Saturday, July 19, 2025

♟️ ලෝක චෙස් දිනය - ජුලි 20♟️

♟️ ලෝක චෙස් දිනය ♟️

එක්සත් ජාතීන්ගේ සංගමය විසින් 2019 වර්ෂයේ සිට ජුලි මස 20 වන දින ලෝක චෙස් දිනය (World Chess Day) ලෙස නම් කර ඇත. චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය මීට වසර 1500 පමණ ඉපැරණි වන අතර චෙස් ක්‍රීඩාව ඉන්දියාවෙන් ආරම්භ වී ලොව පුරා ප්‍රචලිත විය. එය "චතුරංග" ක්‍රීඩාව ලෙස මුල්කාලීනව හඳුන්වා ඇත. එසේම එය රජවරුන්ගේ ක්‍රීඩාව ලෙස ද හඳුන්වයි.

මුල් කාලීනව ආරම්භ වූ චෙස් ක්‍රීඩාව 18 වන සියවසේ පමණ සිට වර්තමානය දක්වා විද්‍යාත්මක පදනමක් යටතේ නවීනතම ස්වරූපයෙන් වර්ධනය වෙමින් පවතී. අද වන විට අන්තර්ජාලය ඔස්සේ චෙස් ක්‍රීඩා හා තරඟාවලි පැවැත්වීම ප්‍රචලිතව සිදුවේ.

ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩා අතරින් එකක් වන චෙස් ක්‍රීඩාව මඟින් මානසික සංවර්ධනය, බුද්ධි වර්ධනය, තර්කන හැකියාව, තීරණ ගැනීමේ හැකියාව මෙන්ම පුද්ගල සම්බන්ධතා වර්ධනය සහ එකිනෙකා අතර අවබෝධය වැඩි වීම වැනි ප්‍රතිලාභ අත්කර ගත හැකිය.

1924 වර්ෂයේදී ලෝක චෙස් සම්මේලය පිහිටුවා ඇති අතර එම ආයතනයේ අනුග්‍රහය ලබමින් වසරක් පාසා ලෝක චෙස් දිනය සමරනු ලැබේ. ලෝක චෙස් දිනය සමඟාමීව චෙස් තරඟ, වැඩමුළු, සම්මන්ත්‍රණ පැවැත්වීම සිදු කරයි.

"අපි එක පවුලක්" යන තේමා පාඨය පෙරදැරිව ගෝලීය වශයෙන් චෙස් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම, එහි අධ්‍යාපනික හා සංස්කෘතික වටිනාකම ඉස්මතු කිරීමේ අරමුණින් ලෝක චෙස් දිනය සමරනු ලැබේ.

Thrive Phase 02 - Article 10 - අනාගත වෘත්තිය සැලසුම්කරණය

Thrive Phase 02 - Article 10 - Future Career Planning THRIVE PHASE 02 – ARTICLE 10 අනාගත වෘත්තිය සැලසුම්කරණය අනාගත වෘත...