Tuesday, October 31, 2023

World Vegan Day


සෑම වසරකම නොවැම්බර් පළමු වන දින සමරනු ලබන ලෝක වීගන් දිනය සත්ත්ව ආහාර වලින් තොර ජීවන රටාවක් අනුගමනය කිරීමේ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිර්මාණය වී තිබේ. ශාක පදනම් වූ ආහාර වේලක් තෝරා ගැනීම පිටුපස ඇති සදාචාරාත්මක, පාරිසරික හා සෞඛ්‍ය වටිනාකම් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වේදිකාවක් ලෙස එය ක්‍රියා කරයි.

ලෝක සත්ත්ව ආහාර වලින් තොර දිනය ප්‍රථම ‍වරට 1994 නොවැම්බර පළමුවන දින එක්සත් රාජධානිය වීගන්  සංගමයේ 50වන සංවත්සරය වෙනුවෙන් එහි සභාපති ලුයිස් වොලිස් විසින්  ස්ථාපිත කර තිබේ.

2023 වර්ශයේ ලෝක සත්ත්ව ආහාර වලින් තොර දිනයේ ප්‍රධාන ආදර්ශ පාඨය ලෙස future normal යන තේමාව හදුන්වා දී ඇත.එය සත්ත්ව ආහාර පරිභෝජනයෙන් තොර වීමේ වැදගත්කම හා නිර්මාංශත්වය වැලදගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.

ලෝක වීගන් දිනයේ වටිනාකම් වලින් එකක් වන්නේ සත්ත්ව අයිතිවාසිකම් පිලි ගැනීම හා මිනිස් පරිභෝජනය සඳහා සතුන් සූරාකෑම හා සතුන්ට හානි කිරීම නොකල යුතුය යන විශ්වාසයයි. ඇස්තමේන්තු කර ඇති පරිදි අද අප ජීවත් වන්නේ මිනිස් පරිභෝජනය හා විවිධ නිෂ්පාදන සඳහා දිනකට මත්ස්‍යින් මිලියන සිය ගණනක්, ගවයන් 900 000 ක ප්‍රමාණයක් ,එළුවන් මිලියන 1.4 ක් බැටළුවන් මිලියන 1.7 ක්, ඌරන් මිලියන 3.7 , කුකුළන් මිලියන 200 කට අධික ප්‍රමාණයක් මරණයට පත් කරන ලෝකයක ය.

ලෝක වීගන් දිනය සත්ත්ව ආහාර වලින් තොර ජීවන රටාවක් තෝරා ගැනීමෙන් සතුන්ගේ දුක් වේදනා අවම කිරීමට හා සතුන් කෙරෙහි කරුණාව ප්‍රවර්ධනය කිරීමට පුද්ගලයන්  දිරිමත් කරන්නක් ලෙසද දැක්විය හැකිය. 

සත්ත්ව ආහාර පරිභෝජනයෙන් වැළකීම හා සම්බන්ධ ප්‍රතිලාභ පිළිබද දැනුවත් කිරීමත් ඒ අනුව පලතුරු, එළවළු ,ධාන්‍ය වර්ග හා ශාක  ආශ්‍රිත ප්‍රෝටීන්වලින් පොහොසත් ,හොඳින් සැලසුම් කරන ලද ආහාර වේලක් මගින් සමබර හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පෝෂපදාර්ථ ලබාදිය හැකිය යන්නත් වීගන් දිනයේ දී  අවධාරණය කරන තවත් කරුණකි.බොහෝ අධ්‍යයනයන්ට අනුව නිර්මාංශ ආහාර මගින් හෘද රෝග,දෙවන මට්ටමේ දියවැඩියාව,ඇතැම් පිළිකාවන්  හා තරබාරුකම වැනි නිදන්ගත රෝග වල අවදානම අඩු කිරීමටත් ක්‍රියාකාරි නීරෝගිමත් දිවිපෙවෙතක් ලබාගැනීමටත් උපකාරි වේ. සත්ත්ව ආහාර පරිභෝජනයෙන් වැළකීම;මහා පරිමාණයෙන් සිදුකරන සතුන් නිෂ්පාදනය හා සත්ත්ව අතුරු නිෂ්පාදන අඩු වීම තුළින් පරිසරයට වන යහපත් බලපෑම් ද රාශියකි.ඒ අනුව හරිතාගාර වායු විමෝචනය , සතුන් සදහා වන ඉඩම් පරිහරණය , ජල සම්පත දූෂණය වීම 75%කින් අඩුවන බව පර්යේෂණ වලින් හෙළි වී තිබේ.

සත්ත්ව ආහාර වලින් තොර වීම මගින් තවදුරටත් ගොවිපලවල් වල හා ඝාතකාගාර වල දුක් විඳීමට හා මිය යාමට සිටින සතුන් ප්‍රමාණය අඩු කිරීමට ලෝක ප්‍රජාවගේ  දායකත්වය ප්‍රවර්ධනය හා සතුන් ආශ්‍රිත නිශ්පාදනයන් භාවිතය අඩු කර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ලෝකයා හුරු කරවීමේ උත්සාහයක් ලෙස මේ පිලිබද තවදුරටත් පෙන්වා දිය හැකිය.

Leo Madhavi Maheshika

First Year

Faculty of Arts

University Colombo

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...