Thursday, October 31, 2024

දීපවාලී උත්සවය


 தீபாவளி பண்டிகை

ஒவ்வொரு ஆண்டும் இலையுதிர் காலத்தில் ஒவ்வொரு இந்துக்களாலும் சிறப்பாக கொண்டாடப்படுகின்ற பண்டிகையை தீபாவளி பண்டிகையாகும். 

தீபாவளி பண்டிகையானது இந்துக்களின் முக்கிய பண்டிகைகளில் ஒன்றாகும். இவ்வருடம் இப்ப பண்டிகையானது அக்டோபர் 31ஆம் திகதி கொண்டாடப்படுகிறது. இப்பண்டிகையானது ஆன்மீக முக்கியத்துவத்தினையும் தீப ஒளியான் வெற்றியையும் குறித்து நிற்கின்றது. அதாவது இருளின் மீது ஒளி, தீமையின் மீது நன்மை, அறியாமையின் மீது அறிவு என்பவையின் வெற்றியைக் குறிக்கும் ஒரு சிறப்பு வாய்ந்த கொண்டாட்டமாகும்.இது தொடர்ச்சியாக ஐந்து நாட்களைக் கொண்டு பல சம்பிரதாயங்களை உள்ளடக்கிய திருவிழாவாக மக்களால் கொண்டாடப்படுகின்றது. பல்வேறு காரணங்களுக்காக கொண்டாடப்படும் இப்ப பண்டிகையானது தீபங்களை கொண்டு வீடுகளை ஒளிரச் செய்வது மற்றும் லக்ஷ்மி தேவி, விநாயகப் பெருமானை வழிபடுவதனை முக்கிய சடங்காக கொண்டுள்ளது.

இப்ப பண்டிகையானது பல்வேறு காரணங்களுக்காக கொண்டாடப்படுவதாக வரலாறு குறிப்பிடுகின்றது. இராமன் சீதை இலக்குமணன் ஆகியோர் அயோத்திக்குத் திரும்பியதில் மகிழ்ச்சி அடைவதற்காக தீபாவளி கொண்டாடப்படுகின்றது என்றும் இன்னும் சிலர் இதனை அறுவடைக்கான பண்டிகை என்றும் குறிப்பிடுகின்றனர். அதாவது நெல் அறுவடை செய்யப்படும் அக்டோபர் நவம்பர் இந்திய விவசாயிகளின் முக்கியமான காலப்பகுதி ஆகும். எனவே இது விவசாயிகளுக்கு சிறப்பு வாய்ந்த பண்டிகையாக கொள்ளப்படுகிறது.

மகாவிஷ்ணு மற்றும் லக்ஷ்மி தேவியின் புராணக் கதைப்படி பாலி மன்னனால் சிறை வைக்கப்பட்ட லட்சுமி தேவியின் வருகையை கொண்டாடும் விதமாகவும் இப்ப பண்டிகை மக்களால் கொண்டாடப்படுவதாக குறிப்பிடப்படுகிறது. செல்வச் செழிப்பின் தெய்வமான லட்சுமி தேவியின் பிறந்த தினத்தை முன்னிட்டு இப்ப பண்டிகை இந்துக்களால் கொண்டாடப்படுவதாகவும் வேறு சிலர் கூறுகின்றனர். தீபாவளி நாளில் லட்சுமி தேவி மற்றும் விநாயகப் பெருமானை வழிப்படும் சடங்கினை ஒவ்வொரு இந்துக்களும் பின்பற்றி வருகின்றனர். வெவ்வேறு காரணங்கள் காணப்பட்டாலும் அனைத்து இந்துக்களாலும் சிறப்பாக கொண்டாடப்படுகின்ற பண்டியாக தீபாவளி காணப்படுகின்றது.



Deepavali: The Festival of Lights

Deepavali, also known as Diwali, is one of the most significant and widely celebrated festivals in India and across the world. Known as the “Festival of Lights,” it symbolizes the victory of light over darkness, good over evil, and knowledge over ignorance. Celebrated by millions of Hindus, Sikhs, Jains, and Buddhists, Deepavali is marked by vibrant customs, radiant decorations, and festive gatherings, making it a memorable occasion for all.

The Origins and Significance of Deepavali

Deepavali’s origins vary across religions and regions, each carrying its unique legends and symbolism. In Hinduism, the festival commemorates Lord Rama’s return to Ayodhya after a 14-year exile and his victory over the demon king Ravana, symbolizing the triumph of good over evil. It is also linked to the goddess Lakshmi, the deity of wealth, as people pray for prosperity and fortune in the coming year. For Sikhs, Diwali marks the release of Guru Hargobind Ji, the sixth Sikh Guru, from imprisonment, while Jains observe it as the day Lord Mahavira attained Nirvana. Buddhists, particularly those in Nepal, honor it in celebration of Emperor Ashoka’s conversion to Buddhism.

Traditional Celebrations and Customs

Deepavali celebrations last five days, with each day holding special rituals and practices:

      1. Dhanteras: The first day is dedicated to Dhanvantari, the god of health and medicine, and involves buying precious items like gold or silver to bring good luck.

2. Naraka Chaturdashi (Choti Diwali): This day symbolizes Lord Krishna’s victory over the demon Narakasura. People clean their homes, set up oil lamps, and light small fireworks.

3. Lakshmi Puja: The third day, Diwali proper, is when people worship Lakshmi and seek her blessings for prosperity. Homes are adorned with rangoli (colorful patterns), lights, and candles, creating a festive and welcoming atmosphere.

4. Govardhan Puja (Padwa): Devotees honor Lord Krishna for lifting the Govardhan Hill to protect the villagers of Vrindavan from torrential rains.

5. Bhai Dooj: The final day celebrates the bond between brothers and sisters, where sisters pray for their brothers’ well-being and receive gifts in return.


Symbolism of Lights and Diyas

The hallmark of Deepavali is the lighting of diyas (oil lamps) and candles, symbolizing the inner light that protects from spiritual darkness. Streets and homes are illuminated with beautiful displays of light, turning entire communities into glowing, lively celebrations. Fireworks are also an essential part of the festivities, symbolizing the joy and exuberance that comes with the festival.


Exchanging Gifts and Sweets

Deepavali is a time for sharing joy, often through the exchange of gifts and sweets. Families and friends exchange traditional Indian sweets like laddoos, barfis, and gulab jamuns. Gift-giving extends to items such as clothes, jewelry, and household items, reinforcing bonds and creating cherished memories.

Environmental Awareness in Celebrations

In recent years, there has been a growing emphasis on celebrating Deepavali in an eco-friendly way. Many people now opt for minimal fireworks, which can create pollution, and choose environmentally friendly decorations. The use of clay diyas and natural colors in rangoli are becoming popular as people balance celebration with environmental responsibility.

In conclusion, Deepavali is more than a festival; it is a celebration of culture, tradition, and the spirit of humanity. It brings people together, reminding them of the power of light and love in a world often marked by darkness. Through every lamp lit, every prayer offered, and every sweet shared, Deepavali strengthens the values of harmony, joy, and gratitude in communities around the globe.


හින්දු ජනතාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක්වන දීපවාලි දිනය අදට දිනට යෙදී තිබේ.

දීවාලි නැතහොත් දීපාවලී උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් ලෙසයි හැදින්වේ.එමෙන්ම අයහපත පරදා යහපත ජයගත් දිනය ලෙසයි ඔවුන් අද දිනය සලකෙයි.

අද දින ලොව පුරා හින්දු බැතිමතුන් දීපවාලී උත්සවය සමරනු ලබන්නේ අඳුර දුරලා සියලු සිත්සතන් තුළ ආලෝකය පැතිරේවා යන්න ප්‍රාර්ථනා කරමිනි.

චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපවාලි දිනයෙනි.හින්දු භක්තිකයන්ට අනුව දීපාවලි උත්සව සැමරුම වසර 35000 කට පෙර සිට පැවත එන්නක් බව සදහන් වේ.මෙම උත්සවය දින 5ක් පුරා පැවතෙන අතර මෙය පැවැත්වීමට පාදක වූ පුරාවෘත කිහිපයක්ම හින්දු ජනයා අතර ප්‍රචලිත වේ.විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් දීපාවලී උත්සවය සමරයි.

මෙම උත්සවය තුලින් තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.එහිදී හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ පහන්වල ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිකරගෙනයි.

ඒ අනුව දීපවාලී යනු සැබවින්ම ආලෝක පුජාවකි.මෙහි නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධානතම අංගයක් බවට පත් වේ.

දීපවාලී උත්සවය ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් සලකයි.

හින්දු බැතිමතුන් මේ විශේෂ දිනයේ රාමා දෙවියන්ටත්, සීතා දේවියටත් තම ජිවිත දුෂ්කරතාවලට නිසි ලෙස මුහුණ දී ඔවුන් ආශීර්වාද කර නිවැරදි මඟපෙන්වන ලෙස යාතිකා කරනු ඇත.

ඉතින් අපිත් අපගේ සහෝදර හින්දු බැතිමතුන් සමඟ දීපවාලී උත්සවය සමරන්නට ආදරයෙන් එක් වෙමු.


Article by 

Leo Nifla Najeem

Leo Binaramali Wickramasinghe

Leo Tharushika Sewwandi



Wednesday, October 30, 2024

Halloween Day

 


Halloween, Hallowe'en, All Saints' Eve යනු බොහෝ රටවල ඔක්තෝබර් 31 දින සැමරෙන උත්සවයකි. සියවස් ගණනාවක් පුරා, හැලොවීන් ක්‍රිස්තියානි චාරිත්‍ර සමඟ සෙල්ටික් සම්ප්‍රදායන් මිශ්‍ර කරමින් පරිණාමය වී ඇත. Halloween සියලු සාන්තුවරයන්ගේ දිනයට පෙර රාත්‍රිය, සාන්තුවරයන්ට සහ මළවුන්ට ගෞරව කිරීම පිණිස සිදුකරනු ලබයි. 

ගිම්හානයේ අවසානය සහ ශීත සෘතුවේ ආරම්භය සනිටුහන් කළ පුරාණ සෙල්ටික් උත්සවය වන Samhain වෙත හැලොවීන් මූලාරම්භය දිව යයි. කෙල්ට්ස් විශ්වාස කළේ මෙම රාත්‍රියේ ජීවමාන හා මළවුන්ගේ ලෝක අතර මායිම බොඳ වී ආත්මයන්ට පෘථිවියේ සැරිසැරීමට ඉඩ සලසන බවයි. 8 වැනි සියවසේදී, IIIවන ග්‍රෙගරි පාප්තුමා විසින් නොවැම්බර් 1 වන දින සාන්තුවරයන්ට ගෞරව කිරීම සඳහා සියලුම සාන්තුවරයන්ගේ දිනය ලෙස නම් කරන ලදී. පෙර දින රාත්‍රියේ, All Hallows' Eve, ගිනි දැල් සහ ඇඳුම් පැළඳුම් ඇතුළු සමහර Samhain සම්ප්‍රදායන් ඇතුළත් කළේය.

මෙම සම්ප්‍රදාය විකාශනය වූයේ පැරණි ඉංග්‍රීසි චාරිත්‍රයකින් "ආත්මය" ලෙසිනි. මිය ගිය අය වෙනුවෙන් කරන යාච්ඥාවට හිලව්වක් වශයෙන් සියලුම ආත්මයන්ගේ දිනයේදී දරුවන් ගෙයින් ගෙට ගොස් ආහාර ඉල්ලා සිටියහ. අයර්ලන්ත ජාතිකයන් නපුරු ආත්මයන් පලවා හැරීම සඳහා ටර්නිප්ස් කූඩු ලෙස භාවිතා කළහ. අයර්ලන්ත සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණි විට, ඔවුන් වට්ටක්කා බහුලව දක්නට ලැබුණු අතර මෙම කුඩු වෙනුවට ඒවා භාවිතා කිරීමට පටන් ගත්හ. හැලොවීන් දින ඇඳුම් ඇඳීම ආරම්භ වූයේ වෙස්වළා ගැනීමෙන් ආත්මයන් පළවාහැරීමට හෝ ඔබ ඔවුන්ගෙන් කෙනෙකු යැයි සිතීමට ඔවුන් රවටා ගැනීමට හැකි වේ යන විශ්වාසයෙනි. වර්තමානය වනවිටද මෙම සම්ප්‍රදායන් Halloween සමය තුළ සිදුකරනු ලබයි.

ශතවර්ෂ ගණනාවක් පුරා ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ සමරනු ලැබූ, ස්කොට්ලන්ත සහ අයර්ලන්ත සංක්‍රමණිකයන් 19 වැනි සියවසේදී උතුරු ඇමරිකාවට බොහෝ හැලොවීන් සිරිත් විරිත් රැගෙන ගිය අතර, පසුව ඇමෙරිකානු බලපෑම හරහා විවිධ හැලොවීන් චාරිත්‍ර 20 වැනි සියවසේ අගභාගයේ සහ 21 වැනි සියවසේ මුල් භාගයේදී වෙනත් රටවලට ව්‍යාප්ත විය. වර්තමානය වනවිට බොහෝ රටවල හැලොවීන් යනු විවිධ සිරිත් විරිත් සමඟ පුළුල් ලෙස සමරනු ලබන නිවාඩු දිනයකි. 

මේ Halloween උත්සවය පැරණි කෙල්ටික් සම්ප්‍රදායන්, ක්‍රිස්තියානි බලපෑම් සහ සංස්කෘතික අනුවර්තනයන්ගේ සම්මිශ්‍රණයක් වන අතර එය ශතවර්ෂ ගණනාවක් පුරා විකාශනය වී අද අප භුක්ති විඳින භයානක සැමරුමකි.

Leo Pamudi Gunawardhana

Thursday, October 17, 2024

වප් පුන් පොහෝ දිනය

 


වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

පෙරවස් පවාරණය

වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමිනි. ‘සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ‘ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුනා නම්, සැකයක් ඉපදුනා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරදි කරගනිමි.“ යනු එහි තේරුමයි. සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරනා භික්ෂූන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවන් කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගනිති. පැවිදි උතුම්න් වහන්සේලා සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරුකර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස්කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණයන් සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය.

සංකස්සපුර දේවාවරෝහණය

භාග්‍යවතුන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්ඛ මූලයේදී තීර්ථකයන්ගේ මානය මර්ධනය කරනු පිණිස, යමක මහා ප්‍රාතිහාර්යය දක්වා සත්වෙනි වස් කාලය ගත කරනු පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ සේක. සක්දෙව් රජුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්මය දෙසූ සේක. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් අවබෝධ කළහ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය.

වප් පුර පසළොස්වක පොහෝ දිනය එළැඹියේය. පුරා තුන් මසක් මුළුල්ලෙහි තව්තිසාවෙහි වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට දිව්‍ය බ්‍රහ්ම මහා හරසර මැදින් තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට මහ පෙළහර පාමින් වැඩි සේක. සම්බුද්ධ ශරීරයෙන් සවණක් ඝණ බුද්ධ රශ්මි මාලා විහිදුවමින් දෙව් බඹුන් පිරිවරා අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස පුරයට වැඩි ඒ අසිරිමත් සම්බුදු මහිමය සිදුවූයේ වප් පුන් පොහෝ දිනයකදීය. ඒ විස්මය දුටු අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ, සර්වඥයන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරමින්, මෙවැනි බුද්ධශ්‍රීයක් දුටු ප්‍රථම වාරය මේ යැයි පවසමින්, ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවෙන් සමලංකෘත වූ බුද්ධ ශ්‍රී දේහය දෙස බලමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සම්බුදු ගුණ වර්ණනා කළ සේක.


මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගෞතම සසුනේ පැවිදි බව ලැබීම

දේවාවරෝහණ මහා පෙළහර දැකීමෙන් අතිශයින් ප්‍රමුදිත සිත් ඇති බොහෝ දෙනෙක් එදින සම්බුදු සසුනේ පැවිදි බව ලැබූහ. සුර, නර මහා සංගමයේදී බුදුරජාණන් වහන්සේ හා සාරිපුත්තයන් වහන්සේ අතර ඇති වූ රමණීය දහම් සංවාදයට සවන් දුන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ද ඉමහත් ප්‍රසාදයට පත්ව ගෞතම සසුනේ පැවිදි විය. මේ මහා භද්‍ර කල්පයෙහි, මිනිස් ආයුෂ අවුරුදු අසූ දහසක් වූ කල, සම්බුද්ධත්වය සාක්ෂාත් කරනා, මෛත්‍රී බෝසතුන් එලෙස පැවිදි වූයේ ද වප් පුන් පොහෝ දින දී ම ය.


විනය සංගායනාව

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා උදාර සේවාවක් සිදුකළ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන්ගෙන් ‘ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටියේදැයි“ විචාලේය. ‘එම්බා මහරජ, ශාසනය පිහිටියේය. එහෙත් තවම මුල් බැසගෙන නැත“ යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන් සේක. ‘ශාසනය මුල් බැස ගන්නේ කෙසේදැයි?“ තව දුරටත් රජු විසින් විචාරන ලදුව “යම් කලෙක මේ හෙළ දිවයිනෙහි සිංහල මව්පියන් හට දාව උපන් දරුවෙක් මෙහි දී ම පැවිදිව විනය පිටකය ඉගෙනගෙන මේ දිවයිනෙහි ම විනය සංගායනා කරයිද එකල්හී බුද්ධ ශාසනය මුල් බැසගත්තා වන්නේය“ යැයි මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කළහ. ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහා අරිට්ඨ මාහිමියන්ට මේ සුදුසුකම් සියල්ලම පිහිටා තිබුනි. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පිරිදි ථූපාරාමය සෑ මළුවේදී අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහරහතන් වහන්සේලා වප් පුන්පොහෝ දින විනය පිටකය සංගායනා කළ සේක. ඒ මොහොතෙහි ලක්දිව සම්බුදු සසුන මුල්බැස ගත් ප්‍රීතියෙන් මිහිකත කම්පිත විය.


ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම

ලංකාද්වීපයේ රාජ්‍යය පාලනය කළ දේවානම්පිය තිස්ස රජු මිහිඳු මහරහතන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මිහිරි ශ‍්‍රී සද්ධර්මය අසා බුදු සසුනේ බොහෝ සේ පහන් වූ සිත් ඇත්තේ දිවමන් මුනි රජාණන් බඳු වූ ඒ ජය ශ‍්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවාගෙන ඒම පිණිස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ කතිකා කරන්නට විය. ඒ අනුව අරිට්ඨ මහා අමාත්‍යවරයා ප‍්‍රධාන දූත පිරිවරක් දඹදිව ධර්මාශෝක අධිරාජයා වෙත් පිටත් කරවා යැවීය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ සමඟ කරුණු පැහැදිලි කරගත් ධර්මාශෝක නරේන්ද්‍රයන් මහා බෝධි ශාඛාවක් වැඩම කරවීමට සියල්ල සංවිධානය කරවන්නට වූහ. විජය ශ‍්‍රී ජය ශ‍්‍රීමහා බෝධීන් වහන්සේ මනාකොට සරසා පුද පූජාවන් පවත්වා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වෙන් කරගැනීමට ධර්මාශෝක රජු රන් තෙලිතුඩක් ගෙන මහා බෝධීන් වහන්සේත් දක්ෂිණ ශාඛාවත් වෙන් වන පරිදි රේඛාවක් ඇන්දේ ය.

සැබැවින් ම ආශ්චර්යයකි! රැස් ව සිටි පිරිසගේ සාධුකාර මැද දක්ෂිණ ශාඛාව තෙමේ ම වෙන් වී පිළියෙළ කොට තිබූ රන් කටාරමේ පිහිටන්නට වූ සේක. කටාරමේ පිහිටි බෝධි ශාඛාව එයත් සමඟ ම ඍද්ධියෙන් අහසට පැන නැඟ වළා අතර නොපෙනී ගිය සේක. මේ මහා අසිරිය සිදු වූයේ උතුම් වූ වප් පුන් පොහෝ දිනයක දී ය.

මෙවන් උතුම් ශාසනික සංසිද්ධීන්ගෙන් අනූන වූ වප් පුන් පොහෝ දිනයේ දී අපි සියලු දෙනා ම දානාදී පින්කම් සිදුකරමින්, සීලාදී කරුණා මෛත්‍රීයාදී ගුණධර්මයන් දියුණු කර ගනිමින්, භාවනාදී ප්‍රතිපත්තීන්හි නියැලෙමින් සේඛ බල ධර්මයන් දියුණු කර ගනිමු. මේ ගෞතම බුදු සසුනේදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ බියකරු දුක්ඛිත සසරින් එතෙර වන්නට වෙර දරමු. ඒ පිණිස උතුම් තිසරණය ම පිළිසරණ කරගනිමු!


Leo Tharushika Sewwandi

Third Year

Faculty of Arts

Tuesday, October 15, 2024

ලෝක ආහාර දිනය

 


ලෝක ආහාර දිනය


2024 ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ වඩා හොඳ ජීවිතයක් සහ යහපත් අනාගතයක් සඳහා ආහාර සඳහා ඇති අයිතිය යන්නයි.


ලෝක ආහාර දිනය සෑම වසරකම ඔක්තෝබර් 16 දින සමරනු ලැබේ. කුසගින්නෙන් හා මන්දපෝෂණයෙන් තොර ලෝකයක් පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීමට අප සැමට කාර්යභාරයක් තිබේ. අර්බුදකාරී කාලවලදී තිරසාර පුරුදු මඟ හැරීමට අප ඉඩ නොදිය යුතුය. අපට සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීම් කළ හැකි අතර ආහාර නාස්තිය අවම කිරීම සඳහා අපගේ කොටස කළ හැකිය. ඊට අමතරව, රජයන්ට, ව්‍යවසායන්ට සහ සංවිධානවලට ඔවුන්ගේ දැනුම බෙදාහදා ගත හැකි අතර තිරසාර, ඔරොත්තු දෙන ආහාර පද්ධති සහ ජීවනෝපාය සඳහා සහාය දැක්විය හැකිය. එක්ව, අපට අපගේ ලෝකය වර්ධනය කිරීමට, පෝෂණය කිරීමට සහ පවත්වා ගැනීමට හැකිය.


⭕ලෝක ආහාර දිනය යනු කුමක්ද?


ලෝක ආහාර දිනය යනු 1945 දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පිහිටුවීමේ දිනය සැමරීම සඳහා සෑම වසරකම ඔක්තෝබර් 16 වන දින ලොව පුරා සමරනු ලබන ජාත්‍යන්තර දිනයකි. මෙම දිනය කුසගින්න සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වෙනත් බොහෝ සංවිධාන විසින් පුළුල් ලෙස සමරනු ලැබේ. ලෝක ආහාර වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල. WFP හට 2020 සඳහා සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ කුසගින්න මැඩපැවැත්වීමට, ගැටුම් ප්‍රදේශවල සාමයට දායක වීමට සහ යුද්ධය සහ ගැටුම් සඳහා ආයුධයක් ලෙස කුසගින්න භාවිතය නැවැත්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ඔවුන් දැරූ උත්සාහයන් සඳහා ය.


ලෝකයේ ගොවීන් තවමත් ගෝලීය ජනගහනයට වඩා වැඩි පෝෂණය සඳහා ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කරයි, කුසගින්න දිගටම පවතී. නැවත නැවතත් කාලගුණික කම්පන, ගැටුම්, ආර්ථික පසුබෑම, අසමානතාවය සහ වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 733 ක ජනතාවක් කුසගින්නෙන් පෙළෙති. මෙය වඩාත් දරුණු ලෙස බලපාන්නේ දුප්පතුන්ට සහ අවදානමට ලක්වූවන්ට වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කෘෂිකාර්මික කුටුම්භයන් වන අතර, රටවල් පුරා සහ ඇතුළත පුළුල් වන අසමානතාවයන් පිළිබිඹු කරයි. වාතය සහ ජලයෙන් පසු තුන්වන මූලික මිනිස් අවශ්‍යතාවය ආහාර වේ - සෑම කෙනෙකුටම ප්‍රමාණවත් ආහාර සඳහා අයිතිය තිබිය යුතුය. ආහාර, ජීවිතය සහ නිදහස, රැකියාව සහ අධ්‍යාපනය වැනි මානව හිමිකම් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සහ නීත්‍යානුකූලව බැඳී සිටින ජාත්‍යන්තර සම්මුතීන් මගින් පිළිගනු ලැබේ.

ආහාර' යන්නෙන් අදහස් කරන්නේ විවිධත්වය, පෝෂණය, දැරිය හැකි මිල, ප්‍රවේශ්‍යතාව සහ ආරක්ෂාවයි. අපගේ ක්ෂේත්‍රවල, මාළු දැල්වල, වෙළෙඳ පොළවල සහ අපගේ මේසවල, ​​සියලු දෙනාගේ ප්‍රයෝජනය සඳහා වඩා විශාල පෝෂ්‍යදායී ආහාර විවිධත්වයක් තිබිය යුතුය.


ලෝකයේ බිලියන 2.8 කට අධික ජනතාවකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට හැකියාවක් නැත. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර යනු සියලුම ආකාරයේ මන්දපෝෂණය සඳහා ප්‍රධානතම හේතුවයි - මන්දපෝෂණය, ක්ෂුද්‍ර පෝෂක ඌනතා සහ තරබාරුකම, දැන් බොහෝ රටවල පවතින, සමාජ-ආර්ථික පන්ති හරහා කපා හැරේ. එහෙත් අද බොහෝ දෙනෙක් කුසගින්නෙන් පෙළෙන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට නොහැකිව සිටිති. වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට බොහෝ විට සෞඛ්‍යයට අහිතකර විය හැකි ප්‍රධාන ආහාර හෝ අඩු මිල අධික ආහාර මත යැපීමට බල කෙරෙන අතර අනෙක් අය නැවුම් හෝ විවිධ ආහාර නොමැතිකම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තෝරා ගැනීමට අවශ්‍ය තොරතුරු නොමැතිකම හෝ පහසුව සඳහා තෝරා ගැනීම වැනි දේවලින් පීඩා විඳිති.

ගැටුම්, ආන්තික කාලගුණික සිදුවීම් සහ ආර්ථික කම්පනවල සංකලනයක් මගින් මෙහෙයවනු ලබන දිග්ගැස්සුනු හෝ දිගුකාලීන අර්බුද හේතුවෙන් කුසගින්න සහ මන්දපෝෂණය තවදුරටත් උත්සන්න වේ. කෘෂි ආහාර පද්ධති, සමස්තයක් ලෙස, ආපදා සහ අර්බුදවලට, විශේෂයෙන් දේශගුණික විපර්යාසවල බලපෑම්වලට ගොදුරු විය හැකි නමුත් ඒ සමඟම, ඒවා දූෂණය ජනනය කරයි, පස, ජලය සහ වාතය හායනය කරයි, සහ හරිතාගාර වායු විමෝචනයට සහ ජෛව විවිධත්වය අහිමි වීමට දායක වේ.


කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීමෙන්, දේශගුණික විපර්යාස අවම කිරීමට සහ සැමට සාමකාමී, ඔරොත්තු දෙන සහ ඇතුළත් ජීවනෝපායන් සඳහා සහාය වීමට විශාල හැකියාවක් ඇත.


⭕ආහාර පද්ධති සහ පරිසරය


අප ආහාර නිෂ්පාදනය කරන ආකාරය සහ පරිභෝජනය කරන ආකාරය අපගේ පරිසරය සමඟ ගැඹුරින් සම්බන්ධ වේ. SDG2 - Zero Hunger හි මධ්‍යයේ ආහාර ඇත්ත වශයෙන්ම පවතින අතර, එය සියලු තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වැදගත් අංගයකි. අද අප මුහුණ දෙන ජෛව විවිධත්වය නැතිවීම, දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය යන ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදය විසඳීම සඳහා අපගේ ආහාර පද්ධති පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය වේ.


⭕ලෝක ආහාර සංසදය 2024


එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් සත්කාරකත්වය සපයනු ලබන ස්වාධීන හවුල්කරුවන්ගේ ජාලයක් ලෙස 2021 දී දියත් කරන ලද ලෝක ආහාර සංසදය (WFF), වඩා හොඳ ආහාර අනාගතයක් සඳහා කෘෂි ආහාර පද්ධති සක්‍රීයව හැඩගස්වා ගැනීමේ ප්‍රමුඛ ගෝලීය වේදිකාව ලෙස ක්‍රියා කරයි. තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම. තරුණ ක්‍රියාකාරකම්, විද්‍යාව සහ නවෝත්පාදන සහ ආයෝජන හරහා, WFF(World Food Forum) විසින් නව ක්‍රියාකාරී මාර්ග සහ සියලු දෙනාටම වඩාත් තිරසාර, ඔරොත්තු දෙන, ඇතුළත් සහ කුසගින්නෙන් තොර අනාගතයක් සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය, කලාපීය සහ ගෝලීය මට්ටමින් කෘෂිකාර්මික බලපෑම් සඳහා බහු-ආංශික හවුල්කාරිත්වයක් ඇති කරයි. .


WFF වාර්ෂික ප්‍රමුඛ උත්සවය ඔක්තෝබර් 14 සිට 18 දක්වා ඉතාලියේ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානයේදී සහ අන්තර්ජාලය හරහා පැවැත්වේ. එය ලෝක විශේෂඥයින් එක්රැස් කරනු ඇත.

WFF වාර්ෂික ප්‍රමුඛ උත්සවය ඔක්තෝබර් 14 සිට 18 දක්වා ඉතාලියේ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානයේදී සහ අන්තර්ජාලය හරහා පැවැත්වේ. එය "සැමට හොඳ ආහාර, අද සහ හෙට සඳහා" යන තේමාව වටා සෑම වයස් කාණ්ඩයකම ලෝක ප්‍රවීණයන්, ආවේගශීලී වෙනස්කම් කරන්නන් සහ දූරදර්ශී නායකයින් එක් කරනු ඇත.

Tuesday, October 8, 2024

World Cerebral Palsy Day



World Cerebral Palsy Day is celebrated every year on October 6th. This important day aims to raise awareness about cerebral palsy, a condition that affects movement and posture. Cerebral palsy is caused by damage to the brain, usually occurring before or during birth, or in the first few years of life. The condition can vary in severity, affecting each person differently.

Understanding Cerebral Palsy

Cerebral palsy affects muscle control, coordination, and balance. People with cerebral palsy may have difficulty walking, speaking, or performing daily activities. Some may require assistance, while others can lead more independent lives. It is important to remember that cerebral palsy is not a disease but a lifelong condition that can be managed with the right support and therapy.

Goals of World Cerebral Palsy Day

World Cerebral Palsy Day serves several important purposes:

1. Raising Awareness: The day helps educate the public about cerebral palsy. Many people are unaware of what it is, how it affects individuals, and the challenges those with the condition face.


2. Promoting Inclusion: The day encourages communities to create inclusive environments. Everyone deserves to participate fully in society, regardless of their abilities. This includes access to education, employment, and social activities.


3. Sharing Stories: Families and individuals with cerebral palsy often share their experiences on this day. These stories highlight the diverse challenges and triumphs of living with the condition, promoting empathy and understanding.


4. Advocating for Change: Organizations and advocates use this day to push for policies that support individuals with disabilities. This can include better healthcare, accessible public spaces, and educational resources tailored to their needs.

How to Get Involved

There are many ways to participate in World Cerebral Palsy Day. Here are a few ideas:

- Educate Yourself and Others: Learn about cerebral palsy and share what you learn with friends and family. Understanding the condition can help reduce stigma and promote acceptance.

- Attend Local Events: Many communities host events, workshops, or seminars on this day. Participating in these activities can provide valuable insights and help build connections.

- Support Organizations: Consider donating to or volunteering with organizations that support individuals with cerebral palsy. These groups often provide essential resources and services to families in need.

- Use Social Media: Share information and personal stories on social media platforms. Use the hashtag WorldCerebralPalsyDay to join the global conversation and raise awareness.

Conclusion

World Cerebral Palsy Day is an opportunity for everyone to come together and support individuals with cerebral palsy. By raising awareness, promoting inclusion, and advocating for change, we can help create a more understanding and supportive world. Each small action can contribute to making a big difference in the lives of those affected by cerebral palsy. Together, we can work towards a future where everyone, regardless of their abilities, has the chance to thrive.

Leo Dinil Perera

Saturday, October 5, 2024

ජාත්‍යන්තර ගුරු දිනය



"පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ

පෙන්නා මග නොමග නොවැටී යන තාලේ

සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ"


විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ මෙම ගීතය කන වැකෙත්ම අපට මතකයට නැගෙන්නේ අපේ ගුරුවරුන් ය.සැබැවින්ම ඇතැම් ගුරුවරුන් අපේ ජීවිතය තුළ ඉතාමත් සමීපයි.විෂය කරුණුවලට ම සීමා නොවී ජීවිතය කියාදුන් ගුරුවරුන් අප කාගෙත් ජීවිතවල සිටී.පොළෝ ගැබේ සැගවී ඇති මැණික් ඔපදමන්නාක් මෙන් ගුරුවරුන් ද දරුවන්ගේ ජීවිත දීප්තිමත්ව හැඩ ගස්වයි.ගුරු වෘත්තිය වැටුප් ලබන රැකියාවකට එහා ගිය සමාජ මෙහෙවරකි.වගකීමකි.එවන් ලොව පුරා වෙසෙන ගුරුවරුන් සිහිකරන දිනය ලෙස අද දිනය සැළකේ.

ජාත්‍යන්තර ගුරු දිනය සෑම වසරකම ඔක්තෝම්බර් 05 වනදා සමරනු ලැබේ.මේ දිනයේදී සිසුන්ගේ අනාගතය ගොඩ නැගීමට කැපවෙන ලොව පුරා සිටින ගුරුවරුන්ට ගෞරව දැක්වීම සහ ඔවුන්ගේ මෙහෙවර ප්‍රශංසාවට ලක් කිරීම සිදු කරයි.ජාත්‍යන්තර ගුරු දිනය 1966 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) එක්ව නම් කර තිබේ.UNESCO සංවිධානය මෙම දිනය නම් කිරීමට කටයුතු කිරීම නිසා ගුරුවරුන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ මූලික සූදානම සහ වැඩිදුර අධ්‍යාපනය වැනි ක්‍රියා සඳහා මාර්ගෝපදේශ ලබා දීමේ දිනයක් ලෙස ද මෙම දිනය හැදින්වෙයි.ගුරුවරයෙකුට තම සිසුන්ගේ පැවැත්ම කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇති කිරීමට විශිෂ්ට අවස්ථාවක් හිමි වේ.ඔවුන් තම සිසුන්ගේ දීප්තිමත් අනාගතය සැකසීමට සහ පුද්ගල තෘප්තිය ලබා දීමට උපකාර කිරීමෙහි මහගු කාර්යයක් ඉටු කරන බව ද අප හොදින්ම දන්නා කාරණයකි.UNESCO සංවිධානය ප්‍රකාශ කළේ ගුරුවරුන් අපගේ ජීවිතවලට ලබාදෙන දායකත්වය සැමරීම සහ ගෞරව දැක්වීම සඳහා මෙම දිනය ජාත්‍යන්තර ගුරු දිනය ලෙස වෙන් කරන බවයි.මෙවර 2024 ජාත්‍යන්තර ගුරු දිනයේ තේමාව වනුයේ " ගුරු හඬ අගය කිරීම: අධ්‍යාපනය සඳහා නව සමාජ ගිවිසුමක් කරා ” යන්නයි.

කුඩා කාලයේ අපගේ දෙමාපියන්ගේ ඇසුරේ හැදී වැඩී පසුව අපි බාහිර සමාජය ලෙස ප්‍රථමයෙන් හදුනාගන්නේ පෙර පාසලේ හෝ පාසල තුළ අපට හමුවන ගුරුවරුන් ය.ඔවුන් අපේ දිවියේ මූලික අඩිතාලම සකසයි.අධ්‍යාපනික කරුණු පමණක් නොව ජීවිතය ද කියා දෙන ගුරුවරුන්ට කෘතගුණ සැළකීම ශිෂ්ටසම්පන්න සමාජයක කාර්යයභාරයකි.

බුදු දහම තුළ ද "ගුරුවරයා" යන භූමිකාව මහත් අගය කොට සළකා තිබේ.“ඕවාද සිප්ප දානේන සික්ඛා පේති මමං ගරු සගාරවේන චිත්තේන  අහං වන්දාමි තං ගරු” පාදනමස්කාර වන්දනීය ගරු බුහුමන් ලැබීමට තරම් උතුම් යන්න පෙන්වා දෙන තථාගතයන් වහන්සේ සිඟාලෝවාද සූත්‍ර දේශනයේ දී  ආචාර්යවරුන් දකුණු දිසාවට සමාන කරමින් ශිෂ්‍යයන් විසින් ආචාර්යවරුන් හට විය යුතු යුතුකම් පෙන්වා දී තිබේ. වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ආචාර්ය වන්දනය සිදු කරන බුදුරදුන්  නිර්වාණ අවබෝධයෙන් අනතුරුව ප්‍රථමයෙන්ම වැඩම කරනුයේ ආරාම කාලාම උද්දකරාම පුත්ත යන දෙගුරුන් සොයා ගෙනයි.

මිනීමරුවෙකු අපරාධකරුවෙකු වී සමාජයෙන් ගැරහුම් හිමි වීමට නියමිත දරුවෙකු එයින් මුදවාගෙන නිවැරදි මාර්ගය පෙන්වා දෙමින් ගුණවත් චරිතයක් කරන්නේ ගුරුවරුන් ය.ඉතින් එබැවින් ජීවිතයේ මඩ ගොහොරු පසු කර අපට ජීවිතය දිනන්නට සවිය දුන් දෙවැනි මාපියන් වන ගුරුවරුන්ට අප කළගුණ සැළකිය යුතුය.ඔවුන් සිදු කරන්නා වු එම සමාජ මෙහෙවර අගය කළ යුතුය.අද දිනය වෙන්වන්නේ එයටයි.එසේ නම් තම ජීවිතය කැප කරමින් දරුවන්ගෙ නැණ පහන් දල්වා ජීවිත එළිය කරන ලොව පුරා වෙසෙන සියලු ගුරුවරුන්ගේ සේවය ඇගයෙන ලෝක ගුරු දිනයක් වේවා💜️

Leo Nikeshala Kulawansha

Second Year

Faculty of Arts

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට මත්ද්‍රව්‍ය වල බලපෑම

  ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව පැන නැගුණේ මෑතකදී නම් නොවේ. එය පෘතුගීසි යුගය දක්වා දිවයන්නකි. එනම් පෘතුගීසින් විසින් ලංකාවට අබිං යන මත්ද්‍...