිබදව ඔවුන්ගෙන් අදහස් විමසූ අතර එවිට ඔවුන් තරයේ ප්‍රකාශ කලේ පදිකයන් මෙන්ම රියදුරන්ද මාර්ගයේ ගමන් කිරීමේදී දුරකථනය භාවිතා නොකීරීමට කටයුතු කළ යුතු බවයි. එමෙන්ම පදිකයන්ගේ නොසැලකිලිමත් පදිකමාරුව පිළිබදව ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට වගබලා ගතයුතු බවයි. ඒ අනුව රියදුරන්ට මෙන්ම පදිකයන්‍ටද එරෙහිව අවිදිමත් පදික මාරුවේදී නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරන ලදී.


අනතුරු සහ ආපදා පිළිබඳව සලකාබැලීමේදී, අප නොසිතූ අවස්ථාවන්වල, නොසිතූ තැනක දී, අනපේක්ෂිත ලෙස අනතුරු සිදු වීමට ඉඩකඩ පවතී. අනතුරු නිසාවෙන් වටිනා මිනිස් ජීවිත ද, දේපල ද හානි වීම සිදු වෙයි. එබැවින් අනතුරු සහ ආපදා තත්වයන්ගෙන් ආරක්ෂා වෙමින් සුරක්ෂිත ව ජීවත් වීම සඳහා අවදානමට සූදානම් ව කටයුතු කරමින් දිවි මග ගමන් කිරීමට ඔබ අප කවුරුත් කටයුතු කල යුතු වෙයි.

Friday, March 21, 2025

International day of happiness


 International day of happiness 

𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝘿𝙖𝙮 𝙤𝙛 𝙃𝙖𝙥𝙥𝙞𝙣𝙚𝙨𝙨 🥂



අපි සියලු දෙනාම සතුටින් ජීවත්වීමට කෙතරම් කැමතිද, සතුට ලබා ගන්න අපි මොන තරම් දේවල් කරනවද, කාර්යබහුල ජීවිතයේ සතුට කොයි තරම් වැදගත්ද ,ඉතින් ඒ සතුට වෙනුවෙන්ම දිනයක් වෙන් කර තිබෙන බව ඔබ දැන සිටියාද? මේ ලිපිය ඒ පිළිබඳවයි.


සෑම වසරකම මාර්තු 20 වන දින අන්තර්ජාතික සතුටු දිනය සැමරීම සිදුකරයි. 2012 දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් මෙය හඳුන්වා දී තිබෙන අතර 2013 මාර්තු 20 වන දින ප්‍රථමයෙන්ම සමරා තිබේ.රැකියාව ,මුදල් දරුවන් ,ඉලක්ක, කරා හඹා යන මේ ලෝකයේ ජීවත්වන මිනිසුන්ට සතුටද තමන්ගේ ජීවිතයේ කොටසක් බව පෙන්වාලීම මෙම දිනයේ අරමුණක් වේ.


ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ වැඩියෙන්ම සතුටින් සිටින පුද්ගලයන් ජීවත්වනුයේ පින්ලන්තයේ ය. 2023 වර්ෂය වන විට ලංකාව සිටිනුයේ 112 වෙනි ස්ථානයේ ය. ඉතින් ඉදිරි වසර වල ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන් අපේ රටේ සිටිනු දැකීම අප කාගෙත් බලාපොරොත්තුව විය යුතු නොවේද?



ධනය බලය තිබූ පමණින්ම අපට සතුට ළගා කරගත නොහැක.ඒ සඳහා බොහෝ අංශ බලපෑම් කරයි.එම අංශ පිළිබඳ විමසීමක් කරමු 


    🛑 කායික සතුට (නීරෝගී බව)

          රැකියාව ,අධ්‍යාපනය කාර්යබහුලත්වය,ගෘහස්ථ පීඩනය මේ ආදී බොහෝ කරුණු හේතු කොටගෙන පුද්ගලයන් කායිකව පීඩා විදිති.තමන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් මෙම වේදනා විදදරා ගත්තත් දිගින් දිගටම එය දරාගැනීමට කැමති වනුයේ කවුරුන්ද.එයින් සතුටක් තම ජීවිතයට ළගා කරගත නොහැක.බොහෝ ලෙඩ රෝග වලට නිරාවරණය වනුයේ මෙම හේතුන් නිසාය.රෝහලක් වෙත ගිය පසු එහි රෝගීන් කෙතරම්නම් සිටීද ඔවුන්ගේ ජීවිත තුළ සතුටක් අපේක්ෂා කළ හැකිද.එබැවින් තමන්ගේ කායික සෞඛ්‍ය ගැන නිරන්තරයෙන් සොයා බැලිය යුතුය


    🛑 මානසික සතුට

            කායික සතුටටත් වඩා වැදගත් වන දෙයකි මානසික සතුට .පුද්ගලයෙක් මනසින් ඉතාමත් රෝගී නම් එම පුද්ගලයගේ දෛනික කටයුතු සියල්ල අඩාල වේ.දිගින් දිගටම මානසික ගැටලු වලින් පීඩා විදීම හේතු කොටගෙන බොහෝ දෙනා අද මානසික රෝහල් වල කල් ගෙවති.තමන්ගේ මානසික සතුට ,නිදහස අහිමි වන දේවල් නොකර සිටීමට අප වගබලා ගත යුතුය.තවත් කෙනෙකුට එය පාලනය කිරීම ඉඩ නොතැබිය යුතුය.එවිට තමන්ට තමන් ලෙස සැහැල්ලුවෙන් ජීවත් විය හැකිය.


    🛑 ධනය

           ධනය තිබූ පමණින් සතුට ලබා ගත නොහැකි වුවත් ආර්ථික අපහසුතා ඇතිව ජීවිකාව ගෙන යාම අදවන් සමාජයක ඉතාමත් දුෂ්කර කර්තව්‍යයකි.ලෝකයේ පුද්ගලයන්ගේ ප්‍රීතිමත් ජීවිතයට බාධාවක් වී තිබෙනුයේ දරිද්‍රතාවයයි.තමන්ගෙ,තම පවුලේ අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් තිබිය යුතුය.නමුත් ඒ මත්තේම ජීවිතය ගෙවා දැමීම නොකළ යුතුය.

  

    🛑 නිදහස් සමාජයක්

          වංචා දූෂණ සොරකම් බහුල සමාජයක් තුළ මිනිසුන් ජීවත් වෙනුයේ බියෙන් හා සැකයෙනි.එවන් සමාජයක මිනිසුන් කෙසේ සතුටින් සිටීද?.එබැවින් මිනිසුන්ට නිදහසේ ජීවත් වීමට හැකි ,නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි සමාජයක් බිහි කිරීම රට වැසියන්ගේ මෙන්ම ඉහළ බලධාරින්ගේද ප්‍රධාන කාර්‍යයක් විය යුතුය.


    🛑 සාරධර්ම හා එකිනෙකා අතර සුහදත්වය

           ලෝකයේ බොහෝ රටවල් මුහුණපාන ප්‍රධාන ගැටලුවක් වනුයේ ජනවාර්ගික ගැටලුවයි.එනම් ජාති ආගම් කුල වශයෙන් මිනිසුන් බෙදී පැවතීනයි.එවන් රටක පුද්ගලයන් තුළ තම ආගම ජාතිය වෙතට පක්ෂග්‍රාහීව කටයුතු කරනවා විනා එකිනෙකා සමහ සුහදත්වයක් කෙසේ ඇති කරගනිත්ද.එබැවින් එ ඒ දහමට අනුව සාරධර්ම පුද්ගලයන් තුළ වගාකරලිය යුතුය.



      මේ සියලු අංශ ප්‍රීතිමත් ජීවිතයක් සඳහා බලපාන ප්‍රධාන කරුණු වේ.සතුටු දර්ශකය ගණනය කිරීම් වලදී පවා අවධානය යොමු කරන ප්‍රධාන නිර්ණායක ලෙස මේවා පෙන්වා දිය හැක.එබැවින් මුදල් තිබූ පමණින් හෝ යාන වාහන තිබූ පමණින් ඒ තුළ සතුට තිබෙනවා යන්න පිළිගත නොහැක."සතුට උතුම්ම ධනය" වන්නේ එබවිනි.ඉදින් අදවන් වූ දිනයක හෝ සතුට තම ජීවතයට කෙතරම් වටීද යන්න අවබෝධ කරගැනීම ඉතාමත් වැදගත් ය.

சர்வதேச மகிழ்ச்சி தினம் – மார்ச் 20


சர்வதேச மகிழ்ச்சி தினம் (International Day of Happiness) மார்ச் மாதம் 20ம் திகதி கொண்டாடப்படுகிறது.  இந்நாள், மகிழ்ச்சியின் முக்கியத்துவத்தை உணர்த்துவதற்காகவும், மக்களின் வாழ்க்கை தரத்தை மேம்படுத்துவதற்காகவும், ஐக்கிய நாடுகள் சபையால் (UN) 2012ஆம் ஆண்டு அறிவிக்கப்பட்டது. உலகெங்கிலுமுள்ள மக்களுக்கு மகிழ்ச்சியின் முக்கியத்துவத்தை உணர வைப்பதே சர்வதேச மகிழ்ச்சி தினத்தின் நோக்கமாகும். 


2015 ஆம் ஆண்டில், ஐக்கிய நாடுகள் சபை மக்களின் வாழ்க்கையை மகிழ்ச்சியாக மாற்ற 17 நிலையான வளர்ச்சி இலக்குகளை அறிமுகப்படுத்தியது. அதன் முக்கிய வளர்ச்சி இலக்குகள் வறுமையை ஒழித்தல் , சமத்துவமின்மையைக் குறைத்தல் மற்றும் நமது கிரகத்தைப் பாதுகாத்தல் ஆகும். இதன் மூலம் மக்களின் வாழ்க்கைத் தரத்தை உயர்த்தி மகிழ்வான வாழ்வை உருவாக்க ஐக்கிய நாடுகள் சபை முனைகிறது.


மகிழ்ச்சி என்பது ஒருவரின் வாழ்க்கையில் உள்ள உடைமைகள், பணம் அல்லது வெற்றியால் மட்டுமே நிர்ணயிக்கப்படுவதில்லை. அது சுற்றியுள்ள உறவுகளாலும் சமூகத்துடன் இணைந்திருப்பதனாலும் நேர்மறை எண்ணங்களினாலும் அன்பாலும் நிர்ணயிக்கப்படுகிறது. 

நல்ல உறவுகள் மற்றும் நண்பர்களுடன் நேரம் செலவிடுவது மகிழ்ச்சியை அதிகரிக்கவல்லது. மேலும், எம்மால் முடிந்த நன்கொடைகளை தேவையுடையோருக்கு வழங்குவதன் மூலமும் நெருக்கமானோருடன் சிறு அன்பளிப்புகளைப் பகிர்ந்துகொள்வதன் மூலமும் இந்நாளை மேலும் மெருகேற்றலாம்.


மகிழ்ச்சி என்பது வெளியில் தேடுவது அல்ல, அது உள்ளிருந்து ஊற்றெடுக்கும் ஒன்று. சின்னச் சின்னத் தருணங்களையும் இரசித்து வாழ்வோமாயின் மகிழ்வின் விளிம்பை அடையலாம். உலக மகிழ்ச்சி தினத்தை நம் வாழ்வில் மகிழ்வைப் பெருக்கக்கூடிய ஒரு வாய்ப்பாக பயன்படுத்திக்கொள்வோம்.


"மகிழ்ச்சியான வாழ்க்கை ஒரு தேர்வு – இன்று முதல் அதைத் தேர்வு செய்யுங்கள்!"


𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝘿𝙖𝙮 𝙤𝙛 𝙃𝙖𝙥𝙥𝙞𝙣𝙚𝙨𝙨 🥂


March 20, 2025, will be celebrated worldwide as *International Day of Happiness* - a day to embrace joy, that binds all of us together. Conceived by the United Nations in 2012, this yearly celebration sees happiness as one of the main goals for humanity, a cornerstone for the global well-being and advancement. Its theme in 2025 is *"The Ripple Effect of Happiness"*, a theme that suggests that joy is catchy, and by acting, it transforms whole communities. Acts of kindness can have an enormous impact. A smile, a heartfelt compliment, or even a simple act of lending a hand can trigger positive things far and wide. In a world filled with challenges and uncertainties, joy becomes the harbinger of hope, resilience, and unity. However, happiness does not mean that only the best and most joyful moments in life are lived. Happiness is about creating environments where people can thrive, which lies deeply in the UN Sustainable Development Goals for poverty, inequality, and mental health. It can be used to create equal, fair, and friendly environments for everyone in society by making them practice inclusivity and nurturing for their well-being. On this day of celebrating this joy, let us remember the beauty in life through simple things: the sunrise's warmth, laughter shared with friends, or the comforting presence of a loved one. Happiness is a journey not a destination. In our little ways, be that ripple in the pond to spread joy, which will inspire a better and more kind world. When we choose happiness, we give others the choice to do the same. 🌼


අවදානමට සූදානමක්.

  කොළඹ විෂ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ Leo සමාජය යටතේ ක්‍රියාත්මක අවදානම ට සූදානමක් නම් වූ ව්‍යාපෘතිය මේ වන විට අදියර 3 ක් යටතේ ඉදිරියට ඇවිත් ...