Saturday, March 22, 2025

ප්‍රාණය ලබා දෙන ප්‍රාණජීව ඖෂධය

 ප්‍රාණය ලබා දෙන ප්‍රාණජීව ඖෂධය.


         මෙම ශාකය Codariocalyx motorius යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. මරණය පෙනි පෙනී සිටින අයෙකුට මෙම ශාක යුෂ බිංඳුවක් බීමට දීමෙන් ප්‍රාණය නිරුද්ධ වීම වළකා ජීවය ලබා දෙන බැවින් එය ප්‍රාණජීව ලෙස හඳුන්වනු ලබයි. රනිල කුලයට අයත් මෙම ශාකය ආලෝක හා ශබ්ද සංවේදී වේ.


       මෙම ශාකයේ සියලුම කොටස් ඖෂධ  සඳහා භාවිත කරයි. මෙම ශාකයට ප්‍රති ඔක්සිකාරක ගුණයත්, පිළිකා නාශක ගුණයත්, විෂහරණ ගුණයත් පවතී. හෘද රෝග, කැස්ස, මැලේරියාව, උණ අතීසාරය, වකුගඩු රෝග, සමේ රෝගවලට මෙය මහගු ඔසුවකි. එසේම හොද ස්නායු උත්තේජක ගුණයක් ද ප්‍රතිශක්තිය වර්ධන හැකියාවක් ද ඇත. අකලට හිසකෙස් පැසීම, දියවැඩියාව, පාචනය  ආදිය පාලනය කරයි.


         ප්‍රාණජීව තෛලය ද ආයුර්වේද වෙදකමේ ජනප්‍රිය ඖෂධයකි. පාරම්පරිකව දේශීය වෙදකම පිළිබඳ ව අත්දැකීම් ඇති ඇතැමුන් , රෝගියෙකු මිය ගිය විගසම ප්‍රාණජීව තෛලය හිසේ හා උරපත් යට , පිට ප්‍රදේශයේ ආලේපයෙන් යළි ජීවය ලැබෙන බව පවසයි. කෙසේ නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ඖෂධයට ගෞරවයෙන් යුතුව භාවිත නොකරන්නේ නම් මේ කියවෙන විස්මිත ගුණ හා ප්‍රතිඵල ඒ අකාරයටම ලබා ගැනීමට නොහැකි බවයි.


       මෙවැනි ඖෂධීය  ගුණයෙන් යුතු වටිනා ශාකයක් ආරක්ෂා කර ගැනීම අප සතු යුතුකමයි.

Esala Full Moon Poya Day 2026

Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...