Thursday, July 10, 2025

ලෝක ජනගහන දිනය





ජුලි 11 එනම් අද දිනය ලෝක ජනගහන දිනය ලෙස හැඳින්වේ.මෙය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් 1989 සිට  නම් කරන ලදී.1987 ජූලි 11 දින ලෝකයේ ජනගහනය බිලියන 5 කට ළඟා වීම මෙම දිනය නම් කිරීම කෙරෙහි බලපා ඇත.


මෙම දිනය පිහිටුවීම කෙරෙහි බලපෑ අරමුණු ලෙස,ලෝක ජනගහනය වේගයෙන් වර්ධනය වීම පිළිබඳ දැනුවත් කිරීම,ආරෝග්‍ය, අධ්‍යාපනය, පවුල් සැලසුම් කිරීම සහ ලිංගික  අයිතිවාසිකම් ගැන සාකච්ඡාවට හේතුවීම,සංවර්ධනය හා සම්පත් බෙදාහැරීමේ අසමතුලිතතාව පිළිබඳ අවධානය යොමු කිරීම දැක්විය හැක.


මේ වනවිට,ලෝකයේ ජනගහනය බිලියන  8.1 ට අධික වන අතර මෙම ජන සංඛ්‍යාව පෘථිවි තලයේ ඉතා කුඩා ප්‍රදේශයක ව්‍යාප්තව ඇත.ඒ අනුව ලෝක ජනගහනයෙන් 80% ක් පමණ ජීවත් වන්නේ ලෝක මුළු බිම් ප්‍රමාණයෙන් 20% වඩා අඩු ප්‍රදේශයක ය.ජනගහනය බහුල ව වර්ධනය වන්නේ  ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව වැනි කලාපවලයි. ජාත්‍යන්තර සංවර්ධන කටයුතු, සම්පත් බෙදාහැරීම, පරිසරය හා පාරිසරික තීරණ සඳහා ජනගහනය විශාල බලපෑමක් කරයි.


වර්තමානයෙහි සමස්ත ලෝකය තුළ ජනගහනය සම්බන්ධ වූ විවිධ ගැටලු පවතී.ඒවා නම්, සම්පත් හිඟය (ආහාර, වතුර, ඉඩම්),පරිසර විනාශය ඉහළ යාම.(වනාන්තර නාශය, දූෂණය),දරිද්‍රතාවය ඉහළ යාම හා සම්පත් අසමාන ලෙස ව්‍යාප්ත වීම,අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් හිඟය,පවුල් සැලසුම් කිරීමේ අභියෝග ඇති වීම ආදියයි.


මෙවර (2025) ලෝක ජනගහන දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ,

"Investing in Youth for a Sustainable Future" එනම්,"තිරසාර අනාගතයක් සඳහා තරුණයින් සඳහා ආයෝජනය කිරීම"යන්නයි.මෙම තේමාව සෘජුව යොමු වන්නේ අප වන් වූ තරුණ ප්‍රජාවටයි.අපගේ වගකීම විය යුත්තේ,

වගකීම්සහගත ලෙස කටයුතු කරමින් ලෝකයට වැඩදායී පුරවැසියන් බවට පත්වීම,තිරසාර සංවර්ධන ඉලක්ක සමග යමින් කටයුතු කිරීම හා පරිසරය ආරක්ෂා කිරීම,පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය ,සියලුම ජනවර්ගවලට, සියලුම ආගම්වලට හා සියලු ම ජාතීන් කෙරෙහි සම සිත් තබා කටයුතු කිරීම හා තරුණයන්ට හා කාන්තා අයිතිවාසිකම් සුරැකි සමාජයක් ගොඩනැගීම යන්නයි.



World Population Day: Counting People, Valuing Lives




Every year on July 11, the world pauses to reflect on a powerful reality , our growing population. But World Population Day isn’t just about numbers. It’s a call to think deeper: about people, equity, sustainability, and the choices we make as a global community.


With over 8 billion people on Earth today, we stand at a crossroads. The rise in population brings incredible opportunities: diverse talents, cultures, and innovation. Yet it also presents serious challenges: limited resources, climate pressure, unequal access to healthcare and education, and gender inequality.


This day was first established by the United Nations in 1989, inspired by the world reaching 5 billion in 1987. Since then, it has become a platform to highlight urgent issues, especially around reproductive health, 

family planning, and empowering women and youth.


One of the most important messages of this day is that 

every person matters. Behind every statistic is a life, a story, a future. Sustainable development cannot happen unless we invest in people, ensuring that everyone, regardless of background or gender, has the right to education, healthcare, and opportunity.


As we look ahead, the focus must shift from fearing large populations to managing growth wisely, with care, compassion, and informed decision making. Governments, communities, and individuals all play a role.


On this World Population Day, let’s commit not just to counting people but to making people count. By promoting awareness, education, and equality, we can shape a future where every life is not just seen but truly valued.



ඇසළ පුන් පොහෝ දිනය අදයි...





ඇසළ පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගන්නා ආගමික සිදුවීම් සමුදායකට සම්බන්ධ වේ. බුද්ධ ශාසනයේ මූලික සිදුවීම් ගණනාවක් ඇසළ පොහොය දිනක සිදු වී ඇති අතර, එය බෞද්ධ බැතිමතුන් අතර ඉමහත් ගෞරවයකට පාත්‍ර වූ දිනයක් බවට පත්ව ඇත.

බුදුසිරිත හා බැඳුණු ඇසළ පොහොය

ඇසළ පුන් පොහෝ දිනයේ සිදු වූ වැදගත් සිදුවීම් බොහෝමයක් අප මහ බෝසතාණන් වහන්සේගේ හා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සමීපව බැඳී පවතී.

  • පස්මහ බැළුම් සහ පිළිසිඳ ගැනීම: පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව, සිදුහත් බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇසළ පොහොය දිනකදීය. මෙය බුදුසිරිතේ ආරම්භක සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

  • රාහුල කුමරුගේ උපත සහ මහාභිනිෂ්ක්‍රමණය: රාහුල කුමරුගේ උපත සිදුවන්නේත්, ගිහි ගෙය කලකිරී සිදුහත් බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත් ඇසළ පොහොය දිනකයි. මාරයා විසින් දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසා ගිහිගෙය හැරයාම වැළැක්වීමට උත්සාහ කරන්නේද මෙදිනමයි.

  • ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම: බුද්ධත්වයෙන් වසර හයකට පසු, භාග්‍යවතුන් වහන්සේ භරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් උදෙසා ප්‍රථම වරට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරමින් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළේ ඇසළ පොහොය දිනකයි. මෙය බුද්ධ ශාසනයේ ආරම්භය සනිටුහන් කළ සිදුවීම ලෙස සැලකේ.

  • යමා මහා පෙළහර: තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කිරීම පිණිස ගන්ධබ්බ රුක් මූලයේදී ගෞතම බුදුරජාණන් වහන්සේ යමක මහා පෙළහර පෑවේද ඇසළ පොහොය දිනකදීය.

  • දෙව්ලොව දම් දෙසීම: මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම ඇසළ පොහොය හා සම්බන්ධ තවත් වැදගත් සිදුවීමකි.

  • කොණ්ඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම: ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අවසානයේදී කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්වීමත් ඇසළ පොහොය දිනක සිදුවූ බව සඳහන් වේ.

ශාසනික වත්පිළිවෙත් සහ ඓතිහාසික සිදුවීම

ඇසළ පොහොය දිනය බෞද්ධ සංස්කෘතිය හා සිරිත් විරිත් සමගද සමීපව බැඳී පවතී.


  • ප්‍රථම ධර්ම සංගායනාව:
    ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවරට වැඩමකර, වස් එළඹීමට මූලික කටයුතු ආරම්භ කරන්නේ ඇසළ පොහොය දිනකදීය.

  • වස් විසීම: විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේ (පෙර වස් විසීම) ඇසළ පොහොය දිනටයි. මෙම කාල සීමාව තුළ භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයන්ගෙන් බැහැරට නොගොස් ධර්ම අධ්‍යයනයට සහ භාවනාවට යොමු වෙති.

  • ඛණ්ඩ සීමාව සාංඝික කිරීම: ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම සිදුවන්නේද ඇසළ පොහොය දිනකදීය.

  • උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය: කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසම්පදා භික්ෂූන් වහන්සේලා නොවූ බැවින්, සියම් රටින් (වර්තමාන තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කිරීම සිදුවූයේද ඇසළ පොහොය දිනකයි. මෙය ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයේ පුනර්ජීවනයට හේතු විය.

  • රුවන්වැලි සෑයේ මංගල ගල තැබීම සහ ධාතු නිධානය: බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු රජු විසින් රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ගල තැබීම සහ අනේප්‍රකාර ප්‍රාතිහාර්යයන් මැද මහ සෑයේ ධාතු නිධානය සිදුවන්නේද ඇසළ පොහොය හා සමගාමීවය.

  • දළදා පෙරහැරේ ආරම්භය: කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු (කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වසරක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භයද ඇසළ පොහොය හා බැඳී පවතී. අදටත් මහනුවර ඇසළ පෙරහැර ලෝක ප්‍රසිද්ධ සංස්කෘතික උත්සවයකි.

ඇසළ පුන් පොහොය දිනය බෞද්ධ ඉතිහාසයේ විවිධ වැදගත්කම් සහිත සිදුවීම් රාශියකින් පෝෂණය වී ඇත. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථාන, ශාසනයේ ආරම්භය, වස් පිලිවෙත සහ ඓතිහාසික සිදුවීම් මෙන්ම අදටත් පවතින සංස්කෘතික උත්සව දක්වා මෙම දිනය බෞද්ධයන්ට මහත් අනුස්මරණීය දිනයක් බවට පත් කරයි. එබැවින් ඇසළ පොහොය යනු ශාසනික හා ඓතිහාසික වශයෙන් අතිශය වැදගත්, භක්තියෙන් හා ගෞරවයෙන් සමරනු ලබන පුණ්‍ය දිනයකි.


ලෝක ජනගහන දිනය

ජුලි 11 එනම් අද දිනය ලෝක ජනගහන දිනය ලෙස හැඳින්වේ.මෙය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් 1989 සිට  නම් කරන ලදී.1987 ජූලි 11 දින ලෝකය...