Monday, August 12, 2024

ජාත්‍යන්තර තරුණ දිනය


ලෝක ජනගහනයෙන් තාරුණ්‍යය වෙනුවෙන් වෙන්වූ දිනය ජාත්‍යන්තර තරුණ දිනය වේ..වාර්ශිකව අගෝස්තු 12 වන දින ලොව පුරා සියලු තාරුණ්‍යයන් ජාත්‍යන්තර තරුණ දිනය සමරති. එක්සත් ජාතීන්ගේ නිර්වචනයට අනුව වයස අවුරුදු 15-24 ත් අතර වයස් ඛාණ්ඩය තාරුණ්‍යය සේ සළකනු ලබයි.එක ප්‍රමාණය ලොව පුරා වෙසෙන මිනිස් ජනගහනයෙන් හයෙන් එකක් වේ.මෙම තරුණ තරුණියන් බහුතරය සංවර්ධනය වෙමින් පවතින රටවල් වල වන බවත් ඔවුන් සීඝ්‍ර ලෙස සංවර්ධනය වන බවත් අපේක්ෂා කරයි.


ජාත්‍යන්තර තරුණ දිනය පිළිබදව අදහස 1991 දී එක්සත් ජාතීන්ගේ ලෝකන්තරුණ සංසදයේ පළමු සැසිවාරය සදහා ඔස්ට්‍රියාවේ වියානා නුවරට රැස්ව සිටි තරුණයන් විසින් යෝජනා කරන ලදී.විශේශයෙන්ම අරමුදල් රැස්කීරීම සහ ප්‍රවර්ධන අරමුණු සදහා තරුණ සංවිධාන සමග එක්ව එක්සත් ජාතීන්ගේ තරුණ අරමුදලට සහයෝගය දැක්වීම සදහා ජාත්‍යන්තර තරුණ දිනයක් ප්‍රකාශට පත් කළ යුතු බව සංසදය නිර්දේශ කළේය.එසේ අනතුරුව 1998 දී තරුණයන්ට වගකිව යුතු අමාත්‍යවරුන්ගේ ලෝක සමුළුවේදී අගෝස්තු 12 ජාත්‍යන්තර තරුණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ   යෝජනාවක් සම්මත වීමත් සමගම 1999 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එක අනුමත කරන ලදී.ප්‍රථම වරට 2000 වර්ශයේදී ජාත්‍යන්තර තරුණ දිනය සැමරීමට ලොවපුරා තරුණ ප්‍රජාවට අවකාශය සැළසිණි.


වර්තමානය වන විට ලොව පුරා වෙසෙන තරුණයින්ගේ ආර්තික,සමාජ,දේශපාලන හා සංස්කෘතිය දියුණු කිරීමෙහි ලා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියා කරන ආයතන රැසක් බිහිවී තිබීම තරුණ පිරිස වශයෙන්න් සතුටට කාරණාවකි.ශ්‍රී ලංකාවේ ජාතික තරුණ සභාව,වෘත්තීය පුහුණු අදිකාරිය ආදී ආයතන මගින් තරුණ ප්‍රජාව බලමුලුගැන්වීමේ කාර්‍ය අඛණ්ඩව සිදුකරනු ලබයි.රටක ආර්ථිකය කෙරෙහි තරුණ ප්‍රජාවේ දායකත්වය ප්‍රදාන ලෙස බලපෑම් කරයි.මෙසේ සමස්ත ලෝකයේම තාරුණ්‍ය වෙනුවෙන් වර්ශිකව විවිද තේමාවන් යටතේ සමරන ලෝක තරුණ දිනය මෙවරද අභිමානයෙන් සමරමු.

Leo Kaveesha Hansani

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...