Thursday, November 2, 2023

W. D. අමරදේවයන්

සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ 🤍...


2016 - 11 - 03 🥀


        හෙලයේ මහා ගාන්ධර්වයාණෝ ලෙස විරුදාවලි ලත් ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරින් දැයෙන් සමුගෙන අද දිනට වසර 07ක් ඉක්ම ගොසිනි!!!

        1927 වර්ෂයේ දෙසැම්බර් 5 වන දින දොන් ගිගෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස් ට දාව  මොරටුවේදි උපත ලද වනක්කුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට  ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රී ලංකාවේදී හඳුනාගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ "අමරදේව" නමිනි. අමරදේව යන නාමය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ඔහුට ප්‍රදානය කරන ලද නාමයයි. විමලා අමරදේවයන්, එතුමාගේ දයාබර බිරිඳ, සසර පුරුද්දට මෙන් එතුමාගේ බිරිඳ වන්නට ම පෙර භවයන්ගේත්, මේ භවයෙත්, මතුවටත් උපදිනු ඇතැයි මට සිතේ.

        අමරදේවයන්ගේ හඬ මාධුර්යයෙන් මත්ව සිටින සෑම රසික හදවතක් ම පෙර නොවු විරූ අන්දමක කම්පාවකට ලක් කිරීමට මෙතුමාගේ අභාවය හේතුවක් වන්නට අතැයි මා සිතන්නේ මා ද ඔවුන් අතරින් එකෙකු යැයි හැඟෙන බැවිනි. වසරක් පාසා කිසිදු ආයාසයකින් තොරවම මාගේ සිහියට නැගෙන තවත් දිනයක් ලෙස නොවැම්බර් 03 හද පත්ලේ කිඳාබැස මියෙන තුරා පවතිනු ඇත. එසේම එතුමාගේ අමරණීය නාමය, අමරණීය ගී දැහැන සැම රසික හදවතක් තුලම සදා රැව් පිළිරැව් දෙනු ඇති. කොළාම්තොට මහළු වුවත් ඒ "අමරදේව" නාමය නම් තවත් කාලයකට මහළු නොවනු ඇති.


Leo Hiruni Aththanayake

First year

Faculty of Arts
 

Esala Full Moon Poya Day 2026

Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...