Friday, March 21, 2025

International day of happiness


 International day of happiness 

𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝘿𝙖𝙮 𝙤𝙛 𝙃𝙖𝙥𝙥𝙞𝙣𝙚𝙨𝙨 🥂



අපි සියලු දෙනාම සතුටින් ජීවත්වීමට කෙතරම් කැමතිද, සතුට ලබා ගන්න අපි මොන තරම් දේවල් කරනවද, කාර්යබහුල ජීවිතයේ සතුට කොයි තරම් වැදගත්ද ,ඉතින් ඒ සතුට වෙනුවෙන්ම දිනයක් වෙන් කර තිබෙන බව ඔබ දැන සිටියාද? මේ ලිපිය ඒ පිළිබඳවයි.


සෑම වසරකම මාර්තු 20 වන දින අන්තර්ජාතික සතුටු දිනය සැමරීම සිදුකරයි. 2012 දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් මෙය හඳුන්වා දී තිබෙන අතර 2013 මාර්තු 20 වන දින ප්‍රථමයෙන්ම සමරා තිබේ.රැකියාව ,මුදල් දරුවන් ,ඉලක්ක, කරා හඹා යන මේ ලෝකයේ ජීවත්වන මිනිසුන්ට සතුටද තමන්ගේ ජීවිතයේ කොටසක් බව පෙන්වාලීම මෙම දිනයේ අරමුණක් වේ.


ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ වැඩියෙන්ම සතුටින් සිටින පුද්ගලයන් ජීවත්වනුයේ පින්ලන්තයේ ය. 2023 වර්ෂය වන විට ලංකාව සිටිනුයේ 112 වෙනි ස්ථානයේ ය. ඉතින් ඉදිරි වසර වල ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන් අපේ රටේ සිටිනු දැකීම අප කාගෙත් බලාපොරොත්තුව විය යුතු නොවේද?



ධනය බලය තිබූ පමණින්ම අපට සතුට ළගා කරගත නොහැක.ඒ සඳහා බොහෝ අංශ බලපෑම් කරයි.එම අංශ පිළිබඳ විමසීමක් කරමු 


    🛑 කායික සතුට (නීරෝගී බව)

          රැකියාව ,අධ්‍යාපනය කාර්යබහුලත්වය,ගෘහස්ථ පීඩනය මේ ආදී බොහෝ කරුණු හේතු කොටගෙන පුද්ගලයන් කායිකව පීඩා විදිති.තමන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් මෙම වේදනා විදදරා ගත්තත් දිගින් දිගටම එය දරාගැනීමට කැමති වනුයේ කවුරුන්ද.එයින් සතුටක් තම ජීවිතයට ළගා කරගත නොහැක.බොහෝ ලෙඩ රෝග වලට නිරාවරණය වනුයේ මෙම හේතුන් නිසාය.රෝහලක් වෙත ගිය පසු එහි රෝගීන් කෙතරම්නම් සිටීද ඔවුන්ගේ ජීවිත තුළ සතුටක් අපේක්ෂා කළ හැකිද.එබැවින් තමන්ගේ කායික සෞඛ්‍ය ගැන නිරන්තරයෙන් සොයා බැලිය යුතුය


    🛑 මානසික සතුට

            කායික සතුටටත් වඩා වැදගත් වන දෙයකි මානසික සතුට .පුද්ගලයෙක් මනසින් ඉතාමත් රෝගී නම් එම පුද්ගලයගේ දෛනික කටයුතු සියල්ල අඩාල වේ.දිගින් දිගටම මානසික ගැටලු වලින් පීඩා විදීම හේතු කොටගෙන බොහෝ දෙනා අද මානසික රෝහල් වල කල් ගෙවති.තමන්ගේ මානසික සතුට ,නිදහස අහිමි වන දේවල් නොකර සිටීමට අප වගබලා ගත යුතුය.තවත් කෙනෙකුට එය පාලනය කිරීම ඉඩ නොතැබිය යුතුය.එවිට තමන්ට තමන් ලෙස සැහැල්ලුවෙන් ජීවත් විය හැකිය.


    🛑 ධනය

           ධනය තිබූ පමණින් සතුට ලබා ගත නොහැකි වුවත් ආර්ථික අපහසුතා ඇතිව ජීවිකාව ගෙන යාම අදවන් සමාජයක ඉතාමත් දුෂ්කර කර්තව්‍යයකි.ලෝකයේ පුද්ගලයන්ගේ ප්‍රීතිමත් ජීවිතයට බාධාවක් වී තිබෙනුයේ දරිද්‍රතාවයයි.තමන්ගෙ,තම පවුලේ අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් තිබිය යුතුය.නමුත් ඒ මත්තේම ජීවිතය ගෙවා දැමීම නොකළ යුතුය.

  

    🛑 නිදහස් සමාජයක්

          වංචා දූෂණ සොරකම් බහුල සමාජයක් තුළ මිනිසුන් ජීවත් වෙනුයේ බියෙන් හා සැකයෙනි.එවන් සමාජයක මිනිසුන් කෙසේ සතුටින් සිටීද?.එබැවින් මිනිසුන්ට නිදහසේ ජීවත් වීමට හැකි ,නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි සමාජයක් බිහි කිරීම රට වැසියන්ගේ මෙන්ම ඉහළ බලධාරින්ගේද ප්‍රධාන කාර්‍යයක් විය යුතුය.


    🛑 සාරධර්ම හා එකිනෙකා අතර සුහදත්වය

           ලෝකයේ බොහෝ රටවල් මුහුණපාන ප්‍රධාන ගැටලුවක් වනුයේ ජනවාර්ගික ගැටලුවයි.එනම් ජාති ආගම් කුල වශයෙන් මිනිසුන් බෙදී පැවතීනයි.එවන් රටක පුද්ගලයන් තුළ තම ආගම ජාතිය වෙතට පක්ෂග්‍රාහීව කටයුතු කරනවා විනා එකිනෙකා සමහ සුහදත්වයක් කෙසේ ඇති කරගනිත්ද.එබැවින් එ ඒ දහමට අනුව සාරධර්ම පුද්ගලයන් තුළ වගාකරලිය යුතුය.



      මේ සියලු අංශ ප්‍රීතිමත් ජීවිතයක් සඳහා බලපාන ප්‍රධාන කරුණු වේ.සතුටු දර්ශකය ගණනය කිරීම් වලදී පවා අවධානය යොමු කරන ප්‍රධාන නිර්ණායක ලෙස මේවා පෙන්වා දිය හැක.එබැවින් මුදල් තිබූ පමණින් හෝ යාන වාහන තිබූ පමණින් ඒ තුළ සතුට තිබෙනවා යන්න පිළිගත නොහැක."සතුට උතුම්ම ධනය" වන්නේ එබවිනි.ඉදින් අදවන් වූ දිනයක හෝ සතුට තම ජීවතයට කෙතරම් වටීද යන්න අවබෝධ කරගැනීම ඉතාමත් වැදගත් ය.

சர்வதேச மகிழ்ச்சி தினம் – மார்ச் 20


சர்வதேச மகிழ்ச்சி தினம் (International Day of Happiness) மார்ச் மாதம் 20ம் திகதி கொண்டாடப்படுகிறது.  இந்நாள், மகிழ்ச்சியின் முக்கியத்துவத்தை உணர்த்துவதற்காகவும், மக்களின் வாழ்க்கை தரத்தை மேம்படுத்துவதற்காகவும், ஐக்கிய நாடுகள் சபையால் (UN) 2012ஆம் ஆண்டு அறிவிக்கப்பட்டது. உலகெங்கிலுமுள்ள மக்களுக்கு மகிழ்ச்சியின் முக்கியத்துவத்தை உணர வைப்பதே சர்வதேச மகிழ்ச்சி தினத்தின் நோக்கமாகும். 


2015 ஆம் ஆண்டில், ஐக்கிய நாடுகள் சபை மக்களின் வாழ்க்கையை மகிழ்ச்சியாக மாற்ற 17 நிலையான வளர்ச்சி இலக்குகளை அறிமுகப்படுத்தியது. அதன் முக்கிய வளர்ச்சி இலக்குகள் வறுமையை ஒழித்தல் , சமத்துவமின்மையைக் குறைத்தல் மற்றும் நமது கிரகத்தைப் பாதுகாத்தல் ஆகும். இதன் மூலம் மக்களின் வாழ்க்கைத் தரத்தை உயர்த்தி மகிழ்வான வாழ்வை உருவாக்க ஐக்கிய நாடுகள் சபை முனைகிறது.


மகிழ்ச்சி என்பது ஒருவரின் வாழ்க்கையில் உள்ள உடைமைகள், பணம் அல்லது வெற்றியால் மட்டுமே நிர்ணயிக்கப்படுவதில்லை. அது சுற்றியுள்ள உறவுகளாலும் சமூகத்துடன் இணைந்திருப்பதனாலும் நேர்மறை எண்ணங்களினாலும் அன்பாலும் நிர்ணயிக்கப்படுகிறது. 

நல்ல உறவுகள் மற்றும் நண்பர்களுடன் நேரம் செலவிடுவது மகிழ்ச்சியை அதிகரிக்கவல்லது. மேலும், எம்மால் முடிந்த நன்கொடைகளை தேவையுடையோருக்கு வழங்குவதன் மூலமும் நெருக்கமானோருடன் சிறு அன்பளிப்புகளைப் பகிர்ந்துகொள்வதன் மூலமும் இந்நாளை மேலும் மெருகேற்றலாம்.


மகிழ்ச்சி என்பது வெளியில் தேடுவது அல்ல, அது உள்ளிருந்து ஊற்றெடுக்கும் ஒன்று. சின்னச் சின்னத் தருணங்களையும் இரசித்து வாழ்வோமாயின் மகிழ்வின் விளிம்பை அடையலாம். உலக மகிழ்ச்சி தினத்தை நம் வாழ்வில் மகிழ்வைப் பெருக்கக்கூடிய ஒரு வாய்ப்பாக பயன்படுத்திக்கொள்வோம்.


"மகிழ்ச்சியான வாழ்க்கை ஒரு தேர்வு – இன்று முதல் அதைத் தேர்வு செய்யுங்கள்!"


𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝘿𝙖𝙮 𝙤𝙛 𝙃𝙖𝙥𝙥𝙞𝙣𝙚𝙨𝙨 🥂


March 20, 2025, will be celebrated worldwide as *International Day of Happiness* - a day to embrace joy, that binds all of us together. Conceived by the United Nations in 2012, this yearly celebration sees happiness as one of the main goals for humanity, a cornerstone for the global well-being and advancement. Its theme in 2025 is *"The Ripple Effect of Happiness"*, a theme that suggests that joy is catchy, and by acting, it transforms whole communities. Acts of kindness can have an enormous impact. A smile, a heartfelt compliment, or even a simple act of lending a hand can trigger positive things far and wide. In a world filled with challenges and uncertainties, joy becomes the harbinger of hope, resilience, and unity. However, happiness does not mean that only the best and most joyful moments in life are lived. Happiness is about creating environments where people can thrive, which lies deeply in the UN Sustainable Development Goals for poverty, inequality, and mental health. It can be used to create equal, fair, and friendly environments for everyone in society by making them practice inclusivity and nurturing for their well-being. On this day of celebrating this joy, let us remember the beauty in life through simple things: the sunrise's warmth, laughter shared with friends, or the comforting presence of a loved one. Happiness is a journey not a destination. In our little ways, be that ripple in the pond to spread joy, which will inspire a better and more kind world. When we choose happiness, we give others the choice to do the same. 🌼


The Sinhala and Tamil New Year.

 The Sinhala and Tamil New Year. The Sinhala and Tamil New Year, known as "Aluth Avurudda," is a vibrant festival celebrated by Sr...