Saturday, December 9, 2023

සිවිල් ගුවන් සේවාව

 


ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනයේ අරමුණ වන්නේ රාජ්‍යයන්හි සමාජ හා ආර්ථික සංවර්ධනයටත් වේගවත් ගෝලීය සංක්‍රමණයන් සාක්ෂාත් කර ගැනීමටත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවයේ වැදගත්කම පෙන්වා දීමයි. 

මෙම ජාත්‍යන්තර දිනය 1994 වර්ෂයේ ස්ථාපිත කරන ලද අතර 1996 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් දෙසැම්බර් 07 දින ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ චිකාගෝ සම්මුතිය ලෙසද හැදින්වෙන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා පිළිබද සම්මුතිය අත්සන් කිරීමේ සංවත්සරය සැමරීම සදහාය .

සෑම වසර පහකටම ICAO කවුන්සිලය විසින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සඳහා විශේෂ සංවත්සර තේමාවක් ස්ථාපිත කරයි.ඒ අනුව කවුන්සිලයේ නියෝජිතයන් සම්පූර්ණ සිව් අවුරුදු අතරමැදි කාලය සඳහා තනි තේමාවක් තෝරා ගනී.කවුන්සිලය තීරණය කර ඇති පරිදි 2023 දක්වා තේමාව වන්නේ "ගෝලීය ගුවන් සේවා සංවර්ධනය සඳහා නවෝත්පාදනයන් ඉදිරියට ගෙනයාම"යන්නයි.  

ගෝලීය ගුවන් ප්‍රවාහන අංශය ඒ ආශ්‍රිත රැකියා මිලියන 65.5ක් හා ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඩොලර් ට්‍රිලියන 2.7ක් සඳහා සහය වන අතර එමෙන්ම  දිනකට ගුවන් ගමන් 120 000ක යෙදෙන අතරම වාර්ෂිකව මගීන් බිලියන 4කට වඩා පිරිසකට ප්‍රවාහන පහසුකම් සපයයි.

වෙළෙඳාම, ආර්ථික වර්ධනය,සංචාරක කර්මාන්තය හා සංස්කෘතික හුවමාරුව සඳහා ගුවන් සේවා කර්මාන්තයේ සැලකිය යුතු දායකත්වය හඳුනා ගැනීමත් සිවිල් ගුවන් සේවා මුහුණ දෙන අභියෝග වලට විසඳුම් සෙවීමට හා තිරසර හා කාර්යක්ෂම ගුවන් සේවාවක් සඳහා නව්‍ය විසදුම් ගවේශණය කිරීමේ අවස්ථාවක් ලෙසත් මෙම ජාත්‍යන්තර දිනය හඳුන්වා දිය හැකිය.

Leo Madhavi Maheshika

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...