Saturday, March 22, 2025

පිරිසිදු ජලය හා සෞඛ්‍ය:ජලයේ ගුණාත්මකභාවයේ වැදගත්කම

 පිරිසිදු ජලය හා සෞඛ්‍ය:ජලයේ ගුණාත්මකභාවයේ වැදගත්කම



මනුෂ්‍ය ජීවිතයක පැවැත්ම රදා පවතින්නේ එම පුද්ගලයා කෙතරම් නීරෝගී පුද්ගලයෙක්ද යන්න මතයි.ධනය බලය යානවාහන තිබූ පමණින් මිනිසෙකු සර්ව සම්පූර්ණ නොවේ.ජීවිතය තමන්ට අවශ්‍ය පරිදි ගත කිරීමටනම් ඔහු/ඇය නීරෝගී ශරීර සෞඛ්‍යයකින් යුක්ත විය යුතුය.වර්තමානයේ පවතින කාර්‍යහුලත්වය හා නොදැනුවත්බව නිසා බොහෝ පුද්ගලයන්ට මගහැරෙන නමුත් වැදගත්ම දෙයකි සෞඛ්‍ය .සෞඛ්‍ය ඇතිවීම හා පවත්වා ගැනිමෙහි ලා බොහෝ අංශ පෙන්වා දිය හැකි අතර මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ ඉන් එක් අංශයක් පිළිබඳවයි.

   

  ඒ පිරිසිදු ජලයයි...


කාර්මික ලෝකය හා මිනිසුන්ගේ අකටයුතුකම් හේතුවෙන් වර්තමානය වන විට ශීඝ්‍රයෙන් අහිමිව යන සම්පතකි ජලය.කර්මාන්තශාලා ඉදිවීමත්,කාබනික අපද්‍රව්‍ය හා බැර ලෝහ ජලයට මුසු වීමත්,සතුන්ගේ හා මිනිසුන්ගේ මළමුත්‍රා ජලයට එකතු වීම යනාදී හේතු ගණනාවක්  නිසා මිනිසා පානයට ගන්නා ජලයේ ගුණාත්මක බව අඩු වෙමින් පවතී.පෘථිවියෙන් 72%ක්ම ජලය පැවතියත් අපට බීමට සුදුසු ජලය පවතිනුයේ ඉතාමත් අල්ප වශයෙනි.නමුත් ජලයේ ගුණාත්මකභාවයට කර තිබෙන හානිය හේතු කොටගෙන වර්තමානයේ බොහෝ ජල හිඟතාවලට ලක්ව තිබේ.දියුණු වාරි තාක්ෂණයක් පවතින ලංකාව පවා මෙම ගැටලුවට මුහුණපා තිබේ.


ජලයේ ගුණාත්මකභාවය පුද්ගල සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වේ.ගුණාත්මකබව වටහා ගත හැකි සාධක රාශියක් තිබේ .ඒවායින් කිහිපයක් විමසා බලමු.

      ⭕ජලයට වර්ණයක් ගන්ධයක් හෝ රසයක් නොමැත.යම්කිසි හේතුවක් නිසා මෙම අංශයන්ගේ වෙනසක් තිබේනම් එවන් ජලය පානය කිරීමට නුසුදුසුය .ඒ එහි ගුණාත්මකබවට හානි වී ඇති නිසාය.

    ⭕එමෙන්ම රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් හේතුවෙන්ද ජලයේ ගුණාත්මකබවට හානි සිදුවිය හැකිය.

    ⭕ජලයේ ගුණාත්මකබව මනින වැදගත්ම සාධකය වන්නෙ ph අගයයි.ph අගය 6.5-8.5 බීමට සුදුසු ජලය පවතින බව විද්‍යාත්මක මතයයි.


  මේ ආකාරයේ බොහෝ අංශ ඔස්සේ ජලයේ ගුණාත්මකබව පිළිබඳව අවබෝධ කරගත හැකිය.මිනිස් සිරුරෙන් 70%ක්ව සමන්විත වන්නේ ජලයයි.එබැවින් දිනකට වැඩි ප්‍රමාණයක් පිරිසිදු ජලය පානය කළ යුතුය.එබැවින් බොහෝ ආබාධ වළක්වා ගත හැකිය.


ජලයේ ගුණාත්මකබව පුද්ගල සෞඛ්‍යයට බලපාන අන්දම විමසා බලමු.

    🛑 ආහාර ජීර්ණ පද්ධතිය පහසු කිරීම

    🛑රුධිර පීඩනය යථා තත්ත්වයට පත් කිරීම

    🛑මළ බද්ධය වළක්වා ගැනීම

    🛑ශරීර උෂ්ණත්වය යහපත්ව පවත්වාගෙන යාමට.

    🛑මොළයේ ක්‍රීයාකාරීත්වයට

    🛑හෘද ස්පන්දයේ නිසි පරිදි පවත්වා ගැනීමට

    🛑සමෙහි රෝග වලක්වා ගැනීමට

   

මේ ආකාරයට ජලයේ ගුණාත්මකබව පුද්ගලයාගේ ශරීර සෞඛ්‍යයට කෙතරම් වැදගත්දැයි මනාව වටහාගත හැක.


ගුණාත්මක බවින් යුත් ජලය පානය නොකිරීම හේතු කොටගෙන වර්තමානයේ බොහෝ මිනිසුන් බෝවන රෝග මෙන්ම නිදන්ගත රෝගාබාධයන්ට ලක් වී තිබේ.එබැවින් පිරිසිදු ජලය පානය කිරීමේ වැදගත්කම අවබෝධ කරගනිමින් තමන්ගේ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම වටී.



අවදානමට සූදානමක්.

  කොළඹ විෂ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ Leo සමාජය යටතේ ක්‍රියාත්මක අවදානම ට සූදානමක් නම් වූ ව්‍යාපෘතිය මේ වන විට අදියර 3 ක් යටතේ ඉදිරියට ඇවිත් ...