Monday, July 14, 2025

ලෝක තරුණ නිපුණතා දිනය

 



"World Youth Skills Day" එනම්,"ලෝක තරුණ කුසලතා දිනය" සැමරෙන්නේ ජූලි 15 වනදායි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් 2014 වසරේදී මෙම දිනය නිල වශයෙන් නම් කරන ලදී.ලෝකයේ තරුණයින්ට අනාගතය සඳහා අවශ්‍ය වෘත්තීය, තාක්ෂණික හා සමාජීය කුසලතා වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.


අද ලෝකයේ වැඩිම ජනගහනයක් වනුයේ තරුණයන් ය. නමුත් බොහෝ තරුණයින් අධ්‍යාපනය අවසන් කළද, රැකියා අවස්ථා නොමැතිකම, දුර්වල දක්ෂතා, සහ වෘත්තීය පුහුණු හිඟය වැනි ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇත.මේ සඳහා විසඳුම වන්නේ තරුණයින්ගේ කුසලතා වර්ධනය කිරීමයි.


මෙම දිනය නම් කිරීමේ අරමුණ වන්නේ, තරුණයින්ට වෘත්තීය පුහුණුව පිළිබඳ අවබෝධය ඇති කිරීම,කුසලතා හා හැකියාවන් වර්ධනය කිරීම,තාක්ෂණය, නිර්මාණශීලීත්වය, සහ නවෝත්පාදන කුසලතා දිරිමත් කිරීම,තරුණයින්ගේ  ව්‍යාපාරික හැකියාවන් දියුණු කිරීම,තරුණ ප්‍රජාව ප්‍රධාන වශයෙන් ව්‍යවසායකත්වය කෙරෙහි යොමු කිරීම.මෙම සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා, තරුණයින්ගේ සංවර්ධනය කළ යුතු කුසලතා වන්නේ, තාක්ෂණික හා වෘත්තීය කුසලතා (Technical and Vocational Skills),සමාජ හා සංවාද කුසලතා (Soft Skills),සන්නිවේදන කුසලතා,නායකත්වය කුසලතා, සංස්කෘතික හා නිර්මාණාත්මක හැකියාවන් ආදියයි.


මෙහිදී ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කළහොත්, ශ්‍රී ලංකාව තුළ මෙම කුසලතා වර්ධනය කිරීමට,පාසල් මට්ටමින් හා විශ්ව විද්‍යාල මට්ටමින් සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන මගින් කටයුතු කර ඇත.එලෙස ම තරුණ ප්‍රජාව ඉලක්ක කොට ගෙන විවිධ වූ දැනුවත් කිරීමේ වැඩසටහන් ද පවත්වයි.එසේ ම,NAITA, Vocational Training Authority (VTA), Technical Colleges වැනි ආයතන පිහිටුවා ඇත.මේවා ගම්බද ප්‍රදේශී ඉලක්ක කොටගෙන ද නිර්මාණය කර ඇත.


මෙම දිනය වෙනුවෙන් 2025 වසර සඳහා යෝජිත තේමාව වන්නේ, "තරුණ කුසලතා මඟින් සාමය හා ප්‍රගතිය බිහි කරමු" (Empowering Youth Skills for Peace and Prosperity) යන්නයි. මෙආදී ලෙස, ලෝක තරුණ කුසලතා දිනය තරුණයින්ගේ ජීවිත වෙනස් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.එසේ ම,නව කුසලතා, නව අදහස් සහ තරුණයින්ගේ ශක්තිය තුළින් ඔවුන්ට සේ ම, රාජ්‍යන්ට ද ලෝකය දිනිය හැක.

ලෝක තරුණ නිපුණතා දිනය

  "World Youth Skills Day" එනම්,"ලෝක තරුණ කුසලතා දිනය" සැමරෙන්නේ ජූලි 15 වනදායි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් 2014 ව...