Saturday, December 9, 2023

මානව හිමිකම්වල නූතන විකාශනය


" සියලූ මනූෂ්‍යයන් නිදහසේ හා ගෞරවයෙන් මෙන්ම අයිතිවාසිකම්වලින් සමානව උපත ලබා ඇති අතර , ඔවුන් තර්කානුකූලව හා හෘද සාක්ෂියෙන් සමන්විත වන අතර , එකිනෙකාට සහෝදරත්වයෙන් යුතුව කටයුතු කළ යුතුය" 

( එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 )

           මිනිසත්බව ලැබීම හේතූකොටගෙන මිනිසාට උපතින්ම ලැබෙන හිමිකම් මානව හිමිකම් ලෙස විග්‍රහ කරයි . වර්තමානය තුළ මානව හිමිකම් යන්න වචනයකට පමණක් සීමා වී ඇති බව පැහැදිලිය . එයට කදිම නිදසුන් ගණනාවක්ම අප අත්විදිමින් ඇත . ඉන් එක් නිදසුනක් ලෙස කලින් කලට දේශාපාලන , ආගමික හා සමාජීය ප්‍රශ්න නිසා කරලියට එන යුද්ධයන් හා ත්‍රස්තවාදී ක්‍රියාවන් දැක්විය හැකිය. මේ හරහා කඩවන මානව හිමිකම් ප්‍රමාණය ගණනය කළ නොහැක . කාන්තා හා ළමා අයිතිවාසිකම් මෙන්ම ජීවත් වීමේ අයිතිය ද මේ හරහා උල්ලංඝනය වී ඇත . 

     තවත් නිදසුනක් ලෙස දැකිය හැක්කේ ළමා අපචාර හා කාන්තා හිංසනය තවදුරටත් වර්ධනය වෙමින් පැවතීමයි . එසේම ශාරීරීක හා මානසික බලපෑම් හා පීඩනයන් හමූවේ ඒවා දරා ගැනීමට නොහැකිව අහිමි වී යන මනූෂ්‍යයන් ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වී ඇත. 

"මනූෂ්‍යයෙකුට සැරටියක් වනමින් පාරේ ගමන් කළ හැකි වුව ද එය අනෙකාගේ නාසය ළගින් කෙළවර විය යුතුය." 

(හැරල්ඩ් ලැස්කි) 

                 සමාජය තුළ පවතින පීඩන මෙන්ම පුද්ගලයන් තුළ පවතින ආකල්ප හා හැසිරීම් රටාවන් තුළ පවතින අඩුපාඩුකම් නිසා මානව හිමිකම් උල්ලංඝනය වී ඇත. මතු දැක්වූ නිර්වචනයට අනුව ගම්‍යමාන වනුයේ අප අපගේ අයිතිවාසිකම් හා නිදහස භුක්තිවිදිය යුත්තේ අනෙකාගේ නිදහස හා අයිතිවාසිකම් කඩ නොවන ආකාරයටය. එබැවින් අප හැමදාම කතා බහා කරන මානව හිමිකම් පිළිබදව නවමු කෝණයකින් බැලීම වඩාත් සුදුසු බව පැහැදිලිය.

      බලය , ධනය හා ලිංගිකත්වය පසුපස හඹා යන පුද්ගලයා තවතෙකු විනාශ කර හෝ තම ආශාවන් තෘප්ත කර ගැනීමට පෙළඹී ඇත.ඒ හරහා මනූෂ්‍යයත්වය මිය යමින් ඇත. එබැවින් මනූෂ්‍යය ආකල්ප හා හැසිරීම් රටාවන් ප්‍රථමයෙන් සංවර්ධය විය යුතුය. පුද්ගලයා තාමවම ස්වයං හික්මවීමකට ලක් කර ගත යුතුය. අන් මත  , අන් ආගම් හා අන් සිතුම් පැතුම් වටහාගෙන ඒවාට අවශ්‍යය ගරුත්වය ලබාදිය යුතුය. තවද යතාර්ථය හදුනාගෙන ජීවත් වීමට අවශ්‍යය අවකාශය සකසා ගත යුතුය. ජාත්‍යන්තරව පවතින විවිධ ප්‍රශ්න හරහා සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් නැවැත්වීමට තනි පුද්ගලයෙකුට නොහැක . නමුත් පුද්ගලයන් කිහිපයකට , සංවර්ධිත ආකල්පවලින් සමන්විත සමාජයකට ඒවා මර්ධනය කිරීමට අවශ්‍යය බලපෑම අදාළ පාර්ශ්වයන් වෙත එල්ල කළ හැකිය. 

         මානව හිමිකම් යනු අහිමි කළ නොහැකි , අහිමි වුවහොත් සමස්ත මනූෂ්‍යය වර්ගයාම විනාශයේ මූඛයට යන අයිතිවාසිකම් සමූහයකි. එබැවින් ඒවා රැක ගැනීමට ක්‍රියා කිරීම වටී. මානව හිමිකම් දිනය තුළ සිදුවිය යුත්තේ අප දකින කෝණය වෙනස් කිරීම බව සිතේ. 

Leo Shashin Dewthilina

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...